පළමුව සසල හද විල්තෙර සහ මා ගැන කර ඇති මේ ගුණ වර්ණනයට ස්තූති වේවා!!!
සසල හද විල් තෙර සමග සිව් වසක් රැදි හුන් රසික ශ්රාවක සත් ජනයන් හට පින් දීමට මෙය අවස්ථාවක් කොට ගනිමි. ඔවුන් නොසිටියා නම් මේ ලෙස කතා කරන්නට සසල හද විල් තෙරක් නොවේමැයි...
සියළු ම දේට අවසානයක් තිබිය යුතු ය යනු සොබා දහමේ නීතියට අනුව සසල හද විල් තෙර සිදී ගියේය. නමුත් නැවත සසල හද විල් තෙරකට දිය පිරවීම දුෂ්කර නොවේ.
මා සසල හද විල් තෙර ඉදිරිපත් කලේ යම් රීති සමුදායකට අනුවය. ඒවා පොත්වල ලියා ඇති රීති නොව, ශ්රාවකයා පහන් කරනු සදහා මේ මේ දේ වැඩසටහන තුලින් ගෙන ආ යුතුය යන මාගේ ඉව අනුව තැනූ ඒවාය. සුභාවිත ගීතය සේවනය කරන, රස විදින දනන් හට එසේ රීතීන් නිර්මාණය කිරීම දුෂ්කර නොවේ. ඉදින් සසල හදවිල් තෙරට නැවත දිය පිරවිය හැකි යම් පූරකයෙක් වෙතොත්, ඒ සියළු ම දේ ගුරු මුෂ්ඨි නොතබා කියා දී, ඒ සත් කාර්යයට වෙර වීමට මම රිසියෙමි. නමුත් පැණය, ඒ සදහා කිසිදු දුහුනෙකු ඉදිරිපත් නොවීමයි.
ඉදින් එළකිරි රේඩියෝවේ රසාවේශන පාර්ශවය පොහොණි කළ හැක්කේ ඔබට ම පමණක් වන නිසා ඒ සදහා ඉදිරිපත්වීම, නොකඩවා එය පවත්වා ගෙන යාම සහ සාරවත් වැඩසටහනක් ඉදිරිපත් කිරීමේ නිස්සරනාධ්යාශය යන කරුනු තුන පමණක් ඔබ සතුව පවතී නම්, අනාගතයේ අළුත් වන එළකිරි අඩවිය සහ එළකිරි රේඩියෝ ඔබ එනතෙක් මග බලා සිටී.........
බලාපොරොත්තු සහගතව ජීවත් වන්න මාගේ මිත්රවරුනි,
ජීවිතය තවමත් තරුණයි!!!!!
ප.ලි.
සසල හද විල් තෙර පැරනි වැඩසටහන් සියල්ලම එළකිරි අද්මිනිස්ත්රාසිකාරතුමාන් හට බාර දීමට අනාගතයේ දී කටයුතු සම්පාදනය කොට ඇති අතර, ඒවායේ බාගත කර ගැනීමේ සබැදි සහ පැරණි සසල හද විල් තෙර වැඩසටහන් රේඩියෝවෙන් නැවත ප්රචාරය කිරීමේ කටයුතු එතුමන් විසින් සම්පාදනය කරනු ඇත.