ඊශ්‍රායලේ සුපිරි game එක 18+

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
ඊශ්‍රායලේ සුපිරි game එක 18+ නෙමේ

අද කියන්නේ යන්නේ ඊශ්‍රයාලේ ගහපු සුපිරි ගේමක් ගැන.
උගන්ඩාවේ එන්ටබේ air port එකේ හිරකරන් හිටපු උන්ගේ ප්‍රාණ ඇපකරුවෝ 100ක් බේරගන්න ගහපු ගේම් එක ගැන.

මේකයි සීන් එක

පැහැර ගත්ත හැටි

1976 ජූනි 27 වනදා ඊශ්‍රායලයේ Ben Gurion airport එකේ ඉදලා ප්‍රංශයේ Air France Airbus එකක් නග්ගල ප්‍රංශය Charles De Gaulle airport එකට යන්න.ඕක මගදී නවත්තල Athens වලදී.අයෙත් යන්න පටන් අරන් ටිකකින් හතර දෙනෙක් එක්කහු වෙලා plane එක උස්සලා දෙදෙනෙක් පලස්තීන ජාතිකයන් ‍අනෙක් දෙදෙනා ජර්මානු කාරයෝ.


antebe_2.jpg


මේ වෙලාවේ මගීන් 248 දෙනෙකු හා කාර්යය මණ්ඩලය 12 ක් ඉදලා.ආයිත් අර උස්සපු එවුන් ලිබියාවේ බාන්න ඕනේ කියලා.එතැනදී තෙල් එහෙම ගහලා ප්ලේන්ටි යක් එහෙමත් ගහලා ආපහු යන්න පිටත් වෙලා.එතැනදී ගර්භනී අම්මා කෙනෙක්වත් නිදහස් කරලා මුන්ට ඉඩි අමීන් පොඩි invitation එකක් යවලා උගේ පෝට් එකට එන්න කියලා.ඉතින් මුනුත් ගියා මුන්ට ඉතින් ලස්සනට පාර්ක් කරන් ඉන්න එන්ටබේ airport එක දීලා අමීන්කාරයා.

MTE1ODA0OTcxNTM4MDIzOTQ5.jpg


Entebbe-International-Airport.jpg


ඉඩිය මේකට sup එක දීල තියෙන්නේ මිනිහ ඊශ්‍රායිලය ඉල්ලලා ජෙට් වගයක් එත් උන් කියල දෙන්න බැහැ කියලා ඔන්න ඕකට ගේමට ඇන්ඩ් මුට පොරක් වෙන්න ආසාවට වගේම මුස්ලිම් එවුන් කොහොමත් මලනේ යුදෙව්වෝ එක්ක එකත් ප්‍රයෝජනෙට අරන් අරාබියේ වැඩර් වෙන්න හිටනා තමයි ඌ ඕක කරලා තියෙන්නේ.

මෙන්න මේ වර්ගේ ජෙට් තමයි ඉල්ලලා තියෙන්නේ.


The+F-4+Phantom+II+Fighter+Jet.jpg


ඉදියගේ sup එකත් එක්කම තව 4 දෙනෙක් plane එකේ හිටපු එවුන්ට set වෙලා airport එකේදී.දැන් ඔක්කොම 8යි හොදේ.දැන් මුන් ඔන්න කොන්දේසිය එවලා.ඒක තමයි හිරකාරයෝ 40ක් නිදහස් කරන්න කියන එක. ඉල්ලීම ඉටු නොවුවහොත් 1976 ජූලි 01 දා සිටි ප්‍රාණ ඇපකරුවන් මරන්න පටන් ගන්නවා කියලා තර්ජනය කරලා.

ඔන්න ඊට පස්සේ මුන් ප්‍රාණ ඇපකරුවෝ කොටස් 2කට වෙන් කරලා ර්ශ්‍රයලේ එවුන් and වෙන රටවල එවුන් කියලා.ඊට පස්සේ උන් කියලා අනිත් රටවල එවුන්ට and staff එකේ එවුන්ට තොලොංචි වෙලා පලයව් කියලා.ඊට පස්සේ උන්ව වෙන plane එකක පටෝලා යවල අපහු.හැබැයි pilot කාරය කියල අනිත් එවුන් දාලා මම යන්නේ නැහැ කියලා ඉතින් ඒ ගමන staff එකම නතර වෙලා.

මේ ඉන්නේ captain කාරයා


Entebbe-15.jpg



ඔන්න දැන් 100 ක් විතරලු ඉතුරු.ඔන්න ඉතින් ඉස්රයාලේ පුලුවන් හැම විදිහටම වැඩේ ගොඩින් බේරා ගන්න බැලුවාලු.ඇමරිකාව එහෙම දම්මලත් ඉඩි අමීන්ට කියල බැලුවාලු.ඉඩි අමින්ගේ ෆිට් dial එහෙම set කරන උන්ට කියලත් කරගන්න බැලුවාලු අන්තිමට මුකුත් බැරි වුනාලු.හැබැයි අන්තිම දවස ජුලි 01 ඉදන් 04 වෙනකම් පරක්කු කරන්න කැමති උනාලු.
අන්තිමට cabinet එක කිව්වලු හමුදාමය වැඩක් කරමු එකත් බැරි වුනොත් හිරකාරයෝ දීල දාමු කියලා.

ඔන්න දැන් මොසාඩ් එවුන් ගේම plan කරනවලු.බේරිලා ආපු එවුන් ටික එක්කහු කරන විස්තර ගන්නවලු ඔය අතරේ ඉදලා ප්‍රංශ army එකේ සුපිරි බුලට් එකක් මෙන්න මු හෙන විස්තර ගොඩක් දුන්නලු.


5537929547_ee0c9e32b5_b.jpg


040708model.jpg


තව airport එක හදපු companiye එවුන් වත් ගෙන්න ගෙන අනුරුවක් හදා ගත්තලු මුලින්ම.ජුලි 03 ඔන්න අවසරේ හම්බුනාලු හරියටම.
Major General Yekutiel "Kuti" Adam,Major General Matan Vilnai,Brigadier General Dan Shomron කියන 3 දෙනාව අණ දෙන්න පත් කලාලු.

අවශ්‍ය වාහන විදිහට මෙන්න මේ ලිස්ට් එක ඕනේ කිව්වලු army එකෙන්


C-130 Hercules ප්‍රවාහණ ගුවන් යානා 4 ක්


17279675_2012062610191434360000.jpg


Boeing 707 jets 2ක්

K2424-660x527.jpg


කළුපැහැ විශාල මර්සිඩීස් වර්ගයේ ලිමොසින් රථයක් (ඈ බෝල ඒ මක්කට)
ලෑන්ඩ් රෝවර් ජීප් රථ දෙකක්

තව commandos ල 100ක් ලෑස්ති කරගත්තලු 29 දෙනෙක් ප්‍රහාරක කණ්ඩායමටද , ඊට අමතරව අනෙක් භට කණ්ඩායම කොටස් වලට බෙදාලා මෙහෙයුමේ ඒ ඒ අවස්ථාවල සිදුකල යුතු කාර්යයන් සදහා යොමු කෙරුවා.

ඒවානම්

1. C-130 Hercules යානා ගොඩබැස්සවූ මොහොතේ සිට භූමිය හා යානා නිරුපද්‍රිතව ආරක්‍ෂා කිරීම
2. ප්‍රතිප්‍රහාර සිදුවීම වැලකීම සදහා උගණ්ඩා ගුවන් හමුදාවේ MiG fighter jets යානා විනාශ කිරීම
ප්‍රාණ ඇපකරුවන් සුරක්‍ෂිතව C-130 Hercules යානා වෙතට නංවා ගැනීම
3. නැවත ගමන සදහා ඇවසි ඉන්ධන පුරවා ගැනීමයි.
4. අමතරව එක් Boeing 707 jet ගුවන් යානයක් වෛද්‍ය කාර්ය මණ්ඩල හා වෛද්‍ය උපකරණ දාල ඉස්පිරිතලයක් කලාලු.

ඔන්න දැන් ඔය ඔක්කොම plane ටික 4000 km යන්න ඕනිලු හුටා දැන් කොහොමද රටවල් 10ක් 15ක් පාස් කරන් හොරෙන්ම උගන්ඩාවට යන්නේ මාර අවුළලු දැන් කරන්න දෙයක් නැහැනේ දැම්මලු හිමින් සැරේ රතු මුහුද උඩට plane ටික අඩි 100 කට වඩා ඉහලට ගත්තේ නැහැලු ඒ ඊජිප්තු, සුඩාන හා සෞදි අරාබි රේඩාර්වලට හසුනොවී ගමන් කරන්න ඕනි හින්දලු. කෙන්යාවේ නයිරෝබි, සෝමාලියාව හා ඉතියෝපියාව ඔක්කොම පාස් කරන් යනවලු දැන් doctors ල ඉන්න plane එක කෙන්යාවේ නතර කලාලු අනිත් බොයින් ජෙට් එක මෙහෙයුම වෙනකල්ම army එකේ ලොක්කෝ ටික එක්ක අහසේ කරක් ගගහ හිටියලු.

ඔන්න හරියටම ජුලි 4 රෑ plane 4 බස්සුවලු එන්ටබේ එකට ඒ ගමන්ම බෙන්ස් එකයි ලැන්ඩ් රෝවෙර් දෙකයි එලියට දාල අර plane එක ගාවට යන්න ගත්තලු එකේ commndosල පුරවළලු හිටියේ .

අහ්හ් බෙන්ස් ගත්තේ ඇයි කියන්න බැරි වුනානේ ඒක ඉඩි අමීන් පාවිච්චි කළා වගේ එකක්ලු ඌ යනකොට ලැන්ඩ් රෝවෙර් දෙකකුත් යන හින්ද ලු ඒවත් ගෙනාවේ.ඉස්රයාලේ හැදුවේ ඉඩි අමීන් ආව වගේ plane එක ගාවට shape එකේ යන්නලු මොකද එතන guard එකට දාල ඉදල තියෙන්නේ ඉඩි අමින්ගේ සොල්දාදුවන් ලු.


car.jpg


එත් ඊට දවස් දෙක තුනකට කලින් ඉඩි අමීන් සුදු පාට බෙන්ස් එකකට මාරු වෙලාලු ඉතින් එතන හිටපු guard ලට සැක හිතිල නවත්තන්න කිවලු එතකොටම silencer දාපු gun වලින් තිබ්බලු guards ලට එත් එක ලුස් commando dial එකක් ෂූට් කලාලු උන්ට ඒගමන උගන්ඩාවේ එවුන් and කොල්ලකරුවෝ කලබල වෙලා ගහන්න ගත්තලු terminal එක ගාවට ගියපු ගමන් බෙන්ස් එකෙනුයි ලැන්ඩ් රෝවෙර් එකෙනුයි පැනපු commndos ලා වෙඩි තියන ගමන් ඉස්රායල් භාෂාවෙන් පහත වෙන්න කිව්වලු බාෂාව දන්නේ නැති එවුන් කොල්ලකරයෝ and උගන්ඩා එවුන් හිට ගෙනලු ඉතින් තිබ්බලු හිටන් හිටපු ඔක්කොටම ඔය අතරේ ප්‍රාණ අපකාරයෝ 3 දෙනෙකුත් මරුනලු .

3467823083_dc64c7fa41.jpg



ඔක්කොම උගන්ඩා එවුන්වයි කොල්ලකාරයෝයි මරුවලු උගන්ඩ එවුන් 45ක් විතර ඉවර කලාලු.පට ගාල නැග්ගා ගත්තලු ප්‍රාණ අපකාරයෝ ටික ඊට පස්සේ උගන්ඩාවේ මිග් ජෙට් 11ක්ම බෝම්බ ගහලා විනාශ කලාලු.මොකද ඒවා පස්සෙන් ඇවිත් ගැහුවොත් කියලා.

විනාඩි 53 වැඩේ ඉවර කරලා පිටත් වුනාලු මෙම මෙහෙයුමේ සිදුවූ එකම කො‍මාන්ඩෝ භටයාගේ මරණය සිදුවිය. ඒ වෙනකෙකු නොව මෙම මෙහෙයුමේ කැපී පෙනෙනම චරිතයක් වන Lt. Col.Yonatan Netanyahu විය. ඔහු ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයට ලක්වන්නට ඇතැයි සැලකෙන අතර මෙම දක්‍ෂ හමුදා නිලධාරියා වර්තමාන ඊශ්‍රායල අගමැතිගේ වැඩිමහල් සොහොයුරාදවේ.


return.gif


Entebbe_Rescue_map.jpg


hugs.jpg


yonatan-yoni-netanyahu-630x305.jpg


එසේම කෙන්යාව මෙම ගලවා ගැනීමේ ප්‍රහාරයට ඊශ්‍රායලයට සහය වීමට පලිගැනීමක් ලෙස උගණ්ඩාවේ විසූ කෙන්යානු ජාතිකයන් සිය ගණනක් මරා දැමීමටද අන දුන්නේය.

එසේම උගණ්ඩා විදේශ අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වෙත නිල වශයෙන් පැමිනිලි කොට කියා සිටියේ ඊශ්‍රායලය තමන් ආක්‍රමණය කොට තම ස්වෛරී භාවය විනාශ කොට දැමූ බවයි. උගණ්ඩාවේ සහයට අරාබි රටවල් හා කොමියුනිස්ට් රටවල් පෙල ගැසුන අතර ඔවුන් පැවසූවේ ඊශ්‍රායලය මෙම ක්‍රියාව සිදුකිරීමෙන් තම ගණන්කාරකම් පෙන්වූ බවයි (The Arab and Communist world condemned the operation calling it an act of aggression.)

මීට අමතරව එක්සත් ජාතීන්ගේ එවකට මහලේකම් වූ Kurt Waldheim පැවසුවේ "මෙමගින් එක්සත් ජාතීන්ගේ සාමාජික රටක ජාතික ස්වෛරී භාවය බරපතල ලෙස උල්ලංඝනය වූ බවයි" ("a serious violation of the national sovereignty of a United Nations member state" )

මෙම කිසිදු බලපෑමකට කම්පා නොවූ ඊශ්‍රායල වෙනුවෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පෙල ගැසී සිටි අතර බටහිර ජර්මනියේ අදහස වූයේ මෙය ආත්මාරක්‍ෂාව වෙනුවෙන් සිදුකල ක්‍රියාවක් ("an act of self defense")බවයි. එසේම ප්‍රංශය සහ ස්විට්සර්ලන්තයද ඊශ්‍රායල වෙනවෙන් කතා කල අතර ඇමරිකාව හා එක්සත් රාජධානියේ අදහස වූයේ මෙය විශ්මිත මෙහෙයුමක් ("an impossible operation") බවයි.

මෙම සිදුවීම් අවසානයේ තවත් අපූරු සිදුවීමක් සිදුවිය එනම් පැහැරගත් ප්‍රංශ ගුවන් යානයෙ ප්‍රධාන නියමු Captain Bacos හට වසරක සේවා තහනමක් අදාල ගුවන් සමාගමෙන් පැනවීමයි. එයට හේතුව කොල්ලකරුවන් විසින් නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් සමග පැමිනීමට ඔහු ප්‍රතික්‍ෂේපකොට නැවතිමයි.

මෙම පැහැරගත් ගුවන් යානයට කුමක් වන්නට ඇත්ද? එය උගණ්ඩාව විසින් විනාශ කලේද? එසේත් නැතහොත් ඊශ්‍රායලයේ ගුවන් කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා ඇත්ද? පිළිතුර නම් නැත යන්නයි. එය පසුව නැවත ප්‍රංශයට භාර දුන් අතර තවමත් එය සේවයේ යෙදී සිටි. එහෙත් දැන් එහි ලියාපදිංචි අංකය F-BVGG නොව TC-MNA වේ. එයට හේතුව දැන් එය තුර්කියට අයත් වන භාණ්ඩ ප්‍රවාහණ ගුවන් යානයක් බවට පත් කර තිබීමයි.

අන්තර්ජාලය ඇසුරින් (සත් සමුදුර බ්ලොග් අඩවිය විශේෂයි)
 
Last edited:

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඔය වගේ මානුෂීය මෙහෙයුමක් තමයි අපේ හමුදාවත් සිවිල් යුද්ධයේ අන්තිම කාලේ කරලා යුද මුක්ත කියලා නම් කරලා තිබුනු කලාපේ හිටපු දෙමල්ලුන්ව බේරගත්තේ නමුත් බටහිර එවුන් ඒකට කිව්වේ යුධ අපරාධ කියලයි. නමුත් ඊශ්‍රාලයත් ඒකම කරාම උන්ට කිසිම ප්‍රශ්ණයක් නෑ. මේකෙන්ම පේනවානේ බටහිර උන්ගේ දෙබිඩි පිළිවෙත. :growl:
 
  • Like
Reactions: THE_RAIN

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
ඔය වගේ මානුෂීය මෙහෙයුමක් තමයි අපේ හමුදාවත් සිවිල් යුද්ධයේ අන්තිම කාලේ කරලා යුද මුක්ත කියලා නම් කරලා තිබුනු කලාපේ හිටපු දෙමල්ලුන්ව බේරගත්තේ නමුත් බටහිර එවුන් ඒකට කිව්වේ යුධ අපරාධ කියලයි. නමුත් ඊශ්‍රාලයත් ඒකම කරාම උන්ට කිසිම ප්‍රශ්ණයක් නෑ. මේකෙන්ම පේනවානේ බටහිර උන්ගේ දෙබිඩි පිළිවෙත. :growl:

ඔව් මචං ඒක ඇත්ත උන්ගේ පදේට නටනවනම් මුකුත් නීති නැහැ
 
  • Like
Reactions: nimesha95

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
සොහොන;19470268 said:
බම්ප් මචෝ මම හිතුවේ නැ උබ මෙච්චර වැඩකාරයෙක් කියලා හොදට ලියලා තියෙනවා :)

hehe thanks bro
 
  • Like
Reactions: DamN DoG

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
බම්ප් මචෝ මම හිතුවේ නැ උබ මෙච්චර වැඩකාරයෙක් කියලා හොදට ලියලා තියෙනවා... :)
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය වගේ මානුෂීය මෙහෙයුමක් තමයි අපේ හමුදාවත් සිවිල් යුද්ධයේ අන්තිම කාලේ කරලා යුද මුක්ත කියලා නම් කරලා තිබුනු කලාපේ හිටපු දෙමල්ලුන්ව බේරගත්තේ නමුත් බටහිර එවුන් ඒකට කිව්වේ යුධ අපරාධ කියලයි. නමුත් ඊශ්‍රාලයත් ඒකම කරාම උන්ට කිසිම ප්‍රශ්ණයක් නෑ. මේකෙන්ම පේනවානේ බටහිර උන්ගේ දෙබිඩි පිළිවෙත. :growl:
    true