ඉන්දියාව සහ බංග්ලාදේශය අතර විරසකය උග්ර අතට හරවමින්, ඉන්දියානු භූමිය භාවිත කරමින් බංග්ලාදේශය සිදු කරන ප්රතිනැව්ගත කිරීම් වහා නවතා දමා තිබේ. ඒ, බංග්ලාදේශය නායක මොහොමඩ් යූනුස් පසුගිය දා චීනයේ කළ, ඉන්දියාව සම්බන්ධ ප්රකාශයට ප්රතිචාර ලෙස ය. යූනුස් මාර්තු 28 වැනිදා චීනයේ සංචාරයක නියැලෙමින් සිට ප්රකාශ කළේ " ඉන්දියාවේ ප්රාන්ත 7ක් ගොඩබිමින් වටවෙලා. ඒ කලාපයේ මුහුදු ආරක්ෂකයා අපි විතරයි" යනුවෙනි. යූනුස්ගේ ඉන්දියා විරෝධී අදහස් දිල්ලි පාලනය කුපිත කළ අතර, 2020 සිට ක්රියාත්මක වන ප්රති අපනයන ගිවිසුම අවලංගු කරන්නේ, ඊට ප්රතිචාර ලෙස බව සිතිය හැකිය. ඉහත තහනමත් සමග බංග්ලාදේශය විසින්, නේපාලය, භූතානය සහ මියන්මාරය සමග කරන වෙළඳ කටයුතු විශාල ලෙස අවහිර වේ. කෙසේ වෙතත්, මෙහි දී ලෝක වෙළඳ සංවිධාන නීති ඉන්දියාව විසින් උල්ලංඝනය වන බවට චෝදනා එල්ල වී ඇත. නේපාලය සහ භූතානය ගොඩබිමින් වටවූ රටවල් නිසා, එවැනි රටවල් සමග වෙනත් ඔීනෑම රටකට ගණුදෙනු කිරීමට ඉඩ ලබා දීමට, ආසන්න රටක් බැඳී සිටියි.
එහෙන් ඇමරිකා ඊශ්රායල් එක්ක තරහට KFC,, මැක්ඩොනල්ඩ්ස් කුඩු කරනවා.එහෙන් ඉන්දියාව එක්ක ගේම ඉල්ලනවා...මුන්ට ලංකාවෙන්වත් පාඩමක් ඉගෙනගන්න බැහැනේ..හොදම එකෙන් ඉල්ලන් කන්න යන්නේ..
එහෙන් ඇමරිකා ඊශ්රායල් එක්ක තරහට KFC,, මැක්ඩොනල්ඩ්ස් කුඩු කරනවා.එහෙන් ඉන්දියාව එක්ක ගේම ඉල්ලනවා...මුන්ට ලංකාවෙන්වත් පාඩමක් ඉගෙනගන්න බැහැනේ..හොදම එකෙන් ඉල්ලන් කන්න යන්නේ..

