උඩ මැහුං යට මැහුං

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    උඩ මැහුං යට මැහුං

    ආයිබොවං කිව්වා ඔං නෝනලාට මහත්තැන්ලාට. මේ දවස්වල ඇඟේ ලේ නැතුව ඉන්නේ ඔං. මේ ගුරු මාරුවක්ද මොකද්ද කියලා ඔය ජෝතිස කාරයෝ කියනවා නෙව. අපෙත් ගිරහයා කොහාට මාරු වෙයිද කියලා කවුද්දං මයෙ අප්පා. අපිත් දැං නාකි රිලා මොටාලා වගේ වයසයි නෙව. ගුරු මාරුව ගැන කියද්දී ඔං මතක් උනා ඉස්කෝලෙක වෙච්චි සංගෙදියක්. මං කියඤ්ඤංකෝ සහ සුද්දෙංම.
    අපේ පුංචි බණ්ඩා මලයා ඉන්නවා නෙව. උගේ එකම පුතා චන්දරපාලට ඉස්කෝල ගුරුකොමක් ලැබිලා කොහෙද ඔය ඈත පැත්තක වැඩ කොරන්නේ. ඌ බැඳලා ඉන්නේ බණ්ඩාර මැණිකේ කියලා ඒ පැත්තේම, බොහොම ඇහැට කනට පේන ගුරුවරියක්. උන් දෙන්නම එකම ඉස්කෝලේ තමයි වැඩ කොරන්නෙත්. මුන් දෙන්න ඉතිං ඉන්නේ කුරුල්ලයි කිරිල්ලියි වගේ තමා. පුදුම පෙරේමයක් තමයි උන් දෙන්නා අතර තියෙන්නේ. ඔං එක දවසක් මුන් දෙන්නා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්ට පිටත් උනාලු. පොඩ්ඩක් දුර ගෙහුං බැලිඤ්ඤං බණ්ඩාර මැණිකේගේ කුඩ පොඩ්ඩ ඉස්කෝලේ අමතක වෙලා ඇවිත්. මුන්දෙන්න ජෝඩු දාලා ඇවිත් තියෙන්නේ මෙලෝ සිහියක් නැතුව නෙව. ඔන්න ඉතිං චන්දරපාල කිව්වලු මං ගෙහුං බලඤ්ඤං කියලා. යනකොටත් ඔපීසි කාමරේ ඇරලා. චන්දරපාල හිතුවලු අනේ අපේ පින්සිබල් උන්නැහේ පුදුම උස්සාහයක් නෙව ගන්නේ ඉස්කෝලේ දියුණු පවුණු කොරන්ට කියල. ඔපීසිය ලඟට යනකොට චන්දරපාලට ඇහෙනවලු පින්සිබල් උන්නැහේ තනියම කතා කොරනවා වගේ. පින්සිබල් කියනවාලු ‘කරුණාවතී නොනමහත්තයගේ උඩ මැහුං තුන කපලා බණ්ඩාර මැණිකේ නොනමහත්තයට යටට මැහුං තුනක් දානවා’ කියලා. මේක ඇහුන ගමං චන්දරපාලයට ඉහිලුං නැතුව ගෙහුං පැන්න ගමං පින්සිබලයාගේ බෙල්ල මුලිං ඇන්න, කිහිල්ලට හිර කොරාන, හොම්බට හැටක් ඇන්නලු ‘ඈ බොළ, තෝ කොහොමැයි මගේ ගෑනිට යටට මැහුං තුනක් දාන්නේ’ කියලා. පින්සිබල් කෑ ගැහුවලු ‘යකෝ හිටපිය මම කියනකං’ කියලා. චන්දරපාල කිව්වලු ‘මොකද්දෑ තොට කියන්ට තියන පට්ටන්දරේ’ කියලා. පින්සිබල් කෙඳිරි ගගා කියනවාලු ‘බොළ මීහරකෝ, අර කරුනාවතියි තොගේ ගෑනියි කිව්වා, උන්ට මැහුං උගන්නන්ඩ කාල සටහනේ දාලා තියන වෙලාවල් වෙනස් කොරලා දෙන්ට කියල. තොගේ ගෑනි කිව්වා උදේ වරුවේ මැහුං කල පරිච්චේද දාන්ට එපා හවසට දාලා දෙන්ට කියලා. කරුණාවතී කිව්වා ඒකිට හවසට දාලා තියන මැහුං කාල පරිච්චේද උදේට දාලා දෙන්ට කියලා. ඉතිං අර බලාපිය බිත්තියේ ගහල තියන කාල සටහනේ උඩ පැත්තේ තමයි උදේ වරුව තියෙන්නේ යට පැත්තේ තමයි හවස් වරුව තියෙන්නේ. මං ආන්න ඒකටයි උඩට මැහුං දානවා යටට මැහුං දානවා කියලා කිව්වේ බොළ උගුඩුවො’ කියලා. චන්දරපාලයා දනගහලා වැඳ වැටිලා බොහොම අමාරුවෙං පින්සිබල්ගෙං සමාව ගත්තලු.