උණ වෙඩිල්ලක් හදමු

sdlsajeewa

Active member
  • Feb 14, 2011
    241
    82
    28
    උණ වෙඩිල්ලක් හදමු

    ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ හැම දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!

    මේ සිංහල අවුරුදු කාලේ කරන්න පුළුවන් වැඩක් තමයි මම කියන්න යන්නේ...:D කොහොමද උණවෙඩිල්ලක් හැදුවොත්... ඩෝං පටෝං ගාලා පත්තු කරන්න... මමනම් අවුරුද්දට උණවෙඩි හදල පත්තු කරල තියෙනව... (මෑත අවුරුදු 4 කින් විතරනම් බැරිවුණා ඕං)

    වැඩි විච්චූරණ ඕනෙ නෑ... කෙලින්ම වැඩේ කරන හැටි බලමුකො...

    01__________________________________________________________________________________

    ඉස්සෙල්ලම හොදට (සඤ්ඤක 'ද' ගහන හැටි දන්නෙ නෑ :sorry:) මෝරපු උණ ගහක් හොයාගන්න වෙනව වැඩේට. ඊට පස්සෙ ඒකෙ මුලම හරියෙන් පුරුක් 5ක විතර කොටසක් කපාගන්න ඕනෙ. (මම හැදුවෙ එහෙමයි හරිය...:D) එ‍හෙම කපද්දි බටේ ඉස්සරහ පැත්තෙ පුරුක අයින් වෙන්නත්... පසුපස පැත්තෙ පුරුක ඉතුරු වෙන්නත් කපාගනිල්ල ඕං... හැබැයි උණබටේ පිටතින් තියෙන කහපාට හරිය කීරි නොයන්න (පතුරු නොයන්න) පරිස්සමෙන් කපාගන්න... (පිහියකින් නම් හොදට මුවහත තියෙන එකකින්... නැත්නම් කියතකින් උනත් කමක් නෑ) නැත්නම් පත්තු කර‍නකොට එකපාරින් පුපුරයි.

    *පුළුවන් විදියට පින්තූරෙකුත් දැම්ම ඕං...

    picture.php


    ඔය විදිහට කපාගත්ත උණබටේ ඇතුලෙ තියෙන පුරුක් ටික යකඩ ඉන්නකින් හරි වෙන හයිය තියෙන දණ්ඩකින් හරි හිල් කරගන්න ඕනෙ. හැබැයි ඔය උඩ පින්තූරෙ තියෙන විදිහට අන්තිම පුරුක හිල් කරන්න එපා. මතක තියාගන්න හිල් කරනකොට උණබටේ ඇතුලෙ තියෙන පුරුක් ගොඩක් ලොකු නොවෙන්න හිල් කරගන්න. ඊට පස්සෙ ඇතුලෙ තියෙන කෑලි ටික ඔක්කොම එලියට එන්න පහලට හරවල ගහන්න බිම... (පැලෙන්න ගහනව එහෙම නෙවයි.... හෙමීට;))


    02________________________________________________________________________________

    ඊට පස්සෙ ඔහොම හිල්කරගත්තු උණබටේ අන්තිම පුරුක තියෙන තැන පොඩි හිලක් විදගන්න ඕනෙ. ඒක උණබටේ අවසාන පුරුකට ටිකක් උඩින් (පුරුක මැදට වෙන්න නෙ‍වෙයි) වෙන්න විදගන්න... ඕකට ඉතින් බුරුමයක් හරි, ඩ්‍රිල් එකක් හරි පාවිච්චි කරන්න. හිල ලොකු කරගන්නව එහෙම නෙවෙයි...:lol: ඒකෙ විශ්කම්භය සෙ.මී. 1 කට ටිකක් අඩුවෙන් විතර හිල් කරගන්න.

    * හිල් කරගන්නකොට දගර වානේ කම්බියක් හොදට රත් කරල (රතු වෙන්න රත් කරල) උණබටේ උඩින් තියල තද කළාම හිල් වෙනව. බොරුනං කොරල බලන්ඩෝ....

    *ඕං පින්තූරෙ

    picture.php



    03________________________________________________________________________________

    ඔන්න ඉතිං මුලටික හරි... ඊට පස්සෙ පහල පින්තූරෙ තියෙන විදිහට කරුවකට තියල ඔය උණබටේ බැදගන්න. පහල කොටසට ගඩොලක් වාගෙ වැඩිය උස නැති මොකක් හරි තියාගන්න. ඊට පස්සෙ අර කලින් විදගත්ත හිල තුළින් භූමිතෙල් දාන්න ඕන. පිරෙන්න භූමිතෙල් දාන්න එපා. ටිකක් දාන්න. නැත්නම් පත්තු කරද්දි මූනට භූමිතෙල් එයි. (පින්තූරෙ පෙන්නල තියෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් භූමිතෙල් දාන්න)

    picture.php



    04________________________________________________________________________________

    දැං ඉතිං ඕක පත්තු කරන්න කලියෙන් හොදට පදම් කරගන්න ඕන. ඉහළ පින්තූරෙ තියෙන විදිහට කරුවකට තියල බැදගෙන (බැන්දගෙන___සඤ්ඤක අකුරු බෑ යකෝ...) තියෙන උණබටේ රත් කරන්න ඕනෙ. පහල පින්තූරෙ බලන්නකො.

    picture.php


    ඔය විදිහට රත් කරනකොට... අන්තිම පුරුක (භූමිතෙල් දාල තියෙන පුරුක) හොදට රත් කරන්න. ඒ එක්කම අනිත් ඉහස්සරහ තියෙන පුරුක් ටිකත් රත් කරන්න. එහෙම රත් කරනකොට උණබටේ ඉස්සරහ පැත්තෙන් දුම් එන්න පටන් ගනියි... ටිකක් වෙලා රත් කරන ගමන් අර පහල තියෙන හිලට කටින් පිඹල බලන්න... ඉස්සරහින් දුම් එනවනං රත් කරන එක නවත්තන්න... දැං ඩෝං කියන්න පටන් ගන්න ළගයි. ඊට පස්සෙ හනස්සක් අරගෙන (අර පොල්මලේ කේස් එක:D) හීනි තීරු වලට ඉරාගන්න. දැං එකක් අරං භූමිතෙල් පොඩ්ඩක පොගවල (ආයෙත් සඤ්ඤක බෑ) පත්තු කරගන්න. ඊට පස්සෙ අර රත් කරපු උණබටේ හිලට කටින් දෙපාරක් තුන්පාරක් පිඹල අර හනසු කෑල්ලෙං ඒ හිලට ගිනි තියන්න... මුලදි එච්චර සද්දයක් එන්නෙ නෑ... හරියට පදං උනාම හොදට සද්දෙ එනව. ඔය විදිහට එක පාරක්, දෙපාරක් හරි තුන්පාරක් හරි පිඹල අර හනසු කෑල්ලෙං හිලට ගිනි තියන්න... ගිනි තිබ්බ හැම පාරකටම පස්සෙ ආයෙත් පිඹින්න...

    උණ වෙඩිල්ල හරියට රත් උනාම සමහර වෙලාවට පිඹින්න ඕනෙ නෑ. හනස්සෙන් ගිනි තිබ්බ ගමන් වෙඩිල්ල යනව. ආයෙත් පිටත තියෙන හුලං ඉබේම ඇතුලට ඇදගන්නව... ඒ කියන්නෙ එළටම පදං වෙලා...

    එහෙනං ඔයාලත් හදල බලන්න... මේක ගැන දන්න අය ඔයාලගෙ අත්දැකීම් කියන්න... මම හදපු උණවෙඩි (මීට අවුරුදු 4 කට විතර කලිං හරිය...) සුපිරියටම පත්තු උනා... පුරුක් 5කට වැඩිය දිගට ගන්නවනම්... 6ක් විතර වෙන්න ගන්න. ඊට වැඩිය දිගට ගන්න එපා... පුරුක් 4 කුත් හොදයි වැඩේට.


    අන්ත්‍රාවයි - උණබටේ ඇතුලෙ තියෙන භූමිතෙල් හොදට රත් උනාම ගොඩක් පවර් එක වැඩියි... ගිණි ති‍යනකොට මූන ළං කරන්න එපා... පිඹිනකොට පරිස්සමෙන්... අහළ පහළ ගින්දර අගුරු එහෙම තිබුණොත් ඇවිලෙනව... අවුරුදු ගාන නම් වැඩක් නෑ. වැඩිහිටි, පොඩිහිටි හැමෝම පරිස්සම් වෙන්න. පොඩි අයනම් කරන්නම එපා. ගින්දර, භූමිතෙල් එක්ක කරන වැඩක් නිසා ඉතාම පරිස්සම් වෙන්න. නැත්නම් අවුරුද්ද සුං... මම ආයෙත් කියන්නෙ මේක සෙල්ලමට කරනව වගේම ඉතාමත් පරිස්සම් වෙන්න ඕන දෙයක්.

    බලන අය පුළුවන්නම් අදහස් දක්වල යන්න. බල කරන්නෙ නෑ. මේක මම දැම්මෙ මම ලබපු අත්දැකීමක් ඔයාල එක්ක බෙදාගන්නයි.
    එහෙනං හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. ගොඩක් මහන්සිවෙලා වැඩේ ලස්සනට කරල තියෙනවා..
    කොහොමද බං ඔය පිංතූර ඇන්ඳෙ.. මොකක්ද සොෆ්ට්වෙයාර් එක.. පට්ට සිරාවට ඇඳල තියෙනවනේ..

     
    • Like
    Reactions: sdlsajeewa

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ela machan but parissamin.machan bambuwa debalaka thiyanawata wada hodayi gahaka thiyala badinawanam.oya angle ekata hitinna.hodata sadde wadinna wadinna :P kana keeeen gaanawa :P,e wageema bambuwe aga idala pipireegena enawa .samahara aya athal ekata polkatu,botal thiyanawa ,ewwa karanna epa ...............
     
    • Like
    Reactions: sdlsajeewa

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    නියමයි මචං.. ගොඩක් මහන්සිවෙලා වැඩේ ලස්සනට කරල තියෙනවා..
    කොහොමද බං ඔය පිංතූර ඇන්ඳෙ.. මොකක්ද සොෆ්ට්වෙයාර් එක.. පට්ට සිරාවට ඇඳල තියෙනවනේ..


    කොරල් ඩ්‍රෝ වෙන්න ඇති නැත් නම් ඉලස්ට්‍රේටර්
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    නියමයි මචං.. ගොඩක් මහන්සිවෙලා වැඩේ ලස්සනට කරල තියෙනවා..
    කොහොමද බං ඔය පිංතූර ඇන්ඳෙ.. මොකක්ද සොෆ්ට්වෙයාර් එක.. පට්ට සිරාවට ඇඳල තියෙනවනේ..



    මම ඇන්දෙ මචෝ... ඉලස්ට්‍රේටර් වලින්
     
    • Like
    Reactions: kingdewi