උතුරේ දෙමළ ප්‍රශ්නයට විසදුම?

උතුරේ දෙමළ ප්‍රශ

  • සන්ධීය ක්‍රමය

    Votes: 3 16.7%
  • ඒකීය ක්‍රමය තුල භාෂා ප්‍රශ්නය විසදීම

    Votes: 15 83.3%
  • ඒකීය ක්‍රමය තුළ පොලිස් බලතල, ඉඩම් ආදී බලතලද පවරා දීම

    Votes: 0 0.0%

  • Total voters
    18

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උතුරේ දෙමළ ප්‍රශ්නයට විසදුම?

    srilankawardispl116955f.jpg

    උතුරේ දෙමළ ප්‍රශ්නයට ත්‍රස්තවාදයෙන් විසදුම් සෙවීමේ ක්‍රමය දැන් නිමවී වසර දෙකටටත් වැඩිකාලයකි. එම ක්‍රමය විසදුම නොවන බව මනාව වැටහී ඇත. නමුත් උතුරේ දෙමළ ජනයාට පැහැදිලිව පාලන ප්‍රතිපත්තිය තුළ විසදුමක් දිය යුතුය.එකීය රාජ්‍යයක් තුල එකී විසදුම සපයන්නේ කෙසේදැයි සාඛච්ඡා වෙමින් පවතී. එම ස්ථාවරය දැනට පවතින ආණ්ඩුව දරණ අතර එක්සත් ජාතික පක්ෂයේ මතය ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ සන්ධීය විසදුමකි. එය එසේ සිදුවිය යුතුනම් එල්.ටී.ටි යට ඊලම ලබාදී අත පිහදා ගැනීමක් කලේ නම් කම් නැත. ඒකීය රාජ්‍ය තුලම නියත වශයෙන්ම මෙම විසදුම සෙවිය යුතුය.
    මෙය විසදීමේදී 13 , 17 ආදී වශයෙන් ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් උවත් ඒවායේ ගැටලු මතුවී ඇත.

    මගේ මතය නම් ලංකාවේ පැරණිතම ක්‍රියාත්මක වූ ගම්සභා ක්‍රමය ස්ථාපනය කොට ද්‍රවිඩ භාෂාව , සිංහල , ඉංග්‍රීසි ආදී සියලුම භාෂා කතාකල හැකිවුන් එහි පත්කර හැරීමයි,( මෙය දළ අදහස වන අතර , දීර්ඝ කාරණා මගින් විසදුම් ඉදිරිපත් විය යුතුය) ඔබේ මතයද මෙහි ඉදිරිපත් කරණ ලෙස ඉල්ලා සිටිමි.

    Code:
    http://asipiya.blogspot.com/
     
    Last edited:

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මුලින්ම කියන්න ඕන මේක මගෙ පෞද්ගලික අදහසක් විතරයි..

    මේ ප්‍රශ්නෙ ගොඩක් බැරෑරුම් එකක් නිසා උත්තරේ මෙන්න මේකයි කියල සරලව කියන්න අමාරුයි. ප්‍රශ්නෙ වගේම මේකට උත්තරෙත් සංකීර්ණ එකක්.

    මට හිතෙන විදියට ඒ විසඳුමට අනිවාර්යයෙන් ඇතුලත් විය යුතු මූලික කරුනු දෙකක් තියනව.

    එකක් තමයි දෙමළ ජනතාවගේ ආර්ථික සංවර්ධනය(දෙමළ ජනතාවට විතරක් නෙවෙයි, මේක නම් මුලු රටේම් ජනතාවට පොදුයි)

    අනිත් එක තමයි දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතරෙ තියන සන්නිවේදන බාධකය ඉවත් කිරීම (සරළව කියනව නම් දෙමළ ජනතාවට සිංහල භාශාව ගැනත් සිංහල ජනතාවට දෙමළ භාශාව ගැනත් අවබෝධයක් ලබා දීම.)

    මේ කරුණු දෙක ජාතික ගැටළුවට බලපාන්නෙ කොහොමද කියන එක ගොඩක් දෙනෙකුට තේරුම් ගන්න පුලුවන් ඇති. ඉඩ තියන වෙලාවක මමම ඒ ගැන විස්තර කරනනත් බලපොරොත්තු වෙනව...

    වගකිවයුතු පාර්ශව වලින් එලකිරි.කොම් වගේ සයිට් එකකට ලැබෙන අවධානය ගැන නම් කියන්න ඕන නැහැ නේ, ඒත් බොහොම වැදගත් ත්‍රෙඩ් එකක්.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඉඩම් බලතල නොදී,පොලිස් බලතල විතරක් දෙමු.ඉන්දියාවත් ශේප් එතකොට.හැබයි පොලීසිය කියන්නෙ බැටන් පොලු විතරයි.ආයුධ පාවිච්චියක් බෑ.ඊට අමතරව රාජ්‍ය සේවකයන්,වි.වි සිසුන් එහෙන් මෙහෙට මෙහෙන් එහෙට යවන්න ඕනි.හමුදාව ට සාමාන්‍ය ජනතාවට මැදිහත් වීමක් කරන්න බෑ,නමුත් හැමතැනම බැරක්ක පිහිටවන්න ඕන.ඕක තමා මගේ අදහස කාටත් තේරෙන සිංහලෙන්...:nerd:
     
    • Like
    Reactions: kaushala1988

    මාත් හිතන්නේ ඒක තමයි බන් , භාෂා ප්‍රශ්නය තමයි මූලික කාරණාව , අඉ බලමු තවත් මත ඉස්සරහට
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    ŦĦĔ ƦȆƉǾӾ;10717144 said:
    ඉඩම් බලතල නොදී,පොලිස් බලතල විතරක් දෙමු.ඉන්දියාවත් ශේප් එතකොට.හැබයි පොලීසිය කියන්නෙ බැටන් පොලු විතරයි.ආයුධ පාවිච්චියක් බෑ.ඊට අමතරව රාජ්‍ය සේවකයන්,වි.වි සිසුන් එහෙන් මෙහෙට මෙහෙන් එහෙට යවන්න ඕනි.හමුදාව ට සාමාන්‍ය ජනතාවට මැදිහත් වීමක් කරන්න බෑ,නමුත් හැමතැනම බැරක්ක පිහිටවන්න ඕන.ඕක තමා මගේ අදහස කාටත් තේරෙන සිංහලෙන්...:nerd:

    brother,
    can u explain me y are u refusing to give the wepon power for them.what is the reason,
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපි යාපනේ ගිය වෙලාවේ එහෙ සේවය කරන සිංහල පොලිස් නිලධාරින් දැක්ක......ඒ අය අපි සිංහල කියල වෙනම විශේෂයක් පෙන්නුවේ නැ...අපිට ඕනෙත් නැ......ඒ වගේම එහෙ දෙමල අයගේ කෝවිල..පුස්තකාලය ...නගරේ රථවාහන හැසිරවීම වගේ දේවල් එහෙ දෙමල මිනිස්සුන්ට මුල් තැන දීල බොහොම සාධාරණ විදියට කරා කියල තමයි අපිට පෙනුනේ....එහෙමනම් හොදයි......මොකද වැඩේ අපක්ෂපාතී .........ඒ නිසා දෙමල ජනතාවට පොලිස් බලතල ආයුධ දෙන එක ගැන දෙපාරක් හිතන එක හොදයි......මොකද ඔය අතරේ කොටි බීජ තියෙනවා........එක අමතක කරන්න නරකයි........රැ වැටුණු වලේ දවල් වැටෙන්නේ මොකටද........
     
    Sep 1, 2009
    2,359
    215
    0
    brother,
    can u explain me y are u refusing to give the wepon power for them.what is the reason,

    I think you got a answer down here:yes:

    අපි යාපනේ ගිය වෙලාවේ එහෙ සේවය කරන සිංහල පොලිස් නිලධාරින් දැක්ක......ඒ අය අපි සිංහල කියල වෙනම විශේෂයක් පෙන්නුවේ නැ...අපිට ඕනෙත් නැ......ඒ වගේම එහෙ දෙමල අයගේ කෝවිල..පුස්තකාලය ...නගරේ රථවාහන හැසිරවීම වගේ දේවල් එහෙ දෙමල මිනිස්සුන්ට මුල් තැන දීල බොහොම සාධාරණ විදියට කරා කියල තමයි අපිට පෙනුනේ....එහෙමනම් හොදයි......මොකද වැඩේ අපක්ෂපාතී .........ඒ නිසා දෙමල ජනතාවට පොලිස් බලතල ආයුධ දෙන එක ගැන දෙපාරක් හිතන එක හොදයි......මොකද ඔය අතරේ කොටි බීජ තියෙනවා........එක අමතක කරන්න නරකයි........රැ වැටුණු වලේ දවල් වැටෙන්නේ මොකටද........
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    හොඳ කතිකාවතක් මේකෙන් ගොඩ නගමු මචෝ...
    දිගටම යමු...
     
    Sep 1, 2009
    2,359
    215
    0
    He said that do not need to give police power and others

    පුනරුත්තාපනය වෙමින් පවතින ජනතාවක් අතරට ඒකේ47 දෙනව කියන්නෙ අර සහෝ කිව්ව වගේම රෑ වැටුනු වලේ දවල් වැටීමක්.:rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ŦĦĔ ƦȆƉǾӾ;10721239 said:
    පුනරුත්තාපනය වෙමින් පවතින ජනතාවක් අතරට ඒකේ47 දෙනව කියන්නෙ අර සහෝ කිව්ව වගේම රෑ වැටුනු වලේ දවල් වැටීමක්.:rolleyes:

    ඒක හරි , මමනම් කියන්නේ කිසිම විදියකට පොලිස් බලතල නොදිය යුතුයි කියලා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ŦĦĔ ƦȆƉǾӾ;10721993 said:
    ඇයි ඒ?

    උතුරේ ජනතාව තුළ ජාතිවාදී හැඟීම් පවතිනවා, ඔවුන්ගේ පොලීසියක් සමගින් බලතල පැවරුවහොත් සිංහල භාෂිකයන්ට කෙනෙහිලිකම් සිදිවිය හැකියි. එහෙ ගොඩක් දෙමළ මිනිස්සු සද්ද නැතුව ඉන්නේ හමුදාවෙ අය නිසා නැත්නම් තත්වෙ බලාගන්න තිබ්බ. අපේ මේ තියෙන ආකාරයටම රාජ්‍ය ත්‍රන්ත්‍රය ක්‍රියාත්මක වියයුතු අතර ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තිය තුල භාෂා ප්‍රශ්නය විසදිය යුතුයි
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    මගෙ අදහස නම් ඒකීය රාමුවක ඉදන් ප්‍රශ්න විසද ගන්න ඔනෙ. හෑබෑයි ආනයනය කරපු විසදුම් නෑතුව දෙශිය ක්‍රමයකට
     
    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    පොලිස් බලතල නම් දෙන්න හොද නෑ.. මොකද කොටි ඉන්නවා තම හෑන්ගිල.. එක අපේ ක්ලාස් එන එඋන්ම කියනව.. එක වෑර 1000 කට විතර ගේමක් දුන්නොත් ඉවරයි..තාම එඋන් තරහින් ඉන්නෙ .. මේ තියන විදිහ හොදයි