උතරේ ගීක් එකේ කෙනෙක් දුන්නා ජගත් කියන සමාජිකයා (කට්ටියට දැන ගන්න මම ඔන්න දැම්මා ඒ අය්යා දාපු උත් තරේ )
බෝදි සත්වයන් බුදු වීමට පෙර දුටු සිහින පහ ?
සිහින පහ බුදුන් වහන්සේ විසින්ම පසු කල මහා සුපින සූත්‍රය දෙසමින් මෙසේ විස්තර කරන ලදී.
බෝසතුනට මහ පොළව යහනක් වී, හිමාල පර්වතය කොට්ටයක් විය. පෙරදිග මුහුදෙහි වම් අත ද, අවර දිග මුහුදෙහි දකුණු අත ද තැබුණු අතර දකුණු මුහුදෙහි දෙපා විහිදිණි. මේ පළමුවන සිහිනය ය. මේ සිහිනයෙන් දැක්වුණේ බෝසතුන් විසින් සියල්ල අභිබවා අනුත්තර බුද්ධත්වයට පැමිණෙන බව ය.
දෙවන සිහිනය වූයේ බෝසතුන්ගේ නාභියෙන් ‘තිරිය‘ නම් තණ ගසක් පැන නැඟී ඉහළ යාම ය. මේ සිහිනයේ අර්ථය වූයේ බුදුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කොට ගෙන ලෝකයාට දහම් දෙසන බව ය.
තුන්වන සිහිනය වශයෙන් කළු හිස් හා සුදු සිරුරින් යුත් කෘමීහු දෙපසින් නැඟී බෝසතුන්ගේ දණ මඬුලු තෙක් නැග ගත්හ. මේ සිහිනෙහි අර්ථය වූයේ සුදු රෙදි හැඳ ගත් බොහෝ උපාසකවරැන් දිවිහිමියෙන් බුදුන්ගේ සරණ යන බව ය.
වෙන වෙන පැහැයෙන් යුත් ලිහිණියෝ සතර දෙනෙක් සිව් දිසාවෙන් පියාඹා විත් බෝසතුන්ගේ පා මුල වැටී තනි සිදු පැහැයෙන් යුතු වූහ. මේ සිහිනයේ අර්ථය වූයේ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යන සතර වංශයට අයත් ජනයා ගිහි ගෙයින් නික්ම බුදුන් වහන්සේගේ සසුනෙහි පැවිදිව විමුක්තිය ලබාගන්නා බව ය.
පස්වන සිහිනය වශයේන බෝසත්හු විශාල කැත කුණු පර්වතයක් මු
දුනෙහි ඒ කැත කුණු කිසිවක් පයෙහි නොතැවරී ඇවිදින්නට වූහ. මෙයින් කියැවුණේ ලෝකයාගේ කන්දක් තරම් ආමිස පූජා බුදුන්හට ලැබෙන බවත්, එහෙත් ඒවා කිසිවක ඇල්මක් බුදුන්හට නැති බවත් ය..“
බොදි සත්වයන්ගේ කෙස් කලබ පිළිගත් දෙවියා කව්ද ?
සිදුහත් බෝසතුන් අබිනික්‌මන්ව පැවිදි වෙස් ගැනීමට පෙර කපාදමන ලද කෙස් කළඹ, මහත් භක්‌තියෙන් සක්‌දෙවිදුන් ගෙනගොස් තව්තිසා දෙව්ලොව සිළුමිණ සෑයෙහි තැන්පත් කරවීය.