අපිත් කොලබ යැයි පාරම් බෑවද, රාත්‍රී 10 යනු හෝමගම නගරය නිදියන වෙලාවකි, බොහෝ කඩවල් වසා ඇත, ශෙඩ් එක වසා ඇත.
හන්දීයෙම ත්‍රීවීල් 2-3ක වීල් කරුවන් නිදි කිරමින්, සිගරැට් බොමින් කතා බහ කරනු ඇසේ.
බඩ මහත සාජන් කෙනෙක් සහ කෙසග කොස්සෙක් හන්දියේම කඩ දොරකට හේත්තු වී සිටිනු පෙනෙයි.
මම බොහො විට සමහර බැන්කු කටයුතු වලට යන්නෙ මේ වෙලාවටය.
දවල් වෙලාවට රාජ්‍ය බැන්කු වල ඒ ටී එම් වලට කිට්ටු වෙන්න බැරිය.
ලන්කා බැන්කුව අසල කිලිටි වස්ත්‍රය්ක් ඇදගත් ගැහනියක් හිගාකනු පෙනුනි.
හිගාකෑම වෙනුවට ඇය කරන්නෙ, යන අයට හදුන් කූරු දිගු කරමින් බැගෑපත් වීමය
සමහරෙක් ඇයට රුපියල් 20ක් දිගු කරයි
ඇය මටද හදුන් කූරු මිටියක් දිගු කලද මම එය අහක බලාගෙන ඇතුලට ගියෙමි.
උන්දෑ මගෙන් රුපියල් හෝ ගලවනු බොරුය.
බැන්කුවට ගොස් මගෙ කටයුත්ත අහවර වී, ශේශය පිරික්සු වෙමි
"මහත්තයා,"
මම හැරී බලන විට, අර හිගාන ගැහැනිය බැගෑපත් මුහුනින් මදෙස බලා සිටී.
"ඇයි"
"මහත්තය මට උදව්වක් කරන්න, මේ සල්ලි මේ නම්බරේට දාල දෙන්න"
අද බිස්නස් සරුද යනුවෙන් ඇසීමට මට සිතුනත්, එය යටපත් කරගතිමි.
හිගාකෑම සමාජයට කුඩු, අයිස් විකිනීම තරම් අහිතකර නැත.
"කෝ දෙන්න"
ගැහැනිය මට අපිරිසිදු කොල කැබැල්ලක ලොකු අකුරෙන් ලියු නම්බරයක් සහ රුපියල් 1000ක නෝට්ටුවක් දිගු කලාය.
මෙකල, රුපියල් 1000ක් යනු බැණ්කුවක් හරහා යැවීමට තරම් නොවෙ.
මගෙ වෙලාවත් අපරාදෙ, මට සිතුනි
"නමයි, අයිඩෙන්ටිටි නම්බරෙයි කියන්න "
ගැහැනිය , වර්ශ 61 උපත ලැබුවෙකි.
රෙෆරන්ස් එකට නම එබුවෙමි.
ලබන්නාගෙ නමද කොල කෑල්ලෙ සටහන් වී ඇති අයුරු දුටු විට, වාසගම එකම බව මට වැටහුනි
වර්ශ 2000ට කලින් තරුනියන්ට දමන නමකි
"කාටද මේ සල්ලි යවන්නෙ"
ඒ ටි එම් මැසිම සර බර හඩ නගමින්, තම කාර්‍ය ඉටු කරයි
"මගෙ දුවට මහත්තය,"
"එයා කොහෙද ඉන්නෙ"
මම මෙතෙක් වෙලා ආරුඩ කරගෙන සිටි මූසල මූන ඉවත් කරගනිමින් විමසුවෙමි
"දුව අනුරාදපුර කැම්පස් එකෙ මහත්තය"
මම කිසිත් නොපැසුවෙමි, ඒත් ඇතුලටින් කම්පාවටද, දුකටද , පුදුමයටද පත් උනෙමි.
"මෙන්න , රිසිට් එක"
"බොහොම ස්තුතියි මහත්තයා"
"හරි"
ගැහැනිය නික්ම ගියාය
මම එලියට විත් එදෙස බලාසිටියෙමි
පනාගොඩ දෙසට පයින් ඇදෙමින් සිටි ගැහැනිය නොපෙනි ගියාය
කලකට පෙර කිරියෙම දුටු ප්‍රවෞර්තියක් දෙකක් මතක් විය
'මවගෙ අනුදැනුම ඇතිව සුලු පියා දියනියන් ගනිකා වුර්තියෙහි යොදවයි '
'සූදු කෙලින්න ගොස් ණය වූ පියා දියනිය විකුනයි '
එහෙව් රටේ හිගා කකා, දරුවන්ට උගන්නන අම්මලාද සිටින බව මට මොහොතකට අදහාගත නොහැකි විය
සත්‍ය සිදුවීමකි
