උද්ඝෝෂණය යන මග

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ගාලු මුවදොර පිටියේ දැනට සිදුවෙන උද්ඝෝෂණය හරියට කෙරෙනවා කියලද හිතන්නෙ? මේක එතන ඉන්න කිසි කෙනෙක් හරියට සන්විදානය කරන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ.
    මන් හිතන්නේ එතන ඉන්න තරුණයන් මේ අරගලය අඛණ්ඩවම මීට වඩා දැනෙන විදිහට කරන්න ඔනේ.

    එතන කියන සටන් පාඨ බලන්න
    බැසිල් බැසිල් බැසිල් බැසිල් කපුටු කාක් කාක් කාක් කාක්
    ගෝ හෝම් ගෝටා. මෙච්චරයි මේකෙන් අපේ පාලකයොන්ට රිදෙයි කියලද හිතන්නේ? මේ වගේ උද්ඝෝෂණ වලදී ජේ.වී.පී මීට වඩා හොඳට සන්විදානය කර හිතට වැදෙන විදිහේ සටන් පාඨ කියනවා,

    හැම රටකටම, හැම තානාපති කාර්‍යාලයකටම හැම විදේශ සංවිදානයකටම, ලෝක බැංකුවට, IMF එකට අපි කියන්න ඔනේ මේ රජය මේ ආණ්ඩුව තියෙනකම් ලංකාවට කිසිම උදව්වක් කරන්න එපා. මුන් අපට ලැබෙන සියලු දේවලින් කොමිස් ගහනවා කියලා. කිසි රටකට ඇතුල්වෙන්න දෙන්න එපා කියලා, මොවුන්ට විරුද්දව තහන්චි දාන්න කියලා.
    ඒ විතරක් නෙමෙයි අද වෙන තුරු මුන් හොරකම් කරපු/ මිනී මරපු/ කොමිස් ගහපු/ රට විකුණපු හැම සිද්දියක්ම සිංහල දෙමල ඉංග්‍රීසි කියල භාෂා තුනෙන්ම
    එතන ඉන්න හම කෙනෙකුටම හැමදාම පැහැදිලි කරන්න ඔනේ. . එක එක සිද්දීන් මුල් කරගෙන (සොරා කාපු මිනී මරපු/ කොමිස් ගහපු/ රට විකුණපු) මේවා අතරෙන් කෙටි වීඩියෝ හදන්න ඕනේ. ඒවා සමාජ මාධ්‍යවල පුලුල් ලෙස ප්‍රචාරය කරන්න ඔනේ.
    Facebook එක Instagram /whatsapp එක අරින හැම එක්කෙන්කුටම පේන විදිහට කරන්න ඔනේ. එතනින් යන හැම වාහනේකටම මේ සිද්දීන් ප්‍රින්ට් කරලා දෙන්න ඔනේ. චන්දේ කාලෙට වගේ ගෙවල් ගානේ ගිහින් මුන් හොරකම් කරපු හැටි/ මිනී මරපු හැටි/ කොමිස් ගහපු හැටි තේරෙන විදිට කියල දෙන්න ඔනේ.
    මිලියන් බිලියන් කිව්වොත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. ලක්‍ෂ ගනන් වලින්. කෝටි ගනන් වලින් කියල මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඔනේ. එතකොටයි මිනිස්සුන්ට ඔක තේරෙන්නේ.

    ඒ වගේම කිසිම හාමුදුරු කෙනෙක් ඔතනට ගාව ගන්න හොඳ නැහැ. එගොල්ලෝ සහාය දෙනවනම්, පන්සලට වෙලා සහාය දෙන්න කියන්න. ගෝටාභයට පන්සලේ ඉඳන් ඉලෙක්‍ෂන් කැම්පේන් කරා වගේ.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ගෝල්ෆේස් ආතල්ගම්වාසීන්ගේ ඉල්ලීම පරිදි මේ රටේ රාජ්‍ය නායකයා ඉල්ලා අස්වේ නම් එය මේ රටෙි ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය නොව මළගම සනිටුහන් කරනු ඇත.
    එමගින් සපයන පූර්වාදර්ශය අනුව ඉනික්බිති බලගතු රටවල පදයට නැටවෙන රූකඩයකට මිස රටට හිතැති කිසිදු රාජ්‍ය නායකයෙකුට කෙතරම් විශිෂ්ට ජනපවරමක් පැබුණ ද මේ රටේ කිසිදා ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැගීමට නොහැකි වනු ඇත.
    ඒ කවර හේතුවක් පදනම් කරගෙන හෝ පිරිසක් ගෝල්ෆේස් තණපිටියේ කූඩාරමක් ගසාගෙන එහි පදිංචි වී ගෝඨා වගේ උඹත් ගෙදර පලයන් කී විට ඔහු ද හකුළා ගෙන යා යුතු හෙයිනි. විශේෂයෙන් රටට හිතකර තීන්දු තීරණ ගන්නා කිසිදු රාජ්‍ය නායකයෙකුට සිය ධූර කාලය සම්පූර්ණ කළ නොහැකි වනු ඇත.
    එවිට අපේ පාලකයාට බලවත් රටවල සහ බලවත් මාධ්‍යවල පදයට නටමින් තම ධූර කාලය සම්පූර්ණ කරනවා ද නො එසේ නම් සිය ධූරය පරදුවට තබා රට වෙනුවෙන් පෙනී සිටිනවා ද යන තීන්දුව ගැනීමට සිදුවනු ඇත. පෘථග්ජන පාලකයා පළමු තීන්දුව ගනු ඇත.
    එහෙයින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම පමණක් නොව අනාගත ස්ථාවරභාවය ද එහි දියුණුවේ මාවත ද සදාකාලිකව වසා දමන ආතල්ගමේ භයානක ඉල්ලීම්වලට යටත් වීම මහා ඛේදවාචකයක ආරම්භය බව නොකියාම බැරිය. ඊට යටත් වීම රටට කරන මහා ද්‍රේහිකමකි.
    ©️
    |නාමල් උඩලමත්ත
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලෝකෙම උන්ට හොඳයි
    මේකේ ඉන්න හැමදාම අමුතුවෙන් එන උන්ට තමයි හෑලි ලියන තරමට හොඳ නැත්තේ.
    හිටපන් දෙනකම් සිද්ධාලේප අසමෝදගම්...
    හෑලි මෙම්බරයා කොහෙන් ගියාද නැති වෙයි.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Jvp එකට නිල වශයෙන්ම අනුබද්ධ කොටස් ඔතනට එනවා. උන් ටික නැත්නම් කපුටු කාක් කාක් විතරයි තමයි
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මහා සාපයක් බං උබලා අඩෝ උබලට ගෙවන ගාන කියහන් මන් දෙන්න, මල වදයක් තොපි

    මට මැවිලා පේනවා ඉරාජ් පොන්නයා refresh කර කර ඉන්නවා replies
    ------ Post added on Apr 13, 2022 at 11:27 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මහා සාපයක් බං උබලා අඩෝ උබලට ගෙවන ගාන කියහන් මන් දෙන්න, මල වදයක් තොපි

    මට මැවිලා පේනවා ඉරාජ් පොන්නයා refresh කර කර ඉන්නවා replies
    ------ Post added on Apr 13, 2022 at 11:27 PM

    😂😂😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,253
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ටික හොඳටම ඇති රටට $එන එක නවත්තන්න. $ නෑ කියන්නේ ගුලේ ඉන්න නන්දෙට දුං ගහනවා වගේ තමයි🤣🤣
    අරගලේ එකෙක් දෙන්නෙක් අතට ගත්තොත් සල්ලි දීල හරි ඇට තලල හරි අරගලේ ඉවර කරනවා. මුන්ට මේක දේව සාපේ වගේ. දීපංකෝ හොරා කාපුවා ඔක්කොටම🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    බිග්මැච් කාර්නිවල් ඊනියා අරගලය කොහොමත් ෆේල් .
    ඔය අස්සෙ දෙමල්ලු සහ තම්බි උන්ගෙ පටු අරමුණු වලට පාර කපාගන්නවා
    කලින් වතවෙ පාස්කු ප්‍රහාරය ගහපු තම්බින්ගෙන් සමහරක් උන් ෆෙස්බුක් එකෙ ආමි එකට සින්හල ජාතියට හුරෙ දාල තිබ්බ සහජීවන පොස්ට් ලිය ලිය.

    ඔය ගෝල්ෆේස් එකෙ ඉෆ්තාර් අරින තම්බි කටක් හෙල්ලුවෙ නැහැ පාස්කු ප්‍රහාරෙ වෙනුව්ව්න් මැරුණු ජීවිත වලට .ඒකත් මතක තියාගනිල්ල .

    රාජපක්ෂලා පට්ටපල් හොරු .උන් ගෙදර යන්න ඔනි .ඒ ශක්තිමත් අරගලයකින් මිසක් කාර්නිවල් වලින් නෙමෙ .

    ශක්තිමත් අරගල කිව්වෙ කඩ කුඩු කරලා ගිණි තියාගෙන වලි දාගන්න අරගල නෙමෙ
    තානලති කාර්යාල වලට ,යු එන් එකට IMF එකෙ නියොජනයක් තියෙ නම් එතනට ගිහින් මෙ ගැන කියන්න ඔනි .
    ඒ වගෙම අනික් පැත්තට දේශපාලකයන්ට තියෙන අනිසි තැන නැති කරන්න ඔනි .
    උත්සව ,මලගෙවල් බණ ගෙවල් විවෘත කිරිමෙ දෙවල් වලට ඔකුන් ගෙන්වන්න නරකයි .
    අන්න ඔව්ව තම නියම අරගල වල ලක්ෂණ
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    ශක්තිමත් අරගල කිව්වෙ කඩ කුඩු කරලා ගිණි තියාගෙන වලි දාගන්න අරගල නෙමෙ
    තානලති කාර්යාල වලට ,යු එන් එකට IMF එකෙ නියොජනයක් තියෙ නම් එතනට ගිහින් මෙ ගැන කියන්න ඔනි .
    ඒ වගෙම අනික් පැත්තට දේශපාලකයන්ට තියෙන අනිසි තැන නැති කරන්න ඔනි .
    උත්සව ,මලගෙවල් බණ ගෙවල් විවෘත කිරිමෙ දෙවල් වලට ඔකුන් ගෙන්වන්න නරකයි .
    අන්න ඔව්ව තම නියම අරගල වල ලක්ෂණ
    මේ ලක්ෂණ ටිකත් තියෙනවා මේ අරගලයේ නේද? :unsure::unsure:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ගෝල්ෆේස් ආතල්ගම්වාසීන්ගේ ඉල්ලීම පරිදි මේ රටේ රාජ්‍ය නායකයා ඉල්ලා අස්වේ නම් එය මේ රටෙි ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය නොව මළගම සනිටුහන් කරනු ඇත.
    එමගින් සපයන පූර්වාදර්ශය අනුව ඉනික්බිති බලගතු රටවල පදයට නැටවෙන රූකඩයකට මිස රටට හිතැති කිසිදු රාජ්‍ය නායකයෙකුට කෙතරම් විශිෂ්ට ජනපවරමක් පැබුණ ද මේ රටේ කිසිදා ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැගීමට නොහැකි වනු ඇත.
    ඒ කවර හේතුවක් පදනම් කරගෙන හෝ පිරිසක් ගෝල්ෆේස් තණපිටියේ කූඩාරමක් ගසාගෙන එහි පදිංචි වී ගෝඨා වගේ උඹත් ගෙදර පලයන් කී විට ඔහු ද හකුළා ගෙන යා යුතු හෙයිනි. විශේෂයෙන් රටට හිතකර තීන්දු තීරණ ගන්නා කිසිදු රාජ්‍ය නායකයෙකුට සිය ධූර කාලය සම්පූර්ණ කළ නොහැකි වනු ඇත.
    එවිට අපේ පාලකයාට බලවත් රටවල සහ බලවත් මාධ්‍යවල පදයට නටමින් තම ධූර කාලය සම්පූර්ණ කරනවා ද නො එසේ නම් සිය ධූරය පරදුවට තබා රට වෙනුවෙන් පෙනී සිටිනවා ද යන තීන්දුව ගැනීමට සිදුවනු ඇත. පෘථග්ජන පාලකයා පළමු තීන්දුව ගනු ඇත.
    එහෙයින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම පමණක් නොව අනාගත ස්ථාවරභාවය ද එහි දියුණුවේ මාවත ද සදාකාලිකව වසා දමන ආතල්ගමේ භයානක ඉල්ලීම්වලට යටත් වීම මහා ඛේදවාචකයක ආරම්භය බව නොකියාම බැරිය. ඊට යටත් වීම රටට කරන මහා ද්‍රේහිකමකි.
    ©️
    |නාමල් උඩලමත්ත
    ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය මළගම පටන් දූෂිත ගන්නේ දේශපාලුවෝ ගෙදර ගියොත් නෙමේ.

    අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම පටන් ගත්තේ කොතනින්ද කියල මන් කියන්නම් try to digest the trueth!
    සුනාමියෙන් රට්ටු බැට කනවිට අපට සහන වශයෙන් ලැබුණූ විදේශ ආධාර මුදල් තමන්ට කියා ගිණුමක් පටන් අරන් මුදල් ඒකට දමාගත්තේ එදා!
    රතුපස්වල ජනතාව වතුර ඉල්ලන විට වෙඩිතියලා මැරුවේ එදා!
    ශිරන්ති රාජපෂ්ක අයි.ඩී කාර්ඩ් දෙකකින් ( එකක නොම්බරේ 11111111V අනිත් එකේ නොම්බරේ 22222222V) සිරිලියද මොකක්ද කියල ගිණුමක් පටන් අරන් කෝටි ගනන් මුදල් වංචා කරේ එදා! කොටින්ගෙන් අල්ලාගත් රත්තරං (කන්ටේනරයක් පමණ) ටික ගිල්ලේ එදා පරණ මිග් යානා අරන් කොමිස් ගහන කොට ඒක හෙලිකරපු ලසන්ත වික්‍රමතුන්ග මහ පාරේ මරල දැමේ එදා! පාර්ලිමේන්තුවේ ෆුල් නයිට් එකක් ගහලා ශිරන්ති නම් අග්‍ර විණිච්චයකාරිය අස්කරේ එදා! වඳ කොත්තුව සමාජගත කරේ එදා! වඳ යට ඇදුම් සමාජගත කරේ එදා! සිංහල මවුවරුන් 800ක් වඳ කරා කියා සමාජගත කරේ එදා! සහරාන්ගේ නමින් පාස්කු ප්‍රහාරක් කර අහින්සක ජීවිත 300ක් බිලිගත්තේ එදා?
    ආර්තිකය ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් නැති ගොබ්බ බැසිල්ව පාර්ලිමේන්තුවට ගේන්න 20වැනි සන්සෝදනයක් ගෙනාවෙ එදා!

    (ඒ කවර හේතුවක් පදනම් කරගෙන හෝ පිරිසක් ගෝල්ෆේස් තණපිටියේ කූඩාරමක් ගසාගෙන එහි පදිංචි වී ගෝඨා වගේ උඹත් ගෙදර පලයන් කී විට ඔහු ද හකුළා ගෙන යා යුතු හෙයිනි).
    අනිවාර්‍යෙන් එහෙම බයක් තියෙන්න ඔනේ ඔතන එන මොකාට උනත්.

    බිග්මැච් කාර්නිවල් ඊනියා අරගලය කොහොමත් ෆේල් .
    ඔය අස්සෙ දෙමල්ලු සහ තම්බි උන්ගෙ පටු අරමුණු වලට පාර කපාගන්නවා
    කලින් වතවෙ පාස්කු ප්‍රහාරය ගහපු තම්බින්ගෙන් සමහරක් උන් ෆෙස්බුක් එකෙ ආමි එකට සින්හල ජාතියට හුරෙ දාල තිබ්බ සහජීවන පොස්ට් ලිය ලිය.

    ඔය ගෝල්ෆේස් එකෙ ඉෆ්තාර් අරින තම්බි කටක් හෙල්ලුවෙ නැහැ පාස්කු ප්‍රහාරෙ වෙනුව්ව්න් මැරුණු ජීවිත වලට .ඒකත් මතක තියාගනිල්ල .

    රාජපක්ෂලා පට්ටපල් හොරු .උන් ගෙදර යන්න ඔනි .ඒ ශක්තිමත් අරගලයකින් මිසක් කාර්නිවල් වලින් නෙමෙ .

    ශක්තිමත් අරගල කිව්වෙ කඩ කුඩු කරලා ගිණි තියාගෙන වලි දාගන්න අරගල නෙමෙ
    තානලති කාර්යාල වලට ,යු එන් එකට IMF එකෙ නියොජනයක් තියෙ නම් එතනට ගිහින් මෙ ගැන කියන්න ඔනි .
    ඒ වගෙම අනික් පැත්තට දේශපාලකයන්ට තියෙන අනිසි තැන නැති කරන්න ඔනි .
    උත්සව ,මලගෙවල් බණ ගෙවල් විවෘත කිරිමෙ දෙවල් වලට ඔකුන් ගෙන්වන්න නරකයි .
    අන්න ඔව්ව තම නියම අරගල වල ලක්ෂණ
    පඩික්කම් හෝඳන එවුන්ට ඔනේනම් මේවා ඊනියා අරගල වෙන්න පුළුවන්. මේරටේ සිංහලයන්ට වගේ දෙමල්ලු සහ තම්බින්ටත් තියෙන්නෙ එකම අරමුණු රාජපක්‍ෂ නම් දේශපාළුවන්ව මේ රටින් අතුගාලා දමන්න ඔනේ කියන එක.
    ඉෆ්තාර් අරින තම්බි පාස්කු ප්‍රහාරෙගැන මොකටද කට කතා කරන්නේ. සහරාන්ව තියා ඒ ප්‍රහාරය කරපු මහ මොලකරු වෙන කිසි කෙනෙක් නෙමේ ගෝටා තමා ඒක කරේ. උන් තමා ඒ අහින්සක ජීවිතවලට වග කියන්න ඔනේ.

    ------ Post added on Apr 14, 2022 at 10:08 AM
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    තරුණ කොල්ලො කෙල්ලො ඵතන කරන අරගලයට දේශපාලනයක් පක්ෂ පාටක් නෑ කියන ඵකට හොඳම උදාහරණයක් මේ ත්‍රෙඩ් ඵක..thanks:D
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Oya piket eka dan yana widiya hodai, okata mokak hari pakshayak jack gahawoth thamai wade ala wenne
    ඔව් එහෙම කිසිදෙයක් එතන වෙන්නෙ නැතුව බලාගන්නෙ එකක් ඒ තරුණයන්ගේ වගකීමක්.
    මොනවා කරල හරි මේ දූෂිතයන් ටික පන්නලා මගේ රට හොඳ තත්වයකට එනව බලන්න හරි ආසයි.
     
    • Like
    Reactions: sakuntha1996

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Naha oka yana widiya hodtama hodai gewal walata wela nisades rachana liya liya inne nathuwa poddk ethanata gihin balapan mama ada raatat yanwa othanata gihin mata puluwn widiyata support eka denawa. Ehema nathuwa hama ekama thread walin and fb walin twitter walin aragala kalaa nam thamat adat current eka naha ehenm thamat basil uge thanathure kabral uge thanature. Karana widiha nemei wadgath eka karana ekai pawathwagena yana ekai nonawathwama