උදේට කිරි - සවසට රා...
ඉංගිරියේ අරුම පුදුම රබර් ගසකින්
උදේට කිරි - සවසට රා
උදේට රබර් කිරිත් හවසට "රාත්" නිපදවන
අරුම පුදුම රබර් ගස අසල සිරියාවතී මහත්මිය.
අරුම පුදුම රබර් ගස් බලන්නට ආ කිහිප දෙනකු
කුප්පි, බෝතල්, කෝප්පවලට එකතු කර ගත් රා
ද්‍රාවනය පරීක්ෂා කළ අයුරු.
ඉංගිරිය සපුගහගොඩ කන්දේ එම්. සිරියලතා මහත්මියට අයත් රබර් කට්ටියක අවුරුදු විසිපහක් පමණ පැරණි රබර් ගසකින් රබර් කිරිවලට අමතරව රා වලට සමානතාවකින් යුතු වූ ද්‍රාවනයක් දැනට සතියකට පමණ පෙර සිට නිකුත්වන්නට පටන් ගෙන ඇත.
මීට සතියකට පමණ ඉහතදී ඇය රබර් කට්ටිය කැපීමට ගිය අතරවාරයෙදී මෙම රබර් ගස අසල පොල් කට්ටට එකතු වී තිබූ කිසියම් ද්‍රාවනයක් වෙතට වෙනදා දක්නට නොලැබුණ බඹරුන්, දෙබරුන්, මීමැස්සෝ වැනි කුඩා කෘමි සතුන් එක්රොක් වෙමින් සිටින අයුරු හා එම සතුන් ඒ අවට පරිසරයේ නිරන්තර ගැවසෙන අයුරු ඇයට දැක ගන්නට ලැබී ඇත.
පසුව මේ පිළිබඳ විමසීලිමත් වූ ඇය වහා ගොස් සිය සැමියාට දන්වා ඇත. පසුව ඔහුද ඒ පිළිබඳ සොයා බලා ඇති අතර රාවලට සමාන පෙනුමෙන් හා පැහැයෙන් යුතු මෙම ද්‍රාවනය රා සුවඳින් යුක්තව පවතින බවත්, රා මෙන් පැසීමට ලක්වන බවත් දැක ඇති ඔහු මේ පිළිබඳව අසල්වැසියන් කිහිප දෙනකුටද දන්වා ඇත.
මෙම ආරංචිය කන වැකීමෙන් විවිධ පිරිස් මෙම අරුම පුදුම රබර් ගස දැක බලා ගැනීමට එම ස්ථානය වෙත පැමිණෙන්නට පටන් ගෙන ඇත.
දුෂ්කර වූ කඳු මුදුනක පිහිටි මෙම රබර් කට්ටිය වෙත පැමිණීමට තිබෙන අපහසුතාවත් නොසලකා මෙලෙස පිරිස් පැමිණෙන බවත්, මධ්‍යම රාත්රියේදී පවා බොහෝ දුර කතර ගෙවාගෙන මෙම අරුමය දැක ගැනීමට විවිධ පිරිස් මෙම ස්ථානය වෙත පැමිණෙන බවත් තවමත් එම පැමිණීමේ අඩුවක් සිදුව නැතැයිද අප හා කළ කතා බහේදී සිරියාවතී මහත්මිය පැවසූවාය.
සවස දෙක පමණ වනතුරු රබර් කිරිත්, සවස දෙකෙන් පමණ පසුව මෙම රාවලට සමාන ද්‍රාවනයක් අදාළ රබර් ගසෙන් වෑස්සෙන අතර මෙම අරුමය දැක බලා ගැනීමට පැමිණි පුද්ගලයන් කිහිපදෙනකුම අදාළ ද්‍රාවනය පානය කළ නමුත් ඔවුනට කිසිදු හානියක් හෝ රෝගී තත්ත්වයක් ඇති නොවුණ බවත් අනාවරණය වී ඇත. අවට ප්‍රදේශවාසීන් සිය නිවස්නවලින් කුඩා කුප්පි, බෝතල්, කෝප්ප ආදිය රැගෙනවිත් මෙම ද්‍රාවනය එකතු කරන අයුරුත් එහි යන ඕනෑම අයකුට දැක ගත හැකිය.
http://www.divaina.com/2010/08/27/provin01.html

maruu ahh 