Ehema unama apita usavi gane yanna oni nadda ?
අපි උසාවි යන්න අවශ්‍ය නැහැ. නඩුව එක දවසෙන් ඉවර වෙනවා. ඊට පස්සේ අපි නඩු වාර්තාව උගේ ඉන්ෂුවරන්ස් එකට දෙන්න ඕනේ.
Ehema unama apita usavi gane yanna oni nadda ?
ඔය සීන් එක ඇත්තද? මීට අවුරුදු කීපයකට කලින් පොඩි කොල්ලෙක් පොලිස් කාරයො දෙන්නෙක් බලන් ඉන්දෙද්දි මගේ කාර් එක හැප්පුව උගෙ වැරැද්ද. පොලිස් කාරය නං කිව්වෙ වාහනේ ෆුල් ඉන්ෂුවරන්ස් නං ඕක ඒ විදියට කරන්න නැත්නම් එයාගෙ එකෙන් ගන්න ගියොත් වාර්තා ගොඩක් අරගෙන වැඩ ගොඩක් තියෙනව කියල. කොල්ලට නං දඩයක් ගැහුවද කොහෙද. මට එතකොට නෝ ක්ලේම් බෝනස් නැති නිසා රස්තියාදුවටත් අකමැති නිසා ඒ යෝජනාවට කැමති වුනා ඉන්සුවරන්ස් එකෙන් මට 27000ක් ගෙව්ව ගාන ඇති වුනා. ඒත් දැන් මට නෝ ක්ලේම් බෝනස් අවුරුදු 4ක තියෙනව. මම කැමති නෑ වෙන කෙනෙක්ගෙ වැරැද්දකට මගේ නෝ ක්ලේම් බෝනස් නැති කරන්න. ඔය විදියට කරන විදිය තව පැහැදිලි කරනවද?

මොකුත් අවුලක් නැහැ. ඉස්සලම හප්පපු එකාගෙන් වන්දි ගන්න ඕනේ නම් සහ උගෙනම් වැරැද්ද වලියට යන්න එපා. උට බනින්නත් එපා.
උගෙන් ඉස්සලම අලාබෙ මුදල් වලින් ඉල්ලාපන්. ඌ දෙන්න බැහැ කිවොත් උබ කියපන් උට උගේ ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවන්න කියලා. ඒත් බැහැ කියනවනම් කෙලින්ම 119 ගහල පොලිසිය ගෙන්නවපන්. ඊට පස්සේ පොලිසියෙන් උබේ වරදක් නැත්නම් උට නඩු පවරනවා. පළමු නඩු වැරදීම ඌ වරද පිලි ගත්තොත් උගේ ඉන්ෂුවරන්ස් කම්පැනි එකෙන් අපිට ගෙවන්න කියනවා. අපි උසාවි යන්න ඕනේ නැහැ. නමුත් නඩුව අවසන් වෙලා දවස් කිහිපයකින් උසාවි ඔෆිස් එකෙට ගිහින් නඩු වාර්තාව ලබා ගන්න ඕනේ. ඒක අරන් උගේ ඉන්ෂුවරන්ස් කම්පැනි එකට දීපන්. ඊට පස්සේ එකෙන් අපිට ගෙවනවා. එකෙන් උට නෝ ක්ලෙම් බෝනස් නැති වෙනවා. දෙවැනි කාරණේ ඌ රස්තියාදු වෙලා ලෝයර් ගාස්තු ගෙවල හොඳ කට්ටක් කනවා.
ලදී දවසක සුදු නංගි කෙනෙක් කීල්ස් එකේදී මගේ කාර් එකේ ඉස්සර වැද්දුවා . එයා රිවර්ස් දානකොට වැදිලා සිරුනා. පව් නේ නංගි සුදු නිසා මම ඔබ්ජෙක්ෂන් දැම්මේ නැහැ. නංගි බය වෙලා අඬන්න වගේ. දැන් මගේ යාලුවෙක් එයා.![]()
ඕකුන්ට පනිෂ්මන්ට් එකක් තියන්නම ඕනේ. මම නම් එකෙක්ට ඇරියා නැති වෙන්නම. මම කහ ඉර ලග නතර කරන ඉන්නකොට පස්සෙන් ත්‍රිවිල් එකෙක් ඇන්නා. බෆර් එක තැලුනා. පස්සේ ඌ මට ගෙම්බර් එක දාගෙන අවා. යකෝ නිකන් හරියට මම උගේ එකේ හැප්පුවා වගේ. මූ මගෙන් ගේම ඉල්ලනවා. බැරිම තැන මම 119 කෝල් කරලා පොලිසියෙන් ගෙන්නුවා. ඌව පොලිසි අරන් ගියා. ගිහින් උගේ ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න විදිහට නඩුවක් දැම්ම. මට අවුලක් නැහැ . මම උසාවි යන්න ඕනේ නැහැ.
පස්සේ ඌ උසාවි ගිහින් වරද පිලි අරගෙන උගේ ඉන්ෂුවරන්ස් එකෙන් මට ගෙවුවා. එකෙන් උට නෝ ක්ලෙම් බෝනස් නැති උනා. උට රස්තියාදුව. උට ලෝයර් ගාස්තුව ගෙවන්න උනා.
මොකද කර ගත්තේ.. නිකන්ම ලිස්සලා ගියාද.?
ගොඩක් උන් වැරැද්ද උංගේ උනත් හැප්පුනේ නැත්තං සිංහයෝ වෙනවා..
හැප්පුනොතින් දරු පවුල් කාරයෝ, එදා වේල හම්බ කරන් අමාරුවෙන් ජීවත් වෙන අහිංසක මිනිස්සු වෙනවා..
අඩුම ගානේ පොලීසියට යවලා වටයක් ගහලා එන්නවත් සෙට් කළානම් හරි දඩකොළයක් එක්ක..




