උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴
ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා මේක ජ්‍යොතිෂ ඉගෙන ගන්න ඇල්මක් දක්වන අය සඳහා පල කරන හුයක්.
මා ජ්‍යොතිෂ ඉගෙන ගැනීමට පටන්ගත්ත කාලේ දවසක් මගේ යාළුවෙක් ඇවිත් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා " මචන් ඔය හොඳ වැඩක් කරනකොට ඉෂ්ඨ දේවතාවන් අනුස්මරනය කරන්න ඒයාලට පහනක් තියන්න කියනවනේ ඉතින් කව්ද බන් මේ ඉටු දෙවියෝ කියන්නේ?" ලත් තැනම ලොප් වෙන ප්රෂ්නයක් නේ බොලේ. කවුරු හරි කෙනෙක් ඉගෙන ගැනීමට බලාපොරොත්තුවෙන් මගෙන් යමක් ඇහුවොත් ඒ අහපු කෙනාට සතුටු වෙන්න පුලුවන් පිලිතුරක් දෙන්න මම නිතරම උත්සහ කරනවා. මම දන්නේ නැත්තන් පොත පත කියවලා හරි පිලිතුර හොයාගෙන කියලා දෙන්නයි මම උත්සහ කරන්නේ. ඒකෙන් මගේ දැනුමත් තර වෙනවනේ. ඒනිසා මමත් හොයලා බැලුවා. ඉතින් මට දැනගන්නට ලැබුනා අපි උපන්න නැකතට අනුව ඉටු දෙවි කෙනක් ඉන්න බව. මේ ඉටු දෙවි වරුන් සමහරු අල්පශාක්ය දෙවිවරු සමහරු මහේශාක්‍ය දෙවිවරු සමහරු බ්‍රහ්මයන්
ඉතින් දැන් ඔයාලට කියා දෙන්න හදන්නේ ඒ ඒ නැකතට අදාල ඉටුදෙවියන් කවුරුන්ද කියලා.
ඔයාලා උපන්න නැකතට අනුව තමන්ගේ ඉටුදෙවියන් තෝරාගෙන සුභ වැඩ වලට පෙර පඩුරක් ගැට ගැසන්න නැතිනම් පගනක් පත්තු කරලා ආශිර්වාදය පතන්න ඒ වැඩය අවසානයේ නැවත ඔවුන්ට පහනක් පත්තු කර හැකිනම් පලතුරු පූජාවක් කර ඔවුන්ගේ දෙව් සැප වර්ධ්නයටත් පතන්නාවු බෝධියකින් නිර්වානය අවබෝධ කරගැනිමට හැකි වෙන්නටත් පතා පින් දෙන්න. කාලයත් සමග ඔයාලට යම් අදිසි ආශිර්වාදයක් තියනවා කියලා ඔයාලටම තේරෙයි. හැබැයි එක දෙයක් මතක් කරන්න ඕන. දෙවියන්ට පින් දෙන්නත් තමන් පින් රැස් කරගන්න ඕන. ඒක නිසා හැම වෙලේම ත්‍රිවිධ රත්නය මූලික කරගන්න අමහක කරන්න එපා.
මේ දේවි වරුන්ගේ පින්තූර හොයා ගන්න පහුගිය සතියම ගොඩක් මහන්සි වෙන්න වුනා. පින්තූර නොදා ලිපිය දාන්නත් හදලා ඒක තේරුමක් නැති නිසා පින්තූර හොයාගෙනමයි වැඩේට බැස්සේ. නමුත් පින්තූර ටික හරියට සකස් කරගන්න අමාරු නිසා පින්තූර ටික බ්ලොග් එකේ විතරයි දැම්මේ. ඔයාලගේ ඉටු දෙවියන්ගේ පින්තූරය බ්ලොග් එකෙන් ගන්න පුලුවන්. එහෙනම් අපි බලමු කවුද මේ දෙවි වරු කියලා
1. අස්විද - අශ්චිනි
2. බෙරණ - යම
3. කැති - අග්නි
4. රෙහෙන - බ්‍රහ්ම/ප්‍රජාපති
5. මුවසිරස - චන්ද්‍ර
6. අද - රුද්‍රා/ශිව
රුද්‍රා යනු ශිව දෙවියන්මය ( මේ පිලිඹද ඇති ජනප්‍රවාදය පසු දිනක සඳහන් කරමි)
7. පුනාවස - ආදිතී
8. පුස - ගුරු
9. අස්ලිස - නාග
10. මා - ඥාති දෙවිවරුන් ( තම පරපුරේ නමින් මිය ගොස් දේවත්වයට පත් වූවන්)
11. පුවසල් - භාග්‍ය/භාග
12. උත්‍රපල් - ආර්මය
13. හත - ආධිත්‍ය
14. සිත - ත්වශ්ඨ
15. සා - වායු
16. විසා - ඉන්ද්‍රාග්නි
17. අනුර - මිත්‍ර
18. දෙට - ශක්‍ර
19. මුල - රාක්ෂ
20. පුවසල - මේඝ/ජාලම්
21. උතුරුසල - විශ්වරූප
22. සුවණ - විෂ්ණු
23. දෙනට - විසුන්දර
24. සියාවස - වරුණ
25. පුවපුටුප - අජ (අජ ඒක පාද)
26. උත්‍රපුටුප - අභිබුධ
27. රේවතී - පුෂ
මෙහි සඳහන් සමහර දේව නම් (උදා: ප්‍රජාපති,ශක්‍ර,වරුන,යම වැනි) අපට හොඳාකාරව හුරුපුරුදු ඒ නම් බුද්ධ දේෂනාවේද එන බැවිනි. විෂ්නු, ශිව, රාක්ෂ, නාග වැනි දෙවි වරුන්ගේ නම් අපගේ හෙල සංස්කෘතිය හා බැඳී පවති . අනෙක් දෙවි වරුන් පිලිබඳ අපගේ පොත පතේ නැතත් ඉන්දියානු පොත පතේ මනාව සටහන් වී ඇති බව දක්නට ලැබේ. ඉන් සමහර කථා අතිශයෝක්තියෙන් රචනා වි ඇත. ශිව දෙවියන් ගැනද ඉන්දියානු ජනප්‍රවාදය හා ලාංකිය ජනප්‍රවාදය බොහෝ වෙනස්ය. මේ නිසා ඉන්දියානු ජනප්‍රවාද අතිශයෝක්තියක් වූ පමනින් එවැන්නේක් නැතැයි බැහැර කිරීම අනුවන කමකි.
http://tharaka-eli.blogspot.com/2014/07/blog-post_16.html