උපුල්ගේ කුකුළු කූඩුවට ගිය රනිල්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    උපුල්ගේ කුකුළු කූඩුවට ගිය රනිල්

    ranil_2.jpg

    ranil_rotaru.jpg

    මේ සමග ඇති පිංතූරවල තිබෙන පංති කාමරය හෙවත් දේශන ශාලාවේ හැටි බලන්න. සිසුන්ට භාවිතාවට තිබෙන මේසයක පළල සෙන්ටිමීටර් කීය ද? වාඩි වෙන බංකුවක පළල සෙන්ටිමීටර් කීය ද? කෝ හේත්තු වන්නට ඇඳි.

    උපුල් ශාන්ත සන්නස්ගලගෙන් සිංහල උගත් පරපුරට සිංහල බැරි වන්නට එක් හේතුවක් මෙතැන තිබේ.

    මේ වනාහි කුකුළු කූඩු ය.

    රොටරි ශාලාවේ උපුල් ශාන්ත සන්නස්ගලගේ ටියුෂන් පංතියට ගිය රනිල් වික්‍රමසිංහ විසින් සිසුන් තුළ බලාපොරොත්තු දල්වන ලද අනාගතය තුළ මෙවැනි කුකුළු කූඩුවල දුක් විඳීමේ පාපයෙන් මිදෙන්නට ලංකාවේ ළමයින්ට අවස්ථාව ලැබේවා යි අපි පතමු.

    එසේම, ‍ජේසු ජීවමානයි පන්නයේ ඉන්ද්‍රජාලිකයන් වෙනුවට සැබෑ ගුරුවරුන් බිහි වේවා. බන්දුල ගුණවර්ධන සේ උපුල් ශාන්ත සන්නස්ගලත් ඔහුට සුදුසු තැනට ම යේවා.

    copyright :W3lanka
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රජපක්ෂ ක්‍රමය වෙනස් කරන සටන ඇරඹේ

    srilanka-opposition.jpg

    රාජපක්ෂ ක්‍රමය මේ රටේ ඇති ගැටලුවලින් ප්‍රධාන ගැටලුවකි. ඒ ගැටලුවට විසඳුම් සෙවූ පමණින් සියලු ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැත. එහෙත් රාජපක්ෂ ක්‍රමයට අභියෝග කිරීම අතිශය දේශපාලනික ය.

    රාජපක්ෂ ක්‍රමය යනු කුමක් ද?

    රාජපක්ෂ ක්‍රමය නිර්මානය වන ප්‍රධාන කුළුණු හතරක් තිබේ.

    එකක්, ගෝඨාභ‍යගේ මිලිටරි ආඥාදායකත්වය හා කොලොම්පුර පොදු අවකාශ නිර්මානයයි. එහි මූලික ලක්ෂණය ප්‍රජාතන්ත්‍ර විරෝධයයි.

    දෙවැන්න, බැසිල්ගේ සංවර්ධන චින්තනයයි. එය එක අන්තයකින් කැසිනෝකාරයන් පසුපස යාම හා අනෙක් අන්තයෙන් දිවිනැගුම නම් නාස්තිකාරදිළිඳුකම දුරලීමේ වැඩසටහන විසින් නිරූපණය වන රටේ ආර්ථිකය මත සිටුවන ලද පිළලයකි. චීන ආයෝජන මෙහි ප්‍රාණ නාලියයි. දූෂණය එහි ආත්මයයි.

    තෙවැන්න, නාමල් බේබිගේ රාත්‍රී මෝටර් රේස්වලින් නියෝජනය වන සෙල්ලක්කාර නාස්තිකාරවාදයයි.

    සිව්වැන්න, මහින්ද රාජපක්ෂ විසින් නියෝජනය කරනු ලබන අයහපාලනයයි. ඒ කියන්නේ නීතියේ ආධිපත්‍යය බල්ලාට දමන, ඥාති මිත්‍ර සංග්‍රහය උත්කර්ෂයට නගන, ප්‍රජාතන්ත්‍රවාදයට ඔච්චම් කරන, දූෂණය රජ කරවන පාලන ක්‍රමවේදයයි.

    රාජපක්ෂ ක්‍රමය වෙනස් කළ යුතු යයි අප කියන්නේ ලංකාවට එය තව දුරටත් දරා ගන්නට බැරි නිසා ය.

    රාජපක්ෂ ක්‍රමය යනු කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ම දූෂණයයි. අපි ද පවතින්නේ එහි දූෂණයේ මහිමයෙනි. විශේෂත්වය එයයි. කාටත් දූෂිතයකු වීමේ අවස්ථාව එයින් සැලසේ. නිදසුනක් ලෙස රජයේ සේවකයාට අයිස් ගහන්නට නිදහස ඇත. ගොවියාට පොහොර ටිකක් නාස්ති කරන්නට අවස්ථාව ඇත.

    එහෙත් ගැටලුව වන්නේ මේ රටේ දිළින්දන්ගේත්, මධ්‍යම පංතිකයන්ගේත් ජීවිත කාලකන්නි වීම දවසින් දවස වැඩි වනවා මිස දරුවන්ට හෝ යහපත් අනාගතයක සේයාවක් දකින්නට නො ලැබීමයි.

    අපේ ජීවිත කාලකන්නිකම අමතක කරන්නට ඔවුහු අපට කුඩු, ගංජා, කසිප්පු, මෙගා හා ජාතික අභිමානය දී ඇත.

    රාජපක්ෂ ක්‍රමය තුළ දේශපාලනය යනු ජනතාවගේ බලාපොරොත්තු සුන් කර දැමීමයි. "වැඩක් නෑ, මොනවා කළත් මුන්ව පන්නන්න බැහැ. අපටත් තිබෙන්නේ ‍වල කටෙන් ම ‍‍ගොඩ එන ක්‍රමයක් හොයන එකයි," කියා පුටුවට ම කතිරය ගහන්නට ජනතාව පොළඹවනු ලැබේ.

    මේ සමග ඇති ඡායාරූපය වැදගත් වන්නේ මෙම සංදර්භය තුළයි. මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයන් එක එක්කෙනා ගත්තොත් ඔවුන්ගේ වටිනාකම්වලට වඩා වැඩි යමක් ඔවුන් එකට වාඩි වී සිටින විට ඇති වේ. කොටින් ම කියනවා නම්, ජනතාවට බලාපොරොත්තුවේ හුස්මක් ගන්නට හිතෙන ආමන්ත්‍රණයක් මෙම ඡායාරූපයේ තිබේ.

    copyright :W3lanka
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රනිල් ඉස්සර වගේ නෙවි. බිමට බැහැල වැඩ වගේ. ගමේ; පොලේ; පන්තියේ හැමතැනම
     
    • Like
    Reactions: ela

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක පැහැදිලිවම මහින්ද ලංකාවේ අසහාය රජු කියල කියල හිතාගෙන ලියපු ත්‍රෙඩ් එකක්. ඕකෙත් තමයි රටයියේ හැම ලමයම ඉගැන් ගන්නේ. රටේ සමනය පවුල් වල ළමය bio mths .
    අමිත් පුස්සැල්ල
    දුෂ්‍යන්ත මහබදුගේ
    කෙසිරි විතානගේ
    කුමුදු ලියනගේ

    හැමෝම ඉගැන්නුවේ ඔකේ තාමයි. අනික මන් නම් හිතන්නේ නැහැ ඉගැන් ගන්න තැන බලපානවා කියල ඉගනීමට. තනිකර කුහක කතාවක් ඔය කියල තියෙන්නේ. කුකුල් කුඩුවක් උද තමයි ඒගැන ගන්නේ. මොන උනත් සනසගල ළමයි ගොඩකට නිකම් උගන්නනවා. රටේ වැඩි හරියක් ඉන්නේ දුප්පත් හා සාමමාන්‍ය ළමයි. හැමෝටම a c කරපු දේශනා ශාලා වලට යන්න සල්ලි නැහැ. අද ටියුෂන් ගාස්තුව එක විශයකට මාසෙකට 1200 ක්. ළමයෙක් විෂයන් 3ම පන්ති ගියොත් 3600. 4 දෙනෙක්ගේ පවුලකට මාසෙකට කන්න යන ගානටත් වැඩි.

    සිංහල බැරි වෙන්න හේතුව නම. අද ළමයි සුදානම් වෙන්නේ ඉගන ගන්න නෙමයි. විබාග ප්‍රශං පත්තරය ට උත්තර ලියන්න. උසස් පෙළ පහු කරලා රස්සාවකට යන්න. නැතුව සිංහල ඉඅගන ගන්න නෙමයි. එතැනදී තමයි ලාංකීය අද්යපනයට ටියුෂන් ගුරුවරු තුරුම්පු විදියට බහින්නේ. එත් තුරුම්පුව හරියට ගහලා ගෙම දිනන්නේ කියෙන් කි දෙනාද? ඒ වැරැද්ද හදල තියෙන්නේ ඔය පෙනී හිටින මේ ක්‍රමයේනම් තමයි.

    සිතල කාමරයක සැප පුටුවක ඉඅගන ගත්ත කෙනෙක්ට. ඕක නිකම් වෙනස අත්දැකිමක වෙන්න පුළුවන්. අනික ඒවගේ මිනිස්සු හිතන්දේ හා කරන්න ගියාම තියන්න ප්‍රයෝගික දේ බෙහෙවීම් පරස්පරයි

    කොහොමත් මේ යන දේශපාලන ක්‍රමය එක්ක දුධනය නාස්තිය, හොරකම කියනදේවල් ගහට පොත්ත වගේ වගේ , එකම කාසියේ දෙපැත්ත වගේ බැදිලා තියෙන්නේ. එකට පෙන්වන්න පුළුවන් හොදම උදාහරණය නුතන රාජපක්ෂ පාලන ක්‍රමය හා එයට සහයෝගය දෙන පිරිස. ( දුමින්ද සිල්වා, නිමල් ලංස, දිලාන් පෙරේරා, මර්වින් සිල්වා, සරණ ගුනවර්දන ) මේ වගේ පාදඩ දේශපාලන පිරිස්.

    රාජපක්ෂ ක්‍රමය තුල තියන ප්‍රදාන පදනම තාමයි.

    නිතිය රාජපක්ෂ කරණය කිරීම
    හමුදාව රාජපක්ෂ කරණය කිරීම
    සංවර්දනය රාජපක්ෂ කරණය කිරීම
    මාද්‍ය රාජපක්ෂකරණය

    දන් ජනාදිපතිතුමා රජු සංකල්පයෙන් ඔබ්බට ගිහින් තමන් දෙවියෙක් යන සංකල්පයට ගිහින් . තියෙන්නේ. දැන් ජිවත්ත්වෙන්නේ මහින්ද රාජපක්ෂ රජු නෙමෙයි..... රාජපක්ෂ දෙවියෝ. අමතුවරු මන්ත්‍රීවරු.නට ප්‍රශන කියල දැන් වැඩක් නැහැ. ජනාදිපති තුමාම හම්බෙන්න ඕනි. මේ ක්‍රමය නේද දැන් ඇති කරලා තියෙන්නේ. දැන් කාට හරි කක්කා දාගන්න බැරි උනත් දොසත්ර කෙනෙක් හොයනවට වඩා ජනාදිපතිතුමා හම්බෙලා කරනව විසදගන්න නේ හදන්නේ.

    බිම්ගෝ පුත්ලා වගේ අය පතුතුරන මතය තමයි මුන්ව කවදාවත් ගෙදර යවන්න බැහ කියන එක

    රාජපක්ෂ ක්‍රමය තුළ දේශපාලනය යනු ජනතාවගේ බලාපොරොත්තු සුන් කර දැමීමයි. "වැඩක් නෑ, මොනවා කළත් මුන්ව පන්නන්න බැහැ. අපටත් තිබෙන්නේ ‍වල කටෙන් ම ‍‍ගොඩ එන ක්‍රමයක් හොයන එකයි," කියා පුටුවට ම කතිරය ගහන්නට ජනතාව පොළඹවනු ලැබේ.

    මෙටික කියනගමන් මෙය කරන්නෙත් එකටම සහයෝගය දෙන එකයි. කොහොම උනත් ඉතිහාසයේ කිසිම කෙනෙක්ට සමද බලයේ ඉන්න බැරි වුන. එක මහින්දටත් පොදුයි. බලය කැරකෙන්න ගත්තම කොයි පැත්තට කරකෙයිද කියලා කියන්න බැහැ. කාටවත්. මහින්දට බලය කරකුනෙත් එහෙමයි

    ඔය පින්තුරවල ඉන්න අයගෙන් යන්තම් හරි සුදුසුකමක් තියෙන්නේ රනිල විතරයි. කොටින්ට රට පාවා දෙන විදියේ ගිවිසුමක් නොගහුවනම්. අද රනිල් ඉන්නව බලයේ. අනික රනිල් කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දත වලින් උනත් ඉහලම දක්ෂ පුද්ගලයෙක්. හැබැයි රනිල් වටේ හිටියෙත් දැන් ඉන්නෙත් හොරු. රවී ජෝෂප්මයිකල්, වගේ. රනිල් ජනප්‍රිය දේශපාලනයේ දුර්වලයෙක් එත් රට හදන්න පුලුව කියලා හිතෙන හොද ආර්ථික දැනුමක් දර්ශනයක් තියන කෙනෙක්. එත් චන්දයක් කරලා දිනන්න පුලුඅව් කියන එක ගැටලුවක්. අනිත් ය නම් කිසිත්රුමක් නැති. දික්කසාද වෙච්ච ගෑනි මිනිහගේ] වැරදි කියනවා වගේ කෑගහන කට්ටියක්. කිරසිම ඉදිරි දැක්මක් නැහැ.

    සොපිත් හාමුදුරුවෝ කියන්නේ හොද චරියතයක්. දේශපාලන දර්ශනය තරමක් අපැහැදිලි උනත්. නිතරන සාදාරනය වෙනුවෙන් පෙනී සිටින. රට හරි පාරකට ගන්න එදා ඉදලම බොහොම කැපවෙලා උත්සහ කරන ඉතා ගරුකටයුතු චරිතයක් . එත් සොපිත හාමුදුරුවන්ටත් සියල්ලන්ගේම සහයෝගය දිනාගන්න පුලුවන්ද කියන කාරණාව සැකයි.

    මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.
    මේ ධූරය අධිකරණයට යටත් කර තැබුවානම් ඒ ප්‍රශ්නද ඇති වන්නේ නැත.

    මෙතව් විහිළුවක් නේද??? රටේ විදායක ක්‍රමය අයුතුවිදියට පාවිච්චි නොකළේ කවුද? විදායක කරම්යේ ඇති අසීමිත බලතල නිසා. එකෙන් එකදිපතියෙක්. අත්තනෝමතික පාලකයෙක් හැදෙන්න තියන ඉඩකඩ බොහොමයි. එක අහෝසි නොකර මේ තියන නර වලෙන් ගොඩ එන්න බහ. රටේ ගොඩක් ජනතාව විසිත් ප්‍රතික්ෂේප කරපු මන්තිවරු අද ඉන්නේ විදායක ජනාදිපති සමවෙන්. ඒ පිහිටෙන්. මේ ලියුම් කරුගේ දෙබඩි පිළිවෙත් පේනවා නෙද. රජපක්ෂ ක්‍රමය වැරදි කියන ගමන්ම ඒ ක්‍රමය නැති කරන්න බැහැ කියනවා. ඒ ක්‍රමය හදන්න එක බිහිවුන පාදම, එක බිහි උන්ව වස්තු බීජය( විදායක ක්‍රමය) තියන එක හොදයි කියනවා. මොකද්ද මේ විහිළුව........

    හැම මිනිහම බලයට කෑදරයි. ක්‍රමය වෙනස් කරන්නේ නැතුව. වෙනසක් කරන්න බැහැ. එහෙනම් රහතන් වහන්සේ නමක් විදායක ජනාදිපති වෙන්නේ ඕනි. හොද පුදගයෝ හොයනවට වඩා වැරදි වෙන්නේ තියන ඉඩකඩ සිමා කරාම කාටවත් හිතුමතේට නටන්න බැහැ. අනික ලනකාවේ කවදාවත් වංචා දුෂණ කරලා කොච්චර අතේ මට්ටු උනත් ඉල්ලා අසවිම්ක් නැහැ. ඒ නිසාම තමයි පාර්ලිමේන්තුවට වග කියන ජනාදිපති කෙන් ඕනි කියන්න

    මෙවන් ධූරයක් රටට අවශ්‍යය.

    එහෙනම් මට හිතෙන්නේ මේ කට්ටිය පෙළ ගැසිය යුත්තේ මේක අහෝසි කරන්නට නොව එය අධිකරණයට , නොඑසේනම් රටේ නීතියට යටත් කරවීමට ය.

    සමහර විට ඒ ටික මේ අ යට නොතේරෙනවා ද වෙන්නට පුලුවන්න. හොඳටම තේරිලා එත් තේරෙන්නේ නැතුවා වගේ ඉන්නවා වෙන්නටද පුලවන.

    නීතියට පහලින් තියන විදායක ජනදිපති දුරකින් රටකට සාදාරන ඉශ්ටවිම සිහිනයක්. එක කරන්න පුළුවන් උනත් එකඟ වෙන්නේ 2ම දුශනය වීම තමයි.

    රට හරි ක්‍රමයකට යන්න යාන්ත්‍රණයක් හැදුවම වෙන්නේ මොන පුද්ගලයා අවත සුළු වෙනසක් ඇති වෙනවා ඇරෙන්න. ලොකුවට වැරදි දේවල් කරන්න ඉඩ නැහැ. මොකද ක්‍රමය විසින් ඒවා වලකන නිසා පාරට බහින්න සතියකට දේශනා 60ක් 70ක් රට පුර තියන්න ඕනි වෙන්නේ නැහැ. රට යනවිදියට යනවා පාඩුවේ. කළෙන කාලෙට වෙනස වන ප්‍රතිපත්ති එන්නේ නැහැ.

    එත් මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.

    එත් මෙතන කියන්න වගේ සමහර ප්‍රශන ඇති කරපු පුගලයෝ නැතුව .......... ප්‍රශ ඇති නොකරන පුගලයෝ හොයාගන්නේ කොහොමද. මොකද්ද සහතිකය වැරදි ක්‍රියාකලාපයක යන්නේ නැහැ කියලා.
    අදිකරණයට යටත් කියිම ප්‍රයෝගික වෙන්නේ නැහැ. මොකද විදායක ක්‍රමයක් තියනකොට අදිකරණයේ සව්දිනත්වයක් බලපොරිත්තු වෙන්න අමාරුයි.

    ලියුම් කරු සියුම්ව කියාසිටින්නේ

    මහින්ද රජාපක්ෂ ජනාදිපතිතුමා අයින් කිරීමට බැරි බවත්. විදායක තිබිය යුතුයි කියන එකත් නේද????? දැන් ඒ දෙකම තියනකොට රටේ පාඩු වෙලා තියෙන්නේ අහිංසක මහජනතාවට මිසක් සැප පුටුවල සිට හිනමවන ඔබලාට නොවෙයි
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    methana minissu piliganna nayakayo inne bohoma poddai anith un okkoma rukada :baffled:

    චන්ද්‍රිකා තමයි හොදම විහිලුව. jvp එකට ලිකිත පොරොන්දුවක් දීල;දෙපාරක් බලයේ (අවුරුදු 10 විතර) ඉදල විධයක ජනදිපතිකම අහෝසි කරගන්න බැරුව; දැන් කතා කරනවා. විලි ලැජ්ජාවක් නැති හැටි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    දිට්ඨ ධම්මවේදනීය කර්මය සහ විධායක ජනාධිපති ධූරය.

    copyright :seemithanawathuma.blogspot

    තමන් කල යම් දෙයක විපාකය තම ජීවිත කාලය තුලදීම අත්විඳින්නට ලැබීමේ සංසිද්ධියය දිට්ඨ ධම්මවේදනීය කර්මය යනු මා "අසා " දැන ඉගෙන ඇත.
    එය"අසා දැනගත් ආකාරය "කියා සඳහන් කලේ මා බොදුනුවෙකු නොවන නිසාත් මේ වනතුරුත් බුදු දහම විධිමත්ව හදාරා නොමැති බැවිනුත්ය.

    ඒ නිසා "දිට්ඨ ධම්මවේදනීය කර්මය" පිලිබඳ මගේ අර්ථ දැක්වීම තව නිවැරදි විය යුතුනම් කරුණාකර එය පහදා දෙන ලෙස මුලින්ම ඉල්ලා සිටිමි.

    පසුගිය දා කොළඹ නව නගර ශාලාවේ දී සම්මන්ත්‍රණයක් පැවැත්වුනි. සහභාගේ වුනේ එසේ මෙසේ අයවලුන් නෙමේ ය.

    ලංකාවේ දේශපාලනය තුලින් වැඩෙන් හරි කටින් හරි පොරවල් වුණු නෝනලා සහ මහත්වරුය.

    මෙහි මුලාසනය ගෙන තිබුනේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ය.

    මේ පොස්ටුව කොටන්නේ මේ පැවැත්වූ සම්මන්ත්‍රණයේ වැරදි උලුප්පන්නට නොවේ ය.

    එකම අරමුණ හිතන්නට දෙයක් ප්‍රේක්ෂකයාට( දේශපාලනය නම් නරි නාටකයේ) එන්නත් කරවීමය.

    කතාව මෙසේය.

    කලින් සඳහන් කල සම්මන්ත්‍රණයේ අරමුණ හරි අපූරු එකක් ය.

    එය අතිශය පෞරාණික නමුත් වටිනා වැදගත් කාරණයක් ය.

    "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම".

    ආයිෂ් අම්මා ගුණ්ඩු කිව්වලු...

    ඒක එච්චරටම ආතල් ටයිටල් ඒකකය .

    ඔය මාතෘකාව කාලාන්තරයක් තිස්සේ අහල අහල අපේ කන් දෙකටද , ඒ කාලාන්තරය ඇතුලෙම හිනා වෙලා තට්ටම් දෙකටද හොඳ ගණගණන් ය.

    එච්චරටම ඔය මාතෘකාව පරණය, ඓතිහාසිකය, මළ පන්නන සුළුය.

    එත් ඉතින් මොනවා කරන්නද?

    ටික කාලයක් අහන්නේ නැතිව ඉඳල ඉඳල ඒ වගේ ආතල් ටයිටල් අහපුවම එව්වා පරණ වුනත් පොඩි කික් එකක්ද මොකක්ද එකක් එනවා වගෙය.

    දැන් හැරෙමු සම්මන්ත්‍රණයට.

    මේ සම්මන්ත්‍රණය සංවිධානය කලේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සහ උන්වහන්සේගේ "සාධාරණ සමාජයක් සඳහා ජාතික සංවිධානය(National Movement for Social Justice[NMSJ]) " නම් වූ ව්‍යාපාරය ය.

    මේ ව්‍යාපාරය මෑතක සිට තමන්ගේ ප්‍රචාරක ජාලය පුළුල් කරමින් රැස්වීම් සම්මන්ත්‍රණ පවත්වන්නට පටන් ගෙන ඇත.

    ඒ හැමෙකකම වාගේ සෝභිත හාමුදුරුවෝ ත් සිය දේශනා ඉදිරිපත් කර ඇත.

    මේ සම්මන්ත්‍රණ, රැස්වීම්, සාකච්ඡා වැඩි වෙන්නට පටන් ගත්තේ තවත් ජනාධිපතිවරණයක් ගැන හා හූවක් රටේ ඇතිවෙන්නට පටන් ගැනීමත් සමගය.

    මේකට එක්තරා ප්‍රබල හේතුවක්ද ඇත. සමහර විට භ්රාන්තියක් වගේ දෙයක් ය.

    මීළඟ ජනාධිපතිවරනයෙදීත් සන්ධානයේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා මය .

    වෙනකෙකු වන්නට කිසිදු ඉඩක් නැත.

    ප්‍රශ්නය ඇත්තේ එතනය.

    එනම් මහින්ද මහත්තයා මේ ලෑස්ති වෙන්නේ තමුන්ගේ තුන්වෙනි ධූර කාලයත් ආරම්භ කරන්නටය.

    18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ජනාධිපති ධූරය දරන්නාට ඔනෑම වාර ගණනක් ධූරය දැරිය හැක.

    පෙර පැවති සීමා බාධක දැන් නැත.

    විපක්ෂන්ම් මේකට ඉල්ලනේ කවුද කියා තවම කිසිවෙකු හරියට දන්නේ නැත.

    කවුරු ඉල්ලුවත් මහින්ද මහත්තයට challenge එකක් දෙන්න පුළුවන් අය තවමත් හරියට develop වී නැත.

    මහින්ද මහත්තයට challenge කරන්න පුළුවන් රනිල්ට විතරක් වුනාට උන්නැහැට හරි හමන් සහයෝගයක් තමන්ගේ පක්ෂයෙන් ලැබෙන්නේ නැත.

    2005 සිට අද දක්වා මහින්ද මහත්තයාගේ පාලන කාලය තුල හොද මෙන්ම නරක දේ ද සිදුවී ඇත.
    එය මහින්ද මහත්තයට නොව ඇමෙරිකාවේ බරක් ඔබාමා ටත් පොදු තත්ත්වයකි.
    දෙන්නම තම තමන්ගේ රටවල විධායක ජනාධිපති වරුය.

    එත් මේ ධූර දෙකේ පොඩි වෙනසක් ඇත.

    ඇමෙරිකාවේ මේ ධූරයට ඉහලින් අධිකරණය වැජඹෙන අතර ලංකාවේදී එයට ඉහලින් කපුටෙකු හෝ නැත.

    වෙනස එතනය.

    අමෙර්කාවෙදී තමන් විධායක ජනාධිපති වුනත් රිසි සේ නටන්නට එහි ඉඩ නැත.
    අධිකරණය එයට ඉඩ දෙන්නේ නැත.

    ලංකාව ගැන නම් මෙතන මම ලියනට ඕන නැත.

    දැන් මම හැරෙන්නන්ම් NMSJ රැස්වීමට.

    සෝභිත හාමුදුරුවෝ කාලාන්තරයක් තිස්සේ මේ විධායක ජනාධිපති ධුරය ට විරුද්ධව සිය අදහස් දක්වන්නේය. රටේ තැන් තැන් වල රැස්වීම් පවත්වන්නේය.

    ජේ.ආර්. යුගයේදී උන්වහන්සේට ජේ.ආර්.එක්ක ලොකු අරෝවක් තිබුණු බව කවුදෝ කෙනෙක් මට මීට පෙර කියා තිබුනේය.
    ජේ.ආර්. යනු ලංකාවේ විධායක ජනපති ක්‍රමයේ පියා ය.
    නැතුව ඔහු විධායක ජනාධිපති ධුරය නොවේය.

    සමහරවිට අද උන්වහස්නේගේ විරෝධයේ මුල එදා සිදු වූ සිදුවීම් වන්නට පුළුවන.

    සෝභිත හාමුදුරුවෝ වගේම මේ ඉන්න අනිත් කට්ටිය හිතා ගෙන ඉන්නේ (හෝ රටට පෙන්නන්නේ) රටේ සියලු ප්‍රශ්න වලට හේතුව විධායක ජනාධිපති ධුරය කියන අහවල් එක කියාය.

    එත් මට හිතෙන හැටියට ප්‍රශ්නය එක නොවේ ය. ගැටලුව තියෙන්නේ විධායක පට්ටම රටේ හැමදේටම උඩින් ඒ කියන්නේ අධිකරණයටත් උඩින් පැවතීමය.
    එහෙම වීමනම් අතිශය භයානක ය.
    ඒ මොකද කිව්වොත් පට්ටම ගන්න කවුරු හෝ වේවා නීතියට යටත් වන්නේ නැත.
    රටේ නීතියට නීත්යානුකූලවම අවනත නොවීමේ පුදුම මෙව්වා එකක එම පට්ටම දරන කෙනා සතු වීම ගැටළු රාශියක් නිර්මාණය කරන උභාතොකෝටිකයකි .

    මේ රැස්වීමේ ඉදිරිපෙළ අසුන් වල හිටි සම්භාවනීය පිරිස දැක්කම අපිට අපේම හිනාව පිටවන තැන ගැන කිසි හන්ගීමක් දැනීමක් නිනව්වක් නැතිව යන්නේ ස්වාභාවිකවමය.

    වමේ සිට ගත්තොත්

    රනිල් වික්‍රමසිංහ

    විධායක ක්‍රමය ඇති කල 78 ව්‍යවස්ථාවට( අද දක්වාම run කෙරෙන) අත ඔසවා පක්ෂපාතිත්වය පළ කළේය.
    දෙවරක් විධායක ජනාධිපති ධූරයට පත්වීම සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත්වී දෙවන ස්ථානයට පත් විය .
    විධායක ජනාධිපති ධූරය යටතේ පවතී කැබිනට් මණ්ඩලවල, ඇමති සහ අගමැති තනතුරු විටින් විට දැරීය.
    දැන් විධායක ජනාධිපති ධූරයට විරුද්ධය.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක
    විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට දින දී ශපථ කර ජනාධිපති වරණය ජයග්‍රහණ කළේය.
    වසර 11 ක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරය දැරීය.
    අතිශය විවාදාත්මක ලෙස එම ධූරයේ බලතල පාවිච්චි කරමින්( රනිල් ගේ ආණ්ඩුවේ ඇමතිකම් හොරා ගැනීම) රටේ ගමන් මග නොයෙක් අතට හැරවීය.
    අවසානයේ දී තමන්ගේ අනුප්‍රප්තිකය වන මහින්ද රාජපක්ෂ ගේ ආගමනයෙන් පසු වැජඹෙමින් සිටි අහස මාලිගා වලින් බිමට වැටී පස්ස අනී නන්නත්තාරවී ඇත. උන් හිටි තැන් තියා දැන් ඉන්න තැනවත් මහජනතාවට නිනව්වක් නැත.
    දැන් විධායක ජනාධිපති ධූරයට විරුද්ධය.
    සරත් ෆොන්සේකා
    මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති පාලන සාමය තුලදී රටේ යුධ හමුදාපති ධූරය වසර ගණනක් දරමින් , 30 අවුරුදු යුද්ධය නිමා කිරීමට යුධ් හමුදාවට අභීත නායකත්වයක් සපයමින් රාජපක්ෂ ආණ්ඩුවේ හොඳ හිත දිනා ගත්තේය.
    රාජපක්ෂ රජයෙන් තම රැකියාවේ ඉහලම තැනට යාමට අවශ්‍ය ගමන් මග සකස් කර ගත්තේය.
    අවසානයේ රාජපක්ෂගේ විරුද්ධ පිල සමග එකතු වී රාජපක්ෂ ගේ හොම්බ සමතලා කිරීමට ඉදිරිපත් වී හොඳ හැටි සංග්‍රහ විඳ සිය හොම්බ කට සමතලා කර ගත්තේය. ෆ්ලැට් වී ගියේය.
    දැන් විධායක ජනාධිපති ධූරයට විරුද්ධය.

    ශිරානි බණ්ඩාරනායක.

    කලෙක මහින්ද රාජපක්ෂ රජය යටතේ එතුමා විසින්ම පත්කළ අගවිනිසුරු වරිය විය.
    සරත් ෆොන්සේකා වගේම රාජපක්ෂ රජයේ ඉහල ගෞරවාදරයට පාත්‍ර වී සිටියාය.
    නමුත් කලකට පසු රාජපක්ෂ රජය සමග ගැටුම් ඇති කට ගැනීමට ගොස් ෆොන්සේකා වගේම හොම්බ බිම ඇනගත්තාය .
    දැන් විධායක ජනාධිපති ධූරයට විරුද්ධය.

    සුනිල හඳුන්නෙත්ති(ජනතා විමුක්ති පෙරමුණ)

    1994 දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට චන්ද්‍රිකා සමග ගිවිසුමකට පැමිණ චන්ද්‍රිකාට ජයගැනීමට ඉඩ සැලසීය. එත් ඒ පොරොන්දුව චන්ද්‍රිකාට අමතකව ගියේය.
    2005න් දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්ද සමග ගිවිසුමකට පැමිණ මහින්දට ජයගැනීමට සහයෝගය දැක්වීය. එතුමා ගේ ඡන්ද ව්‍යාපාරයේ කැපී පෙනන වැඩ දායකත්වයක් දැක්වීය. මහින්ද දින්නේය. එත් ඒ ගිවිසුම මහින්දට අමතකව ගියේය. කොච්චරද කියනවනම් ධූරය තවත් ස්ථාවර කලේය.
    ජවිපෙ නම් තාමත් විධායක ජනාධිපති ධූරයට විරුද්ධය.

    උදය ගම්මන්පිල (ජාතික හෙළ උරුමය)

    2005 දී ජවිපෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්ද සමග ගිවිසුමකට එළඹෙන විට ඊට සමාන්තරවම ඒ දිනවලම විධායක ජනාධිපති ක්‍රමය නොකඩවා පවත්වා ගැනීමට එතුමා සමග ගිවිසුම ගත වෙමින් මහින්දට ජයගැනීමට සහයෝගය දැක්වීය.
    දැන් විධායක ජනාධිපති ධූරයට විරුද්ධය.
    බලාගෙන ගියාම හැමෝම වගේ එක්තරා කාලයක් විධායක ජනාධිපති ධූරය දරා එහි සැප මහිමය විඳ හෝ ඒ සඳහාතවත් අයෙකුට සහයෝගය දක්වා පස්සේ කාලෙදී පස්ස බිම ඇනීම හොම්බ කට සමතලා වීම , පොරොන්දු කඩ වීම ඇදී හේතු උඩ මේ ධූරයට විරුද්ධ වෙන කට්ටියක්ය.

    එනම් බොහෝ දෙනෙක්ට දිට්ඨ ධම්මවේදනීය කර්මය පල දෙන්නට පටන් ගෙන ඇත.

    මෙතනදී අන් අයගෙන් ජවිපෙ වෙන් කල යුත්තේ ඔවුන් එදා සිට හරි හෝ වැරදි හෝ මේ ව්‍යවස්ථාවට , වධයක ක්‍රමයට විරුද්ධව හඬ නගා ඇති නිසා තම මතය ජයග්‍රහණ කරවීම සඳහා ඒ ඒ කාල වලදී ඒ අයට හරි කියල හිතුනු තීරණ අර ගත්තු නිසා ය.

    එත් ඉතින් ජවිපෙ ටත් දිට්ඨ ධම්මවේදනීය කර්මය පල දෙන්නට පටන් ගෙන ඇත.

    අනිත් හැමෝම තමන්ට වාසි කාලයේදී විධායක ආරක්ෂා කරමින් අවාසි කාලයේදී විධායකය පරලොව යවන්නට සූදානම් අවස්තාවාදී කොට්ටශයකි. චන්ද්‍රිකා නෝනගේ ජනාධිපති කෙරුවාව අපිට තාම නම් අමතව නැත්තේය. එය එතරම්ම සුන්දරය, ප්‍රීති ජනකය.

    මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.
    මේ ධූරය අධිකරණයට යටත් කර තැබුවානම් ඒ ප්‍රශ්නද ඇති වන්නේ නැත.

    මෙවන් ධූරයක් රටට අවශ්‍යය.

    එහෙනම් මට හිතෙන්නේ මේ කට්ටිය පෙළ ගැසිය යුත්තේ මේක අහෝසි කරන්නට නොව එය අධිකරණයට , නොඑසේනම් රටේ නීතියට යටත් කරවීමට ය.

    සමහර විට ඒ ටික මේ අ යට නොතේරෙනවා ද වෙන්නට පුලුවන්න. හොඳටම තේරිලා එත් තේරෙන්නේ නැතුවා වගේ ඉන්නවා වෙන්නටද පුලවන.

    දිට්ඨ ධම්මවේදනීය කර්මය පල දෙනකොට පමනක් රටේ වැරදි වලට විරුද්ද වන්නට නායකයෝ අපිට රටට අවශ්‍ය නැත.

    නික බොරුවට අපි කට අරගෙන උද බලාගෙන ඉන්න එක පමණක්මය.
    එකද අපතේ ය.

    අන්තිමීදී වෙන්න ඕන වැඩේ වී නැත. රට යන අත වෙනස් වන්නේද නැත.

    තව ටික කලකින් ඔය උද්ගෝෂණ ද අවසන් වනු ඇත. කටවල් වැසි අහෝසි වී යනු ඇත.

    හැමදාම එකමය.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    "මේ රැස්වීමේ ඉදිරිපෙළ අසුන් වල හිටි සම්භාවනීය පිරිස දැක්කම අපිට අපේම හිනාව පිටවන තැන ගැන කිසි හන්ගීමක් දැනීමක් නිනව්වක් නැතිව යන්නේ ස්වාභාවිකවමය."

    :rofl::rofl::rofl::rofl::P:lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mona pakshaye unath kamak naha. Anun vivechanaya kara kara innavata vada, country eka develop karana thamange method eka mokakdha kiyala pahadili karanavanam, minissu salaka balavi. Meka dennam , Araka dennam, Ata dennam , meka karannam araka karannam kiyala , onama kenekuta kiyanna puluwan, koranna giyama thama amaru. Aka nisa country eka develop karana method eka saha a sadaha yana MONEY SOYA GANNE KOHOMADHA KIALA MAHAJANAYATA PAHADILI KARANAVANM MINISUN SALAKAVI
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    Mona pakshaye unath kamak naha. Anun vivechanaya kara kara innavata vada, country eka develop karana thamange method eka mokakdha kiyala pahadili karanavanam, minissu salaka balavi. Meka dennam , Araka dennam, Ata dennam , meka karannam araka karannam kiyala , onama kenekuta kiyanna puluwan, koranna giyama thama amaru. Aka nisa country eka develop karana method eka saha a sadaha yana MONEY SOYA GANNE KOHOMADHA KIALA MAHAJANAYATA PAHADILI KARANAVANM MINISUN SALAKAVI

    :yes::yes::yes:
    තාක්ෂනය දිඋනුකරලා ;කර්මාන්තශාලා ඇතිකරලා රැකියා අවස්ථා දීල රට දියණු කරන්න ඕනේ කියල තමයි හැමෝම කියන්නේ. කවුද කර්මාන්තශාලා ඇතිකරන්නේ? කොහෙන්ද ප්‍රාග්ධනය ගේන්නේ? කියන ප්‍රශ්නවලට හුගක්දෙනෙක්ට උත්තර නැහැ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රනිල් ඉස්සර වගේ නෙවි. බිමට බැහැල වැඩ වගේ. ගමේ; පොලේ; පන්තියේ හැමතැනම
    රනිල් කොහොමත් පොළොවේ පය ගහල හිටපු මනුස්සයෙක් ගොඩක් අය දැනගෙන හිටියේ නැති වුනාට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක පැහැදිලිවම මහින්ද ලංකාවේ අසහාය රජු කියල කියල හිතාගෙන ලියපු ත්‍රෙඩ් එකක්. ඕකෙත් තමයි රටයියේ හැම ලමයම ඉගැන් ගන්නේ. රටේ සමනය පවුල් වල ළමය bio mths .
    අමිත් පුස්සැල්ල
    දුෂ්‍යන්ත මහබදුගේ
    කෙසිරි විතානගේ
    කුමුදු ලියනගේ

    හැමෝම ඉගැන්නුවේ ඔකේ තාමයි. අනික මන් නම් හිතන්නේ නැහැ ඉගැන් ගන්න තැන බලපානවා කියල ඉගනීමට. තනිකර කුහක කතාවක් ඔය කියල තියෙන්නේ. කුකුල් කුඩුවක් උද තමයි ඒගැන ගන්නේ. මොන උනත් සනසගල ළමයි ගොඩකට නිකම් උගන්නනවා. රටේ වැඩි හරියක් ඉන්නේ දුප්පත් හා සාමමාන්‍ය ළමයි. හැමෝටම a c කරපු දේශනා ශාලා වලට යන්න සල්ලි නැහැ. අද ටියුෂන් ගාස්තුව එක විශයකට මාසෙකට 1200 ක්. ළමයෙක් විෂයන් 3ම පන්ති ගියොත් 3600. 4 දෙනෙක්ගේ පවුලකට මාසෙකට කන්න යන ගානටත් වැඩි.

    සිංහල බැරි වෙන්න හේතුව නම. අද ළමයි සුදානම් වෙන්නේ ඉගන ගන්න නෙමයි. විබාග ප්‍රශං පත්තරය ට උත්තර ලියන්න. උසස් පෙළ පහු කරලා රස්සාවකට යන්න. නැතුව සිංහල ඉඅගන ගන්න නෙමයි. එතැනදී තමයි ලාංකීය අද්යපනයට ටියුෂන් ගුරුවරු තුරුම්පු විදියට බහින්නේ. එත් තුරුම්පුව හරියට ගහලා ගෙම දිනන්නේ කියෙන් කි දෙනාද? ඒ වැරැද්ද හදල තියෙන්නේ ඔය පෙනී හිටින මේ ක්‍රමයේනම් තමයි.

    සිතල කාමරයක සැප පුටුවක ඉඅගන ගත්ත කෙනෙක්ට. ඕක නිකම් වෙනස අත්දැකිමක වෙන්න පුළුවන්. අනික ඒවගේ මිනිස්සු හිතන්දේ හා කරන්න ගියාම තියන්න ප්‍රයෝගික දේ බෙහෙවීම් පරස්පරයි

    කොහොමත් මේ යන දේශපාලන ක්‍රමය එක්ක දුධනය නාස්තිය, හොරකම කියනදේවල් ගහට පොත්ත වගේ වගේ , එකම කාසියේ දෙපැත්ත වගේ බැදිලා තියෙන්නේ. එකට පෙන්වන්න පුළුවන් හොදම උදාහරණය නුතන රාජපක්ෂ පාලන ක්‍රමය හා එයට සහයෝගය දෙන පිරිස. ( දුමින්ද සිල්වා, නිමල් ලංස, දිලාන් පෙරේරා, මර්වින් සිල්වා, සරණ ගුනවර්දන ) මේ වගේ පාදඩ දේශපාලන පිරිස්.

    රාජපක්ෂ ක්‍රමය තුල තියන ප්‍රදාන පදනම තාමයි.

    නිතිය රාජපක්ෂ කරණය කිරීම
    හමුදාව රාජපක්ෂ කරණය කිරීම
    සංවර්දනය රාජපක්ෂ කරණය කිරීම
    මාද්‍ය රාජපක්ෂකරණය

    දන් ජනාදිපතිතුමා රජු සංකල්පයෙන් ඔබ්බට ගිහින් තමන් දෙවියෙක් යන සංකල්පයට ගිහින් . තියෙන්නේ. දැන් ජිවත්ත්වෙන්නේ මහින්ද රාජපක්ෂ රජු නෙමෙයි..... රාජපක්ෂ දෙවියෝ. අමතුවරු මන්ත්‍රීවරු.නට ප්‍රශන කියල දැන් වැඩක් නැහැ. ජනාදිපති තුමාම හම්බෙන්න ඕනි. මේ ක්‍රමය නේද දැන් ඇති කරලා තියෙන්නේ. දැන් කාට හරි කක්කා දාගන්න බැරි උනත් දොසත්ර කෙනෙක් හොයනවට වඩා ජනාදිපතිතුමා හම්බෙලා කරනව විසදගන්න නේ හදන්නේ.

    බිම්ගෝ පුත්ලා වගේ අය පතුතුරන මතය තමයි මුන්ව කවදාවත් ගෙදර යවන්න බැහ කියන එක

    රාජපක්ෂ ක්‍රමය තුළ දේශපාලනය යනු ජනතාවගේ බලාපොරොත්තු සුන් කර දැමීමයි. "වැඩක් නෑ, මොනවා කළත් මුන්ව පන්නන්න බැහැ. අපටත් තිබෙන්නේ ‍වල කටෙන් ම ‍‍ගොඩ එන ක්‍රමයක් හොයන එකයි," කියා පුටුවට ම කතිරය ගහන්නට ජනතාව පොළඹවනු ලැබේ.

    මෙටික කියනගමන් මෙය කරන්නෙත් එකටම සහයෝගය දෙන එකයි. කොහොම උනත් ඉතිහාසයේ කිසිම කෙනෙක්ට සමද බලයේ ඉන්න බැරි වුන. එක මහින්දටත් පොදුයි. බලය කැරකෙන්න ගත්තම කොයි පැත්තට කරකෙයිද කියලා කියන්න බැහැ. කාටවත්. මහින්දට බලය කරකුනෙත් එහෙමයි

    ඔය පින්තුරවල ඉන්න අයගෙන් යන්තම් හරි සුදුසුකමක් තියෙන්නේ රනිල විතරයි. කොටින්ට රට පාවා දෙන විදියේ ගිවිසුමක් නොගහුවනම්. අද රනිල් ඉන්නව බලයේ. අනික රනිල් කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දත වලින් උනත් ඉහලම දක්ෂ පුද්ගලයෙක්. හැබැයි රනිල් වටේ හිටියෙත් දැන් ඉන්නෙත් හොරු. රවී ජෝෂප්මයිකල්, වගේ. රනිල් ජනප්‍රිය දේශපාලනයේ දුර්වලයෙක් එත් රට හදන්න පුලුව කියලා හිතෙන හොද ආර්ථික දැනුමක් දර්ශනයක් තියන කෙනෙක්. එත් චන්දයක් කරලා දිනන්න පුලුඅව් කියන එක ගැටලුවක්. අනිත් ය නම් කිසිත්රුමක් නැති. දික්කසාද වෙච්ච ගෑනි මිනිහගේ] වැරදි කියනවා වගේ කෑගහන කට්ටියක්. කිරසිම ඉදිරි දැක්මක් නැහැ.

    සොපිත් හාමුදුරුවෝ කියන්නේ හොද චරියතයක්. දේශපාලන දර්ශනය තරමක් අපැහැදිලි උනත්. නිතරන සාදාරනය වෙනුවෙන් පෙනී සිටින. රට හරි පාරකට ගන්න එදා ඉදලම බොහොම කැපවෙලා උත්සහ කරන ඉතා ගරුකටයුතු චරිතයක් . එත් සොපිත හාමුදුරුවන්ටත් සියල්ලන්ගේම සහයෝගය දිනාගන්න පුලුවන්ද කියන කාරණාව සැකයි.

    මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.
    මේ ධූරය අධිකරණයට යටත් කර තැබුවානම් ඒ ප්‍රශ්නද ඇති වන්නේ නැත.

    මෙතව් විහිළුවක් නේද??? රටේ විදායක ක්‍රමය අයුතුවිදියට පාවිච්චි නොකළේ කවුද? විදායක කරම්යේ ඇති අසීමිත බලතල නිසා. එකෙන් එකදිපතියෙක්. අත්තනෝමතික පාලකයෙක් හැදෙන්න තියන ඉඩකඩ බොහොමයි. එක අහෝසි නොකර මේ තියන නර වලෙන් ගොඩ එන්න බහ. රටේ ගොඩක් ජනතාව විසිත් ප්‍රතික්ෂේප කරපු මන්තිවරු අද ඉන්නේ විදායක ජනාදිපති සමවෙන්. ඒ පිහිටෙන්. මේ ලියුම් කරුගේ දෙබඩි පිළිවෙත් පේනවා නෙද. රජපක්ෂ ක්‍රමය වැරදි කියන ගමන්ම ඒ ක්‍රමය නැති කරන්න බැහැ කියනවා. ඒ ක්‍රමය හදන්න එක බිහිවුන පාදම, එක බිහි උන්ව වස්තු බීජය( විදායක ක්‍රමය) තියන එක හොදයි කියනවා. මොකද්ද මේ විහිළුව........

    හැම මිනිහම බලයට කෑදරයි. ක්‍රමය වෙනස් කරන්නේ නැතුව. වෙනසක් කරන්න බැහැ. එහෙනම් රහතන් වහන්සේ නමක් විදායක ජනාදිපති වෙන්නේ ඕනි. හොද පුදගයෝ හොයනවට වඩා වැරදි වෙන්නේ තියන ඉඩකඩ සිමා කරාම කාටවත් හිතුමතේට නටන්න බැහැ. අනික ලනකාවේ කවදාවත් වංචා දුෂණ කරලා කොච්චර අතේ මට්ටු උනත් ඉල්ලා අසවිම්ක් නැහැ. ඒ නිසාම තමයි පාර්ලිමේන්තුවට වග කියන ජනාදිපති කෙන් ඕනි කියන්න

    මෙවන් ධූරයක් රටට අවශ්‍යය.

    එහෙනම් මට හිතෙන්නේ මේ කට්ටිය පෙළ ගැසිය යුත්තේ මේක අහෝසි කරන්නට නොව එය අධිකරණයට , නොඑසේනම් රටේ නීතියට යටත් කරවීමට ය.

    සමහර විට ඒ ටික මේ අ යට නොතේරෙනවා ද වෙන්නට පුලුවන්න. හොඳටම තේරිලා එත් තේරෙන්නේ නැතුවා වගේ ඉන්නවා වෙන්නටද පුලවන.

    නීතියට පහලින් තියන විදායක ජනදිපති දුරකින් රටකට සාදාරන ඉශ්ටවිම සිහිනයක්. එක කරන්න පුළුවන් උනත් එකඟ වෙන්නේ 2ම දුශනය වීම තමයි.

    රට හරි ක්‍රමයකට යන්න යාන්ත්‍රණයක් හැදුවම වෙන්නේ මොන පුද්ගලයා අවත සුළු වෙනසක් ඇති වෙනවා ඇරෙන්න. ලොකුවට වැරදි දේවල් කරන්න ඉඩ නැහැ. මොකද ක්‍රමය විසින් ඒවා වලකන නිසා පාරට බහින්න සතියකට දේශනා 60ක් 70ක් රට පුර තියන්න ඕනි වෙන්නේ නැහැ. රට යනවිදියට යනවා පාඩුවේ. කළෙන කාලෙට වෙනස වන ප්‍රතිපත්ති එන්නේ නැහැ.

    එත් මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.
    මේ ධූරය අධිකරණයට යටත් කර තැබුවානම් ඒ ප්‍රශ්නද ඇති වන්නේ නැත.

    එත් මෙතන කියන්න වගේ සමහර ප්‍රශන ඇති කරපු පුගලයෝ නැතුව .......... ප්‍රශ ඇති නොකරන පුගලයෝ හොයාගන්නේ කොහොමද. මොකද්ද සහතිකය වැරදි ක්‍රියාකලාපයක යන්නේ නැහැ කියලා.
    අදිකරණයට යටත් කියිම ප්‍රයෝගික වෙන්නේ නැහැ. මොකද විදායක ක්‍රමයක් තියනකොට අදිකරණයේ සව්දිනත්වයක් බලපොරිත්තු වෙන්න අමාරුයි.

    ලියුම් කරු සියුම්ව කියාසිටින්නේ

    මහින්ද රජාපක්ෂ ජනාදිපතිතුමා අයින් කිරීමට බැරි බවත්. විදායක තිබිය යුතුයි කියන එකත් නේද????? දැන් ඒ දෙකම තියනකොට රටේ පාඩු වෙලා තියෙන්නේ අහිංසක මහජනතාවට මිසක් සැප පුටුවල සිට හිනමවන ඔබලාට නොවෙයි
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    lol? monada me dodawanne, ranil chora eka wenama kathawak. mesa putu gana monaa kiyanawada manda, Potha udin thiyala panen akuru liyanna puluwannam piliwelakata :eek:

    anik eka oke sannasgala witharakda ugannanne? bio maths chemistry igenagaththu lamai kochchara innawada..?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    lol? monada me dodawanne, ranil chora eka wenama kathawak. mesa putu gana monaa kiyanawada manda, Potha udin thiyala panen akuru liyanna puluwannam piliwelakata :eek:

    anik eka oke sannasgala witharakda ugannanne? bio maths chemistry igenagaththu lamai kochchara innawada..?

    ඕක දන්නේ අපි විතරයි බන් පන්ති නොගියපු උන් දන්නේ නැහැනේ. පුදුම ගොන් කතාවක් නේද
     
    waligamaya

    Well-known member
  • මේක පැහැදිලිවම මහින්ද ලංකාවේ අසහාය රජු කියල කියල හිතාගෙන ලියපු ත්‍රෙඩ් එකක්. ඕකෙත් තමයි රටයියේ හැම ලමයම ඉගැන් ගන්නේ. රටේ සමනය පවුල් වල ළමය bio mths .
    අමිත් පුස්සැල්ල
    දුෂ්‍යන්ත මහබදුගේ
    කෙසිරි විතානගේ
    කුමුදු ලියනගේ

    හැමෝම ඉගැන්නුවේ ඔකේ තාමයි. අනික මන් නම් හිතන්නේ නැහැ ඉගැන් ගන්න තැන බලපානවා කියල ඉගනීමට. තනිකර කුහක කතාවක් ඔය කියල තියෙන්නේ. කුකුල් කුඩුවක් උද තමයි ඒගැන ගන්නේ. මොන උනත් සනසගල ළමයි ගොඩකට නිකම් උගන්නනවා. රටේ වැඩි හරියක් ඉන්නේ දුප්පත් හා සාමමාන්‍ය ළමයි. හැමෝටම a c කරපු දේශනා ශාලා වලට යන්න සල්ලි නැහැ. අද ටියුෂන් ගාස්තුව එක විශයකට මාසෙකට 1200 ක්. ළමයෙක් විෂයන් 3ම පන්ති ගියොත් 3600. 4 දෙනෙක්ගේ පවුලකට මාසෙකට කන්න යන ගානටත් වැඩි.

    සිංහල බැරි වෙන්න හේතුව නම. අද ළමයි සුදානම් වෙන්නේ ඉගන ගන්න නෙමයි. විබාග ප්‍රශං පත්තරය ට උත්තර ලියන්න. උසස් පෙළ පහු කරලා රස්සාවකට යන්න. නැතුව සිංහල ඉඅගන ගන්න නෙමයි. එතැනදී තමයි ලාංකීය අද්යපනයට ටියුෂන් ගුරුවරු තුරුම්පු විදියට බහින්නේ. එත් තුරුම්පුව හරියට ගහලා ගෙම දිනන්නේ කියෙන් කි දෙනාද? ඒ වැරැද්ද හදල තියෙන්නේ ඔය පෙනී හිටින මේ ක්‍රමයේනම් තමයි.

    සිතල කාමරයක සැප පුටුවක ඉඅගන ගත්ත කෙනෙක්ට. ඕක නිකම් වෙනස අත්දැකිමක වෙන්න පුළුවන්. අනික ඒවගේ මිනිස්සු හිතන්දේ හා කරන්න ගියාම තියන්න ප්‍රයෝගික දේ බෙහෙවීම් පරස්පරයි

    කොහොමත් මේ යන දේශපාලන ක්‍රමය එක්ක දුධනය නාස්තිය, හොරකම කියනදේවල් ගහට පොත්ත වගේ වගේ , එකම කාසියේ දෙපැත්ත වගේ බැදිලා තියෙන්නේ. එකට පෙන්වන්න පුළුවන් හොදම උදාහරණය නුතන රාජපක්ෂ පාලන ක්‍රමය හා එයට සහයෝගය දෙන පිරිස. ( දුමින්ද සිල්වා, නිමල් ලංස, දිලාන් පෙරේරා, මර්වින් සිල්වා, සරණ ගුනවර්දන ) මේ වගේ පාදඩ දේශපාලන පිරිස්.

    රාජපක්ෂ ක්‍රමය තුල තියන ප්‍රදාන පදනම තාමයි.

    නිතිය රාජපක්ෂ කරණය කිරීම
    හමුදාව රාජපක්ෂ කරණය කිරීම
    සංවර්දනය රාජපක්ෂ කරණය කිරීම
    මාද්‍ය රාජපක්ෂකරණය

    දන් ජනාදිපතිතුමා රජු සංකල්පයෙන් ඔබ්බට ගිහින් තමන් දෙවියෙක් යන සංකල්පයට ගිහින් . තියෙන්නේ. දැන් ජිවත්ත්වෙන්නේ මහින්ද රාජපක්ෂ රජු නෙමෙයි..... රාජපක්ෂ දෙවියෝ. අමතුවරු මන්ත්‍රීවරු.නට ප්‍රශන කියල දැන් වැඩක් නැහැ. ජනාදිපති තුමාම හම්බෙන්න ඕනි. මේ ක්‍රමය නේද දැන් ඇති කරලා තියෙන්නේ. දැන් කාට හරි කක්කා දාගන්න බැරි උනත් දොසත්ර කෙනෙක් හොයනවට වඩා ජනාදිපතිතුමා හම්බෙලා කරනව විසදගන්න නේ හදන්නේ.

    බිම්ගෝ පුත්ලා වගේ අය පතුතුරන මතය තමයි මුන්ව කවදාවත් ගෙදර යවන්න බැහ කියන එක

    රාජපක්ෂ ක්‍රමය තුළ දේශපාලනය යනු ජනතාවගේ බලාපොරොත්තු සුන් කර දැමීමයි. "වැඩක් නෑ, මොනවා කළත් මුන්ව පන්නන්න බැහැ. අපටත් තිබෙන්නේ ‍වල කටෙන් ම ‍‍ගොඩ එන ක්‍රමයක් හොයන එකයි," කියා පුටුවට ම කතිරය ගහන්නට ජනතාව පොළඹවනු ලැබේ.

    මෙටික කියනගමන් මෙය කරන්නෙත් එකටම සහයෝගය දෙන එකයි. කොහොම උනත් ඉතිහාසයේ කිසිම කෙනෙක්ට සමද බලයේ ඉන්න බැරි වුන. එක මහින්දටත් පොදුයි. බලය කැරකෙන්න ගත්තම කොයි පැත්තට කරකෙයිද කියලා කියන්න බැහැ. කාටවත්. මහින්දට බලය කරකුනෙත් එහෙමයි

    ඔය පින්තුරවල ඉන්න අයගෙන් යන්තම් හරි සුදුසුකමක් තියෙන්නේ රනිල විතරයි. කොටින්ට රට පාවා දෙන විදියේ ගිවිසුමක් නොගහුවනම්. අද රනිල් ඉන්නව බලයේ. අනික රනිල් කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දත වලින් උනත් ඉහලම දක්ෂ පුද්ගලයෙක්. හැබැයි රනිල් වටේ හිටියෙත් දැන් ඉන්නෙත් හොරු. රවී ජෝෂප්මයිකල්, වගේ. රනිල් ජනප්‍රිය දේශපාලනයේ දුර්වලයෙක් එත් රට හදන්න පුලුව කියලා හිතෙන හොද ආර්ථික දැනුමක් දර්ශනයක් තියන කෙනෙක්. එත් චන්දයක් කරලා දිනන්න පුලුඅව් කියන එක ගැටලුවක්. අනිත් ය නම් කිසිත්රුමක් නැති. දික්කසාද වෙච්ච ගෑනි මිනිහගේ] වැරදි කියනවා වගේ කෑගහන කට්ටියක්. කිරසිම ඉදිරි දැක්මක් නැහැ.

    සොපිත් හාමුදුරුවෝ කියන්නේ හොද චරියතයක්. දේශපාලන දර්ශනය තරමක් අපැහැදිලි උනත්. නිතරන සාදාරනය වෙනුවෙන් පෙනී සිටින. රට හරි පාරකට ගන්න එදා ඉදලම බොහොම කැපවෙලා උත්සහ කරන ඉතා ගරුකටයුතු චරිතයක් . එත් සොපිත හාමුදුරුවන්ටත් සියල්ලන්ගේම සහයෝගය දිනාගන්න පුලුවන්ද කියන කාරණාව සැකයි.

    මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.
    මේ ධූරය අධිකරණයට යටත් කර තැබුවානම් ඒ ප්‍රශ්නද ඇති වන්නේ නැත.

    මෙතව් විහිළුවක් නේද??? රටේ විදායක ක්‍රමය අයුතුවිදියට පාවිච්චි නොකළේ කවුද? විදායක කරම්යේ ඇති අසීමිත බලතල නිසා. එකෙන් එකදිපතියෙක්. අත්තනෝමතික පාලකයෙක් හැදෙන්න තියන ඉඩකඩ බොහොමයි. එක අහෝසි නොකර මේ තියන නර වලෙන් ගොඩ එන්න බහ. රටේ ගොඩක් ජනතාව විසිත් ප්‍රතික්ෂේප කරපු මන්තිවරු අද ඉන්නේ විදායක ජනාදිපති සමවෙන්. ඒ පිහිටෙන්. මේ ලියුම් කරුගේ දෙබඩි පිළිවෙත් පේනවා නෙද. රජපක්ෂ ක්‍රමය වැරදි කියන ගමන්ම ඒ ක්‍රමය නැති කරන්න බැහැ කියනවා. ඒ ක්‍රමය හදන්න එක බිහිවුන පාදම, එක බිහි උන්ව වස්තු බීජය( විදායක ක්‍රමය) තියන එක හොදයි කියනවා. මොකද්ද මේ විහිළුව........

    හැම මිනිහම බලයට කෑදරයි. ක්‍රමය වෙනස් කරන්නේ නැතුව. වෙනසක් කරන්න බැහැ. එහෙනම් රහතන් වහන්සේ නමක් විදායක ජනාදිපති වෙන්නේ ඕනි. හොද පුදගයෝ හොයනවට වඩා වැරදි වෙන්නේ තියන ඉඩකඩ සිමා කරාම කාටවත් හිතුමතේට නටන්න බැහැ. අනික ලනකාවේ කවදාවත් වංචා දුෂණ කරලා කොච්චර අතේ මට්ටු උනත් ඉල්ලා අසවිම්ක් නැහැ. ඒ නිසාම තමයි පාර්ලිමේන්තුවට වග කියන ජනාදිපති කෙන් ඕනි කියන්න

    මෙවන් ධූරයක් රටට අවශ්‍යය.

    එහෙනම් මට හිතෙන්නේ මේ කට්ටිය පෙළ ගැසිය යුත්තේ මේක අහෝසි කරන්නට නොව එය අධිකරණයට , නොඑසේනම් රටේ නීතියට යටත් කරවීමට ය.

    සමහර විට ඒ ටික මේ අ යට නොතේරෙනවා ද වෙන්නට පුලුවන්න. හොඳටම තේරිලා එත් තේරෙන්නේ නැතුවා වගේ ඉන්නවා වෙන්නටද පුලවන.

    නීතියට පහලින් තියන විදායක ජනදිපති දුරකින් රටකට සාදාරන ඉශ්ටවිම සිහිනයක්. එක කරන්න පුළුවන් උනත් එකඟ වෙන්නේ 2ම දුශනය වීම තමයි.

    රට හරි ක්‍රමයකට යන්න යාන්ත්‍රණයක් හැදුවම වෙන්නේ මොන පුද්ගලයා අවත සුළු වෙනසක් ඇති වෙනවා ඇරෙන්න. ලොකුවට වැරදි දේවල් කරන්න ඉඩ නැහැ. මොකද ක්‍රමය විසින් ඒවා වලකන නිසා පාරට බහින්න සතියකට දේශනා 60ක් 70ක් රට පුර තියන්න ඕනි වෙන්නේ නැහැ. රට යනවිදියට යනවා පාඩුවේ. කළෙන කාලෙට වෙනස වන ප්‍රතිපත්ති එන්නේ නැහැ.

    එත් මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වූ කිසිම ප්‍රශ්නයක් නැත. එත ඒ ධූරය දරූ අයවලුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇති වූ සමහර ප්‍රශ්න නම් අදටත් ඉතිරිව ඇත.
    මේ ධූරය අධිකරණයට යටත් කර තැබුවානම් ඒ ප්‍රශ්නද ඇති වන්නේ නැත.

    එත් මෙතන කියන්න වගේ සමහර ප්‍රශන ඇති කරපු පුගලයෝ නැතුව .......... ප්‍රශ ඇති නොකරන පුගලයෝ හොයාගන්නේ කොහොමද. මොකද්ද සහතිකය වැරදි ක්‍රියාකලාපයක යන්නේ නැහැ කියලා.
    අදිකරණයට යටත් කියිම ප්‍රයෝගික වෙන්නේ නැහැ. මොකද විදායක ක්‍රමයක් තියනකොට අදිකරණයේ සව්දිනත්වයක් බලපොරිත්තු වෙන්න අමාරුයි.

    ලියුම් කරු සියුම්ව කියාසිටින්නේ

    මහින්ද රජාපක්ෂ ජනාදිපතිතුමා අයින් කිරීමට බැරි බවත්. විදායක තිබිය යුතුයි කියන එකත් නේද????? දැන් ඒ දෙකම තියනකොට රටේ පාඩු වෙලා තියෙන්නේ අහිංසක මහජනතාවට මිසක් සැප පුටුවල සිට හිනමවන ඔබලාට නොවෙයි
    :yes::yes::yes::yes:

    රට හරි ක්‍රමයකට යන්න යාන්ත්‍රණයක් හැදුවම වෙන්නේ මොන පුද්ගලයා අවත සුළු වෙනසක් ඇති වෙනවා ඇරෙන්න. ලොකුවට වැරදි දේවල් කරන්න ඉඩ නැහැ. මොකද ක්‍රමය විසින් ඒවා වලකන නිසා පාරට බහින්න සතියකට දේශනා 60ක් 70ක් රට පුර තියන්න ඕනි වෙන්නේ නැහැ. රට යනවිදියට යනවා පාඩුවේ. කළෙන කාලෙට වෙනස වන ප්‍රතිපත්ති එන්නේ නැහැ.

    අපිට ඔන නිවැරදි නීතියක් , නිවැරදි ජතික ප්‍රතිපත්තියක් සහා, එම නීති හා ජතික ප්‍රතිපත්ති නිවැරදිව ක්‍රියත්මක කරන පලනයක්. මෙක ක්‍රියත්මක කරන කන්ඩයම කවුරු උනත් කමක් නැ මට. පුද්ගල දෙශපලනයනම් තවත් එපා