උබලගෙ driving tips මොනවද?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,243
    24,392
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගෑණු එලවන වාහන දැක්කොත් පුලුවන් තරම් ඈත් කරගන්නව. මේ ළඟදි ගෑණියෙක් හෙඩ් එක ගහන් එනව කොච්චර හෙඩ් එක ගහල කිව්වත් ඒ ගෑණිට වගේ වගක් නෑ මූණට ඇල්ලුවත්. වෙන ලෝකෙක.
    සිග්නල් ලයිට් දාන උන්ගෙන් පරිස්සම් වෙනව වමට දාල දකුණට හරවනවා.. දුර තියා දාන් ඇවිත් එකපාරට හරවනව. අපිට මේ පැත්තෙන් යන්න කියන්න පොර සිග්නල් ලයිට් දානව.
    සත්තු පාරෙ ඉන්නවනම් වාහනේ උපරිම ස්ලොව් කරනව.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    1. පිස්සන් කොටුවෙ දොස්තර වගේ වෙන්න එතකොට පිස්සො කරන වැඩ ගානක් නැතුව යනව.

    2. පාරෙ ඉන්න හැම එකාම හෝ බහුතරය පිස්සො, ගෑනු වාහන එලවනව කියන මානසික මට්ටමෙන් එලියට එන්න. එතකොට පාරෙදි පිස්සො මුනගැහෙන්නෙ ඉතාම අඩුවෙන්.

    3. හැම තිස්සෙම අවදානෙන් ඉන්න පිටි පස්සෙන් වේගෙන් හෝ ලගලග එන අය සම්බන්දව. ඔයාට හදිස්සියක් නැත්නම් එයාලට යන්න දෙන්න. ක්ශනික බ්‍රේක් එකක් ගැහුවොත් උන් පස්ස හප්පනව. ඉස්සරහින් පාරෙ ලොකුවට වේගෙන් යන්න ඉඩක් නැතත් පස්සෙ එකා ඉඩ ඉල්ලනව නම් එයාට යන්න දෙන්න. මොකද එහෙම අය ඉඩ හදන් වෙට්ටු දාල යනව.

    4. හැම තිස්සෙම අවදානෙන් ඉන්න වමෙන් එන අය සම්බන්දව

    5. ඕවර්ටේක් වලදි මූනට වාහන එනකොට ඒවට ඉඩ දෙන්න. වමට කපල හරි නවත්තගෙන හරි safe passage එකක් හදල දෙන්න. තමන්ගෙ පැත්තෙ තමන් පාඩුවේ යන්නෙ අදාල කරගන්නෙ නැතුව. 3,4 හරි නම් ඉඩ දෙන එක මහා ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

    6. කෙලින් පාරෙ එකෙක් අහේතුවකට පාරෙ නවත්තන් ඉන්නව නම් හෝ බ්‍රේක් කලා නම් අස්සෙන්, පැත්තෙන් දාන්න ඉඩ තියෙනව නම් අස්සෙන්,පැත්තෙන් දාන්නෙ නැතුව ඔයත් වේගෙ අඩු කරන් බ්‍රේක් එකට කකුල ගන්න. ඔයාට බ්ලයින්ඩ් වෙලා පාර පනිනව වෙන්න පුලුවන්. නැත්නම් පාරට වාහනයක් දානව වෙන්න පුලුවන්.

    7. බර වාහන පිටි පස්සෙන් යන්න සෙට් උනාම පාරෙ ඕවර්ටෙක් කරන්න පුලුවන් ඉඩක් එනකම් ඉන්න. ඒවෙලාවට සිගනල් දාල පොඩි හොන්ක් එකකින් ඉඩ ඉල්ලන්න. පටස් ගාල ඉඩ හම්බෙනව. ඉඩ හම්බුනාම පොරව ඉස්සර කරල ඉවර උනාම ආපහු පොඩි හොන්ක් ඒකකින් ස්තූති කරන්න. ඒකෙන් උගේ දවස හොද වෙයි. ඉඩ නැති තැන්වල වාතවෙවී හොන්ක් එක උඩ නැගගෙන ඉඩ ඉල්ලද්දි තමා උනුත් දෙන්නෙ නැත්තෙ. ඒකෙ ඉන්නෙත් පීඩනයකින් ඉන්න මනුස්සයෙක් උන්ටත් මල පනිනව කියල මතක තියාගන්න.

    8. දුර යන බස් පස්සෙන් ලයිට ගහන් එනව නම් යන්න දෙන්න. උන්ට මාර්ග නීති නැති නිසා කොහොමත් උන් පට්ට වේගෙන් ඉස්සරහට යනව. උන්ගෙ යෑම අපිට යන්න බෑ නීතිගරුකව යනව නම්. ඒ නිසා පාරෙ ඉඩක් නැතත් හදාගෙන හරි උන්ට යන්න දෙන්න.

    9. ට්‍රැෆික් එකක නම් යන්නෙ පාර හරහා යන උන්ට දාගන්න දෙන්න. මොකද උන්ටික යනකම් හිටිය කියල අපිට ඉස්සරහට යන්න ට්‍රැෆික් එක ලොකුවට ක්ලියර් වෙන්නෙ නෑ.

    10. අපේ ඉස්සරහින් පාර හරහා වෙන කෙනෙක් යනව නම්, පාර පනිනවා නම් අනිවා ඒ පැත්තට සිග්නල් එක දාල පස්සෙන් එන කෙනාව දැනුවත් කරන්න. නැත්නම් පස්සෙන් එන කෙනා හප්ප ගන්නව.

    11. පාරෙ වැරදි කරන මිනිස්සුන්ට පාඩම් කියල දෙන්න ඕනෙ නම් රථවාහන පොලීසියට බැදෙන්න. නැත්නම් ලර්නර්ස් එකක් දාගන්න. පාරෙ වැරදි කරන මිනිස්සු හදන්නෙ නැතුව තමන්ගෙ වැඩේ කරන් පාඩුවේ ගෙදර එන්න.

    12. පාරදි දිනාගන්න දෙයක් නෑ. පාරෙදි දෙවනිය වෙලා ජීවිතේ පලවෙනිය වෙන්න ට්‍රයි කරන්න. කිසිම කරදරයක් හානියක් නැතුව ගෙදර එන එක ගෝල් එකක් කරගන්න.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පාරේ යන අනිත් උන් ඔක්කොම පිස්සො, බූරුවෝ, මම කොහොමහරි මුන්ගෙන් බේරිලා මගේ ගමන ගිහින් යහතින් ගෙදර යනවා කියල හිතාගෙන පලයන්. ඒක ලේසියි. බොරුවට තරහ ගන්න, කලබල වෙන්න එපා, වැඩක් නෑ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    පාරේ යන අනිත් උන් ඔක්කොම පිස්සො, බූරුවෝ, මම කොහොමහරි මුන්ගෙන් බේරිලා මගේ ගමන ගිහින් යහතින් ගෙදර යනවා කියල හිතාගෙන පලයන්. ඒක ලේසියි. බොරුවට තරහ ගන්න, කලබල වෙන්න එපා, වැඩක් නෑ.
    Ow...

    Yana ekaata yanna dipan tharaga karanna epa...oka experience ekka ena deyak....3wheel ekka heppenna yanna epa unuth yanawanam dagena yanna dipan...ada kale unta unnath ekai malath ekai eka nisa prashna aduwen daganna aka hodai parawal wala...

    Kaluwara wetenawanam kochchara laga unath main road walama warella ...podi parawal wala yanna epa ..akak safety anika road conditions....

    Thamange gaanata welawa anuwa speed aka wenas karan yanna...speed yanna ona dawasata speed normal or slow e anuwa....welawa anuwa tamai...

    Ada lankawe godak inne harak...un godakata "i am the man" kiyana aka oluwe tinne...salli tikak lebila poddak mokak hari gattama....e nisa tamange gamana paduwe yanna achcharai...
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Traffic eke yaddi puluwan tharam issarahin yana ekage lagatama karan yanawa
    podi idak hari thiyan giyoth bike or threewheel ringanawa
    koi weleth side kannadi balanawa
    Lane 2k or 3k tiyena paaraka nam madama thama yanne,
    Raata ehema aniwaaryen mada thama yanne (koi paththata hari ayin kara ganna puluwan)

    Highway yaddi nam minimum braking distance thiyan yanawa
    normal paaraka nam issarahin yana ekage lagatama karan yanawa idak thibuna hatiye overtake karanna

    Pickup eka madi kiyala hithunoth AC off karanawa

    Horn ekayi, Headlight ekayi uparima widiyata use karanawa.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    3 wheel ehema ehen mehen daddi mala paninawa nan thaniyama hari kunuharuayak kiyagena eka pita kara ganna

    Geemata, race ekata yannepa
     
    • Like
    Reactions: NRTG

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මම දැන් පදින්නෙ තුන් වෙනි වාහනේ .. නො ඇක්සිඩන්ට් නො ක්ලෙම් ... මගේ ප්‍රැක් ටිසස් ටිකක් මං කියන්නම් ...
    1. බිසී ඒරියාස් වල ෆුල් ඇලර්ට් එකෙ යන එක ... උදා : ඉස්පිරිතාල , ඉස්කෝල , පොඩි හංදි වල ...
    2. කලර් ල්යිට් ඔන් වෙද්දි ... ස්ලො ස්ටර්ට් එකක් ගන්න මොකද බයිකර්ස් ල විශේෂයෙන්ම ක්‍රොස් කරල ඔවර් ටෙක් කරන පුලුවන් ... අපි පික් අප් කර ගියොත් එවගේ අයයි වැරදි ලයින් වල ඇවිත් ක්‍රොස් ටර්න් ගන්න අයත් ඉන්නව

    3. නිතරම සයිඩ් ඇන්ඩ් සෙන්ටර් මිරර් එක බල බල අවට ගැන මීටරෙන් ඉන්න .
    4. ඉදිරියෙන් වහනයක් නවතා ඇති විට එක පාරට තිරින්ග යොදන්නැතුව පිටුපස එන වහනයට තිරින්ග මගින්ම සිග්නල් එකක් දෙන්න ... එවිට බොහො පිටුපසින් පැමින අනතුරු අවම කර ගත හැකිය.
    5.බ්ල්යින්ඩ් ටර්න් වලදි හෝර්න් එක නාද කරන්න
    6. පව්ද්ගලිගකව මාහට වහනය පදවන විට නිදිමත එන්නෙ නැත එමනිස නයිට් ඩ්‍රයිවින්ග් බොහොවිට යොදාගනිමි ... ඔබට නිදිමතක් දැනේ නම් වහනය අයින්කර නවතා විනඩි 10-15 පොඩි නැප් එකක් ගන්න .
    7. රෝද දෙකෙන් රෝද හතරකට මාරුවෙන්න උත්සහ කරන්න සිහින දකින්න ... මාත් එහෙමයි පොඩි එකා හම්බ උනාට පස්සෙ ඉක්මනින්ම ගත්තා ...
    8. වහනයෙ තත්වය ගැන අවබොදයෙන් සිටින්න ... ටයර් ... උපරිම වේගය (මීටරයේ ඇති එක නෙවෙයි).. සේෆ්ටි පැකේජ් වගේ ඒව
    9. ඉදිරි වහනය සමග ඇති දුර ....
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63

    එකගයි
     
    • Like
    Reactions: madmax2016