යු න් පී දුන්නොත් රට විකුනනවා. කියනවට කියනවා නෙමෙයි එත් යුන්පි කවදාවත් දැක්කේ නෑ අපේ රට රට ඇතුළෙන්ම හදන්න පුළුවන් කියල:
පොහොට්ටුව දෙන්නේ ගොන් අතල් එකක්. ඒගොල්ලන්ට සිංහල ශ්‍රේෂ්ඨ ජාතියත්, එකට වෙන හානියත්, ගැනුන්ගේ වෙනවයි කියන පහත තත්වයත්, අර පැරණි රජ කලේ මානසිකත්වයත්, ආගමත් ඇරෙන්න වෙන මාර්කට් කරන්න දෙයක් නෑ. උන් ඇවිල්ලත් කරන දෙයක් නෑ.
ශ්‍රිනිප හිටන් තමා පොඩි හරි හොප් එකක් තියෙන්නේ එත් ඒගොල්ලන්ගේ කරනවයි කියන වැඩක් වත් දක්මක්වත් නෑ. හිටන් වටේ ඉන්න අය ෂුවර් නෑ.
ජවිපෙ කතා හා අදහස් හොදයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ඒකාලේ හදපු විදිහට මේපාර අනිත් ඒවාට කරයි කියල කියන්න බෑ. දැන් ඒගොල්ලෝ ඉන්නේ පොඩි දේටත් ස්ට්‍රයික් කරන මානසිකත් වයෙන්. ගම දින්නොත් උන් ඒගොල්ලන්ට රජයෙන් ප්‍රාදේශීය සභාවකට කරන දීමනා කපයි, එතකොට සල්ලි නෑ ජවිපෙ ටත් වැඩක් කරන්න. එතකොට කරන්නේ අර පරණ ස්ට්‍රයික් ම තමා, ගමත් කනවා. එහෙම නොවුනත් ඔය සමන්ත විද්‍යාරත් නලගේ කතා වලින් තේරෙනවා, උන් ගම දිනලා ගමේ ඉදන් අරගල කරනවා කියල. එතකොට කොහොමත් වැඩක් කෙරෙන්නේ නෑ. ජවිපෙ කියල මහා ලොකු දෙයක් කරන්නේ නෑ. අතීතය අමතක අයට චුන් එකක් ගන්න හොදයි
යුන්පි එන්නේ නෑ කියල කිව්වත් දෙමල මුස්ලිම් චන්ද උන්ට යයි. මෙහෙන් රනිල් ට විරුද්ධ SLFP and පොහොට්ටුව දෙකට බෙදිලා එතකොට රනිල් ට විරුද්ධ වෙන චන්ද කැඩිලා යන්නේ. එතකොට සරල අංක ගණිතයෙන් බැලුවොත් යුන්පි ම දිනයි.
ජවිපෙ සැලකිය යුතු තරමක් උඩට එයි එත් මට ඉහත කියපු කාරනා උඩ දෙන්න හිතෙන්නේ නෑ.
අතීතයේත් රජයේ විරුද්ධ පක්ෂවලට ප්‍රාදේශීය සභා, නගර සභා වල බලය තිබ්බත් ඔවුන්ට හරි හැටි වැඩ කරගන්න බැරි උනා. මම පානදුර නගර සභා, මහින්දගේ කාලේ යුන්පි බලය තිබ්බ මුල් කාලේ එත් ඒගොල්ලන්ට වැඩක් කරන්න බැරි උනා, සල්ලි එව්වේ නෑ රජයෙන්, ගොඩක් restrictions දැම්මා. ඒවගේ කචල් වෙනවා. මේක හැමතැනටම පොදු නෑ අපේ නගර සභා බලප්‍රදේශයේ කර්මාන්ත ශාලා තිබ්බට ලාභ ලබන්න භෞතික සම්මපත් මහා ලොකු දේවල් නෑ. ඔය ගම පළාත් වල මේක කොහොම බලපානවද දන්නේ නෑ.