උබලගේ ෆස්ට් ලව් එක කොටන් යමු

Isuru_00

Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    මන් 9 වසර වෙනකම් ගියේ අපේ ගමේ ඉස්කොලෙට...මාර සුන්දර තැනක්..
    මුලින්ම කියන්නම් මේක පොඩි කාලේ මුලින්ම ආපු ලව් එක ගැන දාපු නූලක්....ඒ හින්දා ටයිටැනික් රේන්ජ් එකේ ලව් ස්ටෝරි බලාපොරොත්තු වෙන්න එපා....පොඩි කාලේ ගොඩක් ලව් cringe ටයිප් නේ ඉතින්...😅

    මට මුලින්ම ලව් ෆීල් එකක් ආවේ 8 වසරදී වගේ....ඒකට ලව් එකක් ම කියන්නත් බැහැ...එක්තරා විදිහක ඇට්‍ර්‍රෑක්ශන් එකක් විතරයි..ඒත් සූටි කාලේ ඇට්‍රෑක්ශන් එකත් , අමුතුම ෆීල් එකක් නේ...
    අපේ ඉස්කෝලේ ,ශිෂ්‍ය නායක අක්කා කෙනෙක් හිටියා...නම අමාශා...මාරම ලස්සනයි...ටිකක් චබී...මන් 8 ඉද්දී, එයා 11 වසරේ...ඉතින්, මේ අක්කා තමා පරක්කු වෙලා ස්කූල් එන උන්ගේ නම් ලියන්නේ ගේට්ටුව ගාව ඉදන්....මන් ඉතින් කම්මැලියා...හැමදාම ස්කූල් යන්නේ පරක්කු වෙලා...එහෙම දවස් ගනන් යද්දී අක්කා ෆිට් උනා මාත් එක්ක....මන් පොඩි කාලේ පට්ට cute කොල්ලෙක්...😋

    පස්සේ ඔහොම ඔහොම හැමදාම මන් ඕනකමින් පරක්කු වෙලා ආවා, අමාශා අක්කව බලන්නම...අනිත් පරක්කු වෙලා ආපු උන් තනකොල ගලවන අස්සේ..අපි දෙන්නා කතාවක් දාන් ඉන්නවා....

    ඔන්න ඔහොම කාලේ ගෙවිලා ගියා...අමාශා අක්කා ගාව මාර attractive smell එකක් එන්නේ..ඒක එයා යූස් කරන perfume එකද , එහෙමත් නැත්තම් එයාගේ ජීවන සුවදද දන්නේ නැහැ....But ලගින් ගියාම හැරිලා බලන තරමේ සුවදක් ඒක....එයා පෑනක් යුස් කරලා දාලා ගියත් ඒ පෑනෙත් එයාගේ ස්මෙල් එක එන තරම්...

    ඔහොම කාලයක් යද්දී අමාශා අක්කා කොල්ලෙක් එක්ක හැමදාම washroom එක ගාව දකිනවා කියලා පොරක් කිව්වා...මට පට්ට දුකක් දැනුනේ ඒක අහලා
    පස්සේ මන් මොකද කරේ after school ගියා washroom එක පැත්තට...අරූ කිව්වේ ඇත්ත...අමාශා අක්කා කොල්ලෙක් එක්ක ෆුල් ලව් සීන් එකේ...මට මාර දුකක් දැනුනේ.. 😔 මන් දිව්වා ඒක දැකලා...කෙල්ලෙක් කොල්ලෙක්ව lip kiss කරන එක දැන් සාමාන්‍යය දෙයක් උනාට මන් 8 වසරෙදී ඒක පට්ට අවුල් සීන් එකක්...අනික මන් හොදින් හිතපු අමාශා අක්කා එහෙම මෝඩ සිපයියෙක් එක්ක තොලක් දාන් ඉදී කියලා හීනෙකින් වත් හිතුවේ නැහැ....

    පස්සේ අමාශා අක්කා O/L කරලා අයින් උනා ඉස්කෝලෙන්...දැන් ලොකු ලමයි දෙන්නෙක් ඉන්නවා කියලා ආරංචියි...දවසක යනවා බලලා එන්න...දැන් ලව් කීයක් කරත් ඔය ෆස්ට් ලව් එකේ ෆීල් එක වෙනමම එකක්...❤️
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,534
    10,382
    113
    මන් 7 වසරෙදී...මගේ ෆස්ට් ලව් එක ඉස්සර අපේ මාමා බැදපු එයාගේ වයිෆ්ට..පොඩි කාලේ ඉතින් ඔව්වා තේරෙනවයෑ...😋
     
    Last edited:

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    cover2.jpg
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    1st love එක 4 වසරෙදි, ඉස්සර ගැනු ලමයි පිරිමි ලමයි එකටනෙ වාඩි වෙන්නෙ, මගෙ වම් පැත්තෙ හිටපු කෙල්ල,....
    පන්තියෙ පලවෙනියා වෙන්නෙ කෙල්ලෙක් ඒකි දකුනු පැත්තෙ, දෙවනියා මම, මම මැද, ඒ නිසා අපි දෙන්නා ලගට මගෙ ක්‍රශ් එක දාලා තිබ්බෙ ඒකි ටිචර් කෙනෙක්ගෙ දුවෙක් නිසා,:love:
    ඒකි ගැන ක්‍රශ් එකක් තිබ්බා, ඒත් ලව් කරන්න තේරුමක් තිබ්බෙ නැ,

    ඉස්සර ඉතින් ටෙලිනාට්ය බලා ඔවා ගැන කතා කරනවනෙ, ඉතින්, කලින් දවසෙ තිබ්බා ඔහොම යලුවෙන්න අහලා ලව් කරන සින් එකක්, මේකි කිව්ව අපි දෙන්නත් යලු වෙමු, ලොකු වෙලා බදිමු කියලා,
    ඔන්න ඉතින් නොතෙරුම් කමට යාලු උනා, ඊට පස පස්සෙ මට අර පන්තියෙ පලවෙනි යා වෙන කෙල්ල එක්ක කතා කරන්න තහනම්, ඒකි මට එහා පැත්තෙ ඉදලත්,, අල්ලන සෙල්ලම් කරද්දි මට අල්ලන්න පුලුවන් ඒකිව විතරයි, කරන වැඩ ඔක්කොම ටිචර්ට පෙන්නන්න කලින් ඒකිට පෙන්නන්න ඔන, පුරුශ හින්සනය පටන් ගත්තා 4 වසරෙන්ම, :love:

    ඒකි මුලු බැජ් එකේම හිටපු ලස්සනම කෙල්ල, සුදුම සුදුයි, ඒ කාලෙම කොන්ඩෙ දිගයි දනිහිස ලගට, තාමත් ඒකි තරම් ලස්සනට මට වෙන කෙල්ලෙක් ව පෙනිලා නැ,,
    ඒකි නිසාම ම‍ං ගොඩක් උන් එක්ක වලි දාගත්තා ඒ කාලෙම,
    තව කොල්ලෙක් හිටියා අපේ පන්ති වල ඒකිගෙ ගෙවල් පැත්තෙ එකෙක්, ඌ කලින්ම කියව කියව හිටියා ඌත් එක්ක ඒකි යලු වෙලා ඉන්නෙ කියලා, 3 වසරෙ ඉදන්ම,
    ඔහොම ඉද්දි දවසක් මූ ඉදලක් දාලා මේකිගෙ ගව්ම උස්සලා, හෙන වලියක් ගියා ඩෙස් පෙරලගෙන, ඌට දුන්නා මං හොම්බ තැලෙන්න, අරකිගෙ වීරයා මං එදා ඉදන්,,

    ඔහොම යද්දි,, 5 වසරෙන් ලව් එකට කන කොකා ඇඩුවා, මම ශිශත්වෙ පාස් උනා, ඒකි ෆේල් උනා, මම ලොකු ඉස්කොලෙකට ගියා, අරකි ඒකෙම හිටියා,
    හැම දාම ඉස්කෝලෙ ඇරිලා යද්දි දකිනවා, ඒකිත් බලනවා, ඒත් ඒ ආදරෙ හිත ඇතුලෙම එහෙමම සීතල උනා, :love:

    මේකි AL කරන්න අපේ ඉස්කෝලෙට ආවා, ඒ වෙද්දි මටත් හතර වටේ ලව්, ඒකිත් මගෙම යලුවො දෙතුන් දෙනෙක් එක්කම යලු වෙලා ඒ වෙද්දි,

    ඒත්... ඒකිව දැක්කම අර 4 වසරෙ දැනුන ආදරෙම දැනුනා හැම දාම,,,, අත හෝදන්න ටැප් එක ලගට යද්දි, උදෙ රැස්වීමට ගිහින් එද්දි අපි ඇස් වලින් කතා කරනවා, ඒත් කවදාවත් ඇත්තට කතා කලේ නැ,,,

    ඔහොම ගිහින් AL ඉවර උනා, අන්තිමට ජෙනරල් ඉන්ග්ලිශ් දවසෙ හැමොම මුලු මුලු අස්සෙ ලව්, මගෙත් එක්ක හිටපු යලුවත්, කෙල්ලෙක් එක්ක කතාවක්, මම හෙමීට ඉස්කෝලෙ ගේට් එක පැත්තට ආවා, එදා ඉතින් නිල් ගහගෙන, ශර්ට් වල අත්සන් කරලා, මඩ නාලා එකම විකාරයයි,

    ඔකොම මම ගේට් එක ලගට එද්දිම.,,,,
    එද්දිම. . .K... කියලා කතා කරා,,,, මගෙ දනිස් දෙකත් එක්ක හිරි වැටුනා,,, ඒ තරම් මං ඒ කටහඩ අහන්න ආසයි,...
    කොන්ඩ කරල් දෙකක් උඩට බැදලා, සුදු කොට ගව්මක් ඇදන්, කලු ෆයිල් එකක් තුරුල් කරන් ආවා මගෙ ලගට, ඇවිත් ඇහුවා තනියම කොහෙද යන්නෙ කියලා, මං කිව්වා මගෙ යලුවා එක්ක ආවෙ මූ කොහෙද ගියා කියලා, ඒතකොට අරකි කිව්ව, ඔව් ඔක්කොම තැන් තැන් වල මට කවෘත් නැ, ඔයාව දැක්ක ගමන් දුවලා ආවා කියලා... . :love:

    ඔහොම දන්නෙම නැතුව කතාව පිට දෙන්න හෙමින් හෙමින් ඉස්කොලෙන් එලියට ආවා, එත්කොට අපි චුටි කාලෙ ගිය ඉස්කෝලෙ පේනවා, මම ඇහුවා ආයෙ ඒ කාලෙට යන්න තිබ්බා නම් නේද කියලා,
    ඒකි කිව්වා ඔව් එහෙනම් මමත් ශිශත්වෙ පාස් වෙනවා කියලා, ,,, හාර්ට් එක එක බීට් එකක් ස්කිප් කරා ඒකට නම්,,, :love:

    ඔහොම හිනා වෙවි ටිකක් දුර එද්දි යලුවො ටික ආවා, අවුරුදු ගානක් බලන් ඉදලා එදා කතා කලා,,, වචනයක් දෙකක්.. :love:

    කොච්චර කැලි හිටියත්, මට ඒකි එක්ක කතා කරන්න බැ පැටලෙනවා, AL කියන්නෙ කැලි ඕන තරම්, උදේ ටෝක් කරලා එදාම කිස් කරපු අවස්තා තිබ්බා ඒ දවස් වලත්, එකි මේකි ලග මම වෙව්ලනවා, ඒකිත් එහෙමයි ...

    ඒකි කැම්පස් ගියා, එකම එක දවසක් දැක්කා කැම්පස් එක ලග පාර මාරු වෙනවා, ආයෙත් ගොඩක් කාලයක් දැක්කෙ නැ, එෆ්බී වත් හිටියෙ නැ ඒකි,

    කොහොම හරි,, සැහෙන්න කලෙකට පස්සෙ ආයෙ දෙන්න හම්බ උනා instergram වල. හම්බ උන දවසෙ ඉදන් එක දිගට නිදිමරාගෙන මාස ගානක් චැට් කලා. දවසාට් පැයයි දෙකයි නිදාගත්තෙ,

    ඒත් ඒ වෙනකොටත් අපි දෙන්නම බැදලා, තාමත් හැම දාම වගේ මැසේජ් එකක් දානවා, ඒත් ලව් කරන්නෙ නැ,

    ඒකි ෆොටොස් ඉන්ස්ටා දාන්න කලින් මට එවනවා, වැඩක් කරන්න කලින් මගෙන් කරන්නද අහනවා,,
    කොන්ඩෙ පාට කරන්න ටැටු එකක් ගහන්න කලින් අහනවා, මොනා කලත් ඉස්සර වෙලාම කියන්නෙ මට,,
    ඒකිට ටික්ටොක් එකක් තියෙනවා ෆේක් නමකින්, අදුරන අයට ඉන්නෙ මම විතරයි...
    අවෘරුදු 23 ක් ගත වෙලත් තාම ඒකි Hi කිව්වම ඇගම සීතල වෙලා යනවා,
    කෝල් එකක් ගත්තම තාම දෙන්නටම කතා කරගන්න බැ, ගොඩක් වෙලා බකමූනො වගෙ ඉදලා ඔයා බිසි නෙද කියලා පස්සෙ ගන්නම් කියලා තියනවා,,,,


    ලස්සනම ආදරෙ පලවෙනි ආදරෙ, ඒදා කියාගන්න බැරි උන දේ තාමත් කියගන්න බැ,,,

    ---EDIT----- මේ අද චැට් එකෙන් පොඩි ස්කීන් එකක්,, පව්නේ අපි දෙන්නා,,,
    s.JPG
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,238
    113
    34
    Kalutara
    අපේ ෆර්ස්ට් ලව් වලට ෆීලින් එද්දී සෑහෙන්න පරක්කු වෙලා. අනික් උන්ට 7-8 වසරේදි කෙල්ලෝ ගැන ෆීලින් එද්දී මට ආවේ ඒ ලෙවල් වලදී.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    6 වසරේ වගේ ඇති. මගේ ජීවිතේ හිටපු තාමත් ඉන්න එකම Crush එක.ඒත් එයා මාව තඹේකට ගනන් ගන්නේ නෑ.දැනට අවුරුදු 15 කින් මන් එයාව ඇත්තට දැකලත් නෑ කතා කරලත් නෑ. ඒත් තාම හැමදාම හැම මොහොතකම මතකයේ ඉන්නවා එයා. සතියකට දවස් 2 ක් විතර හීනෙන් දකිනවාමයි. දැන් ඉතින් එයා ලංකාවෙත් නෑ.මට Marry කරන්න හිතෙන්නේ නෑ. එයාවම ඕනේ කියලා හිතෙනවා. ඒත් ඒ වෙනුවෙන් මට කරන්න පුලුවන් දෙයකුත් නෑ. ඔහේ බලාගෙන ඉන්නවා ඇරෙන්න. මගේ ජීවිතේ මන් ගොඩක්ම අසරණ වෙච්ච තැනක් මේ සිද්ධිය
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මං එතකොට 9 වසරේ.අපේ ගෙවල් ගාව ගෙදරකට කෙල්ලෙක් ආවා.එයාගෙ අම්ම රට ගියපු නිසා පුංචි ගාවට ඇවිල්ලා.මගෙ හොඳම යාලුවත් ඒ ගෙදර හිටියේ.මම ගියා ටවුන් එකේ ඉස්කෝලෙකට.එයා ගියේ ගමේ ඉස්කෝලෙකට.කොහොමහරි යාලුවා හරහා කතා බහ කරා.එක බස් එකේ ගියා.ලව් එක ප්‍රකාශ කිරීමක් උනේ නෑ.ඒ තත්වෙට ආවා.ක්ලාස් ඇරිලා එද්දි බස් එකේ පෙම් මුල්ලෙත් ආව යකෝ.9 වසරෙ එකෙක් කෙල්ලෙක් එක්ක බස් එකේ පෙම් මුල්ලෙ යන එක පිස්සුනේ.එක පාරටම කෙල්ල වැඩේ නැවැත්තුවා.ඇයි දන්නෑ.මං හෙන අවුලෙන් හිටිය මතකයි.ඉවර උනාට පස්සෙත් අපි කතා බහ කරා.පොත් එහෙම මාරු කරගත්තා.ඒත් මට එයා එක්ක එහෙම ඉන්න එක හෙන අපහසුවක් දැනුනා.ඉතින් මම ටික ටික කතා බහ කරන එක නැවැත්තුවා.දැනුත් එයා අපේ ගෙවල් ගාව ඉන්නවා.දැන්නම් පාරෙදි දැක්කත් කතා කරන්නෙ නෑ.දෙන්නම බිම බලන් යනවා
     

    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    අපේ ෆර්ස්ට් ලව් වලට ෆීලින් එද්දී සෑහෙන්න පරක්කු වෙලා. අනික් උන්ට 7-8 වසරේදි කෙල්ලෝ ගැන ෆීලින් එද්දී මට ආවේ ඒ ලෙවල් වලදී.
    ubata awilla athi feel ekak. podi kaale hinda therenne nathuva athi. podi kaale ena evva love nemei bn infatuations.
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    එයා පෑනක් යුස් කරලා දාලා ගියත් ඒ පෑනෙත් එයාගේ ස්මෙල් එක එන තරම්
    This is sus...

    මට ඉතින් එහෙමටම කියල ලොකු සීන් එකක් නෑ.
    මම 9 දි එකකට හිත ගිය. ඕක අපේ කොල්ලො සෙට් එක දැන ගෙන ඒකිව සෙට් කරන්න ට්‍රයි කරා හරිගියේ නෑ. ඒකි OL ෆේල්.ඊටපස්සෙ දැකල නෑ.
    ------ Post added on Jan 5, 2022 at 12:18 AM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොහේ හෝ නුඹ නතර වී
    කාට හෝ ජීවිතය වී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොව්වුනට කම් නැති

    උන්නු දා අපි අපේ වී නුඹ
    දුන්නු සෙනෙහස අරුමැති
    ලෝබ නෑ සිත අහිමිදා අද
    මමත් දැන් මට හිමිනැති

    නුඹ ළගත් මතකය ඇති
    නමුදු අපි වෙන්වී ඇති
    එපා රිදව්ම් ගන්න දිවියට
    අපිට හිමි ජිවිත ඇති.........