he hee ehema thamaiy hamotama.ow mchn, thamath mara widiyata mathak wenawa bn, pattama aul, ara adare kiyana eka thamath hithe thiyenawa
he hee ehema thamaiy hamotama.ow mchn, thamath mara widiyata mathak wenawa bn, pattama aul, ara adare kiyana eka thamath hithe thiyenawa
අපෙත් හිටිය සල්ලිකාර කෙල්ලෙක් ත්‍රීවිල් පදින කොල්ලෙක් එක්ක යාලුවෙලා පැනල ගිහිං මාස ගානක් හෙව්ව හොයාගන්න බැරිය්නා තාත්ත තිබ්බ සේරම විකුණල දා ල රට ගියා කෙල්ල විතරයි හිටියෙ දැන් අනාත වෙලා ඇති කෙල්ලතව සීන් එකක් මතක් උනා අපි 3 වසරෙද කොහෙද හිටියෙ මගේ යාලුවෙක් හිටියා ඒකගෙ කෑල්ල කියලා 2 වසරේ හරි 3 වසරෙ වෙන පන්තියක ඉඳපු කෙල්ලෙක්ට අර පොත් වල අලවන තරු කාඩ් ගිහින් දෙනවා, ඒ කාලෙ ඒව කාඩ් එකක් රුපියලයිද කොහෙද, ඌ සෑහෙන කාලයක් කරා ඔය වැඩේ, ඒකිත් ගන්නවා ගිහින් දෙන ඒව
ඌට පුදුම කෙල්ලො පිස්සුවක් තිබ්බෙ, මූ වෙන ඉස්කෝලෙකට ගියා 5 වසරෙන් වගේ, අන්තිමට කෑලී සීන් නිසාම ඉගෙන ගන්න එකත් කඩාකප්පල් කරගෙන O/L ත් ෆේල් උනා පස්සෙ අපි A/L කරන්නත් කලින්ම ඉස්කෝලෙ යන කෙල්ලෙක් පන්නගෙන ගියා.
ඉඳල හිටල හම්බෙනවා ඒ කාලෙ හොඳට ඉගෙන ගන්න පුලුවන් එකෙක්, කෑලි සීන් නිසාම නන්නත්තාර උනා ඌ
මේව අමාරුවෙන් ටයිප් කරලා දාන්නෙ මේකෙ ඉන්න පොඩි එවුන්ට එහෙම මේව බලල හැදෙන්න කියලා

සොඳුරු මතක සිත පිරේ... ඒ හැඟුම් රස ගෙනේ... මිහිරි මතක හද රැඳේ..හද රැඳේ

අඩෝ මටත් ඔහොම සීන් එකක් තියනවා.1st love එක 4 වසරෙදි, ඉස්සර ගැනු ලමයි පිරිමි ලමයි එකටනෙ වාඩි වෙන්නෙ, මගෙ වම් පැත්තෙ හිටපු කෙල්ල,....
පන්තියෙ පලවෙනියා වෙන්නෙ කෙල්ලෙක් ඒකි දකුනු පැත්තෙ, දෙවනියා මම, මම මැද, ඒ නිසා අපි දෙන්නා ලගට මගෙ ක්‍රශ් එක දාලා තිබ්බෙ ඒකි ටිචර් කෙනෙක්ගෙ දුවෙක් නිසා,
ඒකි ගැන ක්‍රශ් එකක් තිබ්බා, ඒත් ලව් කරන්න තේරුමක් තිබ්බෙ නැ,
ඉස්සර ඉතින් ටෙලිනාට්ය බලා ඔවා ගැන කතා කරනවනෙ, ඉතින්, කලින් දවසෙ තිබ්බා ඔහොම යලුවෙන්න අහලා ලව් කරන සින් එකක්, මේකි කිව්ව අපි දෙන්නත් යලු වෙමු, ලොකු වෙලා බදිමු කියලා,
ඔන්න ඉතින් නොතෙරුම් කමට යාලු උනා, ඊට පස පස්සෙ මට අර පන්තියෙ පලවෙනි යා වෙන කෙල්ල එක්ක කතා කරන්න තහනම්, ඒකි මට එහා පැත්තෙ ඉදලත්,, අල්ලන සෙල්ලම් කරද්දි මට අල්ලන්න පුලුවන් ඒකිව විතරයි, කරන වැඩ ඔක්කොම ටිචර්ට පෙන්නන්න කලින් ඒකිට පෙන්නන්න ඔන, පුරුශ හින්සනය පටන් ගත්තා 4 වසරෙන්ම,
ඒකි මුලු බැජ් එකේම හිටපු ලස්සනම කෙල්ල, සුදුම සුදුයි, ඒ කාලෙම කොන්ඩෙ දිගයි දනිහිස ලගට, තාමත් ඒකි තරම් ලස්සනට මට වෙන කෙල්ලෙක් ව පෙනිලා නැ,,
ඒකි නිසාම මං ගොඩක් උන් එක්ක වලි දාගත්තා ඒ කාලෙම,
තව කොල්ලෙක් හිටියා අපේ පන්ති වල ඒකිගෙ ගෙවල් පැත්තෙ එකෙක්, ඌ කලින්ම කියව කියව හිටියා ඌත් එක්ක ඒකි යලු වෙලා ඉන්නෙ කියලා, 3 වසරෙ ඉදන්ම,
ඔහොම ඉද්දි දවසක් මූ ඉදලක් දාලා මේකිගෙ ගව්ම උස්සලා, හෙන වලියක් ගියා ඩෙස් පෙරලගෙන, ඌට දුන්නා මං හොම්බ තැලෙන්න, අරකිගෙ වීරයා මං එදා ඉදන්,,
ඔහොම යද්දි,, 5 වසරෙන් ලව් එකට කන කොකා ඇඩුවා, මම ශිශත්වෙ පාස් උනා, ඒකි ෆේල් උනා, මම ලොකු ඉස්කොලෙකට ගියා, අරකි ඒකෙම හිටියා,
හැම දාම ඉස්කෝලෙ ඇරිලා යද්දි දකිනවා, ඒකිත් බලනවා, ඒත් ඒ ආදරෙ හිත ඇතුලෙම එහෙමම සීතල උනා,
මේකි AL කරන්න අපේ ඉස්කෝලෙට ආවා, ඒ වෙද්දි මටත් හතර වටේ ලව්, ඒකිත් මගෙම යලුවො දෙතුන් දෙනෙක් එක්කම යලු වෙලා ඒ වෙද්දි,
ඒත්... ඒකිව දැක්කම අර 4 වසරෙ දැනුන ආදරෙම දැනුනා හැම දාම,,,, අත හෝදන්න ටැප් එක ලගට යද්දි, උදෙ රැස්වීමට ගිහින් එද්දි අපි ඇස් වලින් කතා කරනවා, ඒත් කවදාවත් ඇත්තට කතා කලේ නැ,,,
ඔහොම ගිහින් AL ඉවර උනා, අන්තිමට ජෙනරල් ඉන්ග්ලිශ් දවසෙ හැමොම මුලු මුලු අස්සෙ ලව්, මගෙත් එක්ක හිටපු යලුවත්, කෙල්ලෙක් එක්ක කතාවක්, මම හෙමීට ඉස්කෝලෙ ගේට් එක පැත්තට ආවා, එදා ඉතින් නිල් ගහගෙන, ශර්ට් වල අත්සන් කරලා, මඩ නාලා එකම විකාරයයි,
ඔකොම මම ගේට් එක ලගට එද්දිම.,,,,
එද්දිම. . .K... කියලා කතා කරා,,,, මගෙ දනිස් දෙකත් එක්ක හිරි වැටුනා,,, ඒ තරම් මං ඒ කටහඩ අහන්න ආසයි,...
කොන්ඩ කරල් දෙකක් උඩට බැදලා, සුදු කොට ගව්මක් ඇදන්, කලු ෆයිල් එකක් තුරුල් කරන් ආවා මගෙ ලගට, ඇවිත් ඇහුවා තනියම කොහෙද යන්නෙ කියලා, මං කිව්වා මගෙ යලුවා එක්ක ආවෙ මූ කොහෙද ගියා කියලා, ඒතකොට අරකි කිව්ව, ඔව් ඔක්කොම තැන් තැන් වල මට කවෘත් නැ, ඔයාව දැක්ක ගමන් දුවලා ආවා කියලා... .
ඔහොම දන්නෙම නැතුව කතාව පිට දෙන්න හෙමින් හෙමින් ඉස්කොලෙන් එලියට ආවා, එත්කොට අපි චුටි කාලෙ ගිය ඉස්කෝලෙ පේනවා, මම ඇහුවා ආයෙ ඒ කාලෙට යන්න තිබ්බා නම් නේද කියලා,
ඒකි කිව්වා ඔව් එහෙනම් මමත් ශිශත්වෙ පාස් වෙනවා කියලා, ,,, හාර්ට් එක එක බීට් එකක් ස්කිප් කරා ඒකට නම්,,,
ඔහොම හිනා වෙවි ටිකක් දුර එද්දි යලුවො ටික ආවා, අවුරුදු ගානක් බලන් ඉදලා එදා කතා කලා,,, වචනයක් දෙකක්..
කොච්චර කැලි හිටියත්, මට ඒකි එක්ක කතා කරන්න බැ පැටලෙනවා, AL කියන්නෙ කැලි ඕන තරම්, උදේ ටෝක් කරලා එදාම කිස් කරපු අවස්තා තිබ්බා ඒ දවස් වලත්, එකි මේකි ලග මම වෙව්ලනවා, ඒකිත් එහෙමයි ...
ඒකි කැම්පස් ගියා, එකම එක දවසක් දැක්කා කැම්පස් එක ලග පාර මාරු වෙනවා, ආයෙත් ගොඩක් කාලයක් දැක්කෙ නැ, එෆ්බී වත් හිටියෙ නැ ඒකි,
කොහොම හරි,, සැහෙන්න කලෙකට පස්සෙ ආයෙ දෙන්න හම්බ උනා instergram වල. හම්බ උන දවසෙ ඉදන් එක දිගට නිදිමරාගෙන මාස ගානක් චැට් කලා. දවසාට් පැයයි දෙකයි නිදාගත්තෙ,
ඒත් ඒ වෙනකොටත් අපි දෙන්නම බැදලා, තාමත් හැම දාම වගේ මැසේජ් එකක් දානවා, ඒත් ලව් කරන්නෙ නැ,
ඒකි ෆොටොස් ඉන්ස්ටා දාන්න කලින් මට එවනවා, වැඩක් කරන්න කලින් මගෙන් කරන්නද අහනවා,,
කොන්ඩෙ පාට කරන්න ටැටු එකක් ගහන්න කලින් අහනවා, මොනා කලත් ඉස්සර වෙලාම කියන්නෙ මට,,
ඒකිට ටික්ටොක් එකක් තියෙනවා ෆේක් නමකින්, අදුරන අයට ඉන්නෙ මම විතරයි...
අවෘරුදු 23 ක් ගත වෙලත් තාම ඒකි Hi කිව්වම ඇගම සීතල වෙලා යනවා,
කෝල් එකක් ගත්තම තාම දෙන්නටම කතා කරගන්න බැ, ගොඩක් වෙලා බකමූනො වගෙ ඉදලා ඔයා බිසි නෙද කියලා පස්සෙ ගන්නම් කියලා තියනවා,,,,
ලස්සනම ආදරෙ පලවෙනි ආදරෙ, ඒදා කියාගන්න බැරි උන දේ තාමත් කියගන්න බැ,,,
---EDIT----- මේ අද චැට් එකෙන් පොඩි ස්කීන් එකක්,, පව්නේ අපි දෙන්නා,,,
View attachment 156211
plz ahinsaka thread eka narak karanna epa !1st love eka amry eke doctor kenek
fb eken set une
Katata dunna kukku iruwa
Passe break up una
![]()
මම ලියපු එකක් නෙවෙයි බං කරුණාරත්න දිවුල්ගනගේ කියන ලස්සන සිංදුවක් ඔය. වෙලාවක අහලා බලපන් පට්ට සිංදුව. අපෝ දාලා ගිය එක ගැන කිසිම අවුලක් නෑ. මොකද ඒකී දාලා ගිය නිසා තමයි මට රත්තරන් ගෑණියෙක් හම්බවුණේ.යන උන්ට යන්න දෙන්න ඕන බං බලෙන් මොනවා ගත්තත් ආදරේ කියන එක ගන්න බෑ. එහෙම හිත රවට්ටගන්න යාප්පුවෙන් බැදගත්ත ඒවා තමයි පස්සේ ළමයින් දෙතුන්දෙනෙක් එක්ක මිනිහව දාලා වෙන එකෙක් එක්ක පැනලා යන්නේ. එහෙම වෙනවට වඩා මුලදීම යන්නවා නම් පලයන් කියලා අතාරින්න ඕනLassanai
Oyada liwwe?
Guys ubalawa dala giya kellanta ubala waira karanne nedda bn?
------ Post added on Jan 5, 2022 at 6:53 AM
school time love ekakda? kauda elakiriye dial eka?First love eka nowunath godak love karapu ekak Elakiriyema ekek benda.![]()

You touched my ❤ niggaමොනව උනත් පලමු ආදරේ කියන්නෙ හරිම සුන්දර වචන වලින් කියන්න බැරි තරම් හැගීමක්.......
මමත් 9 වසරේදි ලස්සන කෙල්ලක්ට ආදරේ කලා. ඒත් අපි දෙන්න හිටියේ ස්කෝල දෙකක. මම මිනුවන්ගොඩ එයා නිට්ටබුවෙ. අපි හම්බ උනේ OL ඉංග්‍රීසි පන්තියෙදි තව සමාජ අද්ධයන පන්තියෙදි.... හරිම අහින්සක තැම්පත් ලමයෙක් ...අපි ඉංග්‍රීසි පන්තියෙදි වචනයක්වත් කතා කරලා නෑ .. හැබැයි ඇස් වලින් මම පැය ගනන් අපි දෙන්න කතා කලා.
සමාජ අඩ්‍ය්න පන්ති යන්න අපි දෙන්නම වේයන්ගොඩින් බස් එකට නගින්නෙ. සමහර දවස් වලට එයා බස් එකට එනකන් මන් බලන් ඉන්නවා. එයා එනව අපි හිනා වෙනව එකම බස් එකේ නැගල පන්ති යනවා. අපි OL පන්තියෙ අන්තිම දවසෙ පොඩි පාර්ටි එකක් දැම්ම. එදා ගත්ත එයාගේ පොටෝස් අදටත් මන් ගාව තියනවා.
අපි OL පාස් උනා . මන් AL Maths කලා එයා AGRI (BIO) කලා. අපි ආය ගම්පහදී හමු උනා. කේසිරි සර්ගේ පන්තියෙදි. ඒ දවස් වල මම උදේම වේයන්ගොඩ Railway Station එකට යනවා. බලන් ඉන්නවා එයා එනකන් . එයත් එන්නෙ මන් කොහෙද බලාන.අපි ගම්පහින් බැහැල. කේසිරි සර් පන්ති කරපු සමාධියට යන්නෙ පයින්. කවදාවත් ආදරේ ගැන කතා කරල නෑ.
එත් දවසක් මගේ හිතේ තියන ඔක්කොම දේ කොලයක ලියලා එයාට දුන්න. ඒක කියවපු එයා එදාම පිලිතුරු දුන්නා.....මන් ලියපු කොලයත් මට ආපහු දුන්නු එයා.... මේ මොනාද ලියලා තියෙන්නෙ .... මන් කැමති නෑ ඕවට....මගෙ මුන දිහා බලන් හිටිය එයා යන්න ගියා.....
ඊට පස්සෙ මාසයක් විතර යනකන් එයාව දැක්කෙ නා. එය පන්තියත් මාරු කරල තිබ්බ. ඊට පස්සෙත් එයා Train එකට අවා. හැබැයි මන් ගාවට ආවෙ නෑ. ඒත් එයාට නොදැන්නෙන්න. මන් එයා පස්සෙන් ගියා. එයා class ඇරිල එද්දි එයාගෙ බස් එක එනකන් එයා එකෙ නැගල යනකන් මන් එයාට නොදැනෙන්න තනි රැක්ක.
කාලය ගෙවිල ගියා. AL ඉවර උනා . අපි ජොබ් ව්ලට ගියා. අවුරුදු ගානකින් අයෙත් එයා හම්බ උනා. අපි අයෙත් සුහද උන්නා.ඉද හිට හම්බ උනා. දෙවෙනි පාරටත් මම එයාගෙන් අහනවමයි කියල හිත හදා ගත්තා. එත් මොන කරුමයකටද මන්ද එදාම එයා කවුද කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා මන් ගාවින්ම ගියා මාව නොදැක්ක වගේ.
මුලු ලොකෙම එදා කඩාගෙන වැටුනා.... හොන්දට මතකයි මන් එදා වෙයන්ගොඩ ස්ටෙශන් එකේ පැය ගානක් බන්කුවක් උඩට වෙලා කල්පනා කෙරුවා....
කාලය ගෙවිල ගියා. එයා ගැන ආරන්චියක් නැතුව ගියා. ඒත් පස්සෙ දැන ගත්තා එයා මැරි කරලා Japan ගියා කියලා. එයා බැදපු පොරත් මන් දන්න එකෙක්. මන් මාර සතුටු උනා එයාල සතුටින් ඉන්නව කියල දැනගත්තම.
ඒත් මෙ ලගදි ආරන්චි උනා එයාගෙ පොඩි දුව නැති වෙලා කියල. එයා FB නෑ. එත් එයගෙ නන්ගිගෙ FB එකෙන් මන් එයගෙ පොටොස් බලනව. එදා හිටිය අර ලස්සන කෙල්ල , මහා දුකක් හිති තිආගෙන ඉන්නවා වගෙ එ හැම පොටො එකකම මට පෙන්නෙ.
බලාපොරොත්තුවෙන් ඉන්නවා ජිවිතයේ කවදම හරි දවසක එයත් එක්ක අයෙත් එක පාරක් කතා බහ කරන්න.
"හොදම මිතුරිය අහිමි කර ගතිමි මම ඇයට අදරය කල නිසාවෙන්""
එයා මගෙ ලියුම ආපසු දුන්නු දවසෙ මට ලියවුන නිසදැස.
අද දරුව්න් දෙදෙනෙකුගෙ පියෙක් උනත්, ආදරනීය බිරිදක් සිටියත්, මගෙ පලමු අදරයේ ඇය හරිම ආදරනීය විදියට අදටත් මගෙ හිත තුල ඉන්නවා.
daham pasal love ekak.school time love ekakda? kauda elakiriye dial eka?![]()
