ඉස්කෝල කාලෙ එක වසරෙ ඉඳන් a/l වෙන කම්ම හෙනම ෆිට් එකේ ඉඳල, කෙලින්න ඕන ඔක්කොම පිස්සු එකට කෙලල අන්තිමේ හොඳ හොඳ තැන් වලට ගිය උන් එහෙම යන්න බැරි උන උන්ව පස්සෙ සතපහකට ගනන් ගන්නැති උනාම පට්ට දුකයි නේ බන්?
මගේ ගොඩක් යාලුවො ගොඩක් හොඳ තැන්වල ඉන්නව ඩොකාලම ඉන්නව 16ක්. තව ඉන්ජො, බෑන්ක් මැනේජර්ස්ල, රජයෙ එක එක දෙපාර්තමේන්තුවල.
එහෙම ඉගෙන ගත්තෙ නැතත් වෙන වෙන දේවල් කරල හෙන සල්ලි කාරයො වෙච්ච යාලුවොත් ඉන්නව. මට එහෙම ඔය දෙපැත්තෙන්ම ගොඩ යන්න බැරි උනා මම සාමාන්‍ය Private job එකක් කරන් ඉන්නේ. වාහන, ලොකු ගෙවල් නෑ. මහ ගෙදර ඉන්නේ පදින්නේ ඉන්දියන් බයික් එකක්.
දුක කියන්නේ බන් එක වසරෙ ඉඳන් එක සහෝදරයො වගේ හිටිය මුන් දැන් මාව සත පහකට ගනන් ගන්නෑ. හමුඋනත් ලාවට හිනා වෙලා පුලුවන් ඉක්මනට මගඇරල යන්න බලන්නේ. උදව්වක් ඉල්ලුවට මළාට කරන්නෑ. හොස්පිටල් එකේදි දැක්කත් නොදැක්ක වගේ යනව.
උන්ගෙ ෂොප් එකකට බඩුවක් ගන්න ගියත් සාමාන්‍ය වෙන බඩුගන්න ආප එකෙක් ගානට දාල කලින් ආපු හැම එකාගෙම වැඩ ඉවර කරලතමයි කරල දෙන්නේ. කතා කරන විදියෙන් උනත් කිසි හිතවත්කමක් නෑ. කිසි විශේෂයක් නෑ.
මම මුන් එක්ක බලෙන් කතා කරන්න යන්නෑ. ඒත් අර දැක්කම පොඩි කාලෙ ඉදන් එකට හිටිය එකා නේ කියල හිතෙනව. මං ලඟ පොඩි කාලෙ ඉස්කොලෙ කාලෙ ගහපු ෆොටෝස් සෑහෙන්න තියෙනව. දැන් දැක්කම හෙන අවුල් බන්.
කාර්, ලොකු ජොබ්, ලොකු ගෙවල් ඕනෙද බන් යාලුවෙක්ව වෙනද වගේ ආශ්‍රය කරන්න. මේ දේවල් නැත්නම් නිකන්ම නිකන් එකෙක් වෙලානේ බන් සමාජයේ අද. මොකෝ අපි හැමදාම ඉන්නවයැ. මැරෙන මිනිස්සුනේ බන්.