මචන්. පොල් මිල වැඩිවීම කියන එක ඔහොම සරලවම කියන්න පුළුවන් දෙයක් නෙමේ.
ඇත්තටම කිව්වොත් පොල් ඉඩම් කියන්නේ අතින් පාඩු වැඩක්. ගිය අවුරුද්ද්දේ පොල් මිල රු.65-70 ගියේ. වතු වලින් විකුණන මිල.
එතකොට අක්කර 1 කින් පොල් ගෙඩි 500 අවොත් (500 එන්නෙත් නැහැ ගොඩක් ඉඩම් වල). එක ගෙඩියක් රු.70 ගානේ ගෙඩි 500 ට අදායම රු.35000. මේ අදායම මාස දෙකකට. එතකොට මාසෙට කියක් ද බලන්න දෙකට බෙදුවහම රු.17500 එන්නේ මාසෙකට. පොල් අක්කර එකක් කුලියාපිටිය, හලාවත වගේ පැති වල රු.ලක්ෂ 65 වගේ වෙනවා. එතකොට රු.ලක්ෂ 65 වියදම් කරලා කවුද බන් රු.17500 මාසෙකට ගන්න කැමති.
ඔය හේතුව නිසා, ගොඩක් කොළඹ ව්‍යාපාර කරන අය, පිටරට ඉන්න අය පොල් ඉඩම් ඔහේ තියෙනවට තිබ්බ මිසක් සත්තු කරන්න එහෙම යන්නේ නැහැ. අවුරුදු ගානක් සත්තු නොකර තිබ්බහම පලදාව සහ පොල් ගහ ලෙඩ වලට ඔරොත්තු දෙන්නේ නැතුව යනවා.
තව අවුරුදු දෙක තුනකින් පොල් ගෙඩියක් අනිවා රු.300 වෙනවා වතු වලින් ගන්න මිල. මාළු පොල් රු.350 වගේ වෙයි.
අද පොල් හිටවල මාස 6 කින් හෝ අවුරුද්දකින් පොල් කඩන්න බැහැ. පොල් ගහ හිටවලා අඩුම අවුරුදු 5-6 යනවා ගහකින් ගෙඩි දෙක තුනක් කඩන්නත්. ගහේ ගෙඩි කඩෙනකම් අතින් වියදම් කරගෙන පොල් පැලය නඩත්තු කරන්න ඕන. ඔව්ව කවුද කරන්නේ ? අනික ඒ වෙලාවේ රු.65-70 නේ මිල. එතකොට ඉතින් මිනිස්සු පොල් ඉඩම් විකුණලා වෙන වෙන ව්‍යාපාර කරනවා.
ආණ්ඩුවෙන් පොල් මිල අඩු කරන්න රටින් පොල් කිරි, පොල් මද ගේනවා. ඔහොම ගෙන්න ගෙන්න වෙන්නේ වගාකරුවා වගාවෙන් ඇත්වෙන එක. මොකද මිල අඩු වෙන නිසා. ඔය සෙල්ලම හැමදාම කරන්න බැහැ. ඔහොම එක දිගටම ගෙනාවොත් අපිට තියෙන පිටරට පොල් කිරි Orders නැතුව යනවා. තව ඉතින් ලොකු දේවල් තියෙනවා පොල් වගාව කඩන් වැටෙන්න.
උබ කියන්නේ පොල් වතු වලින් වැඩි මිලට විකුනන්නේ කියන්නේ, උබ දන්නවද අක්කර එකකින් පොල් කඩෙන ප්‍රමාණය සහ මාසෙකට කියක් ද පොල් ඉඩමේ අයිතිකාරයට එන්නේ කියල ?
අක්කර එකකින් මේ ලංකවේ, මේ වෙලාවේ වතු වලින් Average කැඩෙන්නේ පොල් ගෙඩි 500. ඒ උපරිම.
එතකොට ගෙඩි 500 රු.65-70 වගේ ගණන් වලට නේ ගිය අවුරුද්දේ ගියේ. එතකොට මාස දෙකකට රු.35000 එන්නේ. මාසෙකට රු.17500.
දැන් පොල් ගෙඩිය 150 වෙනකොට ඉඩම් වල පොල් කැඩෙන්නේ අක්කර එකට ගෙඩි 350 වගේ. එතකොට ගෙඩි 350 x රු.150 = රු.52500 එන්නේ. මාසෙකට රු.26250 එන්නේ.
වතු වලින් පොල් මිල වැඩියෙන් විකුනන්නේ නැහැ. ඉල්ලුමට අනුව මිල වැඩි වෙනවා. තව අවුරුදු දෙකකින් අනිවා පොල් මිල රු.350 පනිනවා.
------ Post added on Jun 10, 2025 at 10:29 AM