අලුත් වාහන්වල වාහනේ රෝදවලට ගහන්න ඕනි හුළං ප්රමානය දොරේ හෝ වාහනේ කොහේ හරි ගහලා තියනවා. ඒත් බයික්වලට කොච්චර ගහන්න ඕනිද කියලා ප්රමාණයක් නෑනේ. CT100, Platinaවගේ ලංකාවේ බහුතරයක් දෙනා පදිනබයික් එකක් ගත්තොත් බහුතරයක් ටයර්කඩවල්වල අය ඉස්සරහට 30-35, පස්සට 35හෝ 40ක් ගහනවා. අලුතෙන් එන බයික්වල චේන් කේසින් එකේ ගහන්න ඕනි හුලං ප්රමාණය ගහලා තියනවා දැක්කා. ඒකේ තියෙන්නෙ ඉස්සරහට 25යි පස්සට 32යි වගේ අගයන් තිබ්බේ. ඉතින් මාත් නිකමට වගේඑ ගූගල් කරලා බැලුවා. වැඩේ ඇත්ත. ඉන්දියාවේ වෙබ් සයිට්වල, බජාජ් ඩීලස්ලගේ වෙබ් සයිට්, මැනුවල්වල පවා තියෙන්නේ ඒ ප්රමාණය. අපේ රටේ විතරක් මේ විදියට හිතුන හිතුන ප්රමාණ ගහන්නේ ට්රයර් කඩකාරයන්ගේ වාසියට නේද. උන් ඒ විදියට හුලං ගැහුවම ටයරය ඉක්මනින් ගෙවිලා අයින් කරන මට්ටමට එනවනේ. අනිත් වාහනවලටත් ගහන්න ඕනි ප්රමාණය දන්නෙ නැත්නම් උන් ගහන්නේ 35-40 අතරේ ප්රමාණයක්.
උබලට මොකද මේ ගැන හිතෙන්නේ??? උබලා හුළං ගහන ප්රමාණය මොකක්ද
මේවා සර්ව් කරන අස්සේ එළකිරියෙම වීඩියෝ එකකුත් දැක්කා. මේකත් හොද වීඩියෝ එකක්. කැමති උන් බලපල්ලා
උබලට මොකද මේ ගැන හිතෙන්නේ??? උබලා හුළං ගහන ප්රමාණය මොකක්ද
මේවා සර්ව් කරන අස්සේ එළකිරියෙම වීඩියෝ එකකුත් දැක්කා. මේකත් හොද වීඩියෝ එකක්. කැමති උන් බලපල්ලා