මචන්, උඹ මේකේ ඉන්න අනිත් එවුන් වගේ නැතුව ලස්සනට තර්කානුකුලව කතා කරනවා. කුණුහරප කියන්නෙත් නෑ. මම උඹට මේ ටික ඊයෙත් කිව්වා. ඒත් උඹ ඒ දේ ආයුධයක් කරගෙන කරන්න හදන්නේ රත්තරන්ව charter කරන්න හදන එක. මම හොඳට බලන් හිටියේ උඹ දාන reply දිහා. ඒ හැම එකකදීම උඹ උත්සාහ කරලා තිබ්බේ රත්තරන්ව charter කරන්න. හැබැයි උඹ පෙන්නන්න හදන්නේ උඹ වීවෘත මනසකින් මේකේ කතා කරන එකෙක් කියල. උඹ එහෙම එකෙක් නම් උඹ honest killerට දෙන අයිතියම රත්තරන්ටත් දෙන්න ඕනේ. මොකද උඹම කියන විදියට honest killer කියන්නෙත් මේකේ එක member කෙනෙක් විතරයි. ඒ වගේම රත්තරං කියන්නෙත් මේකේ ඉන්න තවත් member කෙනෙක් විතරයි. එහෙනම් ඉතින් ඌ දාපු thread එකක් අල්ලන් මෙච්චර දඟලන්න ඕනේ නෑනේ බන්. රත්තරං මේ thread එක දාපු එකෙන් උගේ තත්වෙට (එළකිරි එක තුල) හානියක් වුණා නම් එහෙම වෙන්න දෙමු. එහෙම වෙනවා වෙනවා කියලා කෑ ගැහුවම ඒක තව සියගුනයකින් වැඩි වෙනවා.
රත්තරං මේ thread එක දාපු එක ඌ වගේ මේකේ ජනප්රිය වෙච්ච එකෙක්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.ඒත් උඹ ඒ පිට තියලා ලස්සනට ඌව කපනවා. එහෙම කරන එක වැරදියි මචන්. උඹ සාදාරනව කතා කරනවා නම් විවෘත මනසකින් මේක දිහා බලපන්. උඹ දිහින් දිගටම හැම point එකකින්ම කරන්නේ රත්තරං විවේචනය කරන එක විතරමයි.
(මම මේ reply එක දැම්මේ රත්තරන්ට කඩේ යන්න නෙමෙයි. මේකේ මම දැකපු වටිනාම සාමාජිකයන් කිහිපදෙනාගෙන් එක්කෙනෙක් ඌ නිසා. ඌ හැබෑ ලෝකේ මොකෙක්ද කියල මට වැඩක් නෑ. එත් මේකේ මම දැකපු එවුන්ගෙන් ගොඩක් වටිනා එකෙක්. ඒ නිසා මේ වචන ටික කිව්වේ. මොනවා වුනත් උඹේ කතා විලාශයට මම ගරු කරනවා මචන් )