උඹලගේ Driving Patterns | Skills | Habits මොනවද?

ravixd

Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    කොටන්නේ නෑ යන්න පුළුවන් හැම තැනම පොඩ්ඩක් ස්පීඩ් කරලා 80-90 යනවා.

    කොටන එකෙක් දැක්කම එපා වෙන්ව මලපනිනවා ඉතින් හොර්න් ගහල ලයිට් ගහල ඉස්සර කරනවා (ඉස්සරහා වාහන එකක් වත් නැතුව ලාන් මාස්ටේර් වගේ 20ට විතර යන හය්බ්‍රිඩ් ).

    මාර්ග නීති කඩනවා සමහර වෙලාවට -ඉස්සර පේනවනම් මට ෂුවර් වගේ නම් තනි ඉරේ කහ ඉරේ ඉස්සර කරනවා

    පාර පනින්න ඉන්නවනම් අනිවා නවත්තල ඉඩ දෙනවා.

    පොලිසිය ඉන්නවනම් ලයිට් ගහල කියනවා

    රිවර්ස් කරන්න පුළුවන් අව්ලක් නැතුව.පාර්ක් කරන්නත් පුළුවන් පොඩි තැන වල.

    auto manual දෙකම අව්ලක් නෑ

    බර වාහන ලයිසන් නෑ

    වලි දා ගෙන තියනවා ඇගට කපල තියනවා හැබැයි උන් ඔක්කොම මට කෙලෙඊන ආපු උන්.
    නැත්තනම් මම පාඩුවේ යනවා.

    3 පාරක් accident වෙලා තියනවා 2පාරක් මගේ වරදී newei. 1ක පාරක් ලේන් 2කක් මැද්දේ ඉර උඩ තියන් ගහින් ලොරියක් ගාවන් ගියා.

    PS-
    driving සහ music අතර පට්ට සම්බන්දයක් තියනවා.
    උබලට මේක ජෝකේ එකක් wei but මට මේක මෙහෙමයි උනේ .

    මම ඉස්සර හිටියේ ගමේ, කොලබට 60km විතර දුරින් ඉස්කෝලේ ගියේ කොළඹ A/L class ගියේ කොළඹ ඔය යන එන ටිකට බස් ටිකක් set කරන හිටිය . ඕවා යන්නේ 80-90ට දකුණින් දා ගෙන. music යන්නේ මොනාද කියල දන්නවනේ . සහරා ෆ්ලෑෂ් ෆ්ලෑෂ් බැක් ඕව තමා . දැන් ඉතින් ඔය music ටිකත් එක්ක අර driving style එකට තියෙන්නේ ආත්මීය බැදීමක්.
    දැන් උනත් friday හවස ෂා fm එකේ nonstop ටික යනකොට මටත් නිකන්ම අර driving ස්ටයිල් එක activate වෙනවා

    bump
    ------ Post added on May 22, 2021 at 11:34 AM
     
    Last edited:

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    පස්සෙන් එන හදිසි කාරයන්ට ඉඩ දීලා උන් ගිහින් කෙලවගන්නවා බලන්න උගේ පස්සෙන් පාගන එක තමයි මගේ නරක පුරුද්ද :P
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මට නං තියෙන්නෙ බයික් එකක්. :love2: :love2:
    01. බොහෝවිට මම යන්නෙ එන්නෙ වැඩට හින්ද නිතර හම්බවෙන අය වැඩියි, රූට් එකත් එකමයි.
    02. මම ටිකක් ස්පීඩ් රයිඩර් කෙනෙක්, වාහන නැත්තං වැස්ස නැත්තං, පාරත් හොඳයි නං 80/90 වාගෙ අල්ලනව.
    03. මම මාර්ග නීති කඩකරනව සෑහෙන්න අඩුයි.ඉරි කපන සීන්, කහ ඉරේ ඔවර්ටේක් කිරිලි නෑ(බයික් එක ගත්ත අලුත තිබ්බා.එක සැරයක් කහ ඉරක් උඩදි එකපාර වාහන 2ක් ඉස්සර කලා පාරෙ අනිත් පැත්තෙ අයිනෙන්.එතන ට්‍රැෆික් පොලිසියෙ එක්කෙනෙක් ඉඳල මම ගිය හැටි හොඳටම දැකලත් අහක බලාගත්ත.එදා ඉඳන් මම යන්නෑ.)
    04.වමෙන් දානව ඉතාම අඩුයි.දකුණෙන් විතරයි.අනන්තවත් ට්‍රැෆික් එකේ සෑහෙන්න කාලෙ කාල තියෙනව වමෙන් දාන්නැති හින්ද.(සමහර කාර්,වෑන් කට්ටිය රවාගෙන යනව ඉඩ තියෙද්දිත් දාන්නැතුව ඉන්න හින්ද.)
    05.දහදුරා ට්‍රැෆික් රයිඩින් කීයටවත් කරන්නෑ.සමහර බයිකර්ස්ල යන විදියට මිනිස්සු බයින එක පට්ට සාධාරණයි කියල හිතෙනව.අනිත් ඩ්‍රයිවර්ස්ලත් නන්නත්තාර කරගෙන, පට්ට රිස්කි විදියට උන් යනවට හරි විරුද්ධයි.(කරුමෙට හරි වාහනේක හැපුනොත්, හරියට ගිය එකත් අමාරුවේ.)
    06. මගෙ අතින් වැරැද්දක් වුනොත් පිළිගන්න දෙපාරක් හිතන්නෑ.ඒක හින්ද කිසිම වලියකින් තොරව, වියදමකින් තොරව බොහොම සමාදානෙන් ප්‍රස්න විසඳගෙන තියෙනව.
    07. මගේ ජාතියෙ හරි, වෙන බ්‍රෑන්ඩ් එකක හරි හොඳ බයික් එකක් දැක්කොත් ඌට හෝන් එකක් හෙඩ් එකක් ගහන්න අමතක කරන්නෑ.ඒක හින්ද සමහර කොල්ලො මගෙ යාළුවො වෙලත් තියෙනව.තවත් එවුන් මම එනව දැක්කම හෝ එක උඩ නැගගෙන එන වෙලාවල් තියෙනව.අහම්බෙන් හම්බුනාම උන්ම ඇවිල්ල කතක්කරන වෙලාවල් තියෙනව.:yes::love2::love2:
    08. පොලීසියෙන් ඉන්නවනං ඉස්සරහින් එන ඔක්කොටම කියනව.ඉස්සරහ එන එකා කාර් කාරයෙක් ද,වෑන් කාරයෙක්ද,වීල් එකද්ද ස්කූටරයක්ද කියන එක මට අදාළම නෑ.ඒක හින්ද දැං මටත් ගොඩක් අය කියනව.බයික් වලටත් වඩා දැං දැං කියන්නෙ වීලුයි කාරුයි වගේ තමයි.:lol::love2:
    09. පොලීසියෙන් නවත්තනව ගොඩක් අඩුයි.හේතුව දන්නෑ.එකම පාරක් ඉරි කපල නැවැත්තුව.මම වැරැද්ද පිළිගත්ත.ඕන දඩයක් ලියන්නත් කිව්ව.ඒත් දඩගැහුවෙ නෑ.පරිස්සමෙන් යන්න කිව්ව.එච්චරයි.
    10. මට හෙමින් යන්න හිතුනම හෙමින් තමයි.මොකා මොනව කලත් හයියෙන් යන්නෑ ඒ වෙලාවට.CT100 වලින්,ප්ලැටින වලින්, කෙල්ලො ස්කූටර් වලින් විතරක් නෙවෙයි සමහර අංකල් ලා සුපර් කබ් වලිනුත් ඇරල යන වෙලාවල් තියෙනව.මට ගානක් නෑ.:cool:
    11. බයික් එකට නැගල ඉස්සරහ බලාගත්තොත් බලාගත්තම තමයි.පාරෙ යන කෙල්ලො දිහාවත් බලන්නෑ (බයික් එක පදිද්දි.).කෙල්ලන්ට හෝ ගහන හෙඩ් ගහන පුරුද්දත් නෑ.:yes:
     
    • Like
    Reactions: Rankira

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    1.කලබලෙන් ඩ්‍රයිව් කරන් නෑ.ඒ වෙලාවට හිතෙන විදියට තමා ඩ්‍රයිව් කරන්නේ.ඒ නිසා 80-90 වගේම 50-60 හෝ ඊට අඩු වෙලාවල් තියෙනවා.
    2.කවදාවත් මාර්ග නීති කඩ කරන්නෙ නෑ.
    3.ලෝන්ග් ඩ්‍රයිව් වලට ආසයි.කෙල්ල ඉන්නෙ දුර නිසා ලස්සන පාරක නිතරම යන්න එන්න චාන්ස් එකක් ලැබිල තියෙනවා.
    4.අනිවාර්යයෙන් සින්දු ඕන.මොනවද අහන්නෙ කියන එක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා.ඉංග්ලිෂ් සින්දු නම් ගොඩක්ම pop සහ edm තමයි.සිංහල නම් චාමර,සෝමතිලක ජයමහ,දිවුල්ගනේ,ප්‍රියා, තමයි ගොඩක්ම අහන්නේ.ඩ්‍රයිව් කරද්දි කසුන්ගෙ සින්දු අහන්න කැමති නෑ.
    5.මගෙ ඩ්‍රයිවින් වලට හැමෝම කැමති.ඒ නිසා කවුරුත් මොනවත් කියන්න එන්නෙ නෑ මා එක්ක යද්දි.
    6.කාටවත් බනින්නෙ නෑ.කවුරුත් මට බැනලත් නෑ.සමහර උන් පටු පාරක මූණට මූණ හම්බුනාමත් අනිකා රිවස් කරනකම් ලොකු කමට බලන් ඉන්නව දැකල තියෙනවා.මම නම් ටක් ගාලා ෂටර් එක පාත් කරලා ඔහොම ඉන්න අයියා මම ගන්නම් කියනවා මට ඉඩ තිබුනත් නැතත්.ගොඩක් වෙලාවට අනිත් එකාට ඉඩ තියෙනව නම් ඌ මට ඉන්න කියල රිවස් කරනවා.හොඳින් ගරු කරලා කතා බහ කරොත් ඕන ප්‍රශ්නයක් ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්.
    7.ඔටෝ විතරයි පුලුවන්.මැනුවල් ආස උනත් ලයිසන් ගත්තට පස්සෙ පදින්න සෙට් උනේම නෑ.ඒ නිසා බෑ.
    8.තාම වාහන පදින්න අරන් අවුරුදු පහයි.එක දවසක් වට රවුමකදි මම දකුණට හරවනකොට මාව ඉස්සර කරන්න ගිහින් බයික් එකක් වැදුනා.එච්චර තමා.
    9.ඉර මුදුන් වෙන වෙලාවට ඩ්‍රයිව් කරන්න කැමති නෑ.මිග්‍රේන් හැදෙනවා.උදේ 5-12 අතරෙත් හවස හතරෙන් පස්සෙ සහ රෑ 9න් පස්සෙ ඩ්‍රයිව් කරන්න කැමති.
    10.ඩ්‍රයිව් කරද්දි තැන් තැන් වල නවත්ත නවත්ත යන්න කැමති නෑ.එක දිගට යන්න ඕන.කන්න වත් නවත්තන්න කැමති නෑ.ඒකට නම් අම්මලා බනිනව.මටත් හොඳට ඉඩ තියෙන්න ඕන පාකින් වලට.නැත්තම් මම නවත්තන් නෑ.මීටර් පන්සීයක් දුර ගිහින් හරි ඉඩ තියෙන තැනක තමා නවත්තන්නේ.ඒකට නම් අප්පච්චී කැමති නෑ.ඒ නිසා එයාගෙ වැඩකට ගියොත් එයාව බස්සලා මම ඉඩ තියෙන තැනක ඉන්නවා.වැඩේ ඉවර උනාම ගිහින් අරන් එනවා.
    11.මේක නම් කැත පුරුද්දක්.මම තනියම ගියත් මගදි කාටවත් ලිෆ්ට්ස් දෙන්න යන්නෙ නෑ හොඳටම දන්න යාලුවෙකුට ඇරෙන්න.තරහකට නෙවෙයි.මට කන්වසේෂන් බිල්ඩ් කරන්න අමාරුයි වැඩිය අඳුරන් නැති අය එක්ක.ඒත් කතා නොකර යන්නත් බෑ.එතකොට මට ඒක අමාරුයි.ඒ නිසා එහෙම කෙනෙක් හිටියොත් නොදැක්කා වගේ යනවා.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1) සාමාන්‍ය ස්පීඩ් එක 40 - 80 තමයි යන්නේ. හයිවේ නම් 100 ට යනවා.හරවන හැම තැනකදීම signal light දානවා ..හරවලා ඉවරවෙලා off කරනවා අනිවාර්යෙන්ම.
    2) දන්න පාරවල් වලදී නම්, ඉස්සරහින් යන වාහනේ පාස් කරලා යන්න ඉඩ දෙන්නෙම නැත්තන් ඉර කපලා ඉස්සර කරනවා( මාමලා ඉන්න තැන් දන්නා නිසා )
    3) තනි ඉර තියෙන තැන් වල ගොඩක් වෙලාවට ඉර කපලා යන්නේ නෑ.
    4) වමෙන් ඉස්සර කරන්න දෙන්නේ නෑ කාටවත් ...එහෙම කරොත් අනිවා block කරනවා
    5) මට වෙට්ටුවක් දාලා ගියොත් නම් follow කරලා return එක දෙනවා
    6) කහ ඉරක පනින්න බලාගෙන ඉන්නවා නම් ඉඩ දෙනවා අනිවා.
    7) need 4 speed ගහපු නිසාත් වාහනේ අතට හුරු නිසා ඕනි තැනකින් speed එකෙන් පොඩි ඉඩකින් උනත් යන්න පුළුවන් / කන්නාඩි වලින් බලලා රිවර්ස් කරන්න පුළුවන් ...හැරිලා පිටිපස්ස බලන්න නෑ.
    8) මම 50-70 යනකොට හරි මට ඉදිරියෙන් තියෙන වාහන තියෙද්දී පිටිපස්සෙන් එන එවුන් light ගහලා horn කරාට සතේකට ගණන් ගන්නේ නෑ ..අයින් වෙලා වෙනම ඉඩ දෙන්නෙත් නෑ ...ඕනි නම් wrong side දාලා ඉස්සර කරලා යන්න දෙනවා.
    9) ට්‍රැෆික් වලදී අරහෙන් මෙහෙන් දාලා යන එකෙක් සෙට් උනොත් යන්න නම් මම ඉඩ දෙන්නේ නම් නෑ ...වද්දනවා නම් වැදියන් කියලා මම හරියට යනවා .
    10) සමහර දුර ගමන් යද්දී මම හෙමීට යනවා නම් වම පැත්තට කරලා යන්නේ ..අනිත් අයට මාව පාස් කරලා යන්න දීලා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මීටර් 100න් 100ට ට්‍රැෆික් ලයිට් තියන තැන් වලදී සමහර එවුන් කොළ පාට වැටුන ගමන් පුළුවන් තරම් වේගෙන් ගිහින් ඊළඟ ට්‍රැෆික් ලයිට් එක ළඟ නවත්තගන ඉන්නවා.
    දුර ගමන් යනකොට මරාගෙන මැරෙන ත්‍රස්තවාදී වගේ එලවන එවුන් තේ බොන්ඩ නවත්තලා විනාඩි 10ක් යන්න කලින් බරකරත්ත වගේ ලොරිත් උන්ට ඉස්සර කරගන යනවා.
    මමනම් ගමනක් යනකොට හදිසි විදිහට ඉස්සර කරන ලොරි බස් වලට ඉඩ දෙනවා. ඒ මිනිස්සු අපි වගේ ආතල් එකට යන ගමනක් නෙමේ යන්නෙ. ජොබ් එකක් කරන්නෙ. උන්ට ඉක්මනට යන්න සාධාරණ හේතු තියනවා.
    ඈත තියා කොළ එලිය වැටිලා තියන ට්‍රැෆික් ලයිට් එකක් දැක්කොත් (සෑහෙන වෙලා පත්තු වෙලා තියන) මම ස්පීඩ් කරන්නෙ නෑ. නවත්තන්න සූදානම් වෙනවා.
     
    • Like
    Reactions: PrasangaSPerera

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    පස්සෙන් එන හදිසි කාරයන්ට ඉඩ දීලා උන් ගිහින් කෙලවගන්නවා බලන්න උගේ පස්සෙන් පාගන එක තමයි මගේ නරක පුරුද්ද :P

    උන්ගේ පස්සේන් පොඩ්ඩක් පාගන ගමන් ලයිට් එකක් ගහලා, හෝන් එකක් ගහලා ඌ තව ටිකක් වේගවත් කරකා පස්ස බල බල එලවන හැටි බලනවා.​


    ගමනේන් 70%-80% තාම කලච් එක උඩ කකුල තාම. ඒකනිසා බ්‍රේක් එකයි ක්ලච් එකයි දේකම එකපාර පෑගේන්නේ.​

     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    3 wheel නැත්තම් අපි මීට වඩා ගොඩක් සන්තෝසෙන්...

    ගමනේන් 70%-80% තාම කලච් එක උඩ කකුල තාම. ඒකනිසා බ්‍රේක් එකයි ක්ලච් එකයි දේකම එකපාර පෑගේන්නේ.
    පුතේ වාහනේ ක්ලච් ප්ලේට්වලට බබා හම්බවෙනව දකින්න ඔච්චර ආසයිද 😑
    බස් එකක් ලොරියක් නෙමෙයිනෙ...
    1st එකෙයි 2nd එකෙයි විතරක් තියන් යන්න...
    අනික බ්‍රේක් ගහද්දි ක්ලච් එක පාගන්න ඕන වාහනේ නවතින්න ඔන්න මෙන්න තියෙද්දි වගේ...
    ------ Post added on Nov 28, 2021 at 8:37 PM
     
    • Love
    Reactions: kasun090354t

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    අහුමුලු වල පාක් කිරීම, පටු මාවතක දුර රිවස් කිරීම සම්බන්ධ පාඨමාලාව දැන් ඇරඹුණා...

    ස්ථානය අපේ නිවස..

    මෙම පාඨමාලාව අවසන් කිරීමෙන් පසු ඔබගේ රථය,
    බෝක්කුවක් තුලින් රිවස් කර පෙට්ටියක් තුලට හෝ පාක් කිරීමේ කුසලතාවයක් ඔබ හට හිමිවන බව වගකීමෙන් යුතුව දැනුම් දෙමි....

    කොන්දේසි,
    පාඨමාලා ගාස්තු ඇතුලත් වේ...
    වාහනය ඔබ විසින් සපයාගත යුතුයි..