රනිල්ට බෑ බන්. තියෙන ක්‍රමේ එක්ක මොකා ආවත් කරන්න බෑ.
1. හොඳ දෙයක් කරන්නත් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනේ. සම්මත කරගන්න මන්ත්‍රී චන්ද ඕනේ. මන්ත්‍රී චන්ද ගන්න, පක්ෂව මන්ත්‍රීලා ඉන්න ඕනේ. පක්ෂව මන්ත්‍රීලා තියා ගන්න උන්ට වරප්‍රසාද දෙන්න ඕනේ. එතකොට ආයෙමත් පරණ චක්කරේම තමා.
2. පාර්ලිමේන්තුවේ ඉන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ කුලකයක්. හොරු, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ etc etc. ඔක්කොටම වඩා අධ්‍යාපන සුදුසුකමක් නැති නුගත්තු. IQ level එක අඩු උන්. හරියට පාරේ ඉන්න ත්‍රීවීල් කාරයෝ වගේ. ප්‍රාදේශීය චන්ඩි. අරක්කු බාර් කරන උන්. පාතාලෙත් සම්බන්ධ උන්. කුඩු බිස්නස්, ගංජා බිස්නස් කරන උන්. ඉතින් හරි යයිද බන්
3. අති බහුතරයක් මන්ත්‍රීලා හරියට වැඩක් කරන්න බැරි උන්. performance මදි. එක evaluate කරන්න විදියක් නෑ. year end appraisal කියලා දෙයක් උන්ට නෑ. ඉන්නකල් මළගෙවල්, මගුල්ගෙවල්, පන්සල් වල පින්කම් වලට යනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නෑ. නීති හදන්න, policies හදන්න දැනුමක් නෑ. පොත පත කියවලා දැනුම ඇති කරගන්නෙත් නෑ. අලුත් ලෝකයත් එක්ක update වෙන්නේ නෑ. ඉතින් වැඩක් කරගන්න බෑ. ලොක්කා කියන දේට අත උස්සන එක තමා කරන්න තියෙන්නේ.