උපතින්ම හොඳ social status එකක් අපි බහුතරයකට නෑනේ බන්. කට්ටකාලා (කට්ට දීලා) තමා අපිට උඩට යන්න වෙලා තියෙන්නේ. ලංකාව වගේ රටක හොඳට සැලකුම් ගන්න ඕනි නම් උබලා අනිවා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගනිල්ලා. මේ වගේ රටක මේක් ඇවිත් භාෂාවක් නෙමෙයි තනිකරම ආයුදයක්. මට ස්කිල්ස් කියලා එහෙමට මොකුත් නෑ. කොටින්ම ඉස්කෝලේ යනකාලේ හරියට ඉගෙන ගන්නත් බෑ. හැබැයි පෙර පිනකටද මන්දා ඉංග්‍රීසි වලට පට්ට ආසාවක් තිබ්බා. ඔය හේතුව නිසාම මන් තනියම ඕක ඉගෙන ගත්තා. මට මේක දාන්න හිතුනේ අද පොඩි කාලේ එක පන්තියේ හිටපු කොල්ලෙක් හම්බුනා. මූ තමා ඉස්කෝලෙන් ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගත්තේ. හොඳට වැඩ පුලුවන් 5-6 දෙනෙක්ව තමයි ටීච ඉස්සරහා තියන් ඉගැන්නුවේ අපිව පන්තියේ පිටිපස්සට දාලා තිබ්බේ. "උබලාට ඉතින් වෙන්නේ ලැට් හෝදන්න තමයි" අපිට හැමදාම කිව්වේ (හැබැයි ඉතින් පුකට දිව දාන මට මේ කියපු කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ). කොහොමහරි අද උන් ඉන්න තැනයි මන් ඉන්න තැනයි ගැන බැලුවහාම මට සතුටුයි. අද මන් යම් කිසි තැනකට ඇවිත් ඉන්නවා නම් ඒ ඉංග්‍රීසි භාෂාව නිසා. උඹලාටත් කියන්නේ අද ඉදන් ඔක්කොම පැත්තකට දාලා මේක ඉගෙනගනිල්ලා.