උඹලා කන මාළු ජාතිය මොනවද ?

CoolBro

Active member
  • Sep 16, 2014
    719
    229
    43
    මම කිරියෙම කලින් ඕක කිව්වා.

    සැමන් කිව්වේ සැමන් මාළු නෙමේ. ටින් මාළු තියෙන්නේ. අපි ඉතිං සැමන් කියලනේ කියන්නේ. එ වගේ හදාගන්නවා.

    ලින්නා මාළු තමයි ටින් මාළු වලත් තියෙන්නේ දැන්. අර ඉස්සර අනු ගණන් වල, අසූ ගණන් වල ආපු ජැක් මැකරල් එක නෙමේ.

    ලින්නා මාළු සුද්ද කරා මාළුවා කෑලි දෙකකට වගේ කැපුවා, ලුණු කුඩු ගම්මිරිස්, ඔලිව් තෙල්, කුරුඳු සහ වතුර දාලා ප්‍රෙෂර් කුකර් එකේ පැයක් අඩු ගින්නේ තම්බ ගත්තා.

    ඊට පස්සේ ඩීප්ෆ්‍රීසර් දැම්මා. ඕනී වෙලේට තෙල් දාලා හරි හොද්දක් හරි වෙන විදියකට හරි හදා ගත්ත.

    කට්ලට් වගේ දේවල් හදන්න ගන්නෙත් මෙහෙම තමයි

    මම නං කරන්ට් එකේ හදා ගන්නේ.

    සැමන් ටින් ගන්නවට වඩා එකට එකක් ලාබයි. රසයි.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,099
    113
    Galaha
    ලින්නා, බෝල්ලු , අලගුඩු, හුරුල්ලො, තෝරා, කිරි මෝරූ , බලයගෙ ඔලුවත් වෙලාවකට ගේනව
    සතියකට සැරයක් ගෙනල්ල හෝදල දවසකට උයන්න ගන්න ප්‍රමාන වලට වෙන් කරල ෆ්‍රීසර් එකේ දානව.
    01.jpeg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඉස්සර පට්ටෙටම කන්නේ ලින්නෝ
    ෆ්‍රෙෂ් බඩු
    එක්කෝ පානදුරේ හාබර් එකෙන්. නැත්නම් අළුත් පාරේ ලෑල්ලෙන් බොට්ටු වලින් ගේන එවා
    සුපිරි බඩු. මතක් වෙද්දි පට්ට දුකයි. එච්චර රහට, අළුත් බඩු ආය අවුරුද්දකින් කාලා නෑ
    ලින්නෛා් මිරිසට, පොල් සම්බෝල, පරිප්පු, කරවල කෑල්ලක් බැදලා, මොරු මිරිස් කරලක් බැදලා බත් තිබ්බා නම් ආය ඉතිම්....
    මේක ගිය අවුරුද්දේ මැදක් වෙනකල් ජනප්‍රියම මෙනු එකක්
    ට්‍රයි කරලා බලපල්ලා. කරවල කෑල්ලට මුහුදු කුකුලා ගනිම්.
    මේකටම රසම් කෝප්පයක් තිබ්බා නම් පුති

    වෙලාවකට හිතෙනවා බන් සල්ලි නෙමේද කියලත් ජිවිතේ මේවා මතක් වෙද්දි.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,274
    6,876
    113
    1. බලයා
    2. බලයා
    3. බලයා
    4. බලයා
    5. කෙලවල්ලා, ඇටවල්ලා, අලගඩුවා, බයිටා
    6. දැල්ලො, බෝල්ලා
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    කෙළවල්ලා විතරයි මුහුදු මාළු වලින් කන්නෙ. සතියට කිලෝවක් වගේ ගෙනියනවා. ඊට අමතරව වැව් මාළු ගෙනියනවා. කොරලි. බැදල රසයි. හුරැල්ලෝ බිස්කට් කුඩු හෙම දාලා බැදල කන්න ආසයි. සෙට් වෙන්නෙ නෑ හොද හුරැල්ලෝ.