Ubage senses walata ahu wenne bathi deyak naa kiyana ekak waradi neda
Hithapan Ada kaale wage technology mukuth nathi kaaleka ubata kiyanawa africa kiyala continent ekak thiyanawa eeke giraffe kiyala bella diga sathek innawa kiwwoth uba wishwasa karanne nathi wei
Uba wishwasa nokeruwata eeka boruwak wenne naa neda
දැන් අප්‍රිකාවේ ඉඳල ආපු මිනිහෙක් ජිරාෆ් කෙනෙක් ගැන කිව්වම ඒ දෙයට හිනා වෙන මිනිස්සු ඉන්න කාලයක් තිබ්බ, දැන් ටෙක්නොලොජි එක තියෙන නිසා අපි අප්‍රිකාවේ ජිරාෆ් ඉන්නවා කියල දන්නවා. මේ තර්කය ගොඩක් හොඳයි.
එත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ වෙනත් ලෝකයක් දෙවිවරු භූතයන් ආත්ම මේ දේවල් ගැන කියන උදවිය ඒ ඒ දේවල් ගැන දන්නේ කොහොමද?
අපට දැනෙනවට වඩා හොඳ සෙන්ස් එකක්, මොකක් හරි අභූත ශක්තියක් තියෙනවා කියල කියපු හැම මිනිහම ව්‍යාජ තක්කඩියෙක් කියල ඔප්පු වෙලා තියෙනවා, ඇතැමුන්ට ලිංගික අපචාර චෝදනා ඇවිත් හිරෙත් ගිය තක්කඩි. එහෙම තක්කඩියෙක් කියපු දෙයක් විශ්වාස කරලා කාලය ධනය ශ්‍රමය නාස්තිකිරීම පිස්සුවක් නොවේද? ඔය ඊනියා පැවිද්දන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල අධි සුඛෝපභෝගී ජීවිත ගෙවන්නේ, ඒ මදිවාට කියනවා ඒ දේවල් දෙවියන් දුන්නු දේවල්, පින ලැබීම නිසා ලැබුණු දේවල් එහෙම, එත් ඒ දේවල් දෙන අසරණ මිනිස්සු ජීවිතකාලේම දුක් විඳලා පින් තකා කියල අර තක්කඩින්ට තමන් ඉතා අමාරුවෙන් උපයන ධනය දෙනවා, ඒ කරන්නේ මේ කාලේ නොලැබෙන දෙය මතු ආත්මයක, දිව්‍යලොකයකදී ලැබෙන්න කියල. ඇත්තටම අනුකම්පාවක් ඇති වෙන්නේ. ඇත්තටම එහෙම මිනිස්සු රවටන කාලකණ්නි මට පිළිකුල්. ඒ ඒ දේවල් ඒ ඒ මිනිස්සුන්ගේ කැමැත්ත, ඔවුන් අනුන්ට කරදරයක් නෑ නේ, ඉතින් මොකද කියල අහන උනුත් ඉන්නවා, එත් හිතන්න අරතරම් අහිංසක මනුස්සයෙක් රවටන එකා කරන්නේ නරුම තුච්ඡ නින්දිත වැඩක් නොවේද කියල.
කොටින්ම කිව්වොත් ඔය ආගම් කියවන ආදී ශාස්තෘවරුන් පවා යම් යම් මානසික රෝග තිබුණු උදවිය, මෙගලෝමෙනියක් හෝ පැරනොයිඩ් තත්ත්ව තිබුණු එවුන්.
ජීවයේ ඇරඹුම විකාශනය, පරිනාමය, මනුෂ්‍ය හැසිරීම්, දැන් කාලයේ විද්‍යාවෙන් පැහැදිළි කරන්න පුළුවන්, ඒත් ඒ දේවල් පැහැදිළි කල නොහැකි වුනු කාලයක මිනිසූන් තමන්ගේ ගැටළු ප්‍රශ්ණ විසඳාගන්න යොදාගත් උපක්‍රමයක් තමයි ආගම, කොතෙක් ආගම් තිබුනත් පැහැදිළි කල නොහැකි දේවල් ඒවා වලත් තියෙන්නේ ඒ යුග වල ජීවත් වුනු ආගමික නායකයන්ට ඒ ඒ ගැටළු විසඳීමට අවශ්‍ය වන මූලික පදනම නොතිබීමයි. ඒ නිසයි ආගම් වල ප්‍රශ්ණ කල නොහැකි ප්‍රශ්ණ නොකළයුතු තැන් තිබෙන්නේ,