උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?

Rambo5

Active member
  • Jun 22, 2014
    276
    203
    43
    අපි අලුතෙන් හදල පදිංචියට ගිය ගෙදර බන් අපි හොදට හිටිය ඒ කලේ, මන් 5 වසරෙ , ඒ කාලේ ණය ප්‍රශ්නයක් තිබ්බා අපේ ගෙදර කෙන්ක්ට්, අහල පහල ගෙවල් කීපයකින් අරගෙනත් තිබ්බ, කොහොමහරි ගිහින් අන්තිමට කන්න නැති තත්වෙට වැටුන, ඒකාලේ හොදට note කරපු එකක් තමා පිරිත් කියල පිරිත් පැන් වත්තට ඉස්සට පස්සේ විනාඩි 10ක් විතර යනකොට අර ණය කාරයො ඔක්කොම ඇවිල්ල කෑගහන්න ගන්නව.

    පස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා ඔය අංජනමක් බැලුව , මාත් ගියා අම්ම එක්ක එදා, අක්ක ගෙදර හිටියේ A /L වලට පාඩම් කර කර, අංජනම බලපු එකා හරියටම කිව්වා නෙ ගෙරට යන පාරේ ඉදන් ගෙදර තිබ්බ ගස් ජාති එහෙම, ඊට පස්සේ ගැනු ලමෙක් ගේ ඇතුලේ ඉගෙන පාඩම් කරනව කියලත් කිව්වා, උ හරියටම ඔක්කොම කිව්වා, පස්සේ කිව්වා වත්තේ ඉස්සරහ කොනේ බලවත් යකෙක්ව බන්දල ඉන්නව කියල, උට අවතේව කරන්න සෙට් එකකුත් ඉන්නවලු, මන් පට්ට බය උන ඕක අහල, එත් හැබය් අපිට මුකුත් කරදර වෙලා නම් නෑ ගේ ඇතුලේ ඉන්නකොට
    අපි ඉස්සර නිදාගන්නේ සාලේ මෙට්ටේ දල ඔක්කොමල, උදේට නැගිටලා බලනකොට රතු පාට බින්දු බින්දු තියෙනව වටේටම ගේ ඇතුලේ tile පොලවේ, aya සමහර දවස් වලට පාන්දරට බල්ලා බුරනවා එක දිගට ගස් දිහා බලන්
    ඔහොම ගිහින් එක එක තොවිල් පවා කරා උන් හරි කිව්වට් හරි ගියේ නැ, අපි ගේ විකුනන්න දාලා තිබ්බේ එත් මිනිස්සු බලන්න අවට කව්රුත් අපහු කතා කරන්නේ නැ

    ඔහොම ගිහින් සල්ලිත් ඉවර වෙලා වෙන කරන්න දෙයක් ඇත්තෙම් නැති නිසා ඔය පාගොඩ පැත්තේ හපන්ගම කියල ගුරෙක් උ හොදය කියල උව ගෙන්නුව්, මු තව දෙන්නේක් එක්ක අවේ, ඕකට ඕනේ බඩු ඔක්කොමත් ගෙනල්ල මු දැන් උඩ තට්ටුවේ ඉදන් මොනාද මතුරනව්, අපිත් ඔය වැඩ වලට උදව් කර කර හිටිය පහල, මු පස්සේ ර 10ට විතර පඩි පෙළ බැහැගෙන පදිපෙලේ මැදට ඇවිල්ල නැවතිලා හිරියක් ඇරලා තාත්ත එක්ක කතා කර කර හිටිය, එහෙම ඉන්නකොට් මුව එකපාරම පස්සෙන් කව්රු හරි තල්ලු කලා වගේ පහලට දුවගෙන ඇවිල්ල ඉස්ස‍ර තිබ්බ බිත්තියේ ඔලුව වැදීල ඔලුව පලුන, පස්සේ තාත්ත අපිට පුටුවලින් ඉදගෙන ඉන්න කියල අරුව් hospital අරන් ගිය, ආපු අනිත් උන් දෙන්නත් ගිය, පස්සේ අරුගේ ඔලුවට මැහුම් දල, උන් අපහු ගෙදර අවෙත් නෑ එහෙම්ම ගිහිල්ල බයට,

    පස්සේ ඉතින් මොකක් කරන්නද කියල හිතාගන්න බරුව් ඉන්නකොට් එක පව්ලක් අව ගේ ගන්න, හැබය් අඩු ගානට, කරන්න දෙයක් නැති නිසා වික්ක, ලක්ෂ 150ක් valuation කරපු ගෙදර විකිණුවේ ලක්ෂ 35කට, පස්සේ අපි බඩු අස් කරන් යන දවසේ පහල ගෙදර ආච්චි කෙනක් හිටිය මෙය එකපාරම ඇවිල්ල අඩන්න ගත්ත, පස්සේ මොකොද කියල අහල බලනකොට් මෙන්න කියපි එයාට අපි මෙහෙට අපු දවස් වල ඉරිසියා හිතිලා හුනියමක් කලාලු, කරලා මිනි අළු ගෙනල්ල ඉස්සලු වත්තට වැටට උඩින් :baffled: අම්මප මරන් කන්න හිතුන ඒකිව, එත් ඒ ගැනිට බනින්නවත් අපිට මානසිකත්වයක් තිබ්බේ නැ තිබ්බ ප්‍රශ්න එක්ක,
    පස්සේ අපි අලුත් ගෙදරකට ගියා කුලියට,

    දැන්නම් ඒ ගෙදර ගත්ත අයට මොනා වෙලාද දන්නේ නැ අපි ඒ පැත්තටවත් ගියේ නැ අපහු, ඔය අතුරුගිරියේ වානගුරු මාවතේ ඉන්න අය සමහර විට දන්නවත් ඇති ඔය ගෙදර, දැනට අවරුදු 15 කට් වගේ කලින් තම ඕව උනේ. මාත් හොල්මන් විශ්වාස කරේ නැ එත් ඒ අත්දැකීම් එක්ක ඒවා නැ කියන්නත් බැ :(
    Wamaguru mawathe koi hariyedha?:shocked::shocked:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල

    koi hariyeda ban? math wanaguru mawathe. :nerd:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?
    වෙලාව හවස හයයි හතලිස් පහ ට ආසන්න ය.

    පාසලේ පැවති දෙමාපිය රැස්වීමේ කටයුතු අවසාන කල බණ්ඩාර මහතා, යුහුසුළු ව මහා මාර්ගය ට අවතීර්ණ වූයේ 7.10 නාවලපිටිය දුම්රිය අල්ලාගැනීමේ අපේක්ෂාවෙනි. හවස් වරුවේ ඇද හැළුනු ධාරානිපාත වර්ෂාව නැවතී තිබුනත්, තවමත් වැහි අන්ධකාරය පැවතුනි.

    අස්ගිරියේ සිට මහනුවර දක්වා මේ යන ගමන, ඔහු ට සිය ගෙදර ඇවිදිනවා මෙන් පළපුරුදු ය. දශකයක ට අධික කාලයක් ගමන් කර තිබුණු මාර්ගයේ යාම ට විදුලි පන්දමක ට වඩා යමක් ඔහු ට අවශ්‍ය නොවීය.

    “නුවර ට යන කෝච්චිය ගියා ද? යි හෙතෙම අස්ගිරියේ රේල් ගෙට්ටුව භාර ව සිටි තැනැත්තාගෙන් ඇසීය.

    “ඔව් දැන් ටිකක් වෙලා ගිහිං.. කළුවරයි නේ ද, පරෙස්සමෙන් යන්න” යයි ඔහු ට පිළිතුරු ලැබුණි.

    ඔහු ට සුභ රාත්‍රියක් පැතූ බණ්ඩාර, සිය ජංගම දුරකතනයේ පිහිටෙන් මග බලාගෙන සිල්පර කොටයෙන් කොටයට මහනුවර දෙසට අඩි ඉක්මන් කලේ ය. වර්ෂාව නිසා පැවති අඳුර තුලින්, මහනුවර දෙස ට ම ඇවිද යන තවත් කෙනෙක් තරමක් ඈතින් ඔහු ට දිස් විය.

    සිල්වෙස්ටර් විද්‍යාලයේ ප්‍රාථමික අංශය පසු කොට, සිංහ රෙජිමේන්තුවේ කඳවුර අසල දී තවත් තරුණයකු බණ්ඩාර මහතා පසු කර ගියේ “මල්ලි දැන් කෝච්චිය එනවා” යයි පවසමිනි.

    ඒ සමග ම, මහනුවර දෙසින් පිටත් වූ මාතලේ දුම්රිය දුන් නලා හඬ ඔහු ට ඇසුනි. “අදත් මේ හිපාටුව පරක්කුයි” යයි සිත ට ආ සිතිවිල්ලත් සමග ඔහු පය ඉක්මන් කරේ, ඒ හරියේ මාර්ගයෙන් ඉවත් වීම ට ඉඩක් නොතිබුණු නිසා ත්, 7.10 යේ දුම්රිය සිහි වූ නිසාත් ය. මේ වන විට වෙලාව හවස 6.50 ලෙස සටහන් වුවත්, දුරකතනයේ එලිය විහිදෙන සීමාවෙන් පිටත වූයේ කෑලි කැපිය හැකි අඳුරකි.

    මහනුවරින් පැමිණෙන දුම්රිය, මේ වන විට පොලිසිය අසල වංගුව ට ආසන්න වී තිබුණු බව එහි ප්‍රධාන ලාම්පු එළියෙන් කිව හැකි විය. ඔහු ට ඉදිරියෙන් ගිය පුද්ගලයා මාර්ගයෙන් ඉවත් වනු දුටු ඔහු ද, දුම්රිය මාර්ගයෙන් ඉවත් ව වම් පස වූ පටු අඩි පාර ට පැමිණ ඉදිරියට ගියේ ය.

    කොළඹ වීදියේ ඉහල කෙලවර ඇති පාළම යට ට පැමිණ සිටි ඉදිරියෙන් ගිය පුද්ගලයා, තව දුරටත් එම අයුරින් ම ගමන් කළහොත් නිසැකව ම දුම්රියේ ගැටෙන බව බණ්ඩාර ට සිතුනි. ඒ සමග ම මෙන් වංගුවෙන් මතු වූ දුම්රිය දීර්ඝ නලා හඬක් නගමින් මාර්ගයේ සිටි අය ට දුම්රියේ පැමිණීම සංඥා කලේ ය.

    මාර්ගයෙන් තවත් පසෙක ට වූ බණ්ඩාර, තමා දෙස ට ප්‍රධාන ලාම්පුව දල්වාගෙන, උපරිම බලය යොදා නැග්ම තරණය කරමින් පැමිණෙන W3 පංතියේ එන්ජිම දෙස බැලීය. ඉදිරියෙන් යන පුද්ගලයා ගේ රුව, දුම්රිය එන්ජිමේ ප්‍රධාන ලාම්පුවේ ආලෝක ධාරාව අවහිර කරමින් ඔහු ට පෙනුනි.

    ඒ සමග ම අර ඉදිරියෙන් ගිය පුද්ගලයා එක් වර ම පය පැකිලී ඇද වැටුනාක් මෙන් ප්‍රධාන ලාම්පුවේ ආලෝක ධාරාවෙන් අතුරුදහන් විය!

    බණ්ඩාර ගේ තොල කට වියලී ගියේ ඔහු කොතෙකුත් මෙවැනි අනතුරු දැක ඇත ත්, මනුෂ්‍ය ජීවිතයක් සිය ඇස් ඉදිරිපිට ම අහිමි වීම බරපතළ කම්පනයක් ගෙන දෙන අත්දැකීමක් නිසාම ය.

    කෙසේ හෝ එම ස්ථානය පසු කල දුම්රිය, අඩි 75 ක පමණ දුර නිමේෂය ක ට ගෙවා බණ්ඩාර වෙත නලා හඬක් නිකුත් කරගෙන ම, ඔහු පසු කර ඇදී ගොස් පසුපස වංගුවෙන් හැරී අතුරුදහන් විය.

    මේ වන විටත් ඉදිරියට ගමන් කරමින් සිටි බණ්ඩාර, අනතුර සිදු වූ ස්ථානය ට ලඟා විය. ඔහු ගේ මහත් විශ්මය ට හේතු වන පරිදි, අදාළ ස්ථානයේ අනතුරක හෝ මනුෂ්‍යයෙකු ගේ සේයාවක් වත් නොවුනි! වර්ෂාව සහ හවස් වෙලාව නිසා හිස් වූ කොළඹ වීදියත්, දකුණු පස වතුර පිරී ඉතිරී යන කාණුව සහ තාප්පයත් දෙස බැලූ බණ්ඩාර, නැවත ජංගම දුරකථනයේ ආලෝකය මාර්ගය වෙත යොමු කලේ කුමක් හමු වීමේ බලාපොරොත්තුවෙන් දැයි ඔහුටත් විශ්වාස නැති විය.

    වර්ෂාවෙන් මඩ වී, පා සටහන් පමණක් වැදුණු එම පොළොවේ අනතුරක සේයාවක අංශු මාත්‍ර සාක්ෂියක දු නුදුටු බණ්ඩාර ගේ සිත ට එක වර ම නොසන්සුන්තාවයකුත්, සතුටකුත්, එසේ ම තමා යාම ට බලාපොරොත්තු වන දුම්රියත් ඇතුළු විය.

    පය ඉක්මන් කර එම අඩවියෙන් ඉවත් වූ බණ්ඩාර මහතා, වෙලාවට විනාඩි 5ක් තබා මහනුවර දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාව ට ලඟා විය.

    දුම්රියේ එන්ජිම දෙස ට ඇවිද ගිය බණ්ඩාර ට දන්නා හඳුනන නියාමකවරයෙක් හමු විය. අත්දැකීම ඔහු හා බෙදාගත් විට ඔහු දුන් පිළිතුරෙන්, බණ්ඩාර ගේ කොඳු නාරටිය සියුම් සීතලකින් කිළිපොලා යනු ඔහු ට දැනුනි..

    “ඔය වගේ දේවල් ගොඩක් තැන් වල වෙලා තියනවා. කට්ටිය දැකලත් තියනවා...”

    (2018 වසරේ ලත් සත්‍ය අත්දැකීමක් මත පදනම් වූ කතාවකි)
    http://angaharuwa.blogspot.com/search/label/අද්භූත දේ..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,767
    7,959
    113
    මෙන්න මෙතන...
    Disclaimer : මම මේවා විශ්වාස කරනවා වත් නෑ වත් කියලා මම කියන්නේ නෑ. :yes:

    අපි පුංචි කාලේ ඉදන්ම අඩුරන අයියා කෙනෙක් ඉන්නවා. අවුරුදු 30ක් විතර ඇති. පොරට අදුන් බලන්න පුළුවන්. හැබැයි එයා ඒක බිස්නස් එකක් විධියට කරන කෙනෙක් නෙවෙයි. හිතවත් කෙනෙක්ට උඩව්වක් ඕනි උනොත් කරනවා එච්චරයි.

    දවසක් මටත් ඕක බලන්න ආසයි කියලා අපේ අදුරණ ගෙදරකට සෙට් උණු වෙලාවක අපි ඔක කළා. මට යම් යම් දේවල් ටිකක් කරන්න කිව්වා ඒ පූජාවට අවශ්‍ය වෙන දේවල්. මමත් කළා ඉතින්.

    පස්සේ පහන් එහෙම පත්තු කරලා පොර සාස්ථාර වාගයක් එහෙම කිව්වා බුලත් කොළයක් දිහා බලාගෙන. ආයෙත් ඉතින් කැමරාවකින් බලා හිටියා වගේ කියනවා ඉතින්.
    හරි මට ඔක පුදුමයක් නෑ මාත් බලන් ඉන්නවා.
    මගෙන් ඇහුවා අදුන බලන්න ඕනිද කියලා. මාත් හා කිව්වා.

    පොර වතුර වීදුරුවක් අරන් එකට පිටිපස්සෙන් පහනක් පත්තු කරා. හරි දැන් ඇස් මට්ටමින් බලන්න කිව්වා. මුලින් දැල්ල විතරයි පෙනුනේ මට. පස්සේ එයා දෙහි ගෙඩියක් ඇරන් මතුරලා ගිරේ කින් කැපුවා මගේ ඔලුව උඩින් තියලා. හම්මට සිරි ඇහුවා මොනාද පේන්නේ කියලා. මට මුල් ටික වැඩිය පැහැදිලි මදි. පස්සේ තව ටිකක් බලන් ඉන්න කිව්වා. ජීවිතේට දකින්න නොහිතපු දේවල් දෙකක් දැක්කා. එක කියන්න හරි නෑ වගේ. ඒ එක දෙයක් මේ රටේ බෞද්ධයෝ ගොඩාක් ආදරේ කරන තැනක්. හරිම ලස්සන පරිසරයක් තියෙන තැනක්. තරමක් දුෂ්කර තැනක තියෙන. නමුත් උබල කවුරුත් වැන්ධට ඒ දේ දැකලා නෑ. හැබැයි මම නම් දැක්කා. සෝ උබල ඔය වදින පුදන තැනට බය නැතුව වැද පල්ලා. එස් දේ ඔතන පරිස්සමට තියෙනවා. මම දැක්ක නිසයි කියන්නේ. :yes:
    දැකපු අනික් දෙත් පුදුමයි. නමුත් හරි නෑ වගේ කියන්න එකනම්.

    දැන් තමයි බය හිතෙන හරිය. පොර කිව්වා මේ ඉන්න ස්ථානයේ බුත දෝෂයක් තියෙනවා නම් පෙන්නන්න කියලා හිතාගන්න කියලා. මාත් ඉතින් හිතාගත්තා. මෙන්න බොලේ පේනවා කියපන්කෝ. එක නිකං ඔළුවට hood එකක් දාගත්තු ජීවියෙක් වගේ. ඇදුරුම අඳුරු තැනක හිරවෙල හිටියේ. මුන පේන්නේ නෑ හැබැයි. නමුත් හිටියා එතන.:dull: බය හිතුනේ නම් නෑ මට.
    පස්සේ පොර එතනින් වැඩේ නැවැත්තුවා.

    ප.ලි. මේ සිද්ධිය මම හිතේ මවා ගත්තුවා පෙනුනා නෙවෙයි කියලා මට හොඳටම විශ්වාසයි. මම මේ ඇස් වලින් දකිනවා වගේම ඒ තිරෙන් ඒ සිද්ධි දැක්කා. ඓත් මීක උනේ කොහමද කියන එකට අදට වත් මට කිසිම පැහැදිලි කිරීමක් නෑ. :no::shocked::dull:
    Siripade ganada me uba kiyanne..