ඌරට පිළිතුරු දෙයි

Computerbuddy

Active member
  • Apr 6, 2011
    847
    82
    28
    Main-image2.jpg


    තුන් හෙළයට තිරසර සාමයක් ගෙන දීම උදෙසා උත්තුංග මෙහෙවරක නියැලී සිටි පරමපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමිපාදයන් වහන්සේට හා පරමපූජනීය අම්පිටියේ ශ‍්‍රී රාහුල මාහිමියන් වහන්සේට අසිරිමත් සසුන් දරුවෙකු ලැබිණ. නව යොවුන් වියෙහිදී කසාවතට ඇලූම් කොට සසුන්ගත වූ එම සිසු දරුවාණෝ කවරහුද? ඒ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණෝ යැ.
    සෝම හිමියන්ගේ නිර්භීතභාවයත්, තියුණු වූ වාග් සංධ්වනියත් විටෙක ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලයන් සිහි කරවයි. උන්වහන්සේගේ සුනිශිත බුද්ධිප‍්‍රභාවයෙන් හෙබි තාර්කික දේශනා විලාශය විටෙක මිගෙට්ටුවත්තේ ශ‍්‍රී ගුණානන්ද වාදීභසිංහයන් සිහි කරවයි. සාරගර්භ වූ උතුම් ධර්මෝපදේශයන් උන්වහන්සේගේ මුවින් ගිලිහෙන විට අපට සිහිපත් වන්නේ ලෝක ධර්මදූතයෙකු වැ සිටි අතිපූජ්‍ය නාරද මාහිමියන් වහන්සේ යැ. උන්වහන්සේගේ නොකැළැල් චරිත පාරිශුද්ධිය සිය ගුරුදෙවිඳුන්ගේ පියවර සටහන සිහිපත් කරවයි.
    ලාංකීය ජනතාවට සෝම හිමියන්ව මුණගැසුණේ එකල අතිශයින්ම ජනප‍්‍රිය වැ තිබූ මාධ්‍ය වැඩසටහනක් වන ‘නැණ පහන’ තුළිනි. එහිදී සෝම හිමියන් දක්වන ලද අද්විතීය, අසාමාන්‍ය කුසලතාව හේතුවෙන් එම වැඩසටහන ජනතා ආකර්ශනය විසින් ඉහලින්ම දිනා ගන්නා ලදී. උන්වහන්සේගේ අතිශය මධුර වූ ස්වරයකින් හෙබි දේශනා විලාශයට ජනතාව වශීකෘත වැ සිටියහ. උන්වහන්සේ දහම් දෙසුයේ සාමාන්‍ය සරල ව්‍යවහාර භාෂාවෙනි. එනමුදු එහි ඇති විශේෂත්වය නම් එම දෙසුම් වහා වැටහේ. සැනෙකින් අරුත පසක් කරවයි. තර්කානුකූලව කරුණු ඉස්මතු වෙයි. නිර්භීත බව ප‍්‍රකට වෙයි.
    දකුණු ඉන්දියානු සාම්ප‍්‍රදායික දේව ඇදහිලි කරා සිංහල බෞද්ධයන් අන්ධානුකරණයෙන් නැඹුරු වී සිටීම ගැන සෝම හිමියෝ කිසියම් දැඩි නොරිස්සුම් ගතියකින් සිටියහ. ඇතැම් විට උන්වහන්සේගේ දෙසුම්වලින් එම ඇදහිලි කරා යන්නන් හට තියුණු වාග් ප‍්‍රහාර නිකුත් වෙයි. “කාලකණ්ණි බෞද්ධයා යදිනවා, ඉල්ලනවා. කාලකණ්ණි බෞද්ධයන් ධර්මයට කැමති නෑ. සදාචාරයට කැමති නෑ. දුරාචාරය රජ කරනවා. එනිසා ඔය ඇත්තො ධර්මයට කැමති වෙන්න. එතකොට දියුණු වේවි. ධර්මයට පිටුපෑම නිසයි මේ මිත්‍යා ඇදහිලි පසුපස යන්නේ.”
    මෙවැනි වදන් එකල ජනතාවට එතරම් හුරු නොවීය. කලක් තිස්සේ සැදැහැවත් පින්වතුනි යැයි ඇමතූ ජනතාවට කාලකණ්ණි යැයි පවසා සිටීම නිසා ඇතැම්හු සෝම හිමියන් කෙරෙහි බලවත් අප‍්‍රසාදයක් පළ කළහ. සැබැවින්ම උන්වහන්සේට ඇවැසි වූයේ තෙරුවන් සරණ ගොස් නිති පන්සිල්, පොහොය අටසිල් රැක බෞද්ධ දෙවිවරුන්ට පින් දෙන සමාජයක් බිහි කිරීමටය. එහෙත් උන්වහන්සේ කරුණු පැවසූ ආකාරයෙන් බොහෝ දෙනෙක් මෙය වරදවා වටහා ගත්හ. ඔවුන් නිතර චෝදනා කරන ලද්දේ ‘සෝම හාමුදුරුවෝ දෙවියන්ට බනිනවා’ කියාය. සමහරුන් සෝම හාමුදුරුවන්ට පුවත්පත් මාර්ගයෙන් අභියෝග කළත් උන්වහන්සේ පාදූවිල්ලක් තරම්වත් ඒවා ගණන් ගත් බවක් නොපෙනිණ.
    සෝම හිමියන් ඇතැම් දෙවිවරුන් අරභයා උපහාස මුසු වදන් පැවසීම මා අනුමත නොකළත්, එකල ජනතාව නම් සිනාසෙමින් අසා සිටියහ. ඇතැම් පන්සල්වලින් දේවාල මැකී ගියේය. දේවාල ඇති පන්සල් උන්වහන්සේට එරෙහිව නැගී සිටියහ. එය එක්තරා අපූරු විප්ලවයක් බඳුය.
    බෞද්ධ ජනතාව අන්ධානුකරණයෙන් යුතුව අදහන්නන් වාලේ අදහන පිරිසක් නොවිය යුතු බව උන්වහන්සේ එකහෙළා අවධාරණය කළහ. එකල බෙහෙවින්ම ජනප‍්‍රිය වැ තිබූ පිරිත් පැන් බලයෙන් ලෙඩ සුව කිරීමේ වැඩසටහනකට උන්වහන්සේ විසින් දැඩි ප‍්‍රහාර එල්ල කරන ලදී. වරක් එවැනි පූජාවකදී පැමිණ සිටි පිරිසට ගෙනැවිත් තිබූ පිරිත් පැන් බවුසර් මදිවිය. එවිට අසල ඇති වැවක ජලය පිරිත් පැන් බවට පත් කෙරිණ. ‘හරි වැඬේනේ… එතකොට වැවේ සිටිය මාලූත් පිරිත් වුණා’දැයි අසමින් මුන්වහන්සේ එයට උසුළු විසිළු කළහ. පිරිත් පැන් වලින් ජනතාවට සිදුවන සහනය සළකා ඒ කෙරෙහි මධ්‍යස්ථ වන ලෙස මා පෞද්ගලිකව උන්වහන්සේගෙන් ඉතා යටහත්ව ඉල්ලා සිටි නමුත් එයට කිසි බුරුලක් දැක්වූයේ නැත. සෝම හිමියන්ගේ ඇතැම් තීරණ ඕනෑවටත් වඩා දැඩියැයි සිතෙන අවස්ථාවන් නොතිබුණා නොවේ. එනමුත් උන්වහන්සේගේ අභීත ස්වරය ඉදිරියේ එයට එරෙහිව ඍජු ප‍්‍රකාශ කිරීමට සියල්ලන්ම බිය වී සිටි බව නම් එකල පැහැදිලිව පෙනුණු දෙයකි.
    සෝම හිමියන්ගේ ඒකායන අදහස වූයේ බෞද්ධ ජනතාව ධර්මයෙන් මෙන්ම සදාචාරයෙන්ද, ආර්ථිකයෙන්ද, සාමාජීය වශයෙන් ද සමෘද්ධිමත් කිරීමයි. එ් සඳහා උන්වහන්සේට සුදුසුකම් තිබුණි. සූත‍්‍ර පිටකය මැනැවින් හදාරා තිබූ උන්වහන්සේ ‘පඤ්ච ඉට්ඨධම්ම’ සූත‍්‍රය වැනි අප‍්‍රකට සූත‍්‍ර දේශනා ඉස්මතු කරමින් දෙවියන් ඉදිරියේ යාදිනි කිරීම නොව සැප ලැබෙන ප‍්‍රතිපදාවක ගමන් කිරීම කළ යුතු යැයි එකහෙලා පවසා සිටියහ. උන්වහන්සේගේ මුල් කාලීන දෙසුම් ඉතා සුමධුරය. සාරවත් දහම් කරුණු වලින් පිරී ඉතිරි ගොස් තිබුණි. සකල හෙල බොදුනුවන් උන්වහන්සේ වටා රොද බැඳ ගත්තේ ධර්ම දේශනාවෙහිලා දක්වන ලද විස්මිත දේශනා කෞශල්‍යය නිසාවෙනි.
    සෝම හිමියෝ හෙලබිමටත්, හෙලදැයටත්, බුදුබණටත් පෙම් බැඳ සිටියහ. එයින් තොර ලෝකයක් උන්වහන්සේට නොතිබුණි. හෙලයා ක‍්‍රමක‍්‍රමයෙන් පිරිහී යන අයුරුත්, අන්‍යාගමික ආක‍්‍රමණයන් කරා යන අයුරුත් දුටු උන්වහන්සේ කම්පිතව ගියහ. වරක් දීඝවාපී චෛත්‍යස්ථානය අන්‍යාගමික, අන්‍යජාතික අක‍්‍රමණයකට හසු වී එය බෞද්ධයාට අහිමි වී යනු දුටු උන්වහන්සේ අභීතව නැගී සිටියහ. විශේෂයෙන් සිංහල ජනතාවගේ වර්ධන වේගය සීග‍්‍රයෙන් අඩුවීම ගැනත්, මව්වරුන් සීසර් සැත්කම් මගින් දරු උපත් ලබාගැනීම ගැනත්, සිංහල ජාතිය වඳවීම ගැනත් උන්වහන්සේ කම්පා වී සිටියහ. මේ වෙනුවෙන් දිගින් දිගටම දැඩි ස්වරයෙන් යුතුව කතා කරන්නට යෑම හේතුවෙන් මුල් කාලීන දෙසුම්වල තිබූ සෞන්දර්යය ටිකෙන් ටික මැකී ගොස් කිසියම් ප‍්‍රතිසංස්කරණවාදියෙකුගේ තීව‍්‍ර ගති ලක්ෂණ ඉස්මතුවන්නට විය.
    එකල ලක්දිව තිබූ දේශපාලන පක්ෂ කෙරෙහි දැඩි අවිස්වාසයකින් සිටි උන්වහන්සේ අලූත් දේශපාලන නායකත්වයක් උදෙසා සිය ගණන් දෙසුම් පවත්වමින් ලිපි ලියන්නට පටන් ගත්හ. උන්වහන්සේගේ ගමන වෙනස් වූයේ මේ තුළින් ය. උන්වහන්සේව අභියෝගයක් යැයි සැලකූ ඇතැම් දේශපාලනඥයන් විසින් ‘සෝම හිමියන්ගේ සෙක්සි බණ’ කියමින් අපහාස කරන ලදී. කෙමෙන් කෙමෙන් උන්වහන්සේගේ දෙසුම්වලට මාධ්‍ය වාරණයක් උදා විය. ඉන්පසු උන්වහන්සේ විසින් කරන ලද්දේ විහාරස්ථාන ආශ‍්‍රයෙන් ස්වකීය මතය ප‍්‍රචාරය කිරීමයි. උන්වහන්සේ පැතූ ලෝකය ගොඩනැගීම උදෙසා අසාමාන්‍ය වීරියකින් කැපවී සිටියහ. එ් සියල්ලට මුහුණ දීම පිණිස ශක්තිමත් සංවිධානයක් ගොඩනගන්නට වෙහෙසුණහ. එය වනාහී ‘ජනවිජය පදනම’යි.
    ජනවිජය පදනම ඔස්සේ උන්වහන්සේ ඉදිරිපත් කළ වැඩපිළිවෙල ටිබෙටයේ දලයිලාමාගේ දේශපාලන කර්තව්‍යය සිහිපත් කරවයි. ඍජු දේශපාලන මැදිහත් වීමක් උදෙසා ලාංකීය භික්ෂු පරපුර මෙහෙයවන්නට උන්වහන්සේව පොළඹවන ලද්දේ එකල පැවැති සාමාජික දේශපාලනික හා ආගමික වටපිටාව විසිනි. ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් උන්වහන්සේ ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කිරීමත් සමඟ සියලූ දේශපාලන පක්ෂ කැළඹී ගියේය. උන්වහන්සේ වටා ඒකාරාශී වූ ජනතාවගේ ප‍්‍රසාදය බිඳහෙලන්නට නා නා කුමන්ත‍්‍රණ දියත් කළහ. කොටින්ම ලාංකීය සමාජය තුළ කැපී පෙනෙන උන්වහන්සේගේ භූමිකාව සියල්ලන්ට කිසියම් අද්භූත චමත්කාරයක් ඇතිකරන ලදී.
    අන්‍යාගමික සහ අන්‍යජාතිකයන් ගෙන් උන්වහන්සේගේ ජීවිතයට දැඩි බලපෑම් එල්ලවන්නට විය. මින් සත් වසරකට උඩදී රුසියානු දේශයේදී ආචාර්ය උපාධියක් ප‍්‍රදානය කිරීම පිණිස යැයි කියමින් අපගේ සෝම හිමියන්ව යම්කිසි පිරිසක් විසින් කැඳවාගෙන යන ලදී. එහිදී අනපේක්ෂිත පරිදි රෝගාතුර වූ උන්වහන්සේ ඉතා අද්භූත අයුරින් අපවත් වී වදාළහ. එහෙත් අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසින් ඇති කළ සාමාජික, ශාසනික, දේශපාලනික පෙරළිය තවමත් ලාංකීය සමාජය තුළ නින්නාද වනු පෙනේ. සැබැවින්ම සෝම හිමියන් අපූරු භික්ෂුවකි. උන්වහන්සේ ගත් අවංක වෑයම උන්වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස හේතු වේවා!
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
    From: http://mahamegha.lk/all-time-favourites/soma_himiyange_suwisheshi_gamanmaga/

     
    Last edited:

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    අන්‍යාගමික උවදුරු පැමිණියහොත් බුදුරජාණ&a

    අන්‍යාගමික උවදුරු පැමිණියහොත් බුදුරජාණන් වහන්සේ කෙසේ ක්‍රියා කරත් ද?


    අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය අද මෙරට නිතර අසන්නට ලැබෙන මාතෘකාවකි. සිංහල බෞද්ධයෝ ඊට විරුද්ධ වෙති. එහෙත් ඇතැමුන් පවසන්නේ එසේ විරුද්ධ වීම බෞද්ධයන්ට සුදුසු නොවන බවය. වඩාත්ම හාස්‍යජනක කාරණය නම්, අන්‍යාගමිකයන් ද අද මේ ගැන බෞද්ධයන්ට බණ කියන්නට පටන් ගැනීම ය. එම නිසා, මෙවැනි සිද්ධියක දී බුදුරජාණන් වහන්සේ කෙසේ ක්‍රියා කරත් ද යන්න බෞද්ධයන්ට ඉතා වැදගත් කරුණකි. මෙම ජාතක කතාව දේශනා කිරීමට පදනම
    ් වන්නේ දෙව්රම් වෙහෙර (ජේතවනාරාමය) අසල තීර්තකාරාමයක් ඉදි කිරීම සම්බන්ධ සිද්ධියකි.

    එම කතාව මෙසේය.
    -----------------------------------
    බුදුහිමියන් දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටියදී බුදුහිමියන්ගේ අසිරිමත් වූ බුදුගුණ අරබයා දෙව්රම් වෙහෙරට බොහෝ ජනයා මතු නොව දෙවි බඹුන් පවා රැස් වී තම ගැටලු නිරාකරණය කර ගනිමින් සැනසීමට පත් වූ බව පැහැදිලි ය.

    මේ නිසා සිදු වූයේ තීර්ථකාරාම වෙත ගිය පිරිස් තීර්ථකයන් අත්හැර දැමීමයි. තීර්ථකයන්ට ලද ලාභ සත්කාර සියල්ල මේ නිසා අහිමි විය. මෙයින් පිරිහිණු තීර්ථක පිරිසක් කල්පනා කළේ ජනයා තමන් හැර දමා දෙව්රම් විහාරයට ඇදෙන්නේ බුදුන්ගේ විශේෂතාවක් නිසා නොව දෙව්රම් වෙහෙර පිහිටි භූමියෙහි විශේෂතාවක් නිසා බවයි.

    එසේ සිතූ තීර්ථකයෝ දෙව්රම් වෙහෙර අසලින් ම තමන් ද ආරාමයක් තැනීමට සිතා කොසොල් රජ තුමාට මසුරන් ලක්‍ෂයක් අල්ලසක් ලෙස ප්‍රදානය කොට මේ සඳහා අවසර ලබා ගත්හ. විශාල පිරිසක් කාර්මිකයන් ද සමඟ පැමිණි තීර්ථක කණ්ඩායම මහා හඬ නංවමින් කෑ කෝ ගසමින් ආරාමය ඉදි කරන්නට වූහ.

    මීට පෙර නො ඇසූ කෝලාහලයක් ඇසූ බුදුපියාණෝ ඒ බව අනඳ තෙරුන්ගෙන් දැන වහාම රජුට දැනුම් දී එය නතර කරන්නැයි වදාළහ. මසුරන් ලක්‍ෂයේ බලය කෙතරම් ද යත් අනඳ තෙරුන් ප්‍රධාන භික්‍ෂුන් රජ ගෙට වැඩ මේ පිළිබඳ පැමිණිලි කිරීමට බලා සිටිය ද රජතුමා මැදුරෙහි නැතැයි, ආරක්‍ෂකයෝ පිළිතුරු දුන්හ.

    දෙවැනි දින සැරියුත් මුගලන් දෙනම මෙසේම රජ ගෙට වැඩ පැමිණිලි කිරීමට බලා සිටිය ද පෙර දිනම මෙන් රජතුමා ඉදිරියට නොපැමිණ මඟ හැර සිටියේ ය.

    තුන්වන දින තමන් වහන්සේ ම ගැටලුවට මුහුණ දිය යුතුයි සිතා බුදුරජාණන් වහන්සේ ම භික්‍ෂු පිරිස ද සමඟ රජ ගෙදරට පිඬු සිඟා වැඩියහ. රජ ගෙදර දානය පිළිගත් බුදු හිමියෝ දානය වළඳා ආපසු වෙහෙරට නොයා රජ මිදුලෙහි පසෙකට වී වැඩ සිටියහ. රජතුමාට තවදුරටත් සැඟවී සිටිය නොහී බුදු හිමියන් හමුවට පැමිණි අතර, එහිදී තීර්ථකයන්ගේ ආරාමයට බුදු හිමියන් තම විරෝධය ප්‍රකාශ කළේ පෙර රජවරුන් අල්ලස් ලබා තාපසවරුන් දෙපිරිසකට කළ විපතක් හෙළිදරව් කෙරෙන භරු ජාතකය රජුට දේශනා කරමිනි.

    පෙර බරණැස බෝසතාණන් වහන්සේ තාපස පිරිසකට නායකත්වය දී ඉපදුණහ. වැසි කාලයෙහි නගරයෙහි උතුරු වාසලෙහි පිහිටි නුග ගසක් පිරිවරා ඔවුහු වාසය කරති. මෙකල තවත් පන්සියයක තාපස පිරිසක් දකුණු වාසලෙහි එවැනි ම නුග ගසක් පිරිවරා වාසය කරති. වැසි සමය අවසන් වූ පසු හිමාලයට තාපස දෙපිරිස ගමන් කරති.

    එක් වැසි සමයක් උදා වූ විට දෙවන තාපස පිරිස තම නුගය සොයා පැමිණියත් එය ඉදිරී බිම වැටී විනාශ වී ගොස් තිබුණි. ඔවුහු පළමු තාපස පිරිස සිටි උතුරු වාසල නුගය තම වාසය පිණිස තෝරා ගත්හ.

    එවිට පළමු තාපස පිරිස වනයේ සිට තම පැරණි නුගය සොයා පැමිණිය ද අනෙක් පිරිස එය අල්ලා ගෙන සිටිනු දැක එසේ කළේ මන්දැයි විමසා සිටියේ ය. අප පෙරාතුවම පැමිණි හෙයින් මෙහි නතර වූහ’යි ඔවුහු කීහ. ආපසු වෙනත් තැනකට යාමට නොහැකි බව ද කීහ.

    මෙසේ මේ දෙපිරිස අරගල කරන්නට වූහ. අවසන දෙපිරිස ම ගොස් රජුට පැමිණිලි කළහ. සාධාරණ විනිශ්චයක පිහිටි රජු පළමු තාපස පිරිසට නුගය පවරා දුන්හ.

    එයින් පරාජිත වූ දෙවන තාපස පිරිස නුගය ලබා ගැනීමට උපක්‍රමයක් සිතන්නේ රජුට අල්ලසක් දීමට තීරණය කළෝ ය. එය රනින් කරන ලද යානාවකි. එය රැගෙන ගොස් රජුට දී සතුටු කොට නුගය තමන්ට පවරා දෙන්නැයි ඉල්ලූහ.

    අල්ලසින් අගතියට පැමිණි රජතුමා නුගය දෙවන තාපස පිරිසට අයත් බව ප්‍රකාශ කළේ ය. රජුගේ අමනෝඥ තීරණය හමුවේ තාපසවරු නුගයට අරගල කළහ. කිසිවකුට එයින් ජයග්‍රහණයක් ලැබිය නොහැකි වූ අතර අවසන තාපස දෙපිරිස ම කලකිරී ආපසු හිමාලයට පිටත්ව ගියහ.

    තවුසන්ගේ ගැටලුවක් හමුවේ රජු අදහැමි පිළිවෙතින් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය වූයේ ඒ ප්‍රදේශය අරක් ගෙන සිටි දෙවිවරුන් කෝපයට පත්වීමයි. දේවකෝපය හැම කල්හි ම මනුෂ්‍යයනට විපත් ගෙන දෙයි. මේ අසත්පුරුෂ රජුන්ට දඬුවම් පමුණුවන්නට සිතූ දෙවිවරු මුහුද ගොඩ ගලන්නට සලස්වා රජුගේ අණසක පැවති රාජ්‍යය විනාශ කර දැමූහ. එයින් බොහෝ මනුෂ්‍යයෝ නිරපරාදේ ම විපත්තියට පත් වූහ.

    මේ අතීත කථාව ගෙනහැර දැක්වූ බුදුපියාණන් වහන්සේ කොසොල් රජුගේ අල්ලස් ක්‍රියාවේ බිහිසුණු බව පළ කළහ. එයින් බියට පත් රජතුමා ඝර්ථකාරාමය ඉදිකිරීම වහාම නතර කරවා බුද්ධ ශ්‍රාවකයන්ට නිසි සේ නිහඬව දහමෙහි නියැළෙන්නට මඟ සැලසීය.
    ---------------------------------------------



    කතාව උපුටා ගත්තේ පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් සිළුමිණ පුවත්පතට ලියන ලද "බෝසත් කථා පෙළ නැවත කියවමු" ලිපි පෙළෙහි එක් ලිපියකිනි. (http://www.silumina.lk/punkalasa/20110501/_art.asp?fn=ar1105015)

    එම කතාව ජාතක පොතෙහි ඇත්තේ මේ ආකාරයට ය. (http://www.jathakakatha.org/newhome...cle&id=273:206---&catid=54:201-250-&Itemid=97)
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    පැටියා;13867262 said:
    Original Post: Today, 10:10 AM
    1st Comment: Today, 10:18 AM (After 8 mins)
    10th Comment: Today, 10:28 AM (After 18 mins)

    වීඩියෝ දෙකේම ලෙන්ත් එක ගත්තොත් විනාඩි 37ක්.
    උඹලා කොහොමද ඔච්චර ඉක්මනට ඔය වීඩියෝ දෙක බැලුවෙ කියපල්ලකො.
    දෙවනි වීඩියෝ එක අගදි අපේ ආගමට (බුදුදහමට) බනිනවද දන්නෙත් නෑ නේද?

    අපොයි බෞද්ධයෝ.... :(

    Players wala fast forward kiyala ekak thiyenne okata thamai. Youtube video wala play indicator eka drag karannath puluwan ne :lol::lol::lol:
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    බෞද්ධයා නොමග යවන සර්වාගමික උමතුව

    බෞද්ධයා නොමග යවන සර්වාගමික උමතුව


    යුධ ජයග්‍රණයෙන් අනතුරුව කරලියට පිළිපන් බහුජාතික සර්වාගමික න්‍යායට පොහොර දැමුවේ මෙරට දේශපාලන අධිකාරියයි.


    ආගම් අතර සහජීවනය හොඳය.අප එය ඉහලින්ම අගය කරමු.නමුත් මෙම කූටෝපක්‍රම සඳහා බුදු දහම ද ඈඳාගෙන තිබීම ද ජුගුප්සාජනකය. එවකට තිබූ ඇදහිලි 60 කට එරෙහිව බුද්ධාගම බිහිවුණි.

    "අසාරේ සාරමතිනෝ සාරේ චාසාරදස්සිනෝ
    තේ සාරං නාධිගච්ජන්ති මිච්ඡාසංකප්පගෝචරා"

    "නිසරු දේ සරු ලෙසත් සරු දේ නිසරු ලෙසත් දකින පුද්ගලයා සරු දෙයක් නොලබත්"

    බුදුන් වහන්සේ මෙසේ වදාළා මිසක හැම ආගමකටම ගරු කරන්න, හැම ආගමක්ම කර තබාගෙන දුවන්නැයි කිසි විටද දේශනා කර නැත. එහෙත් මෙකී සර්වාගමික නිකායිකයින් අහිංසක සිංහල බෞද්ධයින් රැවටීම සදහා බුද්ධ දේශනයද කණපිට හරවා රීමික්ස් කර දේශනා කරති. සෑම ආගමක්ම එකක්යැයි කියන වැදි බණය තවමත් අපට නොතේරෙයි.සෑම ආගමක්ම එකක්යැයි කීම පුදුම සහගතය.

    අනෙක සර්වාගම් උමතුව වැළඳී ඇත්තේ බොහෝ බෞද්ධ(උත්පත්තියෙන්) නායකයන්ටය.අන් ආගම් වල උදවියට මෙම සර්වාගම් නැත.ඔවුන් එකම දෙවියකු අදහයි.එසේ අදහන ගමන් බෞද්ධයාට සර්වාගම් බණ දේශනා කරයි.පසුගිය දිනවල පන්සලේ නෝම්බි ඇරියේය.හරක්මස් සහිත ආහාර බණමඩුවේ භුක්තිවින්දෝය.නමුත් පිරිතක් කිවූ එක මුස්ලිම් පල්ලියක් ගැනවත් ලෝක ඉතිහාසයේවත් සොයාගැනීමට නොහැක.ඔය එක් සිද්ධියක් පමණි.

    සැබවින්ම මේවා බෞද්ධයා ඉලක්ක කර ගනිමින් සිදුවන්නේ ඇයි?එකිනෙකට වෙනස් පටහැනි ආගම් එකට ආඳා මෙරට බහුතර ප්‍රජාව මුළාවට පත් කරන්නේ ඇයි?හේතුව ඉතා පැහැදිලිය.ලොව එකම ථේරවාද බෞද්ධ මූලස්ථානය ශ්‍රී ලංකාවයි.අද බොහෝ උගතුන් මැවුම් වාදය ප්‍රතික්ෂේප කොට බුදු සමය කෙරෙහි නැඹුරු වෙති.එසේම මෙරට අක්මුල් සිඳගත් මහාසංස්කෘතියේ මූල බීජය බෞද්ධ දර්ශනයයි.බොහෝ බලවතුන්ට සියවස් ගණනාවක මුළුල්ලේ සෙලවිය නොහැකි වූ පාදම එයයි.

    තවද වෙනස් වූ භෞතික ලෝකය තුල නොවෙනස් වූ එකම දහම බුදු දහමයි.අදට එම පිරිසිදු ධර්මය රැඳි භාණ්ඩාගාරය ශ්‍රී ලංකාවයි.මෙම සර්වාගමික උමතුවෙන් විනාශ කරවන්නට කැසකවන්නේ එම පිරිසිදු දර්ශනයයි.එම දර්ශනය අනුගමනය කරන සිංහල බෞද්ධ ප්‍රජාවයි.

    නමුත් මෙම සර්වාගමික කූටෝපක්‍රමයට සමහර ස්වාමීන් වහන්සේලා හා දේශපාලන නායකයන් අසුවී තිබීම ඛේදජනකය.ඒ දැන ද නොදැනද යන්න අපි නොදනිමු.පන්සලේ නෝම්බි ඇරියාට,ගවලෙන් හැදුවාට බණ පදයක්,පිරිත් හඬක් නොඇසෙන පල්ලි අතර අපි සර්වාගමිකයන් වී සිටින්න්නෙමු.එක් වරම සිංහල බෞද්ධ ප්‍රජාව අරඹයා දෙසාබාන මෙම මුසාව ගැන බෞද්ධයෝ ඇස් කන් යොමත්වා ! ආගමික හරයන් ගැන අවබෝධය ලබත්වා.

    පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශය උපුටා ගත්තේ මව්බිම ඉරිදා සංග්‍රහයේ "කහ ඉර" විශේෂාංගයෙන්..
     
    Last edited:

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    අසහාය පෞරුෂයකින් හෙබි "සිංහල බෞද්ධයා" - අනගාරික ධර්මපාල තුමා



    මේ තමයි අපගේ පිනට මින් වසර 149කට පමණ පෙර මේ සිරිලක පහළ වූ අසහාය අසාමාන්‍ය පෞරුෂයකින් හෙබි "සිංහල බෞද්ධයා". උන්වහන්සේ තමයි පසුගිය සියවසේ ගෞතම සම්මා සම්බුදු සමිඳුන්ගේ සාම සන්දේශය රැගෙන මහාද්වීපයෙන් මහාද්වීපයට වැඩියේ. උන්වහන්සේ තමයි අද අපිට දඹදිව ගොස් වන්දනා කරන්නට ඒ අපගේ ශාස්තෘන් වහන්සේගේ ජීවිතයේ අනුස්මරණීය ස්ථාන සියල්ලම පාහේ ආරක්ෂා කර දුන්නේ.


    උන්වහන්සේට තිබුණේ ඉතාම දියුණු දුර දක්නා නුවණක්. ඒ තුයුණු වාග් කෞශල්‍යය සම් මස් නහර සිඳගෙන ඇට මිදුළු තුලටම බසින්නට සමත්. නිදා සිටි ජාතියට පණ දෙන්නට උන්වහන්සේ තම දිවියම කැප කලේය. උන්වහන්සේ මෝඩයන්ගෙනුත්, අතිපණ්ඩිතයින්ගෙනුත් අද වගේම එදා ලද ගෞරව නාමයනම් "ආගම් පිස්සා" ය. අන්තිම කාලය දඹදිව ගතකල උන්වහන්සේ "මගේ මිණියවත් ලංකාවට ගෙනියන්න එපා" කියන්න තරම් අපේ මිනිස්සුන්ව එපා වෙලා සිට තිබෙනවා. උන්වහන්සේ අපවත් වෙන්නට කලකට පෙර සිය දින පොතේ නිදා සිටින ජාතියට ඇති අප්‍රසාදය දක්වනුවස් මෙසේ සටහන් කර තිබෙනවා.

    " මතක තියා ගනිල්ලා,
    කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා. දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි. පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා. ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "


    අනගාරික ධර්මපාලතුමා
    ( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.)


    උන්වහන්සේව කවුරුත් තවම හඳුන්වන්නේ ඒ සුප්‍රසිද්ධ පෞරුෂයේ නාමය වන "අනගාරික ධර්මපාල තුමා" කියලායි. නමුත් අපි දන්නවා උන්වහන්සේ අවසාන කාලයේ ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි උපසම්පදාව ලැබූ බව. උන්වහන්සේ "සිරි දේවමිත්ත ධර්මපාල" නමින් තමයි ගෞතම බුදු සමිඳුන්ගේ පැවිදි ශ්‍රාවකයෙක් බවට පත් වුණේ.

    ගෞතම සම්බුද්ධ සාසනයට කළ අමිල සේවාවට "සිරි දේවමිත්ත ධර්මපාල ස්වාමින් වහන්සේ " ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බෞද්ධයා නොමග යවන සර්වාගමික උමතුව


    යුධ ජයග්‍රණයෙන් අනතුරුව කරලියට පිළිපන් බහුජාතික සර්වාගමික න්‍යායට පොහොර දැමුවේ මෙරට දේශපාලන අධිකාරියයි.


    ආගම් අතර සහජීවනය හොඳය.අප එය ඉහලින්ම අගය කරමු.නමුත් මෙම කූටෝපක්‍රම සඳහා බුදු දහම ද ඈඳාගෙන තිබීම ද ජුගුප්සාජනකය. එවකට තිබූ ඇදහිලි 60 කට එරෙහිව බුද්ධාගම බිහිවුණි.

    "අසාරේ සාරමතිනෝ සාරේ චාසාරදස්සිනෝ
    තේ සාරං නාධිගච්ජන්ති මිච්ඡාසංකප්පගෝචරා"

    "නිසරු දේ සරු ලෙසත් සරු දේ නිසරු ලෙසත් දකින පුද්ගලයා සරු දෙයක් නොලබත්"

    බුදුන් වහන්සේ මෙසේ වදාළා මිසක හැම ආගමකටම ගරු කරන්න, හැම ආගමක්ම කර තබාගෙන දුවන්නැයි කිසි විටද දේශනා කර නැත. එහෙත් මෙකී සර්වාගමික නිකායිකයින් අහිංසක සිංහල බෞද්ධයින් රැවටීම සදහා බුද්ධ දේශනයද කණපිට හරවා රීමික්ස් කර දේශනා කරති. සෑම ආගමක්ම එකක්යැයි කියන වැදි බණය තවමත් අපට නොතේරෙයි.සෑම ආගමක්ම එකක්යැයි කීම පුදුම සහගතය.

    අනෙක සර්වාගම් උමතුව වැළඳී ඇත්තේ බොහෝ බෞද්ධ(උත්පත්තියෙන්) නායකයන්ටය.අන් ආගම් වල උදවියට මෙම සර්වාගම් නැත.ඔවුන් එකම දෙවියකු අදහයි.එසේ අදහන ගමන් බෞද්ධයාට සර්වාගම් බණ දේශනා කරයි.පසුගිය දිනවල පන්සලේ නෝම්බි ඇරියේය.හරක්මස් සහිත ආහාර බණමඩුවේ භුක්තිවින්දෝය.නමුත් පිරිතක් කිවූ එක මුස්ලිම් පල්ලියක් ගැනවත් ලෝක ඉතිහාසයේවත් සොයාගැනීමට නොහැක.ඔය එක් සිද්ධියක් පමණි.

    සැබවින්ම මේවා බෞද්ධයා ඉලක්ක කර ගනිමින් සිදුවන්නේ ඇයි?එකිනෙකට වෙනස් පටහැනි ආගම් එකට ආඳා මෙරට බහුතර ප්‍රජාව මුළාවට පත් කරන්නේ ඇයි?හේතුව ඉතා පැහැදිලිය.ලොව එකම ථේරවාද බෞද්ධ මූලස්ථානය ශ්‍රී ලංකාවයි.අද බොහෝ උගතුන් මැවුම් වාදය ප්‍රතික්ෂේප කොට බුදු සමය කෙරෙහි නැඹුරු වෙති.එසේම මෙරට අක්මුල් සිඳගත් මහාසංස්කෘතියේ මූල බීජය බෞද්ධ දර්ශනයයි.බොහෝ බලවතුන්ට සියවස් ගණනාවක මුළුල්ලේ සෙලවිය නොහැකි වූ පාදම එයයි.

    තවද වෙනස් වූ භෞතික ලෝකය තුල නොවෙනස් වූ එකම දහම බුදු දහමයි.අදට එම පිරිසිදු ධර්මය රැඳි භාණ්ඩාගාරය ශ්‍රී ලංකාවයි.මෙම සර්වාගමික උමතුවෙන් විනාශ කරවන්නට කැසකවන්නේ එම පිරිසිදු දර්ශනයයි.එම දර්ශනය අනුගමනය කරන සිංහල බෞද්ධ ප්‍රජාවයි.

    නමුත් මෙම සර්වාගමික කූටෝපක්‍රමයට සමහර ස්වාමීන් වහන්සේලා හා දේශපාලන නායකයන් අසුවී තිබීම ඛේදජනකය.ඒ දැන ද නොදැනද යන්න අපි නොදනිමු.පන්සලේ නෝම්බි ඇරියාට,ගවලෙන් හැදුවාට බණ පදයක්,පිරිත් හඬක් නොඇසෙන පල්ලි අතර අපි සර්වාගමිකයන් වී සිටින්න්නෙමු.එක් වරම සිංහල බෞද්ධ ප්‍රජාව අරඹයා දෙසාබාන මෙම මුසාව ගැන බෞද්ධයෝ ඇස් කන් යොමත්වා ! ආගමික හරයන් ගැන අවබෝධය ලබත්වා.

    පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශය උපුටා ගත්තේ මව්බිම ඉරිදා සංග්‍රහයේ "කහ ඉර" විශේෂාංගයෙන්..

    mamath me lipiya kiyewwa :)
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    බුදු සසුන ‍රැක ගැනුමට එක් වෙමු



    මීට වසර 2601 කට පෙර බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රී ලංකා ගමන හා ඉන් පසුව උන්වහන්සේ දෙවරක්‌ම වැඩම කිරීම නිසාත් වසර 2320 කට පෙර දේවානම්පියතිස්‌ස රජු සමයෙහි මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කර රජු හා වැසියන් ද බුදු දහමට අනුගතකරවීම නිසාත් එදා සිංහල දේශය නමින් හැඳින් වූ අද ශ්‍රී ලංකාව නමින් හැඳින්වෙන අපගේ මවුබිම ලොවපුරා ප්‍රසිද්ධව ඇත්තේ බෞද්ධ රටක්‌ ලෙසයි.

    අන්‍යාගමික හා අන්‍යජාතික බලපෑම් නිසා මෙරට බෞද්ධ ජන සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවී යතත් අතිවිශාල බෞද්ධ ජන අනුපාතයක්‌ ඇති තායිලන්තය, මියන්මාර් වැනි ථෙරවාදී බෞද්ධ රටවල් මෙන්ම මහායාන බෞද්ධ රටවල් හා වෙනත් බොහෝ රටවල් ද ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ මූලස්‌ථානය ලෙස පිළිගනිති. එහෙත් මෙරට බොහෝ දේශපාලකයන්ටද, ඇතැම් උගතුන්ටද මෙය බහු ආගමික රටක්‌ වීම අරුමයකි. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂා විය යුතු ප්‍රධාන හා වැදගත් දේ කුමක්‌ දැයි කවුරුන් හෝ ඇසුවොත් ඊට නුවණින් දෙන පිළිතුර විය යුත්තේ බුද්ධ ශාසනය යන්නයි. මෙරට බුද්ධශාසනය රැකෙන විට රැකිය යුතු සියල්ලක්‌ම ආරක්‍ෂා වන බවද කිව යුතුය.

    පෙර සිංහල රජවරු බුදු සසුන සුරැකීමට මුල්තැන දී ක්‍රියා කළහ. විශේෂයෙන් “මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජසැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය පිණිසය” යන තේමා පාඨය තම සටන් පාඨය කරගෙන පර සතුරන් සමග යුද වැදුණු දුටුගැමුණු මහරජතුමාගෙන් පසුව මෙරට සියලුම රජවරු (නුවර යුගයෙහි සිටි වඩුග රජවරු පවා) බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම තම මූලික කටයුත්ත ලෙස සළකා ක්‍රියා කළහ. දුටුගැමුණු මහරජතුමාගෙන් ඉහත දැක්‌වූ සටන් පාඨය ඒ සඳහා මහා බලපෑමක්‌ ඇති කළාට කිසිදු සැකයක්‌ නැත. එය කොතරම් බලවත්වීද යත් ඉංග්‍රීසින් විසින් රට අත්පත්කර ගැනීමට වර්ෂ 1815 දී අත්සන් කරනු ලැබූ සිංහලයේ ගිවිසුමෙහි පවා බුද්ධාගම රකින බවට සටහන් කිරීම හා එය පිළිගැනීමට ඉංගී්‍රසීන්ට ද සිදුවිය.

    වර්තමාන ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙහි ද බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දෙන බවත් බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීම බවත් සඳහන් කර ඇත. බෞද්ධයෝ ආක්‍රමණශීලි නොවෙති. එහෙත් අන්‍යාගමිකයන් ආක්‍රමණශීලීහු වෙති. බුදු දහමෙහි හරවාගැනීම්ද නොමැත. අන්‍යාගමිකයෝ බලහත්කාරයෙන් හා විවිධ උපක්‍රම මගින් ආගමට හරවා ගැනීම්ද කරති. එබැවින් බෞද්ධයන්ගෙන් අන්‍යාගමිකයන්ට අනතුරක්‌ නොමැති අතර අන්‍යාගමිකයන්ගෙන් බුද්ධ ශාසනයට අනතුරක්‌ ඇත. මෙම තත්ත්වය මෙරට පාලකයන් හොඳින් වටහාගත යුතුවේ.

    එහෙත් මෙම ව්‍යවස්‌ථාපිත කරුණ අද බොහෝ දේශපාලකයන්ට මෙන්ම බොහෝ බෞද්ධයන්ටද අමතක වී හෝ අමතක කර දමා ඇති බව කිව යුතුය. බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීම නීතිගත කර තිබුණද බුද්ධ ශාසනය යනු කුමක්‌දැයි නීත්‍යනුකූලව අර්ථකථන දී නොමැත. ඒ සඳහා දේශපාලකයන් හෝ නීති විශාරදයන් සිත් යොමුකර නොමැත්තේ ඒ පිළිබඳව උවමනාවක්‌ හෝ ගරු කිරීමක්‌ නොමැති නිසා විය යුතුය. ශාසනභාරධාරි මහතෙරුන් වහන්සේලා මෙන්ම බෞද්ධ සමිතිද ඉඳහිට බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම ගැන අදහස්‌ ප්‍රකාශ කරති.

    දේශපාලකයෝද තම දේශපාලන උවමනාවන් ඉටුකර ගැනීම සඳහා බුද්ධ ශාසනය ගැන කතා කරති. ඒ අතරතුර විජාතික, විදේශික හා අන්‍යාගමික බලපෑම්වලට හසුවී ක්‍රම ක්‍රමයෙන් බුද්ධ ශාසනය පරිහානියට පත්වෙන බව පෙනී යයි. බුද්ධ ශාසනය යනු කුමක්‌දැයි පැහැදිලිව අප වටහාගත යුතුය. බුදුදහම, බෞද්ධ භික්‌ෂුව, බෞද්ධ ජනතාව, බෞද්ධ ආයතන හා සිද්ධස්‌ථාන හා සියල්ලේම සංයුතිය වූ බෞද්ධ සංස්‌කෘතිය යන මේ සියලුම අංගෝපාංග එක්‌ වූ විට බුද්ධ ශාසනය යෑයි හැඳින්විය හැකිය. එසේ සඳහන් කළ කිසියම් කොටසකට හානි පැමිණේ නම් එය බුද්ධ ශාසනයට හානි වීමක්‌ ලෙස සැලකිය යුතුය. ඉතා හොඳින් විමසා බැලුවොත් අද වන විට ඉතා සියුම් ලෙස බුද්ධ ශාසනයට හානි සිදුකරමින් සිටින බව කාහට නමුත් පැහැදිලි වනු ඇත.

    මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි ආගමික තර්ජන මෙන්ම ආක්‍රමණද රටපුරාම ක්‍රියාත්මක වෙයි. මෙරට සිටින එම ආගමිකයන්ගේ විදේශ නියෝජිතයන් හා මෙරට නියෝජිතයන්ද එක්‌වී එය ක්‍රියාත්මක කරන බව පෙනේ. විශේෂයෙන් මූලධර්මවාදී ක්‍රිස්‌තියානි කණ්‌ඩායම් බෞද්ධ ගම්මානවලට රිංගා යාඥ මඩු පවත්වමින් බෞද්ධයන් හරවා ගැනිමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බව රහසක්‌ නොවේ. ඒ සඳහා ඔවුන්ට විශාල වශයෙන් විදේශ රටවලින් මුදල් ලැබේ. මුස්‌ලිම් ආක්‍රමණයද එලෙසින්ම ක්‍රියාත්මක වේ. දිනපතා පුවත්පත්වල මුස්‌ලිම් නම් ගත් කලින් බෞද්ධයන්ව සිටි අය පිළිබඳව දැන්වීම් හොඳින් විමසා බැලුවොත් මුස්‌ලිම් ආක්‍රමණය කොතරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වේද යන්න වටහා ගත හැකිය.

    1976 නොබැඳි සමුළුවට පැමිණි ලිබියානු නායක ගඩාෆි කොළඹ සහිරා විද්‍යාලයට හා හොලිඩේ ඉන් හෝටලයට එදා ලංකාව පුරාම සිටි මුස්‌ලිම් නායකයන් කැඳවා දේශන පවත්වා කරුණු 03 ක්‌ අවධාරණය කළේය.

    01. ශ්‍රී ලංකාවේ දේපළ හා ඉඩම් මිලදී ගත යුතුය.

    02. ශ්‍රී ලංකාව පුරාම මුස්‌ලිම් පල්ලි ඉදිකළ යුතුය.

    03. තමාගේ මුණුපුරා මේ රටට එනවිට මේ රට මුස්‌ලිම් රටක්‌ විය යුතුය.

    මේ සියලු කටයුතු සඳහා ඔහු මුදල් ලබා දෙන බවද ප්‍රකාශ කර ඇත. මුස්‌ලිම් වෙස්‌ ගෙන එම රැස්‌වීම්වලට ගිය මේ තොරතුරු හොඳින් දන්නා කෙනෙක්‌ අදත් ජීවතුන් අතර සිටි. එදා ගඩාෆි අවධාරණය කළ කරුණු මේ වන විට මුස්‌ලිම්වරුන් කොතරම් දුරට ක්‍රියාත්මක කර ඇත්දැයි රටපුරා සංචාරය කරන විට පෙනී යනු ඇත. නැගෙනහිර පළාතම මුස්‌ලිම් ආක්‍රමණයට ගොදුරු වෙමින් පවතී. තැන් තැන්වල ස්‌ථාවර මුස්‌ලිම් තොරණ ඉදිකර ඇත. මේ තොරණවල අරාබි අකුරින් වැකි සටහන් කර ඇත.

    මේවා ගැන මෙසේ කියන විට ආගම් භේද ඇති කිරීමට උත්සාහ දරතැයි අපේම උගතුන් හා දේශපාලකයන් අපට දොස්‌ නගනු ඇත්තේ යථාර්ථය නොදැන හෝ යථාර්ථයට පිටුපෑම නිසා මිස වෙනත් කරුණක්‌ නිසා නම් නොවේ. ඉරානය, ඉරාකය, ඉන්දුනීසියාව වැනි බෞද්ධ රටවල්වලට අද අත්වී ඇති ඉරණම මෙරට බෞද්ධයන් මෙන්ම දේශපාලකයන් ද හොඳින් වටහා ගත යුතුය. පෘතුග්‍රීසීන් හා ලන්දේසීන් මෙරටට නොපැමිණියා නම් ඒ වන විටත් මෙහි පැමිණ සිටි මුස්‌ලිම් වෙළෙන්දන් මගින් මෙරට මුස්‌ලිම් ආක්‍රමණයකට හසුවන්නට ඉඩ තිබුණැයි ඇතැමුන් කියන කතාව ඉවත දැමිය නොහැක. සියලුම දුක්‌ගැහැට විඳිමින් අපේ අතීත මුතුන් මිත්තන් අපට රැකදී ඇත්තේ බුදු සසුනයි. “මිහිඳු හිමියන් මගින් දුන් දායාදය රැකදීම පිළිබඳ ඉන්දියාව ලංකාවට ණය ගැතිය යෑයි මහාචාර්ය භාරතසිංහ උපාධ්‍යාය පඬිතුමන් තම පාළි සාහිත්‍ය ඉතිහාස කෘතියෙන් කරන සඳහන ඉන්දියාවට ද පෙන්වා දිය යුතුය.

    ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ බවත් එහි බුද්ධ ශාසනය ආරක්‍ෂා විය යුතු බවත් සත්‍ය ගරුකරන කවුරුන් වුවද පිළිගත යුතුය. එම සත්‍යය දැන ඊට ගරු කළා පමණක්‌ නොව එය ප්‍රකාශයට පත් කළ කෙනෙකි, මර්සලිනු ජයකොඩි පියතුමා. එතුමාගේ හදවතින්ම නැගුණු කවි සංකල්පනා මගින් ඒ බව මෙසේ අවධාරණය කළේය.

    වෙහෙරක්‌ නැති තැනක වෙහෙරක්‌ තැනීයන් – බැලු බැලු හැමතැනම වෙහෙරක්‌ පෙනීයන්

    ඉන්දෙන පණිවිඩය සවනට දැනීයන් – දුටු දුටු හැම සිතකම සිල් ගැනීයන්

    උතුරත් දකුණත් අනෙක්‌ දෙපැත්තත් – වෙහෙරින් සුදු වී ඇත නංවා කොත්

    යම්විට යම් කොත් සුන් වී ඇති හොත් – යළි නංවනතුරු කන්න එපා බත්

    පියතුමා මුල් කවියෙන් කියන්නේ රට පුරා බැලු බැලු හැමතැනකම පන්සල් හැදිය යුතු බවයි. එමගින් දෙන පණිවිඩයෙන් සියලු වැසියන්ගේ සිත් සිල් ගැන්වීම එතුමාගේ අදහස විය. දෙවැනි කවියෙන් අවධාරණය කරන්නේ කැඩී බිඳීගිය වෙහෙර විහාර පිළිසකර කළ යුතු බවයි. විශේෂයෙන් නටබුන් වූ දාගැබ් පිළිසකර කොට කොත් පැළඳවිය යුතු බවයි. කුසගින්නේ ඉදිමින් හෝ එය කළ යුතු බව එතුමා අවධාරණය කරයි.

    බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව පිණිස අද මෙවැනි අදහස්‌ දරන හා ප්‍රකාශ කරන අන්‍යාගමිකයන් තබා සිංහල බෞද්ධයන්ද සොයා ගැනීම අසීරු කරුණක්‌ බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

    ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නීතිය සකස්‌ කළේ සුද්දන්ය. දිගු ඉතිහාසයක්‌ නොමැති ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ රටවල්වල මෙන්ම ඔවුන් යටත්කරගෙන සිටි රටවල්වලද නටබුන් වූ ගොඩනැගිලි ප්‍රතිසංස්‌කරණය නොකොට තහවුරු කිරීමටයි. සුද්දාගේ නීතිය අදත් කළු සුන්දන් විසින් මැනවින් ආරක්‍ෂා කරනු ලැබේ. දාගැබ් වැනි නටබුන් සුද්දන්ට අවශ්‍ය වූයේ බැලීමට මිස වෙනත් දේකට නොවේ. ඒ සඳහා පෞරාණික ස්‌වභාවය ආරක්‍ෂා කර තැබීමට ඔවුහු පුරාවිද්‍යා නීති සැකසූහ. එහෙත් සිංහල රජවරු එම පූජනීය ගොඩනැගිලි නැවත නැවත අලුත්වැඩියා කළහ. මෙරට බෞද්ධයන්ට ඒවා අවශ්‍ය වූයේ බැලීමට පමණක්‌ නොව වන්දනා කිරීමටත්ය. නටබුන් ස්‌වරූපයෙන් තිබෙන විට බලනු මිස වැදීමට සිත් නොවේ. රුවන්වැලි සෑයද නටබුන්ව තිබුණා නම් බෞද්ධයන් පමණක්‌ නොව අබෞද්ධයන් පවා අද එතැනට ගොස්‌ ලබන මානසික සහනය ලැබිය හැකිද? යන කරුණ අඥන පුරාවිද්‍යාඥයන් විසින් තම නොදැනුම ටිකක්‌ මගහරවාගෙන විමසා බලන්නේ නම් මැනවි.

    බුදු සසුන බැබලීමට නම් දීඝවාපිය, ගිරිහඬුසෑය, ඡේතවනය, අභයගිරිය මෙන්ම යාපා පටුනෙහි තිබෙන පෞරාණික දැගැබ්ද පිළිසකර කොට සුණු පිළියම් කර සුදො සුදු පැහැයෙන් බැබලවීමට සැලැස්‌විය යුතුය. එය රටට ද ආලෝකයක්‌ මෙන්ම ආශිර්වාදයක්‌ ද වනු නිසැකය. ඒ වෙනුවෙන් පුරාවිද්‍යා නීතිය වෙනස්‌කර ගැනිමට ද අප පසුබට විය යුතු නැත.

    වර්තමානයේ පිරිවෙන්, බෞද්ධ අධ්‍යාපන ආයතන වශයෙන් නොසලකා හැරි ආයතන බවට පත්වී තිබේ. ඒ පිළිබඳ වගකිම් දරන පිරිවෙන් පාලක මණ්‌ඩලයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයටද ඒවා නගා සිටුවීමට අවශ්‍යතාව නොමැති බව පෙනේ. සෑම පන්සලක්‌ම පිරිවෙනක්‌ය යන උතුම් සංකල්පනාවෙන් පිරිවෙන් නගා සිටුවීම කළහොත් එය බුදු සසුන සුරැකීමට ප්‍රබලම හේතුවක්‌ වනු ඇත. බෞද්ධ පොත පත ප්‍රචලිත කිරීම හා ඒවා බෞද්ධ අබෞද්ධ හැම දෙනාටම කියවීමට සැළසීමෙන් තම ජීවිත සකස්‌කර ගැනීමට මග හැදීමද අවශ්‍යම දෙයකි. මේ උතුම් කාර්යයෙහි වැදගත්කම වටහා ගෙන මහා කැපවීමකින් යුතුව ක්‍රියා කරන පූජ්‍යපාද කිරම විමලජෝති හිමිපාණන්ගේ මහා මෙහෙවර කෘතවේදීත්වයෙන් යුතුව මෙහිලා සඳහන් කළ යුතුය.

    බෞද්ධ පෙරහැර හා බෞද්ධ උත්සව මෙන්ම පිංකම්ද පැවැත්වීම සංස්‌කෘතික පැත්තෙන් බලන විට මෙන්ම ශ්‍රද්ධාව ඇතිකරලීමෙහිලාද වැදගත් වෙයි. එහෙත් බුදු සසුන සුරැකීමට ඒවා පමණක්‌ ප්‍රමාණවත් නොවත බව කිව යුතුය. පෝය දිනට සීල ව්‍යාපාර පැවැත්වීම, පිණ්‌ඩපාත චාරික සංවිධානය කිරිම වැනි දේ මතුපිටින් බලන විට ඉතා ආකර්ශනීය වුවද එවැනි කටයුතුවලින් පමණක්‌ ද බුදු සසුන ආරක්‍ෂා නොවන බව ද කිව යුතුය. ගිහි පැවිදි සම්බන්ධය තහවුරු කරනු වෙනුවට අද බෞද්ධයන් මෙන්ම භික්‍ෂුන් පවා දේශපාලන පක්‍ෂ අරමුණු මත ක්‍රියා කිරීමට යොමුවීමෙන් බුදු සසුනට ඇති වී තිබෙන තර්ජනය බලලෝභී හා ධනලෝභී හැඟීමෙන් තොරව විමසා බැලිය යුතු කරුණකි.

    පිටතින් එන උවදුරුවලට වඩා ඇතුළතින්ම එන කඳපණු උවදුර බුදු සසුනට බරපතළ හානියක්‌ වන බව වටහා ගත යුතුය. ශ්‍රී ලංකාවෙන් ලොවට දියහැකි උතුම්ම හා වටිනාම පණිවිඩය බුදු දහමේ පණිවිඩයයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ බුදු සසුන ආරක්‍ෂා විය යුතුය. ඒ උතුම් වගකීම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් මෙන්ම පාලකයන් ද වටහා ගෙන නුවණින් ක්‍රියා කළ යුතුය. ශ්‍රී ලංකාවේ බුදු සසුන ආරක්‍ෂා කිරීමේ මහා වගකීම ඉටු වුවහොත්, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂා විය යුතු සියල්ල ආරක්‍ෂා වන අතර ශ්‍රී ලංකාවෙන් වෙනත් කිසිදු රටකින් දිය නොහැකි වැදගත්ම දෙයක්‌ ලෝකයටද ප්‍රදානය කළ හැකිවනු ඇත. ශ්‍රී ලංකා රජය මෙන්ම ශ්‍රී ලංකාව රටවැසි කරගත් බෞද්ධ අබෞද්ධ හැම දෙනාම ඒ උතුම් වගකීමට බැඳී සිටිති.