ඌරන් ඇඳීම

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඌරන් ඇඳීම​

දුෂ්කර සේවාවකින් අනතුරුව ගමේ පාසලට පැමිණි එම ගුරුතුමා ගමේ දරුවන් වෙනුවෙන් ඇපකැප වී සේවය කරයි. ‘උඹ’ ‘පලයන්’ ‘මෙහෙ වරෙන්’ යනුවෙන් ළමයින් ඇමැතීම ඔහුගේ පුරුද්දය. එපමණක් නොව සමහර විට සත්ත්ව නාම ද ආදේශ කරයි.

එදා අපේ ගුරුතුමා පන්තියට ගියේ ය.

‘මොනවද තියෙන්නේ.

‘සර්... චිත්‍ර’

‘ගන්නවා චිත්‍ර පොත්’

ළමයි වහ වහා ම චිත්‍ර පොත් ගත්හ.

‘දැන් අඳින්න මෙන්න මේ කවිය’

‘අතට වෙරලු ඇහිද ගෙනේ

ඉණට පලා නෙළා ගෙනේ

බරට ම දර කඩා ගෙනේ

එයි අම්මා විගස කිනේ’

දැන් ගුරුතුමා පන්තිය වටේට යයි. පේළි අතරින් ද යයි. ළමයි ඇඳීම අරඹා ඇත.

එක් මහත ශිෂ්‍යයකු කිසිවක් ඇඳ නැත, කෝපයට පත් ගුරුතුමා මෙහෙම කීවේ ය.

‘ඇඳපන් ඌරෝ’

නැවතත් පන්තිය වටේ යන විට ළමයා පොතේ පිටුවක් පිරෙන්නට ම ඌරන් රංචුවක් අඳිනු දක්නට ලැබිණි.


උපු‍ටා ගැනිම-silumina
 
  • Like
Reactions: dinuka rukshan