ඌරු_මස්ස_සහ_හොල්මන්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඕකුන් ඔය ලබ්බක් දන්නෑ. බඩේ පණුවෝ හැදෙන සීන් එකක් නේ ඔය කතාව ඇදලා ගත්තොත් ගන්නේ. :D.

    නැහැ නේද බන්. උන් ඌරා කන්නෙ නැත්තෙ කුරාණයේ කියලා තියෙන නිසානෙ. අපිරිසිදුයි කියලා. දන්න විදියට උන්ට කන්න අවසර තියෙන්නෙ කුර බෙදිල තියෙන උලා කන සත්තු. එකනේ උන් හරකා කන්නේ. ඌරගෙ කුර බෙදිලා තිබුනත් උන් උලා කන්නෙ නැහැ. එතකොට හරාම්ලු... :yes: :yes: :yes:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Negotiation බන්ස්. :D:D
    අගවල් වලට වැහිලා ඉන්න උන් ගොඩක් වෙලාවට ඉල්ලන්නේ ඌවම තමා.
    බස්සගෙන බස්සගෙන ඇවිල්ලා කුකුලගෙන් තමා නවතින්නේ. :lol:

    උන් හෙන ගොන් නේද බං? හැමදාම එකම බොරුවටනෙ අහුවෙන්නෙ.... :lol: :lol: :lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හරියට හරි ලොක්ක.. උඹ දන්නවා. හැබැයි මම දන්න විදියට ලොක්ක ගේම දෙන්නෙ මරණ එකාලට විතරයි. හැබැයි හැමෝටම දෙන්නත් බැහැ . බහුතර ජනතාවට සෙට් වෙන්නෙ පොඩි පොඩි උන්. උන් එන්නෙ නැහැ ලොක්කගේ ෆේවරිට් එක කන උන්ගෙ ලඟට. වැඩේ ටිකක් සංකීර්ණයි. සරලව නම් ඔහොමයි වෙන්නේ. උඹේ අදහසුත් ලියපන්.



    හරිනේ ඉතින්. පොඩි උන් එන්නේ නෑ. එන්නේ එකම එකයි. ඌ තමා ලොක්කා
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උන්ගේ ආගමේ අනිත් ඒවා වගේම මේකෙත් ඇත්ත වහල වෙන එකක් එලියට දාල.



    නැහැ නේද බන්. උන් ඌරා කන්නෙ නැත්තෙ කුරාණයේ කියලා තියෙන නිසානෙ. අපිරිසිදුයි කියලා. දන්න විදියට උන්ට කන්න අවසර තියෙන්නෙ කුර බෙදිල තියෙන උලා කන සත්තු. එකනේ උන් හරකා කන්නේ. ඌරගෙ කුර බෙදිලා තිබුනත් උන් උලා කන්නෙ නැහැ. එතකොට හරාම්ලු... :yes: :yes: :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ඔක ටෙස්ට් කරල බැලුව.., මෙලෝ මල පෙරේතයෙක් නෑ..,
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නැහැ නේද බන්. උන් ඌරා කන්නෙ නැත්තෙ කුරාණයේ කියලා තියෙන නිසානෙ. අපිරිසිදුයි කියලා. දන්න විදියට උන්ට කන්න අවසර තියෙන්නෙ කුර බෙදිල තියෙන උලා කන සත්තු. එකනේ උන් හරකා කන්නේ. ඌරගෙ කුර බෙදිලා තිබුනත් උන් උලා කන්නෙ නැහැ. එතකොට හරාම්ලු... :yes: :yes: :yes:

    දැන් උන් ඕවා කියන්නේ නැහැ.
    ඉස්සර මේකෙත් ගියා.
    ලිස්ට් එකක් තියනවා උරු මස් කාපුවහම හැදෙන ලෙඩ ගැන.:D
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    දැන් උන් ඕවා කියන්නේ නැහැ.
    ඉස්සර මේකෙත් ගියා.
    ලිස්ට් එකක් තියනවා උරු මස් කාපුවහම හැදෙන ලෙඩ ගැන.:D

    මම අහල තියෙන්නේ ඔහොම Saho.... :baffled:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,425
    20,876
    113
    Panadura
    ඌරු මස් කොත්තු අරන් රෑට තනියෙන් යන්න හොඳ නැද්ද? ඌරු මස් වලට හොල්මන් එනවා කියන්නෙ ඇත්තද?

    ආයි පාරක් ඌරු කොත්තු කෑවේ නැතැයි
     

    gepa

    Well-known member
  • මාත් දවසක් ගෙදරින් ඌරු මස් කාලා රෑ බස් එකේ කොලඹ එන්ඩ පිටත් උනා..මගට එනකොට බැග් එකෙන් කවුදෝ පිටිපස්සට අදිනවා වගේ.. ගමනට බාදා නිසා ගෙදර ගිහින් නිදාගෙන උදේට කක්කා කරලා උදේ බස් එකේ කොලඹ ආවා.මං හිතන්නේ ඌරු මස් බඩේ තිබුනු ටිකට හොල්මන් ඉව වැඩිලා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඟ පුරා ලෝම තියෙන ගෝරිල්ලෙක් වගේ එකෙක්ලු.
    විශ්වාස කරන්න නම් අපිටත් ඕක වෙන්නම ඕන.:yes::yes:
    ඈග්......:oo::oo:
    ඔය බුවා ට තියෙන්නේ වලස් ඔලුවක් නේ බං අනිත් පැත්තට හයි වෙච්චි.
    බලි කවි වල තියන විදියට නං පොර,

    වලස් ඔළුවක් සහිත,
    හැඩ පලු ගෙතුනු දිග කොණ්ඩයක් ඇති,
    සුදු දෝතියක් ඇද ගත්,
    උඩු කයට අවුල් හැරයක් ඇද ගත්,
    හෙල්ලක් එක් අතකින් ගෙන,
    අනිත් අතින් ඇතෙකුගේ ලේ බොමින් එන,
    වල් උෘරෙක වාහනය කොට ගත්,
    බුවෙකි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,425
    20,876
    113
    Panadura
    ඈග්......:oo::oo:
    ඔය බුවා ට තියෙන්නේ වලස් ඔලුවක් නේ බං අනිත් පැත්තට හයි වෙච්චි.
    බලි කවි වල තියන විදියට නං පොර,

    වලස් ඔළුවක් සහිත,
    හැඩ පලු ගෙතුනු දිග කොණ්ඩයක් ඇති,
    සුදු දෝතියක් ඇද ගත්,
    උඩු කයට අවුල් හැරයක් ඇද ගත්,
    හෙල්ලක් එක් අතකින් ගෙන,
    අනිත් අතින් ඇතෙකුගේ ලේ බොමින් එන,
    වල් උෘරෙක වාහනය කොට ගත්,
    බුවෙකි.

    :shocked: :shocked: :shocked:
    ඌරු මස් බයිට් එකක් සප්පායම් වෙනකොට
    දැකලා වගේ මට පේන්නේ ...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,975
    54,572
    113
    Colombo
    ඇඟ පුරා ලෝම තියෙන ගෝරිල්ලෙක් වගේ එකෙක්ලු.
    විශ්වාස කරන්න නම් අපිටත් ඕක වෙන්නම ඕන.:yes::yes:

    ඌ යෙටී වෙන්න ඇති බන් :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈග්......:oo::oo:
    ඔය බුවා ට තියෙන්නේ වලස් ඔලුවක් නේ බං අනිත් පැත්තට හයි වෙච්චි.
    බලි කවි වල තියන විදියට නං පොර,

    වලස් ඔළුවක් සහිත,
    හැඩ පලු ගෙතුනු දිග කොණ්ඩයක් ඇති,
    සුදු දෝතියක් ඇද ගත්,
    උඩු කයට අවුල් හැරයක් ඇද ගත්,
    හෙල්ලක් එක් අතකින් ගෙන,
    අනිත් අතින් ඇතෙකුගේ ලේ බොමින් එන,
    වල් උෘරෙක වාහනය කොට ගත්,
    බුවෙකි.

    :shocked: :shocked: :shocked:
    ඌරු මස් බයිට් එකක් සප්පායම් වෙනකොට
    දැකලා වගේ මට පේන්නේ ...
    බොගේ ඇස් දෙක පොට්ටෙයි මචං......:oo:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සුසාන භුමි අසල ගැවසෙන අමනුෂ්‍ය බලවේග පිළිබඳව අපට නිතර අසන්නට ලැබුණත් ඊට සාක්‍ෂි සපයන්නෝ හමුවන්නේ ඉතා කලාතුරකිනි. මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයන් කෙසේ වෙතත් ඊට ගොදුරු වූවෝ ඉඳහිට හෝ හමු නොවෙනවා යෑයි කිව නොහැක. එහෙත් එවන් සිදු වීමකට සාක්‍ෂි සපයමින් පසුගියදා අසන්නට ලැබුණ මේ සිදුවීම තරමක පුදුම සහගතය.

    පෞද්ගලික ආයතනයක රැකියාව කළ සුමනදාසගේ වැඩ මුරය අවසන් වීමට තිබුණේ රාත්‍රි දොළහටය. එහෙත් පාලනාධිකාරිය ඔහුගේ ගමන් අපහසුව සලකා පැය දෙකකට කලින් සේවය නිමවා යැමට විශේෂ අවස්‌aථාවක්‌ ලබා දී තිබුණේ ඔහු සිය කාර්යභාරය අවංකව කළ නිසාය.

    වැඩපළේ සිට කිලෝ මීටර් විසිපහක්‌ තිහක්‌ පමණ බස්‌ රථයකින් පැමිණ තවත් කිලෝ මීටරයක්‌ තරම් දුරක්‌ තම නිවසට පයින් ගමන් කළ යුතු බව සිය ප්‍රධානියාට මුලින්ම කියා තිබීම නිසා ඔහුට මෙම අවසරය ලැබිණි.

    "සුමනදාසගේ කැපවීම නිසාමයි අපි තීරණය කළේ පැය දෙකක්‌ කලින් යන්න ඉඩ දෙන්නෙ. ඒක වෙන වෙන වෙලාවල්වලදී කවර් කරනව නම් හොඳයි." මැනේජර්ගේ විධානය සුමනදාසට කිසියම් සහායක්‌ ගෙන දුන්නේය. තම නිවසට එනතුරු රෑ දෙගොඩහරියක්‌ තම බිරිඳ නිදි වර්ජිතව බලා සිටිනවා සුමනදාසට මැවි මැවී පෙනුණේ මේ කියමනත් සමගය.

    දෙයියන්ගෙ නාමෙට මෙහෙම වෙච්ච එක හොඳයි. නැත්නම් අර මනුස්‌සය බඩකුත් බදාගෙන උලුවස්‌සට හේත්තුවෙල මම එනකම් බෙල්ල දික්‌කර කර බලා ඉඳීවි ඔහු සිය මිත්‍රයකුට කීවේ සිතේ තිබූ සතුට ප්‍රකාශ කරන්නාක්‌ මෙනි.

    "කවුරු කොහොම කිව්වත් මැනේජරය කියන තරම් නරක මිනිහෙක්‌ නෙවෙයි බං එයාටත් ටිකක්‌ උණුවෙන ගතියක්‌ තියනවා."

    සිය සගයා කියූ කතාවට සුමනදාස සිනහසුනා මිස කිසිවක්‌ කියන්නට ගියේ නැත. එදින සේවා මුරය අවසන් කළ ඔහු හැකි ඉක්‌මනින් නිවසට යැමට අදහස්‌ කළේ දරු ප්‍රසූතියකට ළංව සිටින සිය බිරිඳගේ කන්නලව්ව සිහිපත් කරමිනි.

    "අනේ සුමනෙ...... ටිකක්‌ වේලපහින් එන්න බලන්න මටත් දැන් නම් අමාරුයි අමාරුයි වගේ."

    බිරිඳගේ කන්නලව්ව සිතේ දෝංකාර දෙමින් තිබියදී ඔහු සිය ගමන ඉක්‌මන් කළත් වෙනදා හරියටම රෑ දහයට එන බස්‌ රථය එදා ආවේ තරමක්‌ ප්‍රමාදවය.

    "ෂික්‌...... මේ බම්බුවත් අද එන්න පරක්‌කු වෙලානේ දුප්පතාටමයි හැම හෙනයක්‌ම" තමාටම කියාගත් සුමනදාස ප්‍රමාද වී ආ බසයේ කෙළවරක හරිබරි ගැසුණේය.

    බස්‌ රථයට ගමන් කළ හැකි වූයේ කිලෝ මීටර් කිහිපයක්‌ පමණි. හදිසියේම කර කරාස්‌ හඬක්‌ නංවමින් නතර වූ බසය තවත් අඩියක්‌වත් එහාට ගමන් කළ නොහැකිව අඩපණ වූයේ සුමනදාසගේ සියලු අපේක්‍ෂාවන්ට විරාමයක්‌ තබමිනි.

    "හත්තිලව්වේ හොඳ වෙලාවට හන්දියෙ නතර වුණේ. තව ටිකක්‌ එහාට ගියා නම් කපෝතියි." රියෑදුරු උන්නැහේ අසුනින් නැගිටින ගමන් කියද්දී සුමනදාස හිසට අත තබාගත්තේය.

    දැන් ඉතිං කාල වරෙන්කෝ සෙසු මගීහු කේන්තිය පිටකර ගිනිද්දී සුමනදාස හෙමි හෙමින් අසල තිබූ රෑ කඩයකට රිංගා ගත්තේය.

    "සුමනේ එනකොට මොනව හරි අරං එන්නකෝ ගෙදර කෑම කාල ඇතිවෙලා." සුමනදාසට බිරිඳගේ කන්නලව්ව අතරේ කියූ අනෙක්‌ ප්‍රශ්නය සිහිවූයේ කඩයට ගියාට පසුය.

    "මට දෙන්න හොඳවැයිං කොත්තුවක්‌ " සුමනදාස අහිංසකව සිනහසෙමින් මුදලාලිට කීවේය.

    "මොනවද මහත්තයා මාළු, මස්‌, බිත්තර" මුදලාලි තවත් පාර්සලයක්‌ ඔතන ගමන් සුමනදාසගෙන් ඇසීය.

    "පෝක්‌. පෝක්‌." බිරිඳගේ දෙළඳුක සන්සිඳවීමට මස්‌ කොත්තුවක්‌ රැගෙන යැම මැනවයි සිතූ සුමනදාසට ඉන් එපිට යමක්‌ සිතුනේ නැත.

    "ආ ළමයා ඌරුමස්‌ කොත්තුවක්‌" මුදලාලි කියද්දී කොත්තු කොලුවා ටක....... ටකස්‌..... ටකට....... ටකාස්‌ ශබ්ද නගමින් කොත්තුවට මුල පිරුවේය.

    "අනේ අම්මප මූත් මේ මහ රෑ ඌරු මස්‌ අරං යන්නෙ මේ වයේ ආනිසංස දන්නෙ නැතිව වෙන්න ඇති." රෑ එකොළහත් පසුවී තිබුණ හෙයින් කොලුවා කේන්තියෙන් මුමුණන්නට පටන් ගත්තේය. කොත්තුව සුමනෙගේ අතට පත්වී තවත් පැය බාගයක්‌ පමණ යද්දී බස්‌ රථයේ දෝෂයද හදා අවසන් වෙමින් තිබිණි.

    සුමනදාස නිවසට යන හන්දිය අසලින් බසින විට රාත්‍රි දොළහත් පසු වී හමාරය. තවත් කිලෝ මීටරයක්‌ තරම් පයින් ගමන් කළ යුතු නිසා ඔහු ගමන ඉක්‌මන් කරමින් අතේ වූ කොත්තු පාර්සලය අනෙක්‌ අතට මාරු කළේය. මේ මාවතේම වූ කනත්ත සුමනදාසගේ ගෙවල්වලට තරමක්‌ ළංව තිබිණි. දිනපතා එහා මෙහා යන ඔහුට එහි වගේ වගක්‌ නැත. එහෙත් කනත්තට ආසන්න වනවාත් සමග කිසියම් කාලවර්ණ යමක්‌ කනත්තේ මැද සිට තමා දෙසට එනවා ඔහුට පෙනිණි.

    නිතර දෙවේලේ හරක්‌ ළගින කනත්තේ මේ අවේලාවේ හොල්මන් කරන්නේ මොකෙක්‌දැයි කල්පනා කළ සුමනදාසට එක්‌වරම තම අතෙහි වූ ඌරු මස්‌ සහිත කොත්තු පාර්සලය ටික ටික කවුරු හෝ කනත්ත පැත්තට ඇදගෙන යන්නට උත්සාහ දරන බවක්‌ දැනෙන්නට විය.

    මේ සිදුවීමත් සමග ඔහුගේ ගත සීතල වෙමින් රෝම කූප කෙලින් සිටින්නට පටන් ගත්තේය. ඒ එක්‌කම ඇති වුණු තැති ගැන්මත් සමග බුදුඅම්මෝ කියූ සුමනදාස හැකි පමණ වේගයෙන් දිව ගොස්‌ ගෙදර මිදුලේ ඇදවැටෙද්දී ඔහුගේ සිහි එළවා ගැනීමට යකැ දුරෙකුගේ සහාය පතන්නට බිරිඳට සිදු විය.

    මේ පිළිබඳව ප්‍රදේශයේ තරුණ පිරිස සහ දැන උගත් පිරිස කතා කළේ කොත්තුවට ඉව ඇල්ලූ සුනඛයෙක්‌ හෝ දෙදෙනෙක්‌ එය ඩැහැ ගැනීමට උත්සාහ දරා ඇති බවක්‌ය. එහෙත් පසු දින කළ විපරමකදී දකින්නට ලැබුණේ ඔහුගෙන් උදුර ගත් කොත්තු පාර්සලය කිසිම ආපදාවකට ලක්‌ නොවී කනත්ත අසලම වැටී තිබූ අයුරුය.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    දවසකට ලංකාවේ ඌරු මස් අරගෙන කීදෙනෙක් එහා මෙහා යනවද...තව ඔය ෆාර්ම් වල මරණ මස් අරගෙන දුර පළාත් වලට යන ලොරි එහෙම...එතකොට පෝර්ක් සොසේජස් එහෙම අරන් යන ලොරි එහෙම...ඒවායේ අච්චර තොග පිටින් ඌරු මස් ගෙනියද්දි යකා ඇවිත් අර හෝටලෙන් ඌරු මස් චුට්ටම චුට්ටක් දාපු කොත්තුවටම කෙලියනේ හැබෑට...යක්කුන්ටත් මැනර්ස් නෑ...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දවසකට ලංකාවේ ඌරු මස් අරගෙන කීදෙනෙක් එහා මෙහා යනවද...තව ඔය ෆාර්ම් වල මරණ මස් අරගෙන දුර පළාත් වලට යන ලොරි එහෙම...එතකොට පෝර්ක් සොසේජස් එහෙම අරන් යන ලොරි එහෙම...ඒවායේ අච්චර තොග පිටින් ඌරු මස් ගෙනියද්දි යකා ඇවිත් අර හෝටලෙන් ඌරු මස් චුට්ටම චුට්ටක් දාපු කොත්තුවටම කෙලියනේ හැබෑට...යක්කුන්ටත් මැනර්ස් නෑ...

    :lol::lol::lol::lol::lol: