ඌවේදී_අපි_පැරදුණා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඌවේදී_අපි_පැරදුණා

    බොරු තර්ක වැඩක් නෑ.. ඌවේදී අපට වැරදුනා..


    vidura.jpg


    ඌව මැතිවරණයේදී ආණ්ඩුවට වැරදුනු බවත් බොරු තර්ක නොකර වැරැදුණු තැන් සොයන්න ඕනෑ බවත් යැයි කළුතර දිස්ත‍්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පවසයි.

    ‘මේ මැතිවරණයේ ප‍්‍රතිඵලය ඉතා පැහැදිලිවම ආණ්ඩුවට රතු එළියක්. මේ ගැන දෙපාරක් සිතා බලා අනිවාර්යයෙන්ම ස්වයං විවේචනයකට යා යුතුයි.

    මීට පෙර පැවති ඌව පළාත් සභා මැතිවරණය සමග සන්සන්දනය කර බැලීමේදී ආණ්ඩුවේ ඡන්ද විශාල ලෙස අඩු වෙලා. එක්සත් ජාතික පක්ෂට සහ ජවිපෙට ඡන්ද වැඩි වෙලා තියෙනවා.

    එවකට තිබුණු යුද්ධය පිළිබද තත්ත්වය යම් ප‍්‍රමාණයකට එදා ප‍්‍රතිඵල වලට බලපෑවත් අපේ ඡන්ද අඩු වුණා කියන එක පිළිගන්න ඕන.

    බොරු තර්ක කරලා වැඩක් නැහැ. දැන් කළ යුත්තේ බොරුවට කෑගහලා, තර්ක කරලා සුන්දර සිහින මවන එක නොවෙයි. අප නිහතමානීව අපට වැරැදුණු තැන් සොයා බැලීමයි කළ යුත්තේ. අපේ අඩුපාඩු මොනවාද කියලා ස්වයං විවේචනයක යෙදිය යුතුයි’ යයිද මන්ත‍්‍රීවරයා කියයි.


    lankacnews​



    පිස්සු බල්ලෝ වගේ පැරදුණ දුක වහගන්න විපක්ෂයට රැකගෙන ඉදලා ගහන අමනයෝ ඉන්න මහින්දගේ පැත්තේ මේ වගේ වැදගත් මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි.:yes:
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ela kollek.
    he is a gentleman

    :yes:මොළේ තියෙන අය එහෙම තමා..දින්නත් පැරදුනත් දෙකම නිහතමානීව බාරගන්නවා..පැරදුණ එකට හේතුව හොයලා ඒ වැරැද්ද නිවැරදි කරගන්න උත්සහ කරනවා..:)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කොහොමත් මෙයා පොළවේ පය ගහල ඉන්න මනුස්සයෙක්. දන්න තරමින් හොඳ මහත්මයෙක්. ඒත් මේ වගේ මිනිස්සුන්ට අද ප්‍රධාන පක්ශ දෙකේම නිසි තැනක් ලැබෙන්නෙ නැහැ. :dull::dull::dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කොහොමත් මෙයා පොළවේ පය ගහල ඉන්න මනුස්සයෙක්. දන්න තරමින් හොඳ මහත්මයෙක්. ඒත් මේ වගේ මිනිස්සුන්ට අද ප්‍රධාන පක්ශ දෙකේම නිසි තැනක් ලැබෙන්නෙ නැහැ. :dull::dull::dull:

    ඔව් මේ රට්නසිරි වික්‍රමනායකගේ පුතා.
    පොර එල බුවා
    කපල තියෙන්නේ. වෙන උන්ට තමයි දැන් තැන තියෙන්නේ
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මේ වගේ වැදගත් මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි.:yes: