ඉතින් අර night shift එකෙන් £5 පටන් ගත්ත මම අද Government එකේ මට ඇතියි කියලා හිතෙන salary එකට වැඩ කරනවා.
ඒත් එක්කම මගේ යාලුකම තිබ්බ අමිල අදටත් UK. ඒ friendship එකට අවුරැදු 12ක්. අපි නිතරම කතා කරලා විස්තර අහනවා. ඌ අද supermarket area manager කෙනෙක්.අවුරැද්දට £40,000ක් වගේ ගන්නවා. උගේ ගොඩක් visa application පුරවලා PR එක, citizenship එක අරන් දෙන්න මට පුලුවන් උනා.
ඒකට එකම හේතුව මම තනියම visa application දාපු නිසා. කවදාවත් මම visa වලට agent, consultant ලා ගාවට ගිහින් නැ. මම ගොඩක් UK හිටපු අයට visa application පුරවලා දුන්නා. මම ඒකයි අදටත් හැමෝටම කියන්නෙ UK student visa එක basic visa එකක්. Agents ලා ඕනෙ නැ කියලා. මේ application එක පුරවගන්න අමාරැනන් දාපාරක් හිතන්න.
ගොඩක් අය තව කෙනෙක් කියලා දෙනකන් ඉන්නවා. කාලය වැය කරන්න කැමති නැහැ. Website එකකට ගිහින් හොදට වෙලාව අරගෙන කියවලා හරි විස්තර ගන්න. වරදුනාට කමක් නැහැ. අත් දැකිම ගන්න. මගේ ජිවිතේ වැරදුන තැන් අනන්තයි. ඒත් ඒ සේරම මට අද අත් දැකීමක් විතරයි.
Email එකක් ලියනකොට පැහැදිලිව විස්තර කරලා ලියන්න. හරි CV එක හදා ගන්න. Opportunities බලන්න. English language එක professional මට්ටමට හදා ගන්න. මම එහෙම කියන්නෙ මට අවුරැදු 7-8 කින් achieve කරගන්න පුලුවන් උනදේ ඔගොලන්ට ඊට කලින් achieve කරන්න පුලුවන් වෙයි. ඒකය් මම දන්න දේ කියන්නෙ කිසිම අඩුවක් නැතිව.
4.UK වල වැඩ කරනවා ඇරෙන්න වෙන නිදහසක් නැත්ද?
මගේ තිබුන තව හීනයක් තමා ගොඩක් රටවල් වලට travel කරන එක. College යන කාලේ Summer holiday එක පටන් ගත්ත ගමන් මම online බැලුවා France
වලට tourist visa ගන්න විදිහ. තනියම සේරම requirements ටික හදාගෙන apply කලා. මුල්ම visa එක හරියටම දවස් 10 කට ලැබුනා. අපි යාලුවො ටික ඉස්සෙල්ලම Paris ගියා දවස් 4කට. එදා ඉදන් අවුරැද්දට 4-5 වතාවක් මම holiday යන එක අනිවාර්‍ය දෙයක් කරගත්තා මගේ ජිවිතේට. Student කාලේ සේරම වගේ EU country වලට ගියා. මම ඒ කාලේ හරි ආසයි immigration stamp එක ගහගන්න passport එකේ. දැන් නන් මම job එකකට ගියාම බලන වැදගත්ම දෙයක් තමා අවුරැද්දට කොච්චර නිවාඩු තියෙනවද කියන එක. ගොඩක් තැන්වල සති 5-6ක් වගේ දෙනවා. මේ නිවාඩු paid holiday. ඊට අමතරව week 1ක් සල්ලි වලට ගන්න පුලුවන්.
ගොඩක් full time jobs තියෙන්නෙ සතියට පැය 35-37.5 ක් වගේ. ගොඩක් office තියෙන්නෙ Monday to Friday. එතකොට දවස් දෙකක් නිවාඩු. UK වල ගොඩක් තැන් තියෙනවා Free වෙලාවට යන්න. beach , caravan parks, markets , museum, festivals, theatres, cinema, night clubs, pubs , charity events හැමදේම තියෙනවා. පුලුවන් වෙලාවට මේවට යන්න. සමහර වෙලාවට අපි සල්ලි එකතු කරගෙනම යන්න යනවා. නමුත් අපේ ජිවිතේ සෑහෙන කාලයක් ගිහින්. ඒ හින්දා පුලුවන් කමක් තියේනන් weekend එකකට හරි France, Italy ගිහින් එන්න.ලොකු ගානක් යන්නෙ නැ. Cruise holiday යන එක තමා ගොඩක් holiday වලට කරන්නෙ. £500 ටත් හොද luxury cruise holiday තියෙනවා. ඒ හින්දා නිතරම online offers බලන්න.
------
Post added on Oct 10, 2021 at 10:11 PM