9. ලංකාවේ අය උදව් කරනවද?
කවදාවත් කාටවත් උදව් බලාගෙන උදව් කරන්න යන්න එපා. දන්නෙ නැතිව , evidence එකක් නැතිව කාටවත් blame කරන්න එපා. පුලුවන් හැම වෙලාවකම වචනෙකින් වත් උදව් කරන්න. වෙන රටකට ආවම ගොඩක් අය අසරන වෙන වෙලාවල් තියෙනවා. මගේ තියෙන දැනුම මම හිතන්නෙ මම මේ group එකේ ගොඩක් අයට පුලුවන් විදිහට කිව්වා. Agents ලා ගොඩක් මට කතා කලා. සමහර අය මට job දෙන්න කතා කලා. සමහර අය මට සල්ලි හොයන්න විදි කියලා දෙන්න ආවා. සමහර අය හොද කිව්වා. සමහර අය දොස් කිව්වා. මම කිව්ව එකම දේ මට අවශ්‍ය සල්ලි මම හොයාගෙන ඉවරයි කියන එක. මගේ මාසෙක පඩිය මට සෑහෙන්න ඇති. නමුත් කාට හරි උදව්වක්, දන්න දෙයක් කියලා දීලා, ඒ පුද්ගලයා මටත් වඩා ඉහල තැනකට යනවනන් මට ඒ සතුට කොහෙන් වත් ගන්න බැහැ. UK කියන්නෙ ලොකු opportunity එකක්. ඒකට ඔයා කලුද, සුදුද, මොන religion එකද, මොන sexuality එකද කියලා බලන්නෙ නැ. Language and qualifications and personality.That’s all.
කාටහරි සල්ලි දෙනවනන් හරිම පරිස්සමෙන්. යාලුවෙක්ගෙන් මෙහෙදි සල්ලි ගත්තොත් ඒ දිනේට දෙන්න. දෙන්න බැරි වෙනවන්න කලින් කියන්න. මට ඔනතරන් සල්ලි නයට දිලා නැතිවෙලා තියේ. එ හින්දා අදටත් මගේ මුදල් ගනුදෙනු නැහැ
.
ලංකාවේ student කෙනෙක් ඒ කාලේ මගේ petrol station එකේ වැඩට දැම්මා. උ shop එකේ තිබ්බ cigarettes, alcohol, scratch cards හොරකන් කලා £2000 ක් වගේ. මගේ boss මගේ වචනෙට තමා ඌව ගත්තේ. ලංකාවේ අයට මෙහෙ ඉන්න සමහර අය උදව් කරන්නෙ නෑ කියන්න හේතුවක් තමා ඕක. කවුරැ හරි වැඩක් හොයලා දුන්නොත් අවංකවම වැඩ කරන්න.
තමන් යමක් දැනගත්තොත් තව කෙනෙකුට උදව් කරන්න පුලුවන්නන් කියන්න. Job ගැන කියන්න. Accommodation ගැන කියන්න. Visa rules ගැන කියන්න. තමන්ට visa හම්බුනාන් process එක පුලුවන්නන් කියන්න. තව කෙනෙක් agentට දෙන 30000 ඉතුරැ කර ගනියි.
10. UK වල ඇත්තටම සල්ලි හොයන්න පුලුවන්ද?
මේක මගේ කතාව විතරයි. පහුගිය අවුරැදු 12 ට visa ගත්ත, ගන්න බැරිවුන අය, lawyers ලටම සල්ලි දිදි visa renew කරපු අය, ඇත්තටම complicated case තිබ්බ අය, asylum දාපු අය, asylum නොලැබිලා deport කරපු අය ගොඩයි. මේකට ප්‍රධාන හේතුව හරියට ඉගෙන ගත්ත නැතිවිම. ඉගෙන ගන්න එකට priority එක දෙන්න.
Job හොයාගන්න බැරි පැති ඕන තරන් තියෙනවා. Job එකක් තියෙන පැතිවලට, factory, farm work, retail තියෙන පැති බලන්න. හැම වෙලාවෙම job වලට අදාල qualifications හදාගන්න. Plan එකක් ඇතිව වැඩ කරනන්. Job එකෙන් job එකට මාරැවෙනවන් අලුත් job එකේ salary එක වැඩි කරගන්න. නැත්නන් qualifications හදාගෙන development එකක් හදාගන්න බලන්න. Expenses අඩු කරගන්න බලන්න. Money supermarket වගේ website වල හැමදාම deals shop around කරන්න. Gas, electric, mobile , car insurance, internet වගේ bills අවුරැද්දෙන් අවුරැද්දට shop around කරලා හොදම deal එකකට යන්න. එකම service provider ගෙ ඉන්න එපා.
PR එක ගත්ත ගමන්ම mortgage එකකට යන්න සේරම හදලා තියාගන්න. මම කලින් කිව්වා වගේ ගෙයක් සල්ලි වලට අරන් හොදට හදලා විකුනලාම සල්ලි ඉතුරැ කරගන්න පුලුවන්. Credit score එක හොදට හදාගන්න.
ලංකාවෙන් එන ඔගොලන්ට ලොකු උත්සහයක් තියෙනවා. උනන්දුවක් තියෙනවා. ඒකෙන් වැඩගන්න. උදේ පාන්දර 4ටත් මෙහෙ වැඩ තියෙනවා. රෑ දවල් කියලා නෑ. ලැබෙන වැඩක් කරන්න. හොද plan එකක් එක්ක වැඩ කරන්න. Job එකකට ගියොත් හොදට මහන්සි වෙලා කරන්න. ලංකාවෙ වගේ නෙමේ recognition තියෙනවා.
ඉතින් මගේ අවුරැදු 12 මෙහෙම ගියා. හැමදෙනාටම මේක පොදු කතාවක් නොවෙන්න පුලුවන්. නමුත් මේ කතාව හැම දෙනෙකුටම කරගන්න plan කරන්න. පලවෙනි අවුරැදු 6-7 අමාරැවෙයි. නමුත් මහන්සිය අපතේ යන්නෙ නැහැ.කවුරැහරි UK ඇවිල්ලා ජිවිතේ ගොඩ දාගන්න බලනවනන් පොඩි plan එකක් දාගන්න. කවුරැත් කිව්වට පිලිගන්න එපා. තමන්ව විශ්වාස කරන්න. හැමෝටම උදව් කරන්න.
මම ගොඩක් වෙලාවට මට අවුරැදු 40ක් වෙනකොට retire වෙන්න ජිවිතේ plan කරලා ඉවරයි.
. මගේ world wide trip එක organise කරනවා.
ඉතින් මම අන්තිමට කියන්නෙ ලංකාවෙ කෙනෙක් UK ආවාම අසරණ වෙන අවස්තා ගොඩයි. පුලුවන්නන් වචනෙකින් හරි උදව් කරන්න. දන්නැති දෙයක් ඇහුවොත් explain කරලා දෙන්න.
දැන් තේරැන් ගන්න පුලුවන් මේක ලේසියෙන් 9-5 job එකකින් කරන දෙයක් නෙමේ කියලා. නමුත් බැරිනැහැ. මහන්සිය , උනන්දුව වගේම plan එකක් තියෙන්න ඕනේ.
මේක මගේ කතාව විතරයි. නමුත් මේක ඔගොල්ලො හැමෝගමෙ කතාව වෙනවනන් තමා මම කැමති.
මට පහුගිය September මාසෙට විතරක් මෙහෙ ආපු 34ක් call , messages දාලා කිව්වා Nalin මට , අපිට visa හම්බුනා කියලා, අපි ඔයාගේ post කියවනවා, ගොඩක් දේවල් ඉගෙනගත්තා කියලා. ඒක ලොකු සතුටක්. මම දන්නවා ගොඩක් agents ල මට බනිනවා කියලා. මොකද මම ගොඩක් ඒගොල්ලො සල්ලි වලට කරන දේ ඔගොලන්ට නිකන් කියලා දෙන හින්දා. එහෙම අය තමා අර බොරැවට මඩගහන්නෙ. ඒක ඉතින් අපේ ලංකාවෙ සමහරක් ගේ ජීවිතයනේ. ඒ හින්දා කාටවත් මඩ ගහනවට වඩා කෙලින් කතා කරන්න පුරැදුවෙන්න.
මම මේක ලිව්වෙ සල්ලිවල වටිනාකමත් එක්ක ඔගොලන්ට ලොකු අවබෝධයක් ගන්න. මෙතන ඉන්න ගොඩක් අය මට වඩා qualifications තියෙන, දැනුම තියෙන අය. ඔගොලන්ට ගොඩක් creative idea ඇති. ඒවා බයනැතිව කරන්න. අපි ජිවත් වෙන්නෙ හරිම ටික කාලයයි. ඒ ටික කාලේ තමන්ට අවශ්‍ය දේ කරගන්න.
මගේ UK අත්දැකිම.වෙනත් කෙනෙකුට වෙනස්ම එකක් වෙන්න පුලුවන්. නමුත් බැරි නැහැ.
ගොඩක් අය කරන වැරැද්දක් කියලා මම මේක නතර කරනවා. Mr Nalin…
කවදාවත් first name එකත් එක්ක Mr දාන්න එපා. ඒක වැරදියි. මටත් මේක ඒකාලේ දැනගෙන තිබුනෙ නෑ.Mr දාන්නෙ surname එකත් එක්ක විතරයි. අනික UK ආවාම සාමාන්‍යයෙන් අපි Mr , Sir භාවිතා කරන්නෙ නෑ. නම කියලා කතා කරන්න. සමහර job වල customers ලා එක්ක කතා කරනකොටනන් Mr , Mrs, Ms , පාවිච්චි වෙනවා. ඒ ඇරෙන්න සේරම එකයි. ලංකාවෙ කවුරැහරි ඔගොලන්ට Mr කියලා කතා කරනවනන් පුලුවන් හැම වෙලාවකම කියන්න නම කියලා කතා කලාම ඇති කියලා. මොකද අපි සේරම එකයි.
හැමෝටම Good Luck
නලින් පෙරේරා.
------
Post added on Oct 10, 2021 at 10:20 PM