එංගලන්තයට ඇවිත් අවුරැදු 12ක් ගතවුනා.

T Eranga

Active member
  • Aug 9, 2006
    238
    164
    43
    oya kathava attha , ape uncle knekuth ava student visa , minihath marama gemak play kara pr eka set karaganna . pr ekata 10 years vage giya...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    UK වල PR තියන කෙනෙක්ට දෙමාපියන්ට parental residence visa අරගන්න පුලුවන්ද ?
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    UK වල PR තියන කෙනෙක්ට දෙමාපියන්ට parental residence visa අරගන්න පුලුවන්ද ?
    PR නෙමේ citizen තිබ්බත් බෑ. එක ක්‍රමයක් තියනවා adult dependancy visa එක. ඒකට පෙන්නන්න ඕනේ ලංකාවේ එයාට වෙන කවුරැත් නෑ, මෙඩිකලි තනියම ඉන්න බෑ, නර්ස් කෙනෙක්ට ගෙවලවත් කෙනෙක් ඇරේනජ් කරන්න් බෑ, ෆයිනෑන්ශලි ඩිපෙන්ඩ් වෙන්නෙ ඔයාගෙන්,…. ඕවගෙ ගොඩක් දේවල් පෙන්න්නන්න ඕනෙ. Refusal rate එක ඔය වීස එකේ ~96% වගේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    PR නෙමේ citizen තිබ්බත් බෑ. එක ක්‍රමයක් තියනවා adult dependancy visa එක. ඒකට පෙන්නන්න ඕනේ ලංකාවේ එයාට වෙන කවුරැත් නෑ, මෙඩිකලි තනියම ඉන්න බෑ, නර්ස් කෙනෙක්ට ගෙවලවත් කෙනෙක් ඇරේනජ් කරන්න් බෑ, ෆයිනෑන්ශලි ඩිපෙන්ඩ් වෙන්නෙ ඔයාගෙන්,…. ඕවගෙ ගොඩක් දේවල් පෙන්න්නන්න ඕනෙ. Refusal rate එක ඔය වීස එකේ ~96% වගේ.
    Affoi

    Inna rata hodai ehenam
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,254
    1
    2,931
    113
    PR නෙමේ citizen තිබ්බත් බෑ. එක ක්‍රමයක් තියනවා adult dependancy visa එක. ඒකට පෙන්නන්න ඕනේ ලංකාවේ එයාට වෙන කවුරැත් නෑ, මෙඩිකලි තනියම ඉන්න බෑ, නර්ස් කෙනෙක්ට ගෙවලවත් කෙනෙක් ඇරේනජ් කරන්න් බෑ, ෆයිනෑන්ශලි ඩිපෙන්ඩ් වෙන්නෙ ඔයාගෙන්,…. ඕවගෙ ගොඩක් දේවල් පෙන්න්නන්න ඕනෙ. Refusal rate එක ඔය වීස එකේ ~96% වගේ.
    Ayi ඔච්චර amaru
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං ප්‍රශ්න දෙකක් තියනවා
    01. Ausi වල PR ගන්න UK තරම් අමාරු නෑ නේද?
    02. ඔය විදියට පාට් ටයිම් ජොබ් නොකර, ඔන්ලයින් සල්ලි හොයන එකෙක්ට අවුලක් නැතිව ගේමක් ගහන්න පුළුවන් නේද?
    දන්න එවුන් විස්තර ටිකක් දාපල්ලකො
     

    Eshtar

    Junior member
  • Dec 2, 2021
    34
    20
    8
    The entire universe is inside me
    එංගලන්තයට ඇවිත් අවුරැදු 12ක් ගතවුනා.
    ගොඩක් අය කියන කතාවක් තමා රට යන එක හොදයිද? UK හොදයිද? Visa ගන්න පුලුවන්ද? Job හොයාගන්න පුලුවන්ද? Living cost එක වැඩියි නේද? ඉතුරැ කරන්න පුලුවන්ද? PR එක ගන්න පුලුවන්ද? Citizenship ගන්න පුලුවන්ද?
    සමහර අය කියනවා job නැහැ. සල්ලි හම්බ කරන්න බැහැ. PR ගන්න බැහැ. Asian අයට job හොයාගන්න බැහැ. Racist අය වැඩියි. වියදම වැඩියි.
    මේක මගේ අත්දැකිම විතරයි. මම මේකේ මුදල් වටිනාකම් දාන්නෙ කාටහරි ඇත්ත idea එකක් ගන්න. ටිකක් දිග කතාවක්.
    මට හිතුනා ගොඩක් අය කියනවට වඩා වෙනස් පැත්තක් ඔගොලන්ට පෙන්නන්න. මේක මගේ කතාව. හැබැයි එක එක්කෙනාට මේකතාව වෙනස්. මම කියන්න හදන්නෙ මේවගෙත් වෙන්න පුලුවන් කියලා. මොනව හරි idea එකක් ගන්න කියලා.
    අවුරැදු 12කට කලින් මම එනකොට මට තිබුනේ එකම අදහස settle වෙන්න ඕනෙ එක විතරයි. නමුත් ඒක ලේසි දෙයක් නොවන බව තේරැනේ මෙහෙට ආවාම තමයි.
    ඔගොලන්ට අද මේ වගේ group එක්ක තියෙන එක ලොකුම benefit එකක්. ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. Guidance තියෙනවා. මටත් මේවගේ group එකක් තිබුනන් ඒ අවුරැදු 12 ගොඩක් තැන් ලේසියෙන් ගොඩ දාගන්න තිබුනා.
    1. UK පටන් ගත්තෙ කොහොමද?
    මම business management course එකකට ආවේ. ඒ කාලෙ නන් course fee එක £4000 අවුරැද්දට. මොකද college එකට ආවෙ නිසා. Visa එක ලැබුනෙ අවුරැද්දකට විතරයි. මොකද කරන්න ඔනෙ visa එක ඉවරවුනාම , සල්ලි කො? මේ ගැන මොකවත් දැනීමක් තිබුනෙ නෑ. ලංකාවෙන් කොහොම හරි ගිහින් ජීවිතේ ගොඩ දාගන්න ඕනෙ කියලා තමා ඕන කම තිබුනෙ.
    2. student ජිවිතේ කොහොමද?
    මම ආවේ college එකකට. ඒ හින්දා ඔගොලන්ට මේ අත්දැකිම නන් දැන් නැහැ. මගේ college එකට වඩා හොද ගම්පහ tuition classes තියෙනවා. හරියටම මාසෙකට පස්සෙ Home Office එකෙන් college එක වැහුවා. එතකොට අපි ආපු visa cancel වෙනවා. එක්කො අපි ආපහු යන්න ඕනෙ නැත්නන් වෙන college එකකට යන්න ඕනෙ.මට college එකේ හිටපු කෙනෙක් life time advice එකක් දුන්නා. ඔයා student කෙනෙක්. තනියම home office website එකට ගිහින් විස්තර ගන්න. College වලට ගිහින් විස්තර ගන්න. What’s the worst thing can happen ? මෙහෙ හැමදේම online කරන්න පුලුවන්. ඒ හින්දා තනියම කරගන්න කියන එක. ලංකාවෙ හිටපු ගොඩක් අය කලේ lawyers ලා ගාවට ගිය එක. මම ලගපාත තිබුන college වලට ගිහින් මගේ විස්තර කියලා admissions ඉල්ලුවා. මගේ අතේ තිබ්බෙ £500. ඒක දිලා මම ගෙවන්න හදාගත්තා. Home Office එකටත් මමම තනියෙන් email කරලා මගේ visa එකේ sponsor මාරැ කරගත්තා. හැම එකාම lawyers ලා ගාවට ගිහින් £100-£200 දිලා college මාරැ කරනකොට මම තනියම කර ගත්තා. ඊලගට ආව college එකත් පොඩි college එකක් නමුත් මගේ qualifications ඉවර වෙනකන් හිටියා. ගොඩක් යාලුවො Morocco, Poland, India, Pakistan , Nepal වල හිටියා. ගොඩක් අය ඔන වෙලාවක උදව්වට හිටියා. මට තාමත් මතකයි එක මාසෙක instalment එක නැතුව class එකට එන්න දුන්නෙ නැ. Majdouline (Moroccan) මට එයා ලග තිබ්බ සල්ලි £500 දුන්නා instalment එක ගෙවන්න. අපි college එකේ අය එකට එකතුවෙලා studies කලා.
    University ගියාම යාලුවො ලැබෙයි. මන් දන්නවා ගොඩක් අය Indian , Pakistan කිව්වම කතා කරන්නෙ නැ. එකයි ඇත්ත තත්වය. මගේ උපදෙස මිනිස්සුන්ව හමේ පාටින්, අදහන ආගම මත, විශ්වාස මත බෙදන්න එපා. මිනිස්සු සේරම එකම මට්ටමෙන් බලන්න. අපේ ලංකාවෙ මිනිස්සු එකම විදිහට මිනිස්සු විදිහට බැලුවනන් ලංකාවත් හරි දියුණු රටක්. ඒ හින්දා යාලුවො ඇතිකරගන්න. පුලුවන් කමක් තියෙන වෙලාවක උදව් කරන්න. උදව් කරන්නත් සල්ලි ඔනෙම නැහැ.වචනෙකින් කතා කලත් ඇති. කවුරැහරි දන්නෙ නැති දෙයක් ඇහුවොත් කියලා දෙන්න.
    ඉතින් කොහොම හරි මම මගේ qualification හදා ගත්තා. ඊට අමතරවත් මම online course කරලා අමතර qualifications හදා ගත්තා.
    3. Part time job එකක් ලැබුනද ආව ගමන් ?
    UK ඇවිල්ලා දෙවනි දවසේ CV ටිකකුත් අරගෙන මම Mile End station
    🚇
    එක ගාවින් පටන් අරගෙන පයින් හැම shop
    🏫
    එකකටම ගිහින් job එකක් ඇහුවා. හවස් වෙනකන්ම ඇවිද්දා. ඒ කාලේ තමා UK recession එක තිබුනේ. ඒවා මට අදාල උනේම නෑ
    🤪
    . එක shop එකක වත් vacancy නෑ කියනකොට තමා මට තේරැනේ serious කියලා.
    🤭
    🤭

    හවස 3 විතර එනකොට Indian restaurant එකකට ගියා. මගේ වෙලාවට cleaner කෙනෙක් ඔන වෙලා තිබුනා. හෙට ඉදන් පටන් ගන්න කිව්වා. ගෙදර බත් කාලා පිගාන හෝදන්න කම්මැලි කමට හිටපු මට උදේ 9 ඉදන් රෑ 11 වෙනකන් පිගන් හෝදන්න උනා. සතියට දවස් 3ක් විතර සති දෙකක් කලා. Wages ගැන මොකවත් කතාවක් නෑ. ලංකාවෙ මං හැදිලා හිටිය විදිහට සල්ලි ගැන කතා කරන්නත් ටිකක් මොකද්ද වගේ. බැරිම තැන සල්ලි ගැන ඇහුවා. Training ලු. ඒ හින්දා සති දෙකට ගෙවන්නෙ නැ කිව්වා. මට මාරයා. යකෝ පිගන් හෝදන්න මොන trainingද. කොහොම හරි travel card එකට හරියන්න සල්ලි ඉල්ලගෙන මම අයින් වුනා.
    ආයෙත් මුලටම වැටුනා. ඊට පස්සෙ job හොයාගෙන Ilford, Barking (East London) වල ඇවිද්දා. කොහොම හරි leaflet බෙදන්න job එකක් ලැබුනා. Cash in hand. පැයට
    Thank you for sharing. Really useful for me.
     
    • Like
    Reactions: siri_ayya