"හානියෝ" ගේ මහන්සියට මෙන්න මගෙන් මලක්
මමත් පොඩි පම්පොරියක් වගේ එකක් දාන්නම් මේකේ.
මේකේ අරමුණ අපේ රටේ පොඩියට හරි සොෆ්ට්වෙයා හබ් එකක් හදලා රටින් පුළුවන් තරම් ඩොලර් ගෙන එක.
ඇත්තටම මේක local market එක target කරලා කරන දෙයක් නම්, අපිට පිටරටින් ඩොලර් ගේන්න බැහැ නේද මේ හරහා?
ලංකාවේ Inland infrastructure වලට support එකක් විතරයි නේද?
Task 1: දැන් අපි කරන්න යන්නේ Small Delivery Business එකක් නේ. උබලා හැමෝම බලන්න ඕනේ මේක මොකක්ද කියල. එක ගැන විස්තර හොයන්න ඕනේ. ලෝකේ ඕනේ තැනක තියන දේවල් අරගෙන බලන්න ඕනේ. එහෙම බලලා උබලා ඔය වගේ සිස්ටම් එකකින් වෙන වැඩ නිකන් කතාවක් වගේ ලියන්න. අන්න ඒක ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා මේකේ දාපල්ලා. නැත්නම් නිකන් පොස්ට් එකක් විදිහට හරි කමක් නැ . වීඩියෝ සහ පොස්ට් වල ලින්ක් දාන්න එපා. මොකද එක බලල උබලා ගත්ත හරය තමා ඕනේ. හැබැයි ඒ වීඩියෝ සහ පොස්ට් වගේ ඒවා bookmark කරලා තියාගන්න ඕනේ නම් නොට් එක යටින් reference කියල දාන්න.
මම 2012දී ජාවා කඩෙන් software development ඉගෙනගන්න පටන් ගත්තත් හරි හෙනට හීන මවාගෙන අතගහපු එකී මෙකී නොකී කුකී ප්‍රොජෙක්ට් සැහෙන්න තිබ්බා. අන්තිමට ඉතුරු වුනේ වහලා දාපු notes ටිකයි, unpublish කරපු පේස්බුක් page ටිකයි විතරයි. එහෙම බලපුවාම, මම හෙන අසාර්ථක මනුස්සයෙක්.

හැබැයි කතාකරනවා නම්, උගත් පාඩම් එමටයි.
ඔය ප්රෝජෙක්ට් අතර පොඩි ඩිලිවරි ඇප් එකකුත් ට්‍රයි කළා 2019දී වගේ. පොඩි පොඩි ප්‍රශ්ණ නිසා අත ඇරලා දැම්මා. ඒ විස්තරත් කියන්නම්. කොවිඩ් කාලේ ලංකාවේ හොඳ delivery apps දෙක තුනක්ම ආවා competitive price එකකට එයාලා grocery delivery platform market කළා. මට ඒවගේ නම් සහ link එක පාරට මතකෙට එන්නේ නැහැ. හොයලා කියන්නම්.
ඒ එක්කම අපි මේ පැත්ත ගැන දැනුම තියන අය එකතු වෙන්න ඕනේ අනික් අයට උදව් කරන්න.
මටත් දැන් ලෝකේ ලොකු ලොකු රටවල් වල delivery system ගැන top to bottom අවබෝධයක් තියනවා. මොකද මම ඒ ඉන්ඩස්ට්‍රි එකේ තමා දැනටත් වැඩ කරන්නේ. ලෝකේ ලොකුම supermarket කිහිපයකම supply chain software වල වැඩ බැලුවා පහුගිය ටිකේ. කට්ටිය වැඩේ පටන් ගන්නකොට, ඉස්සරහට වීඩියෝ වලින් විස්තර, තොරතුරු කියන්නම්.