හයවෙනි කෑල්ල හොඳේ...
ඇත්තටම ෂෝනාට මොනවද වෙන්නේ ෂෝනා මොනවද කරන්නේ මේ කිසිම දෙයක් ගැන ෂෝනාට හැඟීමක් තිබ්බේ නැහැ ඔළුව පිරිලා තිබ්බේ කොන්ඩකිරිල්ලි ගෙන්.ඇත්තම කියනවා නම් වාහනේ පාරට දාගෙන ඔහේ drive කරගෙන ගියා මිසක් මම හිටියේ හරි අවධානයකින් නෙමේ මට ඕනි උනේ ලවක් දෙවක් නැතුව එයා ගැන හිතන්න.මේ කෙල්ලන්ව තේරුම් ගන්න බැහැ මම එයාට ඔච්චර හොටු පෙර පෙර අඩන්න දෙයක් කියුවද?ඇයි එයාගේ හිත එච්චරම මගේ ඒ වචන වලට රිදුනේ?ඇයි මේ කෙල්ල තිවංක එනවා කියල මට බොරු කියලා මගින් බැස්සේ?බැහැලා එයා මොනවද කරන්න හිතාගෙන හිටියේ??එයාට කිසිම බැඳීමක්,කිසිම අයිතියක් නැති ඊයේ පෙරේද හම්බවෙච්ච මම ගහලත් ඇයි වචනයක්වත් නොකියුවේ?හ්ම්ම්ම් ඇයි මම නොපෙනී යනකම් ගේට් එක ලගට වෙලා බලාගෙන හිටියේ...මම දන්නේ නැහැ...මගේ හිතේ අලිපත ප්රශ්නර්ත ලකුණක් තමයි මේ හැමදෙයකම ඉස්සරහින් වැටිලා තිබ්බේ.මට ඕනි උනා නතාෂා මගෙත් එක්ක ගෙවුන කාලයේ හැම ඉරි කෑල්ලක්ම ,තිතක්ම,ඉස්පිල්ලක්ම පාපිල්ලක්ම කාත් එක්ක හරි කියන්න ඒ හැමදෙයකම අයෙමත් මුල ඉඳලා ගලපලා බලන්න.ෂෝනා කියන්නේ කෙල්ලෝ දැකපු නැති,කෙල්ලෝ ආශ්‍රය කරපු නැති කැන්දයෙක් නෙමේ.නතාෂා කියන කෙල්ල කොහොමද මේ දවස් දෙකට ෂෝන්ගේ හිත අස්සට මෙච්චර රිංග ගත්තේ?කොන්ඩකිරිල්ලි කියන්නෙත් දකින දකින හෝහපුටුවන්ව ගණන් ගන්න ජාතියේ කෙල්ලෙකුත් නෙමේ,එසේ මෙසේ ආඩම්බරකාරියක් නෙමේ ආඩම්බර නොවී තියෙයිද?උඩරට මැණිකේ කෙනෙක් නේ...මේ ඔක්කොම අස්සේ මට මතක් උනේ මගේ අජාසත්ත මිත්‍ර රත්නය නලියා රැයක් දාවලක් වෙලාවක් කලාවක් ගැන මිටරේක නෙමෙයි ෂෝනා මේ වෙලාවේ උන්නේ
"hello නලියා.."
"ආආආ...ම්ම්ම්ම් කියපන් මොකද යකෝ මේ රෑ 12 call කරලා බෙරිහන් දෙන්න උඹ හීනෙන් බය උනාද මගේ අම්මා.."
"මේ අනේ නලියා නැගිටපන්කෝ මට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕනි "
එහෙම කියන ගමන් මම වැව රවුමට කිට්ටු තැනක අයින් කරලා වාහනේ නවත්තල ...බැහැල වැව දිහාට ඇවිදගෙන ගියා..රෑට වැව රවුම හරි ලස්සනයි හරි නිස්කලංකයි..කටට කමසේයියාවක් නැතිව කියවන ෂෝනා කවද්ද නිස්කලංකව ඉන්න කැමති මේවා නලියා එහෙම දැනගත්තෝ ඌ ගේ බඩ රිදෙනවා හිනාවෙලා
"අනේ වස්තුවේ මගේ සුකිරි බොලේ අපි මේ මහා රෑම කතාකරන්න ඕනිද මගේ කිරිඅම්මේ?උඹ බීලද සත්තලානේ අනේ බියුවනම් කෑවනම් නිදගනින්කෝ අහිංසක මට පවු දෙන්න නැතුව"
නලියා ටකේ හොල්ලන ගත්තා ඌ හිතාගෙන ඉන්නේ මම වෙරි මරගාතේ කියලද කොහෙද?
"හ්ම් හ්ම් නිදා ගනින් "
කියන ගමන් මම phone එක cut කරලා දාලා වැව රවුමේ බැංකුවක වාඩිවුනා...ඒ එක්කම ආයේ මගේ සල්ලි කන machine ring වෙන්න ගත්ත නලියාගෙන් call එක
" hello කියපන් උඹට නිදිමතයි නේ නිදාගනින් අපි පස්සේ කතා කරමු"
"නැහැ නැහැ මචන් මම විහිළුවක් කලේ බන් උඹට කේන්ති ගියානේ කියපන්කො බන් උඹ ගෙදර නෙමේ නේද කොල්ලෝ ඉන්නේ?"
"උඹ දන්නවද ආදරේ කියන්නේ මොකක්ද කියල?මට කියලා දීපන් නලියෝ ආදරේ කියන්නේ මොකක්ද කියලා ?"
"හත්වලාමේ සත්තලානේ උඹට මොකද මේ වෙන්න අනේ සත්තරණේ උඹ අහල නැද්ද
ප්‍රේමය ලොව හැමතැනම ඇති...
හැමදෙනාටම හමුවෙලා ඇති..
එනමුදු ප්‍රේමය කීමයි කියා හඳුනා ගත් කෙනෙකු නැති... අනේ බන් එහෙම එකේ මේ අහිංසක නලියාගෙන් අහල හරියනවද බන්.මම මේ පතිවත ආරක්ෂා කොරගෙන ඉන්න අහිංසක නිර්මල පරිශුද්ද කොල්ලෙක් නේ මම ප්‍රේමයා ගැන දන්නෙම නැහැ "
"නැහැ නලියා උබට මතකද කොන්ඩකිරිල්ලිව එකී මගේ හිතට මොකක්ද කරලා බන් ඒකි මගේ හිත කොහෙද මන්දා අතරමන් කරලා දාලා නලියා මේ උඹ නිදාගනින් කොල්ලා gud night මචන් "
කියලා මම call එක cut කරලා දැම්මා. වැවට ලයිට් එලිය වැටිලා හරි ලස්සනයි..තව ටිකක් වෙලා ඉඳලම ගෙදර යනවා කියලා ඉන්නකොට ආයෙමත් phone එක රින්ග් වෙන්න ගත්තා මම හිතුවේ නලින් කියලා බලන්නෙත් නැතුව මම phone එක answer කළා
"ඇයි සත්තලානේ නිදන්නකෝ මැණික වද දෙන්නේ නැතිව"
"ෂොහාන් අයියා...ඔයා කොහෙද ඉන්නේ???ගෙදර යන්නේ නැද්ද??කාටද මේ රත්තර මැණික කියන්නේ???අන්න පුංචා බයවෙලා රට වටේටම call දෙනවා ඉක්මනට ගෙදරයන්න"
call එක ගත්ත කෙනා break නැතුව කියවගෙන ගියා හැබැයි මට අමුතුවෙන් හිතන්න දෙයක් තිබ්බේ නැහැ හැබැයි මට තිබ්බ එකම ප්‍රශ්නේ මෙයා කොහෙන්ද මගේ number එක හොයාගත්තේ කියලා
"ඔයාට කොහෙන්ද මගේ number ?"
"අනේ මැට්ටෝ දැන් ඕකද තියන එකම ප්‍රශ්නේ දැන් හොඳ කොල්ලා වගේ ගෙදර යන්න.ගිහින් මට call එකක් දෙන්න..ඔයා call එකක් දෙනකම් බලාගෙන ඉන්නවා.අහ මේඔක්කොටම කලින් මට කියන්න ඔයා ඉන්නේ කොහෙද කියලා?ඔයා බියුවේ එහෙම නැහැ නේද ෂොහාන් අයියේ?? "
"මම මේ වැව රවුමේ බැංකුවක් උඩට වෙලා..වැවට වැටිලා තියන light දිහා බලාගෙන් හිටියා මම මොකටද බොන්නේ මොකද මම boot එකක් කාලද බොන්න.හා හා මම ගෙදර ගිහින් call එකක් දෙන්නම් "
"එහෙනම් පරිස්සමින් යන්න අයියේ" කියන ගමන් කෙල්ල call එක cut කරලා දැම්මා
ඒ සැනින් මම පුංචාට call එකක් දැම්මා
"පුංචෝ මේ මම.මම පොඩ්ඩක් වැව ලඟට වෙලා හිටියා මම දැන් එනවා ඔයා බයවෙන්න එපා"
"අනේ මගේ පුතේ ඔයාගේ පුංචා හොඳටම බය උනා හා ඉක්මනට පරිස්සමින් එන්නකෝ පුතේ"
හ්ම්ම් පුංචා නම් ෂෝනා ගැන වධවෙන්නේ මම එයාගේ සුදු පුතා නිසා මේ රෑ තිස්සේ නතාෂා මම ගැන හොයා වධ වෙන්නේ ඇයි.අනික එයාට කොහෙන්ද මගේ number එක වගේ දේවල් සියක් හිත හිත මම වාහනේ පාරට දානවත් එක්කම උඩ පැත්තේ ඉඳල කඩාගෙන වෑන් එක මගේ වාහනේ දිහාට එනවා මම දැක්ක .....
ඇඟට දැනුනේ දරාගන්න බැරි වේදනාවක් හරියට නිකන් පොලිස්සියෙන් ගුටි කාලා වගේ..මොකක් ද යකෝ මේ වෙලා තියන කෙහෙල් ගෙඩිය.මම ඇස් ඇරියා මම හිටියේ මට හුරුපුරුදු තැනක නම් නෙමේ.වටේටම සුදු පාට බිත්ත,සුදු පාට කර්ටන් මොන මුසල තැනක්ද මේක දැක්කම වමනේ යනවා...ඒ එක්ක දරාගන්න බැරි තරම් වේදනාවක් මගේ ඔළුවෙන් දැනෙන්න පටන් ගත්තා..
"ආහ අම්මේ...!! මගේ ඔළුව"
"අනේ සුදු පුතා ඔයාට ඇහැරුනද?ඔලුව රිදෙනවද ?ඔහොම ඉන්නකෝ පුතේ මම doctor ට කතාකරගෙන එන්නම් "
ඒ නම් පුංචාගේ voice එක.මොකක්ද මේ doctor ගේ කතාව..අනේ මන්ද මට නිකන් දෙපාරක් ඔලුව වටේ කරකවලා පොලවේ ගැහුවා වගේ අමාරුයි.පුංචා ගියා ගියාමයි තාම නැහැ.මම එහෙම්ම ඇස් පියාගෙන හිටියා
"අනේ මයේ දෙයියෝ...මොකෑ මගේ දෙයියට උනේ..දෙයිය වාහනේට අඩයක් තිබ්බා කියලා ආරංචි වෙච්ච ගමන මම මේ හනි හනික දුවගෙන ආවේ "
මේ හැලගෙම්බා මෙහෙ මොනවා කරනවද මෙහෙ කියල හිතන ගමන් මම ඇඳේ කෙලින් වෙන්න හැදුව.නලින් මාව අල්ලලා කෙලින් කලේ නැත්තම් මම අයේ ඇඳටම වැටෙනවා..
"නලින් මොකද බන් උනේ"
මම මගේ වේලිලා තිබ්බ තොල කට දිවෙන් තෙමා ගන්න ගමන් නලියාගෙන් ඇහුවා.උගේ මුණ නිකන් හරහට කපරාදු කරපු බිත්තියක් වගේ
" ආආ මේ ටික බිලා ඉන්දපන්කෝ අපි පස්සේ හිමිහිට කතා කරමු.උඹට දැන් නේ සිහිය ආවේ දැන්ම වැඩිය ඔලුව වෙහෙසන්න එපා ෂෝනෝ"
නලියා නිකන් මල ගේ කට අඩන්න වගේ මුණ හදාගෙන කියවන අස්සේ room එක ඇතුලට ආවේ doctor.ඒ එක්කම නලින් මගේ ලගින් පොඩ්ඩක් ඈත් උනේ doctor මාව check කරන්න හදන නිසා
"ඉතින් ෂොහාන් කොහොමද?"
"මේ මොනවා අහනවද doc මට නිකම් දැනෙන්නේ දෙපාරක් ඔලුව වටේ කරකවලා පොලවේ ගහල වගේ.."
"ම්ම් එකනම් සාමාන්‍ය දෙයක් ෂොහාන්...ඔයා ඊයේ රෑ ඉඳල මේ වෙනකම් සිහිය නැතුවනේ හිටියේ"
"doc මට කියනවද කොහොමද මෙහෙම උනේ කියල?"
"ඔයා ඊයේ රෑ accident උනා පුතා "
"හරි දැන් කිසිම problem එකක් නැහැ අපි බෙහෙත් ටිකක් බිලා rest එකක් අරගෙන හිමිට ගෙදර යමුකෝ"
කියලා මගේ පිටට තට්ටුවක් දාගෙන doctor එලියට ගියා
"සුදු පුතා "
"අම්මේ , අප්පච්චි ...අනේ අප්පච්චි මම drinks අරගෙන නෙමේ හිටියේ ඔන්න බනින්න නම් එපා"
මම අප්පච්චි දැක්ක ගමන් එහෙම කියුවේ එයා දැන් මට බනින්න ගත්තොත් මගේ ඔලුව පැලෙයි කියල හිතුන නිසා..මගේ ඔලුවට අලි බැන්ඩේජ් එකක් දාලා ඇඟේ හැමතැනම පැච් දාල හරියට නිකන් යකඩ ඇන ගොඩක් උඩින් ගිය tubeless ටයර් එකක් වගේ
"නෑ නෑ පුතා මම බනින්නේ නැහැ මම දන්නවා වරද ඔයාගේ නෙමේ කියලා මම දැන් පොලිස්සියට ගිහින් එන ගමන් අනිත් වාහනේ ඉදපු මිනිහගේ වරද ඒ මිනිහයි drinks අරගෙන ඉඳලා තියෙන්නේ "
"අඩන්න එපා අම්මේ මට එච්චර අමාරුවක් නැහැ "
අම්මගේ ඇස්වල කඳුළු දකින්න මම ආසම නැහැ එයා මාව අතගගා ළඟටම වෙලා උන්නා
"සුදු අයියේ ඔයාගේ ඔලුව ගොඩක් රිදෙනවද?" එතකොට තමයි මම දැක්කේ පුංචා ලඟින් ඇස් වල කදුළු පුරෝගෙන ඉන්න හසිනියා වයි සංජු වයි
මෙයා ලා ඔක්කොම අඬනවා මේක තව ටිකක් වෙලා බලාගෙන හිටියොත් ෂෝනාටත් හොටු පෙර පෙර අඩන්න වෙන්නේ
"මේ දැන් කට්ටියම මෙතනට වෙලා හොටු පෙරන්නද කල්පනාව??ඊයේ රෑ ඉඳලා කාලා නැහැ මගේ බඩේ පනුවෝ ටික strick එකක් පටන් ගන්න කලින් මට කන්න දෙයක් දෙන්නකෝ"
මගේ කතාව අහපු ගමන් කට්ටියටම බකස් ගාල හිනා ගියා
"අනේ අනේ කට නම් අඩුවෙලා නැහැ අක්කේ ඔයාගේ පුතන්ඩියගේ..sup තියනවා සුදු පුතේ අම්මිට කියලා පොවා ගන්නවද පුංචා පොවන්නද?"
"ම්ම්ම්ම් බැහැ මම අද පොවාගන්නේ අප්පච්චිට කියලා "
"නාකිකෝලම් හුරතල් වෙනවා නේද නලින් අයියේ.."
"අනේ මේ යනවා යනවා ගිහින් school.මගේ පිටින් දාලා මෙතන school ගිහින් නැහැ"
"හා හා අද මම තමයි පුතාට sup පොවන්නේ කෝ අම්මල,පුංචාලා අයින් වෙන්න..දැක්කනේ මගේ කොල්ල මටයි වැඩියෙන් ආදරේ"
අප්පච්චි මට sup එක පොවන්න ගත්තා
"නලින් පුතා ඔයා ෂොහාන් එක්ක මෙහෙ ඉන්න නිවාඩු ප්‍රශ්නයක් කරගන්න එපා එක මම බලාගන්නම්,ඔයා දැන් ගියොත් මේකට කම්මැලි හිතෙයි"
"ok uncle මම කොහොමත් එහෙම තමයි හිතාගෙන හිටියේ"
"අපෝ ඉවරයි මහප්පේ රයිගමයි ගම්පොලයයි එකට තිබ්බා වගේ තමයි"
"අනේ මේ යනවා යන්න ටිකිරි ලියා" නලියා දිව දික්කරලා සංජුට ඇද කරා
"පුතා අප්පච්චි අම්මයි අද Colombo යන්නම් නැත්තම් එහෙ වැඩ ඔක්කොම අවුල් වෙනවනේ.."
"හා කමක් නැහැ අප්පච්චි පුංචා ඉන්නවනේ අප්පච්චිව ඕනි නම් මම call එකක් දෙන්නම්කො..ඇති අප්පච්චි තව බොන්න බැහැ."
"මගේ phone එක කෝ ??"
මම ඒ ප්‍රශ්නේ ඇහුවේ හැමෝගෙන්ම handbag එකෙන් ඇදලා මට phone එක දුන්නේ අම්මා
"මොකද පුතාගේ ගෑනු ළමයට කියන්නද?"
"හෑ ගෑනු ළමයා ???"
"හ්ම් ගෑනු ළමයා තමයි ඊයේ පාන්දර 4 ට විතර call එකක් ආවා ඔන්න මම පණිවිඩේ කියුවා,අපි කට්ටිය ගියාම ගෙන්න ගන්නකො"
හෆ්ෆේ අම්මි මාව බෙල්ල ලගින්ම කපලා දැම්මනේ දැන් කිසිමදෙයක් කියලා වැඩක් නැහැ ෂෝනා නෝන්ඩි බාල්දි 5යි කින්ඩි බාල්දි දෙකයි ඔලුවේ ඉඳලා නාගෙන තියෙන්නේ.දැන් කතා කරපු කෙනාගේ නම අහන්න යනවා කියන්නේ ෂෝනාට ඉතිහාසගත වෙන්න නොන්ඩිවෙන්නයි වෙන්නේ එනිසා සද්දේ වහලා ඉන්න එක ඇඟට හොදයි
"හරි පුතා එහෙනම් දැන් ටිකක් rest කරන්න අපි යන්නම්.නලින් පුතා ඔයා පුංචා එක්ක එහෙ යන්න මේ දවස් ටිකේ එහෙ ඉන්නේ ආඅ සුදු පුතා මේ කතාකරපු ගෑනු ළමයාගේ නම නතාෂා කියුවා "
අම්ම එහෙම කියල මගේ ඔළුව අත ගාගෙන එලියට ගියා.අම්මගේ පස්සෙන් අප්පච්චි,පුංචායි නංගිලා දෙන්නයි ගියා .නලියා හිමිට මගේ ලඟට ඇවිල්ල
"කවුද බන් මේ නතාෂා කියන්නේ මෙහෙ අපු දවස් 2 උඹ චීස් බෝලයක් සෙට් කර ගත්තද කැත වැඩේ සහෝ උඹට මාව දැනුවත් කරන්න තිබ්බා "
"නැහැ බන් මම සෙට් කර ගත්තේ නැහැ ඒකිට කොල්ලක් ඉන්නවා ඒ මදිවට ඌ හොඳ බර කකුලක් අපි වගේ දනගාන පොඩි උන් නෙමේ බන් ඇවිත් බහින්නේ ප්‍රාඩෝ එකෙන්.."
"ඌ මොකෙන් ඇවිල්ලා බැස්සත් වැඩක් නැහැ මස්සිනා චීස් බෝලේගේ හිත අපි ගමු...මොකද කියන්නේ?වැඩේ සෙට් නම් දාපන් HI five එකක් "
නලියා මගේ දිහාට අත දික්කලා
"වැඩක් වෙයිද නලියෝ මම accident උනා කියල දැනගෙන එකින් නිකන්වත් ආවේ නැහැ නේ බන් එහෙම එකේ කොහොමද බන් අපි ඒකිගේ හිත ගන්නේ"
"අඩෝ අඩෝ ෂෝනා B positive අඩුම ගැනේ උඹේ blood group එක B positive නිසාවත් එහෙනම් කොල්ලෝ අපි යනවා..කෝ මට යන්න hi five එකක් දාපන්"
මම නලියට අත දෙන ගමන්
"හවසට වරෙන් සත්තලානේ මට පාළුයි"
"අනිවා මගේ දෙයියා " කියන ගමන් නලියාත් එලියට ගියා
ඉවරයි කියුවට ඉවර නෑ