මෙතන ඩිස්ටෝර්ටඩ් සහ එහෙම නැති ඉන්ද්‍රියන් ගැන කතාකරන නිසා ඕක ගැන මගේ මතය මෙහෙම සටහන් කරනවා...
ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඒවා වර්ථමාන ඉන්ද්‍රියන්. ඒවාට පුලුවන් මේ මොහොතේ ඇති අරමුණ වෙන් කරන්න පමණයි. මන කියන ඉන්ද්‍රියට අතීතානගත වර්තමාන ඕනෑම අරමුණක් වෙන් කරන්න පුලුවන්. එයාට පුලුවන් මේ මොහොතේ නැති දෙයක් ගැනම හිත හිතා ඉන්න. මෙයා තමා "මම" සකස් කරන්නෙත්. මෙයා තමා අපේ ජීවිතයේ ප්‍රමුඛ. මේවා එක්ව "ක්‍රියාකාරී වීම" සංසාරය වර්ධනයට සාමූහිකව උපකාරී වෙන ඉන්ද්‍රියන්. එතනින් කන, නාසය, දිව ශරීරය කියන ඒවා තනි තනිව ක්‍රියාකාරී වීම අපිව රවටන්නෑ. ඒවා තනි තනිව ක්‍රියාකාරී වුනොත් අපි ඒ තනි ක්‍රියාකාරීත්වය නිසා ඉන්නෙ වර්තමාන "මේ මොහොතේ".
සතිපට්ඨානය
බුදුන් සතිපට්ඨාන මගින් කරන්නෙ මෙන්න මේ මනෝ ඉන්ද්‍රිය බල රහිත කරන එක. කරලා කාය කියන වර්ථමාන ඉන්ද්‍රිය බලවත් කරන එක.
මට තේරෙන විදිහට මේකම තමයි, යෝනිසො මනසිකාරය කියන්නෙ...අරමුන එන තැනේම තියෙල. මන හරහ ගිහිල්ල අවුල පටන් ගන්න කලින්..
පංච ඉන්ද්‍රිය
එහෙම කය මුල් කරගෙන සතිපට්ඨානය කාලයක් පුරාවට පුරුදු වෙනකොට අපිට උපදිනවා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පංඥා කියලා අලුත් ඉන්ද්‍රියන් පහක්. මේවා එක්ව ක්‍රීයාකාරී වීමන් නිවන් අවබෝධයට සාමූහිකව උපකාරී වෙන ඉන්ද්‍රියන්. මේවායෙන් ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ඇති මොහොතත් නැති මොහොතත් වෙන් කරනවා. මෙතෙක් යෝගාවචරයා තමන් සිහියෙන් ඉන්නවා කියලා පෙනුනනට දැන් පෙනෙනවා සිහිය තියන අවස්ථා අතරට අසිහියෙන් ඉන්න අවස්ථාත් ගොඩක් තියනවා කියලා. යෝගාවචරයා මෙතනදි මේ අලුත් දැනගැනීම නිසා කම්පාවට පිඩාවට පත්වෙනවා අනේ මට සිහිය නැහැ, අනේ මට ශ්‍රද්ධාව නැහැ යනාදී වශයෙන්. එහෙම නැතිනම් ඇලෙනවා මට සිහිය තියනවා ශ්‍රද්ධාව තියනවා කියලා.
මැදමාවත කියල චැනල් එකක් තියෙනව...එකෙ හාමුදුරුවොත්, මේක මේ විදිහටම කිව්ව මතකයි..






