එක් කතක් සමග එකට පවුල් කා මරා ගනී

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,452
    3,838
    113
    Maligawatta

    එක් කතක් සමග එකට පවුල් කා මරා ගනී​



    image_f1abb4a3f1.gif


    (ටෝනි කරුණානායක)

    අනියම් බිරිඳක් සමග එකම නිවසක පවුල් කෑ මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකදී එක් අයකු අනෙකා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

    මිනුවන්ගොඩ , පත්තඩුවන , දේවාලවත්ත ප්‍රදේශයේ අනියම් බිරිඳක් සමග ජීවත් වු රාජපක්ෂ ආරච්චිගේ විජේසිරි නැමැති 42 හැවිරිදි පුද්ගලයාව මෙසේ ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.

    මිනුවන්ගොඩ , පත්තඩුවන දේවාලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සැකකරු සහ මරණකරු කාන්තාවක් සමඟ ජීවත් ව ඇති බව පොලිසිය පවසයි.

    ගස් කැපීම ඇතුළු කුලී වැඩ කරන මරණකරු සහ සැකකරු බීමත්ව සිටියදී දෙදෙනා අතර වෙලදසැලක් අසලදී ආරවුලක් ඇති වී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

    ඔවුන් පදිංචි සැකකරුට අයත් නිවස ඉදිරිපිටදී එම මිතුරන් දෙදෙනා අතර නැවත ඇති වූ ආරවුලේදී සැකකරු තම මිතුරාව මෙසේ තියුණු ආයුධයකින් කපා කොටා එම ස්ථානයේදීම ඝාතනයට ලක් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය

    Source - Lankadeepa.lk