එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි
කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද(22) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙනවා.
සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ට ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ එඩ්වින් ආරියදාස මහතා විචාර ලිපි ගණනාවක් ද රචනා කර ඇත. හෙතෙම ‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් ‘විමුක්ති ප්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක් ම පළ කර තිබෙනවා.
ඉකුත් දෙසැම්බර් 3 වැනි දින ආරියදාස මහතා 99 වැනි වියට පා තබන ලදි. ඒ මහතා “ඇවිදින පුස්තකාලය” යන නමින්ද අමතනු ලැබිණි. ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකරගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හෙඹවීය.
Last edited:
