එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113

    එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි​


    කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද(22) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙනවා.

    සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ට ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ එඩ්වින් ආරියදාස මහතා විචාර ලිපි ගණනාවක් ද රචනා කර ඇත. හෙතෙම ‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් ‘විමුක්ති ප‍්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක් ම පළ කර තිබෙනවා.

    ඉකුත් දෙසැම්බර් 3 වැනි දින ආරියදාස මහතා 99 වැනි වියට පා තබන ලදි. ඒ මහතා “ඇවිදින පුස්තකාලය” යන නමින්ද අමතනු ලැබිණි. ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකරගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හෙඹවීය.

    PSX_20210122_155722-768x432.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    නිවන් සැප ලැබේවා.....
    අමා මහ නිවනම ලැබේවා.ඉස්සර මෙයාගේ හොඳ ප්‍රොග්‍රැම් තිබ්බා අයි ටී එන් එකේ...
    ඔවු., හොඳ දැනුමක් තිබුණ මනුස්සයෙක්...