එදා 1980 ජුලි වැඩ වර්ජනය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    එදා 1980 ජුලි වැඩ වර්ජනය

    july1.jpg


    සේවකයන් 40,000 පමණ ගෙදර යවා ලක්‍ෂ 2 කට වඩා දරු පවුල් අනාථ වූ 1980 මහා වැඩවර්ජනය සිදුවී දැනට වසර 32 කි. එම වැඩවර්ජනය නිසා සිය දිවි හානිකරගත් සේවකයන්ද, කඩාකප්පල් වූ පවුල් ගණනද, උන් හිටි තැන් නැතිව යාචකයන් බවට පත්වූ පිරිස්‌ද සිටිති. එසේ වුවද වර්ජනය නිසා අන්තයටම පිරිහී උත්සාහයත් ධෛර්යයත් නිසා පෝසත් වූ උදවියද අතළොස්‌සක්‌ සිටිති.

    වර්ෂ 1970 බලයට පත් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණේ අරමුණ වූයේ රටේ දේශීය ආර්ථිකය ශක්‌තිමත් කිරීමයි. එනිසාම රජය විදේශයන්ගෙන් ආනයන කරන භාණ්‌ඩ සීමා කරන ලදී. ඒ තුළින්a රජය අපේක්‍ෂා කළේ දේශීය කෘෂි ආර්ථිකය ශක්‌තිමත් කර රටට අවශ්‍ය රටේ නිපදවිය හැකි සෑම දෙයක්‌ම මෙරට නිපදවා ගැනීමයි. නමුත් පෙර සූදානමකින් තොරව හිටි හැටියේම ගත් මෙම තීරණය නිසා ජනතාව අසරණ විය. වෙළෙඳපොළේ භාණ්‌ඩ හිඟයත්, භාණ්‌ඩ හිඟය නිසා භාණ්‌ඩ වලට කළුකඩ මිලක්‌ නියම විය. මේ නිසාම සහනාධාර හෙවත් සලාක ක්‍රමයට බෙදාහැරීම රට තුළ සිදුවිය. බත් කෑ හැකි දින ගණන සීමාවීමත් පාන්ද සලාක ක්‍රමයට ලබාදීමත් රටේ එක්‌ ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට සහල් ප්‍රවාහනයේදී බාධක (හාල් පොලු) දැමීමත් නිසා ජනතාව අසරණ වූහ. කල්යල් බලා සැලසුම් සහගතව ගතයුතු ආර්ථික තීරණ ක්‍ෂණිකව ගැනීම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට 1977 දී අන්ත පරාජයකට ලක්‌වීමට සිදුවිය.

    july.jpg


    මෙහි ප්‍රතිඵලය වූයේ අසීමිත ජනවරමක්‌ ලබාගෙන ඡේ. ආර්. ජයවර්ධන මහතා නායකත්වය දැරූ එක්‌සත් ජාතික පක්‍ෂය බලයට පත්වීමයි. මෙතෙක්‌ පැවැති ආනයන නීති රීති ලිහිල් කරමින් නිදහස්‌ වෙළෙඳාම සඳහා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙන ලදී. එනිසා සීමාවකින් තොරව දේශීය වෙළෙඳ පොළට විදේශීය භාණ්‌ඩ පැමිණි අතර ජනතාවට භාණ්‌ඩ මිලදී ගැනීමට ශක්‌තියක්‌ නොමැති විය. මේ නිසාම වෙළෙඳපොළේ මිලදී ගැනීමට භාණ්‌ඩ නැතිව දුක්‌වින්ද ජනතාවට සිදු වූයේ වෙළෙඳපොළේ භාණ්‌ඩ තිබුණත් ඒවා මිලදී ගැනීමට ශක්‌තියක්‌ නැතිව සුසුම් ලෑමටය. ක්‍ෂණිකව වැඩිවන ජීවන වියදම පියවා ගැනීමට වැටුප් වැඩිවීමක්‌ හැර වෙනත් විකල්පයක්‌ වැඩකරන ජනතාවට නොමැති විය.

    මෙයට පිළියමක්‌ ලෙස ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව රාජ්‍ය සේවා වෘත්තීය සංගම් නියෝජිතයන් ගේ සමුළුවක්‌ කැඳවීය. 1980 මාර්තු මස 8-9 දිනයන් හි කොළඹ පැවති මෙම සමුළුවට නියෝජිතයෝ 4000 ක්‌ පමණ සහභාගි වූහ.

    එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් එක හඬින් කියා සිටියේ දිනකට රු.10 කින්වත් (මාසික වැටුප රු. 300 කින්) වැටුප් වැඩිවිය යුතු බවය. ඔවුන්ගේ ඉල්ලීම රජයට දැනුම් දුන්නද රජය එම ඉල්ලීම් තඹයකටවත් මායිම් නොකළේය. එනිසා ජුනි 05 දින වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව විරෝධතා දිනයක්‌ ලෙස නම් කළ අතර වරුවක වැඩ වැරුමකට ද මුල පිරීය.

    නමුත් රජය මෙය දුටුවේ රජයට කරන ෙද්‍රdaහිකමක්‌ ලෙසය. ඒ වන විටද 1978 ව්‍යවස්‌ථාව අනුව විධායක ජනාධිපතිවරයා ලෙස ඡේ. ආර්. ජයවර්ධන මහතා පත්ව සිටි අතර රජයේ ප්‍රධානියාද කැබිනට්‌ මණ්‌ඩලයේ ප්‍රධානියාද ආණ්‌ඩුවේ සන්නද්ධ අංශයේ ප්‍රධානියාද විධායක ජනාධිපතිවරයාය. එම ව්‍යවස්‌ථාව අනුව ඔහුට කළ නොහැක්‌කේ ගෑනියෙක්‌ පිරිමියෙක්‌ කිරීමට පමණක්‌ යෑයි කියවුණු බලයෙන් උද්දාමයට පත්ව සිටි එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇතැම් නායකයන් පැවසුවේ වර්ජකයන් කනත්තට දක්‌කන බවකි. එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික සේවක සංගමය ආණ්‌ඩුවට සහයෝගය දැක්‌වූ අතර අන් සියලු දෙනා සැලකුවේ රාජ්‍ය විරෝධීන් ලෙසයි. රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට පිකටිං කළ පිරිසකට කොම්පඤaඤවීදිය දෙසින් ජීප් රියක පැමිණි පිරිසක්‌ පහර දෙන්නට විය. යකඩ පොලු මෙන්ම ගිනි අවිද යොදාගෙන කළ මෙම මැර ප්‍රහාරය නිසා ඩී. සෝමපාල නමැති සත් දරු පියෙක්‌ ජීවිතක්‍ෂයට පත්විය. ඔහු කොම්පඤaඤවීදිය මුඩුක්‌කු නිවාසයක පදිංචි වූවෙකි. ජුනි 9 දා අවමඟුල් පෙරහැර පැවැත්විණි. ඒ සඳහා බොහෝ සේවකයෝ කලින්ම තම වැඩබිම් වලින් පිටව ආහ. මෙම අවමඟුලට කලින් පැමිණි රත්මලාන දුම්රිය වැඩබිමේ සේවකයන් 12 දෙනකුගේ වැඩ තහනම් කෙරිණි. මේ පිළිබඳව පාලකයන් සමඟ සාකච්ඡා ලබා ගැනීමට දුම්රිය සංගම් උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය. එම වැඩ තහනම් කිරීමට විරෝධය පෑමට හා රු.10 දෛනික වැටුප වැඩිකර ගැනීමට ලි�ත ඉල්ලීමක්‌ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාට ජුලිs 14 දින ලබා දුන් අතර මෙම ප්‍රශ්නයට විසඳුමක්‌ නොලදහොත් ජුලි 18 දින මහා වැඩවර්ජනයක්‌ දියත්කරන බව දැනුම් දුනි. නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ගණන් නොගත් අතර රජය කිසිවිටකත් සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳන තැනට නොපැමිණියේය.

    රජය හදිසි නීතිය යොදාගෙන සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කළ අතර සේවයට නොපැමිණෙන අය සේවය අතහැර ගියාසේ සලකනු ලබන බව පැවසීය.

    එක්‌සත් වෘත්තීය සමිති ක්‍රියාකාරි කමිටුව වැඩවැරූ කොටස්‌ දැනුවත් කිරීමට, හයිඩ් පිටියේ රැස්‌වීමක්‌ සංවිධානය කළ අතර එයද තහනම් කළේය.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීමක්‌ තබා සියලු වර්ජකයන් රැකියා අහිමිවූවන් සේ සලකන බවත් නැවත සේවයට පැමිණීම අනවශ්‍ය බවත් දන්වා සිටියේය. මේ අනුව වර්ජනයට සහභාගි වූ 40000 වැඩි පිරිසකට රැකියා අහිමි විය. වැඩවර්ජනය කඩාකප්පල් කර රජය වර්ජනයෙන් දෙසතියකට පසු අලුතින් සේවකයන් බඳවාගත් අතර වර්ජනය නොකළ සේවකයන්ට වැටුප් වර්ධක ලබාදෙනු ලැබීය. එම වර්ජනයට එක්‌වූ වෘත්තීය සමිති තහනම් කළ අතර වෘත්තීය සමිති කාර්යාලවලට සීල් තැබීය.

    මෙය 1935 වෘත්තීය සමිති ආඥපනත අනුව ලියාපදිංචි වෘත්තීය සමිතියකට තිබූ අයිතිය පැහැර ගැනීමක්‌ විය. එසේම 1951 කම්කරු ආරවුල් පනත යටතේද ක්‍රියාකළ නොහැකි විය. 1980 ජුලි වර්ජනයට සම්බන්ධ සේවකයන් සේවයෙන් නෙරපා හැරීම 1978 ව්‍යවස්‌ථාවේ ඇති බලය ද ශූන්‍ය කිරීමකි. රජයේ මෙම ක්‍රියාකලාපය සඳහා වැඩ වර්ජනයට සහාය දුන් කොටස අතර වූ කුලල් කා ගැනීම හේතු විය.

    වෘත්තීය සමිති එක්‌සත් ක්‍රියාකාරි කමිටුව හා ප්‍රධාන සම්මේලන සමිති අතර වර්ජනය පිළිබඳ පූර්ණ එකඟතාවක්‌ නොවීම.

    ප්‍රධාන සම්මේලනවල දේශපාලන නායකත්වය තුළ වැඩවර්ජනයට පක්‍ෂව හා අපක්‍ෂව මත තිබීම.

    මුළු රටක්‌ වශයෙන් සමස්‌ත කම්කරු පංතිය වැඩවර්ජනයට අවශ්‍ය සූදානම නොතිබීම.

    වර්ජනය දින කීපයක්‌ තුළ සිදුකිරීම තුළින් ආණ්‌ඩුවට වර්ජනය මර්දනයට කල්තියාම සැලසුම් කිරීමට හැකිවීම.

    ආණ්‌ඩුවේ මර්දනකාරී ක්‍රියා පිළිවෙත් පිළිබඳව එක්‌සත් ක්‍රියාකාරි කමිටුවට නිසි අවබෝධයක්‌ නොවීම.

    මෙම වර්ජනයට ජාතික සේවක සංගමය හා ලංකා කම්කරු කොංග්‍රසය සහාය නොදුන්නේය. එම නිසා මෙය ආණ්‌ඩුවට විරුද්ධ පිරිස්‌වල වර්ජනයක්‌ ලෙස විවේචනය කෙරිණි. තවද වැටුප් රහිතව සිටින වර්ජකයන්ට කිසිදු යෑපීම් දීමනාවක්‌ දීමටවත් තරම් වෘත්තීය සමිති ආර්ථික අතින් ශක්‌තිමත් නොවීම නිසා වර්ජනය අසාර්ථක වීමට හේතු විය.

    රුපියල් 10 දෛනික වැටුප වැඩිවීමක්‌ යනු එදා සේවක වැටුප් මට්‌ටමට අනුව විශාල මුදලකි. මේ නිසාම පෞද්ගලික අංශයේ සේවකයන් බොහෝ දෙනා තම සේවා ස්‌ථාන වලට භාර නොගැණිනි. ගැටලුව දැකිය හැකි විය. ජුලි වර්ජකයන් ඒකාබද්ධ වෘත්තීය සමිතියක්‌ ලෙස ක්‍රියාකරමින් බොහෝ අවස්‌ථාවල බලයට එන රජයට සහයෝගය දක්‌වමින් තමන්ගේ රැකියාව නැවත ලබාගැනීමට ක්‍රියාකළේය. බොහෝ වාමාංශික රජයන් එම ඉල්ලීමට කන් දී නැවතත් සේවකයන් සේවයේa ස්‌ථාපිත කළ අතර කිසිදු වන්දි මුදලක්‌ නොලබා අකාලයේ මියගිය සේවකයන්ද නැත්තේ නොවේ.

    පෞද්ගලික අංශයේ වර්ජිත සේවකයන් බොහෝ දෙනකුට රැකියා අහිමි විය. වර්ජනයෙන් පසුද එක්‌සත් ජාතික පක්‍ෂය වසර 14 බලයේ සිටියත් වර්ජකයන්ගේ ප්‍රශ්නය සාර්ථකව විසඳීමට ඔවුන් අපොහොසත් විය. ඔවුන් කළේ වර්ජනය ආශිර්වාදයක්‌ කරගෙන තමන්ගේ ජුන්ටාවන්ගෙන් එම පුරප්පාඩු පිරවීමය. මේ නිසාම 80 ජූලි වර්ජකයන් සන්ධානගත වී වාමාංශික රජයක්‌ම බලයට පත්කර ගැනීමට තම සහාය පළකළේය.

    source
    http://www.divaina.com/2012/07/23/mano07.html
     
    • Like
    Reactions: toi

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    ඉතිහාසයේ වේදනාබර අවස්ථාවක්. මගේ යාලුවෙක්ගේ තාත්ත කෙනෙකුත් මේකට අහු උන. ඒ දවස්වල ලි වලින් පොඩි පොඩි බුදුපිළිම හදල විකුණලා ජීවත් උනේ. අන්ත අසරණ උන.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    JR එක්ක සෙල්ලම් නටන්න බැහැ. කෙලින්ම 40,000 දොට්ට
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    මහින්ද වගෙ හිටියනම් එකෙක්ට දෙන්න වෙඩි තිබ්බ ගමන් වර්ජනෙ ඉවරයි :)

    :lol::lol::lol:

    JR කීදෙනෙක් මැරුවද වෙඩි තියල. එකට නුල් දෙක තුනක් දාන්න වෙනවා. ඔයගොල්ලෝ අතීතය දන්නේ නැහැ.

    77 බලයට අවහම පොලිසියට නිවාඩු දුන්න. දහස් ගනම් slfp පාක්ෂිකයගේ ගෙවල් ගිනි තිබ්බ. 83 දෙමල අයට හොදින් සැලකුවා. බල ගත්ත

    http://dbsjeyaraj.com/dbsj/archives/41057
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අතිතය කියො කියො ඉඳලා වැඩක් නෑ සහො. ඒ අතිතය. ඔය 1980.
    අපි අද ඉන්නෙ 2015.
    අද තියන (මහින්ද නිර්මානය කල) අර්ථික ප්‍රශන, ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කිරිමේ ගැටලු වලට සුදුසු පිලියමක් යොදන්න පුලුවන් මිනිස්සු කවුද කියලා විතරයි දැන් බලන්න ඕන.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    අතිතය කියො කියො ඉඳලා වැඩක් නෑ සහො. ඒ අතිතය. ඔය 1980.
    අපි අද ඉන්නෙ 2015.
    අද තියන (මහින්ද නිර්මානය කල) අර්ථික ප්‍රශන, ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කිරිමේ ගැටලු වලට සුදුසු පිලියමක් යොදන්න පුලුවන් මිනිස්සු කවුද කියලා විතරයි දැන් බලන්න ඕන.

    If history repeats itself, and the unexpected always happens, how incapable must Man be of learning from experience.

    George Bernard Shaw
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    If history repeats itself, and the unexpected always happens, how incapable must Man be of learning from experience.

    George Bernard Shaw

    :rofl: JR මලා. මැදමුලනෙ ගංකබරයා තාම Alive. ඌ චන්දෙ ඉල්ලගෙනත් එනවා. රතුපස්වල එහෙම මතක් කරලා ඌට චන්දෙ නොදී ඉමු නේද බිංගු පුකේ? :rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    පැටියා;18627325 said:
    :rofl: JR මලා. මැදමුලනෙ ගංකබරයා තාම Alive. ඌ චන්දෙ ඉල්ලගෙනත් එනවා. රතුපස්වල එහෙම මතක් කරලා ඌට චන්දෙ නොදී ඉමු නේද බිංගු පුකේ? :rofl:

    අපි JR ගැන කතා කරේ. මහින්ද ගැන මේ ලිපියේ මුකුත් නැහැ. ඇයි මේ කලබල ? :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපි JR ගැන කතා කරේ. මහින්ද ගැන මේ ලිපියේ මුකුත් නැහැ. ඇයි මේ කලබල ? :lol::lol::lol:

    history කිවුවහම JR ව විතරක් මතක් වෙන්නෙ ඒ History එකම repeat වෙයි කියලා ඔය මහත්තැයිංට හිතෙන විදියටම මට හිතෙනවා මැදමුලනෙ ගංකබරයාගෙ history එකත් repeat වෙයි කියලා. ඇයි දන්නෑ එහෙම හිතෙන්නෙ :rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    පැටියා;18627338 said:
    history කිවුවහම JR ව විතරක් මතක් වෙන්නෙ ඒ History එකම repeat වෙයි කියලා ඔය මහත්තැයිංට හිතෙන විදියටම මට හිතෙනවා මැදමුලනෙ ගංකබරයාගෙ history එකත් repeat වෙයි කියලා. ඇයි දන්නෑ එහෙම හිතෙන්නෙ :rofl::rofl:

    එක වෙන නුලක කතා කරමු. මේකේ JR සහ 80 වැඩ වර්ජනය ගැන කතා කරමු. :lol::lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තම කතාව නම් මේ වැඩවර්ජනය සංවිධානය කලේ සමගි පෙරමුනට පක්ශ වෘත්තීය සංගම් එකතුවෙලා ජේ ආර්ව වට්ටන්න.:eek: