ගොඩක් වෙලාවට කවුරුන් හෝ පොලිසියට දෙන කට උත්තරයක් උසාවියේ දී තමන්ටම බැහැර කරන්න පුලුවන් නේද? උදාහරණයක් විදියට මම ඒ වෙලාවේ සිටි මානසික තත්වය අනුව, එහෙම නැත්තම පොලිසිය තර්ජනය කළ නිසා ඒ දේ කිව්වා කියල..... අනෙක සාමාන්‍ය පුද්ගලයන් ෆැමිලි ලෝයර්ස්ලා තියාගෙන නෑ.... සමහර විට ලෝයර්ස්ලා ගැන දන්නෙම නැති අයත් ඉන්නවා.... එතකොට ලෝයර් කෙනෙක් හොයාගෙන ලෑස්ති වෙන කොට වැඩේ ගොඩක් දුරදිග ගිහින් නේද?
මම අත්දැකීමෙන් ම දන්නවා බහුතර ලෝයර්ස්ලා ගිජුලිහිණියෝ වගේ.... ඔවුන් සමහර විට තත්වය බොරුවට බැරැුරුම් කරලා පෙන්නනවා.... ඊට පස්සේ ලොකු ගාණක් කියනවා මේකෙන් ඔයා ගොඩ දාන්නම් කියලා..... මට උන සිද්ධියක දී ලෝයර් කෙලින්ම රු. 30,000 ක් ඉල්ලුවා....මම ඒ වෙලාවේ ඔහුත් සමග සංවාදයක නිරත වුණාට පස්සේ ඔහු මා සමග පොලිසියට යාමට රු. 2,500 යි ගත්තේ.... යම් තරමකට හෝමම නීතිය ගැන උරගාල තිබ්බ නිසා ගොඩ.... අහිසංකයෝ ආපුවහ මරාගෙන කන ලෝයර්ස්ල ඕන තරම්....
ඔය හැම දේකටම වඩා වැදගත්වන්නේ නීතිය දැනුවත් භාවය මිසක වරදක් කරලා ඒකෙන් ගැලවෙන්න එක එකාට අහුවෙන එක නෙවෙ කියන එක තමයි මගේ මතය....