එහෙම කතා කරන්න එපා මචන්.. මම දන්නෙ නැහැ උඹලට මේකෙ යාළුවො නැතිව ඇති.අපිටනම් සැබෑ ජීවිතෙත් හොඳම යාළුවො ඉන්නව. මේකෙනුත් ෆිට් වුන හිත හොඳ නියම කොල්ලො ටිකක් ඉන්නව.උන් චරිත නෙමේ නමුත් ඕනිවෙන ඕනම වෙලාවක බැහැල උදවු කරනවඇත්ත ජීවිතේ යාළුවෙක් නැති, යාළුවෙක් තියාගන්න බැරි උන් තමයි මෙහෙම ඔන්ලයින් යාළුවො හොයාගන්නෙ. ඒකත් තමන්ගෙ මතයට පමණක් ගැලපෙන පිටකහගන්න උන්. එහෙම යාළුවො හිටියම කිසිම ගැටුමක් නෑ නෙ, හැම දේටම එහෙයි කියන උන් විතරයි ඉන්නෙ. ඒ වගෙ එකෙක්ට ඉතින් තමන්ට ප්‍රතිවිරුද්ධ මතයක් ආවම ඉතින් ඉවසගන්න බැරුව යන එක සාමාන්‍ය දෙයක්.
අනික මේ බොහොමයක් චරිත අනුවර්ත නාමයන් වලින් අයිඩී හදාගත්ත උන්. ඔය කියන විදියට සහෝදරත්වයේ නාමයෙන් තවත් පිවිතුරු යාළුවෙක් හොයාගන්න ආවනම් ඉතින් තමන්ගෙ ඇත්ත නමින්ම අයිඩී එක හදාගන්න පුළුවන්නෙ. උන් ඇවිල්ල මුල් කාලෙ දාපු ත්‍රෙඩ් දිහා බැලුවොත් පේනව ඔක්කොම මෝඩ ආතල්, ෆන් ගන්න දාපුව කියල. ගොඩක්ම මං පොර මේනියාවෙන් ඉන්න උන් තමයි පස්සෙ කාලෙක කල්ලි කණ්ඩායම් හදාගෙන මේක කෑවෙ.
කවුරුත් මෙතනට පිවිතුරු යාළුවො හොයාගන්න එනව නෙමේනෙ. ත්‍රෙඩ් කියවනව දානව. ඒ අතරට හොඳ යාළුවො සෙට් වෙනව.
ඉන්න සමහර මානසික රෝගියො තමන්ගෙ විස්තර හොයාගන්නවට අකමැත්තෙ ඇත්ත නම දානව වෙන්න පුළුවන්.පොඩි පොඩි දේවල් නිසා සමස්තයකට දොස් කියන එක වැරදියි මමනම් දකින හැටියට









මුන් එකට කතා කරගන්න බැරිව ලෙඩින් ඉන්න මල්ලිලට කෝල් කරලා කාටහරි දීල බයිට් කොරනවට තෑගිත් දෙන්ඩ ඕනේ අපි.