තනියම බාර් එකක ඉඳන් බොනවා නම් පාඩුවෙ බීලා යන උන් ඉන්න තැනක් වෙන්නෝන. මට වුන පොඩි කරදරයක් තමයි මේක.මන් මේ වෙනකන් තනියම බාර් එකකට වෙලා බීල නෑ . ඒ ආතල් එකත් අරන් බලන්න ඕන![]()
![]()
දවසක් මම මහරගම ඔරලෝසු කණුව ගාව තියන බාර් එකේ බිව්වා. මෙතනට ඉතින් ටිකට් කඩන උනුයි, හිඟන්නොයි, ඔෆිස් ජොබ් කරන උනුයි හැම එකාම එනවා. හැම එකාම නෙවෙයි, සමහර වෙලාවට කරුමයක් තිබ්බොත් ඉතින් ඒක පලදෙවන්න පුළුවන් යමපල්ලො සෙට් එකක් මෙතනට එනවා.
දවසක් මම බිබී ඉන්න අතරේ එකෙක් මගෙන් ඇවිත් ඇහුවා "කෝල් එකක් ගන්න ෆෝන් එක දෙන්න පුළුවන්ද?" කියලා. මම කිව්වා "මගෙ ෆෝන් එකේ සල්ලි නෑ, කවුන්ටරේ ෆෝන් එකක් තියනවා ඒකෙන් කෝල් එකක් ගන්න" කියලා. පස්සෙ මූ කෝල් එක අරන් ඇවිත් මුගේ ටේබල් එකට ගිහින් බියර් බෝතලෙත් අරන් "අයියා තැන්ක්යූ කෝල් එක ගත්තා" කියලා ඇවිත් මගේ ටේබල් එකෙන් ඉඳගත්තා. ඒ වෙනකොටත් ඌ ඉඳපු ටේබල් එකේ හිස් බියර් බෝතල් 3ක් විතර තිබ්බා. හොඳටම වැදිලා ඒත් ඇවිදින්න කරන්න පුළුවන්. පස්සේ මූ මුගේ ගෑණි මූව දාලා වෙන මිනිහෙක් එක්ක ගියා කියලා අඬ අඬ මුගේ ඈඬියාව කියවන්න ගත්තා. මම හිතන්නේ ගෑනි මුගේ ෆෝන් ආන්සර් නොකරන නිසා තමයි වෙන ෆෝන් එකකින් කෝල් කලේ. සමහරවිට නම්බර් බ්ලොක් කරල ඇති. මම වේටර් කාරයට හිමින් සැරේ ගිහින් මූව අයින් කරලා දාන්න කිව්ව. ඒත් ඌත් ආවේ නෑ. පස්සේ මූ ඇනයක් වෙවී කියවනවා. ඒ අස්සෙ සෙට් එකක් සිංදුවක් කියන්න ගත්තා. මූට ඒ පාර මල පැනලා "කටවහපන් යකෝ" කියලා සිංදු කියන උන්ට බැන්නා. පස්සෙ උන් එකා දෙන්න මම ඉන්න ටේබල් එකට ඇවිත් ගේම ඉල්ලනවා. පස්සේ බොන එකත් අතෑරලා ඉතුරුවෙලා තිබ්බ ටික බීලා බයිට් එකේ ඉතුරු ටික අරූට කාපන් කියලා බිල ගෙවල ගෙදර ආවා.

