එලකිරි කවිමඩුව

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    එලකිරි කවි මඩුව තුල බොහො බිත්තී නැත
    එනමුත් ඔබත් සුමුදුත් එහි බිත්ති වෙත
    මැණිකෙ නගා ඉද හිට හෝ ඇවිත් යත
    ඔබ ඇති නිසා කවි මඩුවම පාළු නැත


    බිත්තිය හොදින් නග්ගන්නට....ඇහැක් ලෙස
    අඩිතාලම දැමිය යුතු සකි.........ගලක් ලෙස
    සවිබර අඩිතාලමක් දැමු ඔබ..... සමත් ලෙස
    රැකගෙන ඉදිරියට යමු මිතු...... දමක් ලෙස
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කවි ගෙතුමත් අමුතුම ගති .........කලාවක්
    මා හට නැත ඒ ගෙතුමට
    ...........වෙලාවක්
    ඒනිසා ගෙන පොඩි වචන
    ...........වැලක්
    මම කියනව මේ වගේ අමු
    ..........ජරාවක්
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    බිත්තිය හොදින් නග්ගන්නට....ඇහැක් ලෙස
    අඩිතාලම දැමිය යුතු සකි.........ගලක් ලෙස
    සවිබර අඩිතාලමක් දැමු ඔබ..... සමත් ලෙස
    රැකගෙන ඉදිරියට යමු මිතු...... දමක් ලෙස
    එක දෙක වචන තුනකින් කිව යුතු වන්නේ..
    එනමුත් කෙලෙස කවි මඩුවේ පවසන්නේ..
    කවි පදයකිනි ඒ ගැන මම පවසන්නේ...
    ඔබ කිව් කවිය පට්ටම පට පට වන්නේ....
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    දැම්මා දැම්මා මා ත්‍රෙඩ් එක ................දැම්මා
    බැලුවා බැලුවා නැත රිප්ලයි දුක
    ............හිතුනා
    ඉවසුව ඉවසුව ඉවසීම පැන
    ..................දිවුවා
    මේකේ ස්පෑම් කරන්නට සිත
    ................කිව්වා

    http://www.elakiri.com/forum/showthread.php?t=1712471
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවියක් ලියන්න හිතුවක් වෙලා නැත
    එනිසා හිස රුවා යන්නට වෙලා ඇත
    මෙහි කවි කියන කුකුළනි තොප පමා නැත
    රස කවි කියා ආතල් ගමු නොවී මත
    සතුටුයි දත් කිඹුල කවියක් දමා ඇත
    කුකුලෝ වගෙම කිකිලියෙකුත් මෙහේ ඇත
    එනමුත් ලගකදී ඇය කවි කියා නැත
    මැණිකෙ නගා ලෙස ඇය අමතනුව ඇත
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවි පද ගොතන්නට දක්ශයි ප්‍රතාපයා
    ඊටම දෙවනි නැත සුමුදුව කියන මෙයා
    දින දෙක තුනෙන් කවි මඩුවම ඉහල ගියා
    දෙවියෝ රැකදෙන්න සුමුදුව ප්‍රතාපයා
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    එක දෙක වචන තුනකින් කිව යුතු වන්නේ..
    එනමුත් කෙලෙස කවි මඩුවේ පවසන්නේ..
    කවි පදයකිනි ඒ ගැන මම පවසන්නේ...
    ඔබ කිව් කවිය පට්ටම පට පට වන්නේ....

    සොහොවුර ප්‍රතාපව ඔබ ගැන........ නැහැ දන්නේ
    එකවර නොහදුනන අය උව.......... පැහැදෙන්නේ
    මෙහෙවර ඔබේ මග හැර ඔබ........ නැහැ යන්නේ
    බොහොවර පැමිනි ඔබ නැහැ ලොව.. පැරදෙන්නේ
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කවියක් ලියන්න හිතුවක් වෙලා නැත
    එනිසා හිස රුවා යන්නට වෙලා ඇත
    මෙහි කවි කියන කුකුළනි තොප පමා නැත
    රස කවි කියා ආතල් ගමු නොවී මත
    දන්නවා ඔබට ඇති වැඩ කටයුතු බෝමා...
    කරනවා සැමට එලකිරියට ඔබ සේවා...
    මම දන්නවා ඔබ දන්නා කවි බෝමා...
    ඉඩ ලැබුනොතින් කොටලා යන්නකෝ නොපමා...
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කවි පද ගොතන්නට දක්ශයි ප්‍රතාපයා
    ඊටම දෙවනි නැත සුමුදුව කියන මෙයා
    දින දෙක තුනෙන් කවි මඩුවම ඉහල ගියා
    දෙවියෝ රැකදෙන්න සුමුදුව ප්‍රතාපයා


    ඇරඹුව ගලපන්න පද ටික .........සතෙන් සතෙන්
    සැනසුව පාලු වුන මගෙ හිත...... හෙමින් හෙමින්
    කෙනිතුව දේවියගෙ සරසවි....... එහෙන් මෙහෙන්
    පෙලඹුව දැක ගන්න කවි ලොව... ටිකෙන් ටිකෙන්
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මිතුරනි කවි මඩුවෙ මට හරි වැඩක් උනා
    හදිස්සියේම කුරුණෑගල යන්න උනා
    බසයෙන් යන්න සිතුවත් මා පමා උනා
    ඒ නිසාම බයික් එකෙන් යන්න උනා....

    වැඩ කරන්නෙ කුරුණෑගල ඔෆීසියේ
    බොස්ට හොරෙන් මම හොර ගමනක්ය ගියේ
    තිබුනා වැඩක් මට නෑ එය සිහි වූයේ
    එනිසා වෙන්ද බොස් දැන් මා ඇමතූයේ....


    පැයෙන් වරෙන් ගිය තැනකින් උබ මල්ලී
    ඔඩිටල ඇවිත් මෙහි හැමදෙන ඇත හෙල්ලී
    නොපෙනුව හොතින් උබෙ අත ඉතිරියෙ සල්ලී
    උබටයි මටයි අබ සරණයි බුදු මල්ලී....

    බොසා කීව කතාව මා භය කෙරුවා
    ගිය කාරණෙ වැඩෙත් බාගෙට නිම කෙරුවා
    නැගලා යතුරුපැදියට ඉක්මන් කෙරුවා
    දෙවියෝ බුදුන් ටික ටික මා සිහි කෙරුවා....


    විදිදා විදිල්ලක් මරුවා සිහිවූවා
    පොලෝසියෙන් අතර මගදි නැවතූවා
    හිනා වෙලා ශේප් කරන් පිටවූවා
    වැහි පොද ටිකින් ටික මහ වැස්සක් වූවා....

    වැස්සට නතර වීලා ඉන්නට බැරිය
    එනමුත් තෙමි තෙමී තව දුර යනු බැරිය
    ඔඩිටල එක්ක දැන් නම් සෙල්ලම් බැරිය
    බොසා එක්කනම් කොහොමටවත් බැරිය....


    එකපාරම යතුරු පැදිය නතර උනා
    කොරේ පිටට මරේ මෙමට සිද්ද උනා
    හිතා ගන්න බෑ මේකට කුමක් උනා
    වැස්සේ තෙමි තෙමී ඉන්නට සිද්ද උනා....

    ටික ටික දැන් මම හොදටම පමා උනා
    යතුරුපැදිය තල්ලු කරන් යන්න උනා
    කෝල් ඉවරයක් නැත මට එපා උනා
    පෙර පිනකට බාස් කෙනෙක් හම්බ උනා....


    අයියේ බුදු වෙන්න දෙනු මට උදව්වක්
    බයික් එකට වී ඇත මළ ඉලව්වක්
    බොසා ඉතින් හැමදාමත් උදැල්ලක්
    ෆෝන් එකත් දැන් නම් මළ ඉලව්වක්....

    තමුන් කොහෙද දැන් ඉන්නේ කියනු මට
    පැයෙන් එන්න මා කීවා නේද තොට
    නිදහසට කරුණු දැන්නම් එපා මට
    බොසා කෝල් කර බැන අඩගහයි මට....


    ඊලග කෑල්ල තවත් රසවත්..........
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    AGSUPUN කොයි බන් උබෙ කවි පේලි
    උබේ කවි අහන්නට අප සිටියේ පේවි
    තාමත් දෙකයි උබ ලීවේ කවි පේලී
    කියපන් මචන් හිටිවන කවියක් පේවී
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ඇරඹුව ගලපන්න පද ටික .........සතෙන් සතෙන්
    සැනසුව පාලු වුන මගෙ හිත...... හෙමින් හෙමින්
    කෙනිතුව දේවියගෙ සරසවි....... එහෙන් මෙහෙන්
    පෙලඹුව දැක ගන්න කවි ලොව... ටිකෙන් ටිකෙන්
    කවි රස මිහිර කිසිදා නෑ නිම වෙන්නේ
    ඔබෙ කවි බලන්නයි කවි මඩුවට එන්නේ
    කිරි හා පැණි විලස කවි පද ගැලපෙන්නේ
    කවියනි කිවිදියනි සරණයි දෙවියන්නේ
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    කෙල්ලන් නිසා ලෙඩ දාගෙන ගැට ගැහුනූ
    හැමදා දකියි මෙහි කොල්ලන් බැට වැදුනූ
    ඕනැම ලෙඩක කවදත් මුල් තැන ගැනුනු
    මොකටද මල්ලියේ කොහෙවත් යන හැහැනූ

    කෙල්ලන් නිසා විඳවන කොල්ලන්ද ඇත
    කොල්ලන් නිසා වෙන හානිද නිමක් නැත
    ඇයි එක ඇඟිල්ලක් දික් කර මේ රැඟුම
    සොහොයුර ඇඟිලි හතරක් ඇත ඔබ දෙසට
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    යන යන තැන ඇත එක එක ජාතියේ ගැහැණු...
    වාහන හැපෙන්නෙත් බලලා යන හැටි ගැහැණු...
    අද මෙන් පෙර කලෙත් හිටියලු මේ ගැහැණු...
    මැක්සා හරිය අපි හට මොකටද ගැහැණු...

    උලාලා පාට පාටට සුදු රතු මේකප්...
    ඇදල තදට මතු වෙන්නට හිර වෙන තැන..
    පාවෙලා ගියත් පද්දාගෙන ගස්සා මුන්...
    දත් සෙට් එකම නැතිවෙයි මලේ අහු උනොතින්....

    මැණික් නගෝ මා එක්කල තරහාදෝ...
    හැම කෙල්ලම එක වගේ නැනේ නගෝ...
    හොද ගති තියන හොද කෙල්ලෙක් එක්ක නගෝ....
    ඉන්නේ මමත් යන්නට කරකාර නගෝ...


    :shocked:අදහා ගන්න නොහැකියි මට මේ වෙනස
    සොහොයුර නුඹම දෝ ලිව්වේ මේ කවිය
    නෑ නෑ වෙන්න බැහැ මට නැහැ විස්වාස
    නැවතත් බලන්නම් මුල සිට ඔබෙ කවිය

    උලලා පාට ඇඳ නුසුදුසු විලාසිතා
    කරනා අයත් ඇත නැහැ ඔබ බොරැ කියලා
    ඇඳුමෙන් පැලඳුමෙන් බැහැ මනිනට මිනිසා
    හොඳහිත ඇගේ විමසනු මැන හිත දිනලා

    නැහැ නැහැ මං තරහ වැටහේ ඔබෙ කවිය
    ඔබ පිලිගෙන ඇතිය ඇත්තම ඇති සැටිය
    යන්නට දීග සිත්ගත් යුවතිය එක්ක
    පතනෙමි සුභාසිරි මම හද පත්ලින්ම :love::love:
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    දුටුව විට රිසි තැන - ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන
    මැණිකේ නගා නැත - මෙයට පිලිතුරු ලබාදෙන

    ආවා ඔන්න ආවා පිළිතුරැ දෙන්න
    කවියෙහි ප්‍රතාපගෙ පිළිතුර ගැබ්ව ඇත
    මා කුමකටද රිදවාගන්නේ මසිත
    මා නැත අයිති වී ඔබ ඒ කිව් ගොඩට

    නොදනිමි අනෙක් අය ගැන මම කියන්නට
    මම දුවනියක් මව්පිය වන සන්තෝස
    ඒ අැති මට මොටද බොරැවට ආටෝප
    නැහැ උවමනා මට කරනට මේ වාද

    මා නැති ඇසිල්ලේ බොහො දේ සිදුව ඇත
    එනමුත් සැවොම මා මතකේ තබා ඇත
    ආඩම්බරයි සන්තෝසයි මට බොහොම
    දුක මට නැති එකයි කවිකාරියක් තව
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මැණික් නගේ ඔබ ගැන මට හරි සතුටුයි
    ඔබ කියු කතා නම් සත්තයි පංකාදුයි
    ඔබ ආ විටදි කවි මඩුවම සිරියාවයි
    සැම සිත් ගත්ත ඔබ හට දෙවි කරුණාවයි
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala


    මා නැති ඇසිල්ලේ බොහො දේ සිදුව ඇත
    එනමුත් සැවොම මා මතකේ තබා ඇත
    ආඩම්බරයි සන්තෝසයි මට බොහොම
    දුක මට නැති එකයි කවිකාරියක් තව

    ගැහැනිය ඇති තැනදී ලෝකෙම සිරියාවයි
    අපෙ කවි මඩුව උන් ඇති විට පංකාදුයි
    තව කවි කාරියක් හිටියොත් සිරියාවයි
    නැතිමුත් මැණිකේගෙ කවිනම් පංකාදුයි
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මිතුරනි කවි මඩුවෙ මට හරි වැඩක් උනා
    හදිස්සියේම කුරුණෑගල යන්න උනා
    බසයෙන් යන්න සිතුවත් මා පමා උනා
    ඒ නිසාම බයික් එකෙන් යන්න උනා....

    වැඩ කරන්නෙ කුරුණෑගල ඔෆීසියේ
    බොස්ට හොරෙන් මම හොර ගමනක්ය ගියේ
    තිබුනා වැඩක් මට නෑ එය සිහි වූයේ
    එනිසා වෙන්ද බොස් දැන් මා ඇමතූයේ....


    පැයෙන් වරෙන් ගිය තැනකින් උබ මල්ලී
    ඔඩිටල ඇවිත් මෙහි හැමදෙන ඇත හෙල්ලී
    නොපෙනුව හොතින් උබෙ අත ඉතිරියෙ සල්ලී
    උබටයි මටයි අබ සරණයි බුදු මල්ලී....

    බොසා කීව කතාව මා භය කෙරුවා
    ගිය කාරණෙ වැඩෙත් බාගෙට නිම කෙරුවා
    නැගලා යතුරුපැදියට ඉක්මන් කෙරුවා
    දෙවියෝ බුදුන් ටික ටික මා සිහි කෙරුවා....


    විදිදා විදිල්ලක් මරුවා සිහිවූවා
    පොලෝසියෙන් අතර මගදි නැවතූවා
    හිනා වෙලා ශේප් කරන් පිටවූවා
    වැහි පොද ටිකින් ටික මහ වැස්සක් වූවා....

    වැස්සට නතර වීලා ඉන්නට බැරිය
    එනමුත් තෙමි තෙමී තව දුර යනු බැරිය
    ඔඩිටල එක්ක දැන් නම් සෙල්ලම් බැරිය
    බොසා එක්කනම් කොහොමටවත් බැරිය....


    එකපාරම යතුරු පැදිය නතර උනා
    කොරේ පිටට මරේ මෙමට සිද්ද උනා
    හිතා ගන්න බෑ මේකට කුමක් උනා
    වැස්සේ තෙමි තෙමී ඉන්නට සිද්ද උනා....

    ටික ටික දැන් මම හොදටම පමා උනා
    යතුරුපැදිය තල්ලු කරන් යන්න උනා
    කෝල් ඉවරයක් නැත මට එපා උනා
    පෙර පිනකට බාස් කෙනෙක් හම්බ උනා....


    අයියේ බුදු වෙන්න දෙනු මට උදව්වක්
    බයික් එකට වී ඇත මළ ඉලව්වක්
    බොසා ඉතින් හැමදාමත් උදැල්ලක්
    ෆෝන් එකත් දැන් නම් මළ ඉලව්වක්....

    තමුන් කොහෙද දැන් ඉන්නේ කියනු මට
    පැයෙන් එන්න මා කීවා නේද තොට
    නිදහසට කරුණු දැන්නම් එපා මට
    බොසා කෝල් කර බැන අඩගහයි මට....


    ඊලග කෑල්ල තවත් රසවත්..........
    එනකොට එන්නේ එක පිට එක පිට ප්‍රශ්න....
    ගලවාගෙන යන්නේ නොදනිම අපේ බෙල්ල...
    රසවත් කැල්ල දැනගන්නට ඉඩ දෙන්න...
    ඉවසුම් නැතේ කරුණාකර පවසන්න...
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සොහොවුර ප්‍රතාපව ඔබ ගැන........ නැහැ දන්නේ
    එකවර නොහදුනන අය උව.......... පැහැදෙන්නේ
    මෙහෙවර ඔබේ මග හැර ඔබ........ නැහැ යන්නේ
    බොහොවර පැමිනි ඔබ නැහැ ලොව.. පැරදෙන්නේ

    ඔබ අප කවුරුවත් නැහැ නේ අපි දන්නේ....
    මෙ ටික දිනට ඔබ කවුදැයි වැටහෙන්නේ....
    මෙහි යන එන කොටන හැම ඔබ ගැන දන්නේ...
    සැමද මෙලෙස එක්වී ඉමු සොයුරන්සේ....
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    AGSUPUN කොයි බන් උබෙ කවි පේලි
    උබේ කවි අහන්නට අප සිටියේ පේවි
    තාමත් දෙකයි උබ ලීවේ කවි පේලී
    කියපන් මචන් හිටිවන කවියක් පේවී
    මල්ලියේ උබේ විබාගය දැන් අහවරද....
    ඉහටත් උඩින් තිබු වැඩ කටයුතු අඩුද....
    දකිනට හැකිවෙන්නේ උබේ කවි කවදටද....
    සැමදෙන බලා ඉන්නේ උබ එනවාද....