මල්ලියෙ මමත් දැන්නම් යනවා යන්න
කම්මැලි වගේ තව දුරටත් මෙහි ඉන්න
එන්නම් හෙටත් හොද කවියක් ගලපන්න
දෙන්නම් සැපක් කවි මඩුවට නැලවෙන්න
කම්මැලි වගේ තව දුරටත් මෙහි ඉන්න
එන්නම් හෙටත් හොද කවියක් ගලපන්න
දෙන්නම් සැපක් කවි මඩුවට නැලවෙන්න
ආසයි තව තවත් ඔබෙ කවි අහන්නටමල්ලියෙ මමත් දැන්නම් යනවා යන්න
කම්මැලි වගේ තව දුරටත් මෙහි ඉන්න
එන්නම් හෙටත් හොද කවියක් ගලපන්න
දෙන්නම් සැපක් කවි මඩුවට නැලවෙන්න
හොද හැටි අද දිනේ ඔබ ගැන දැනගත්තේ
නම මෙන් ඔබේ ගතිගුණ මගෙ හිතගත්තේ
ආවොත් දිනක මම නාරම්මල පැත්තේ
ඔබෙ ගෙට ගොඩවෙන්න මට අවසර ඇත්තේ..??

අපි නම් හොරු නෙමෙයි එන්නෙමි වෙලාවට
අවසර ඕන නැහැ මල්ලියෙ මගේ ගෙට
දොර ඇරලා තිබේ එහි හැම දෙනා හට
මිතුරන් පිලි ගනිමි හිත ඇති සෙනේහෙට
රෑ වෙනකොට වහමි හොරු එන වෙලවට

ඇති යන්තන් ප්රතාපයා ඇවිල්ලාකට්ටිය සෙට් වෙලා දිගටම කවි බැන්දා.....
මට මග ඇරුනේ හොරා කිහිපය හින්ද...
මට නොදැනී කවි පිටු තුන හතරක රන්දා..
එනවා මමත් කවි ගෙතුමට හද බන්දා.........

අයියෝ ඇඩෙනවා මට දැන් තනි ඇහැටඅකලට වැටෙන පොල් ගෙඩියක් වගේ එක
ආවට ගියාවට වැටෙනව එකෙන් එක
සරුවට තිබ්බ නූලට මේ වෙච්ච එක
කෑවට බඩට අල්ලන් නෑ කාපු එක![]()
අයියෝ ඇඩෙනවා මට දැන් තනි ඇහැට
හිටියා මඩුවේ කවියෝ කිවිදියෝ ලෙසට
කවියනි කිවිදුයනි කිම වූයේ නුබට
කෝ දැන් උබලා ගෙතු කවි පද වැල් රහට
කෙලෙසද වහන්නේ මෙලෙසට කවි මඩුව.....කවි මඩුවේ පිටු විස්සක් පෙරළුනා
කවි කී අයට තුටු වෙමි මම මෙලෙසිනා
අවි ගත් අය නොවෙයි අපි කවි කියමිනා
සවි දෙමු ඉතිං කවි මඩුවට සතුටිනා
මිතුරනි කවි මඩුවෙ මට හරි වැඩක් උනා
හදිස්සියේම කුරුණෑගල යන්න උනා
බසයෙන් යන්න සිතුවත් මා පමා උනා
ඒ නිසාම බයික් එකෙන් යන්න උනා....
වැඩ කරන්නෙ කුරුණෑගල ඔෆීසියේ
බොස්ට හොරෙන් මම හොර ගමනක්ය ගියේ
තිබුනා වැඩක් මට නෑ එය සිහි වූයේ
එනිසා වෙන්ද බොස් දැන් මා ඇමතූයේ....
පැයෙන් වරෙන් ගිය තැනකින් උබ මල්ලී
ඔඩිටල ඇවිත් මෙහි හැමදෙන ඇත හෙල්ලී
නොපෙනුව හොතින් උබෙ අත ඉතිරියෙ සල්ලී
උබටයි මටයි අබ සරණයි බුදු මල්ලී....
බොසා කීව කතාව මා භය කෙරුවා
ගිය කාරණෙ වැඩෙත් බාගෙට නිම කෙරුවා
නැගලා යතුරුපැදියට ඉක්මන් කෙරුවා
දෙවියෝ බුදුන් ටික ටික මා සිහි කෙරුවා....
විදිදා විදිල්ලක් මරුවා සිහිවූවා
පොලෝසියෙන් අතර මගදි නැවතූවා
හිනා වෙලා ශේප් කරන් පිටවූවා
වැහි පොද ටිකින් ටික මහ වැස්සක් වූවා....
වැස්සට නතර වීලා ඉන්නට බැරිය
එනමුත් තෙමි තෙමී තව දුර යනු බැරිය
ඔඩිටල එක්ක දැන් නම් සෙල්ලම් බැරිය
බොසා එක්කනම් කොහොමටවත් බැරිය....
එකපාරම යතුරු පැදිය නතර උනා
කොරේ පිටට මරේ මෙමට සිද්ද උනා
හිතා ගන්න බෑ මේකට කුමක් උනා
වැස්සේ තෙමි තෙමී ඉන්නට සිද්ද උනා....
ටික ටික දැන් මම හොදටම පමා උනා
යතුරුපැදිය තල්ලු කරන් යන්න උනා
කෝල් ඉවරයක් නැත මට එපා උනා
පෙර පිනකට බාස් කෙනෙක් හම්බ උනා....
අයියේ බුදු වෙන්න දෙනු මට උදව්වක්
බයික් එකට වී ඇත මළ ඉලව්වක්
බොසා ඉතින් හැමදාමත් උදැල්ලක්
ෆෝන් එකත් දැන් නම් මළ ඉලව්වක්....
තමුන් කොහෙද දැන් ඉන්නේ කියනු මට
පැයෙන් එන්න මා කීවා නේද තොට
නිදහසට කරුණු දැන්නම් එපා මට
බොසා කෝල් කර බැන අඩගහයි මට....
ඊලග කෑල්ල තවත් රසවත්..........
පට්ටයි මචන් උබනම් එලකිරි කොල්ලෙක්දැම්ම තුන් හතර දෙනෙකුට කවි පි එම්..
විගසින් ඇවිත් යනවද දුටු විට පි එම්...
මග හැරුණා කෙනෙක් ඇත්නම් දැමු පි එම්....
නොම අමනාප වී ඇවිදින් ගොඩ වෙමු ඉක්මන්...
පිටු විස්සක් කියන්නේ පොඩි ගානක්ද
දවසට දෙකට මේ ආ දුර පොඩ්ඩක්ද
කලතා රස විදින්නට මේ කවි හොද්ද
සුබ පතනවා පබදින්නට කවි සුද්ද