එලකිරි කවිමඩුව

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    kooooooooo kawii karayoooo
    දැන් දැන් කවියො කවි මඩුවට එන්නෙ නැත
    අපේ ප්‍රතාපය හට උන දෙයක් නැත
    සුමුදුත් කලකිරී දැන් කවි ලියන් නැත
    මැණිකෙ නගා ඉද හිටවත් එන්නේ නැත

    මට එක ගැටළුවක් දැන් ඇතිවී ඇත්තේ
    ඇයි අපෙ ප්‍රතාපයා මඩුවට එන් නැත්තේ
    විවහය ලගයි ඒ ගැන උගෙ හිත ඇත්තේ
    වලේ වැටුනදෝ ප්‍රතාප එන් නැත්තේ..??

     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    දැන් දැන් කවියො කවි මඩුවට එන්නෙ නැත
    අපේ ප්‍රතාපය හට උන දෙයක් නැත
    සුමුදුත් කලකිරී දැන් කවි ලියන් නැත
    මැණිකෙ නගා ඉද හිටවත් එන්නේ නැත

    මට එක ගැටළුවක් දැන් ඇතිවී ඇත්තේ
    ඇයි අපෙ ප්‍රතාපයා මඩුවට එන් නැත්තේ
    විවහය ලගයි ඒ ගැන උගෙ හිත ඇත්තේ
    වලේ වැටුනදෝ ප්‍රතාප එන් නැත්තේ..??



    කවි මඩුවට එන්න හිතුවත් බොහෝ වර
    මඩුවේ අයිතිකරු වත් එහි එන්නෙ නැත.....
    ඌටත් එපා නම් යන්නට මඩුවෙ දුර
    අහවල් එක කොරන්නද තනියෙන් ඇවිත් මම..........
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    කවි මඩුවට එන්න හිතුවත් බොහෝ වර
    මඩුවේ අයිතිකරු වත් එහි එන්නෙ නැත.....
    ඌටත් එපා නම් යන්නට මඩුවෙ දුර
    අහවල් එක කොරන්නද තනියෙන් ඇවිත් මම..........
    සත්තයි සුමුදු අයියේ වැඩ ගොඩක් ඇත
    එනමුත් මඩුව වෙත නෑවිත් ඉන්නෙ නැත
    මේ කවි මඩුවෙ හිමිකාරයෝ බොහෝ නැත
    එනමුත් සුමුදු ඔබ වෙමි මගෙ දකුණු අත
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නත්තල සරු වුනිද මඩුවේ කොල්ලන්ට
    නිමාඩු අහවරයි බහිමුද අයේ වැඩට
    අයියේ සුමුදු පැනයක් ඇත විමසන්න
    ප්‍රතාපයට සිදුවූ දේ පවසන්න

     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    දවස් හතරෙ නිවාඩුවක් ඇවිත් ගියා යන්න......
    එහෙ බලලා මෙහෙ බලද්දි ඉවර වෙලා මෙන්න
    සුටුස් ගාල ඉගිල්ලුනා දවස් හතර ඔන්න......
    වැඩ දවසට එහෙම නෑනෙ හිමින් යන්නෙ මෙන්න:no:

     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දවස් හතරෙ නිවාඩුවක් ඇවිත් ගියා යන්න......
    එහෙ බලලා මෙහෙ බලද්දි ඉවර වෙලා මෙන්න
    සුටුස් ගාල ඉගිල්ලුනා දවස් හතර ඔන්න......
    වැඩ දවසට එහෙම නෑනෙ හිමින් යන්නෙ මෙන්න:no:

    පංකාදුයි ඔබෙ කතාව නිමාඩු දින ඉගිල ගිහින්
    වැඩට ඇවිත් ඉදගත්තම කාලය යයි ඉබි ගමනින්
    එන වසරේ කැලැන්ඩරේ නිමාඩු දින දුටුව සැනින්
    ඇඩුන මෙමට බොහො නිමාඩු සති අන්තෙට වැටිල ඉතිං

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ගෙවුනු වසරෙ වැරදි වෙතොත් මේ වසරෙදි හදාගන්න
    හිත රිදුනද ඔබ වැටුනද ඒ හැම අමතක කරන්න
    මුඩුබිම් හමුනොවී සැමට ක්ෂේම භූමි මුණගැහෙන්න
    පතනෙමි නව වසරෙ ඔබේ හැමදෙයක්ම සඵල වෙන්න
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ගෙවුණු වසර දින තත්පර මාසවලින් ගෙවුනේ...
    මෙම වසරත් එලෙසට ගෙවිලා යන බව දන්නේ...
    සැම සිත් වල සතුට සමාදානය රජයන්නේ..
    නිරෝගී කම පිරි සුබ නව වසරක් වෙන්න පතන්නේ....

    Ashman සහ කවි කාරයෝ ගෙන් අවසර ගන්න...
    කවි මඩුවට ගොඩ වෙන්නට අවසර මට දෙන්න...
    එදා වගේ නැවතත් මට කවිපද පබදින්න..
    කවි කිවිදියෝ නැවතත් මට හයියක් වී ඉන්න..

    ගිය වසරේ අග බාගයේ වැඩ තිබුන ඒමට..
    එන්න නොහැකි උනේ මඩුවට එකයි මට නිතර...
    තාමත් මෙය රැකගත් ඔබ හට මගේ තුති ගන්න...
    නැවතත් පතනවා ඔබ සම හට සුබ නවසරක් වෙන්න....
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    බිල්ලා mr.බිල්ලා මෙහි ආ බිල්ලා ...:shocked::shocked:
    දාලා හිනාවක් කින්ඩියට ද බිල්ලා....:frown::frown:
    welcome මචන් ඇවිදින් ඉදගන් බිල්ලා...:):)
    පදයක් අමුනපන් ඇවිදින් මෙහි බිල්ලා ... :P:P
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ගෙවුණු වසර දින තත්පර මාසවලින් ගෙවුනේ...
    මෙම වසරත් එලෙසට ගෙවිලා යන බව දන්නේ...
    සැම සිත් වල සතුට සමාදානය රජයන්නේ..
    නිරෝගී කම පිරි සුබ නව වසරක් වෙන්න පතන්නේ....

    Ashman සහ කවි කාරයෝ ගෙන් අවසර ගන්න...
    කවි මඩුවට ගොඩ වෙන්නට අවසර මට දෙන්න...
    එදා වගේ නැවතත් මට කවිපද පබදින්න..
    කවි කිවිදියෝ නැවතත් මට හයියක් වී ඉන්න..

    ගිය වසරේ අග බාගයේ වැඩ තිබුන ඒමට..
    එන්න නොහැකි උනේ මඩුවට එකයි මට නිතර...
    තාමත් මෙය රැකගත් ඔබ හට මගේ තුති ගන්න...
    නැවතත් පතනවා ඔබ සම හට සුබ නවසරක් වෙන්න....
    ඔබෙ කවි නැතිව ටික දවසක් ගෙවිල ගියා
    සුමුදුත් මමත් ඉදහිට කවි ලියල ගියා
    ඔබෙ කසාදේ දින දැන් ලග ඇතැයි කියා
    මඩුවට ඇවිත් ගොඩ වෙනකන් රැකසිටියා

    සත්තයි මචන් මට සතුටුයි ගොඩක් අද

    ඔබ ගැන සොය සොයා අප වුනි ගොඩක් වද
    පාළුව කවි මඩුවෙ ඇත්නම් එයත් බිද
    කවි පද බදිමු පෙර මෙන් එක්වී සබද


     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    images


    සොහොයුර සොහොයුරිය ගැවසෙන කිරිය පුරා
    හමුවිය අප සැවොම ගතවුන වසර පුරා
    පිලිගනු මැන පැතුම් පතනෙමි මහද පුරා
    වේවා සවුභාගෙ, සම්පත, සුව, වසර පුරා
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    images


    සොහොයුර සොහොයුරිය ගැවසෙන කිරිය පුරා
    හමුවිය අප සැවොම ගතවුන වසර පුරා
    පිලිගනු මැන පැතුම් පතනෙමි මහද පුරා
    වේවා සවුභාගෙ, සම්පත, සුව, වසර පුරා
    ඔබටත් පවුලෙ සැමටත් ලෝ වැසි සැමටත්
    පතනෙමි දිගාසිරි සිරි සුබ නව වසරක්

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    මේ අලුත් අවුරුද්දේ, සිතට ගතියක් ඇයිද නැත්තේ?
    කුමක් කල යුත්තේ, කියා ඇයි තේරුම් නොයත්තේ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    සියල් සිරින් පිරි සිරිලංකාවේ, කුමක්ද මේ අනෙ සිදුවන්නේ?...
    රට කරනා උන් පිස්සු කෙලිනවා, ඇයි මේ දේවල් නොපෙනෙන්නේ?...

    සමහරු හිටගෙන බ්‍රා ගැන දොඩවා, අය-වැය හිමිහිට යටයවනා...
    ඩිපෙන්ඩරෙන් ඇවිදින් හොර රහසේ මිනිසුන් හිමිහිට උස්සවනා...
     
    Last edited:
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේ අලුත් අවුරුද්දේ, සිතට ගතියක් ඇයිද නැත්තේ?
    කුමක් කල යුත්තේ, කියා ඇයි තේරුම් නොයත්තේ?
    තුන්සිය හැටපහකි දින දින යයි ගෙවිලා
    ඊලග දිනට ඇත නව වසරක් යෙදිලා
    ගේ දොර වතු පිටිය හැම පිරිසිදු කරලා
    නව සිතුවිලි වලින් වැඩ කරපන් සිතලා

     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    පතමින් අසිරි නව වසරට සිරස නමා
    තබමින් පය නොපැකිල තව නොවත් පමා
    නොවමින් පස මිතුරු සැමහට දෙඅත් නමා
    උතුමන් වැඩියා කවිමඩුවට නොවත් පමා
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සියල් සිරින් පිරි සිරිලංකාවේ, කුමක්ද මේ අනෙ සිදුවන්නේ?...
    රට කරනා උන් පිස්සු කෙලිනවා, ඇයි මේ දේවල් නොපෙනෙන්නේ?...

    සමහරු හිටගෙන බ්‍රා ගැන දොඩවා, අය-වැය හිමිහිට යටයවනා...
    ඩිපෙන්ඩරෙන් ඇවිදින් හොර රහසේ මිනිසුන් හිමිහිට උස්සවනා...
    සුදු වෑන් යනකොට ඩිෆෙන්ඩර් එනවා, පැයෙන් දෙකෙන් හොරු ඇපගන්නේ..
    හොරු හොරු හොරු හොරු කියලා කීවට, එහෙත් මෙහෙත් හොරුමයි ඉන්නේ..
    ජනපති ඇවිදින් බ්‍රා ගැන කීවට, ඒකෙත් ඇත්තක් පවතින්නේ..
    සදාචාරෙ ගැන ලොකුවට කීවට, එය දැන් ටික ටික පිරිහෙන්නේ..

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පතමින් අසිරි නව වසරට සිරස නමා
    තබමින් පය නොපැකිල තව නොවත් පමා
    නොවමින් පස මිතුරු සැමහට දෙඅත් නමා
    උතුමන් වැඩියා කවිමඩුවට නොවත් පමා
    උදයෙම ඇවිත් කවි මඩුවේ ඉදගත්ත
    J Sparrow නැවියෙක් නොව අවිගත්ත
    කවියෙන් අසිරි පතමින් හැම සිත්ගත්ත
    කවි සිත ඇති සැවොම උතුමන්මය ඇත්ත

     
    • Like
    Reactions: J Sparrow