එලකිරි කවිමඩුව

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දුශ්කර ගමනකින් පසු නිවසට .......ආව
    මගෙ ප්‍රිය බිරිද දුන් තේ පානය ..කෙරුව
    එලියට ගොසින් දුම් උගුරක් බී .....පසුව
    කවි මඩුවට වැදී මෙලෙසින් කවි ....ලීව
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දුශ්කර ගමනකින් පසු නිවසට .......ආව
    මගෙ ප්‍රිය බිරිද දුන් තේ පානය ..කෙරුව
    එලියට ගොසින් දුම් උගුරක් බී .....පසුව
    කවි මඩුවට වැදී මෙලෙසින් කවි ....ලීව
    ආසයි අහන්නත් උබෙ රස කතන්දරේ
    කසාදෙ ගැන මට සිහිවෙයි නිරන්තරේ
    සිටියත් පෙම්වතිය නොම වෙයි වහන්තරේ
    අම්ම නොයින්නට තාමත් වනන්තරේ

    ඇගෙ නිවසින් මට බලපෑම් කරන්නේ
    කවදද පුතේ උබ කසාද බදින්නේ
    අපි නම් එක පයින් නෑ පසුබහින්නේ
    උබේ වචනෙ දෙනකන් මේ සිටින්නේ

    තාමත් හිතක් නැත මට ගන්නට හිරයක්
    අපේ නිවසෙනුත් නෑනේ කිසි බර බරයක්
    උබ වෙනුවෙන් අපි දෙන්නම් එක වරයක්
    තාත්ත කියයි, හිතලා ගන් තීරණයක්


     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කැරකෙන ලෝකයක හැල්මේ දිව යන්න
    පැරදෙන තරඟයක සිදුවේ රඟ දෙන්න
    සුවදෙන හොදම දේ බැරිවේ රැක ගන්න
    අවසන සියල්ලට හිමිවේ සමු දෙන්න

    ජීවන ගමන පසුපස අප දිව යනවා
    පාවෙන හීන මැද හැමදා තනි වෙනවා
    රෑවෙන දවල් වෙන මැද වයසද යනවා
    මේවෙන දේම ලොව යලි යලි සිදු වෙනවා
    එළිවෙයි දවල් වෙයි රෑ වෙයි දවස ගෙවෙයි
    දවසේ වැඩිමනක් කන්තෝරුවෙම තමයි
    තව පැය හත අටක් අපි නින්දෙම පසුවෙයි
    ආයෙත් නැගිටලා උදයෙම වැඩට දුවයි

    අපි නොදැනුවත්වම ජීවිතෙ ක්ෂය වෙනවා
    පින් දම් කරන්නට කාලය නැතිවෙනවා
    තරුණ මදය අප සිත් තුල පොපියනවා
    වයසට ගිහින් කල දේ ගැන ලතවෙනවා

     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නුඹලාට එළි වෙනකොට
    රෑ වෙයි ඇමෙරිකාවට
    ඇලුනොතින් කවියකට
    හෙට එළි නොවෙයි මට...

    මේ එකම ඉර හඳ යට
    එළියත් බෙදෙන කොට
    පිල් නොබෙදී ඉන්ට
    හැකි වෙයිද මිනිසුන්ට...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නුඹලාට එළි වෙනකොට
    රෑ වෙයි ඇමෙරිකාවට
    ඇලුනොතින් කවියකට
    හෙට එළි නොවෙයි මට...

    මේ එකම ඉර හඳ යට
    එළියත් බෙදෙන කොට
    පිල් නොබෙදී ඉන්ට
    හැකි වෙයිද මිනිසුන්ට...
    බෙදුනත් එළිය එක ඉරකින් නොවැ එන්නේ
    සිරුරේ අප හැමගෙ රතු ලේ නොව යන්නේ
    ආගම දහම වෙනුවෙන් බෙදිලා ඉන්නේ
    නොමැතිව වැඩ කලොත් අප සැම ගොඩ යන්නේ

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හිතුනා මචන් පොඩි වෙනසක් කරන්නට
    කවියෙන් කතන්දරයක පද ගොතන්නට
    තනියම නෙමෙයි කවියන් හැම එකතු කොට
    වෙනසක් ගේමු අපි මේ කවි කලාවට

    යන විට බසයෙ දුටුවා ලස්සන කෙල්ලෙක්
    හිතනා ලෙසට ඈ හට නම් නෑ කොල්ලෙක්
    ඈ ආඩම්බරයි ලග සිටියා තව කෙල්ලෙක්
    හිතනා ලෙසට ඒ නම් ඈගේ මිතුරෙක්


    බසයේ උනේ මොනවද මම කියන් නැත
    කවියෝ ඉතින් පිළිතුරු පද බදිනු ඇත
    කතන්දරේ ඉදිරියටම ගලනු ඇත
    මින් පසු සිදුවනා දේ කවියන් කියනු ඇත

     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63


    යන විට බසයෙ දුටුවා ලස්සන කෙල්ලෙක්
    හිතනා ලෙසට ඈ හට නම් නෑ කොල්ලෙක්
    ඈ ආඩම්බරයි ලග සිටියා තව කෙල්ලෙක්
    හිතනා ලෙසට ඒ නම් ඈගේ මිතුරෙක්




    ඔන්න මගෙන් start එකක්.

    සෙල්ලම් නෑ මමත් හිටියා ලඟට වෙලා....
    ඉන්නම බෑ බලන් නැතුවම ඇගේ දිහා.....
    ගන්නත් බෑ වෙලා බහින්නෙ ලඟින් නිසා....
    යන්නත් බෑ දාල යලි හමු නොවන නිසා....
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔන්න මගෙන් start එකක්.

    සෙල්ලම් නෑ මමත් හිටියා ලඟට වෙලා....
    ඉන්නම බෑ බලන් නැතුවම ඇගේ දිහා.....
    ගන්නත් බෑ වෙලා බහින්නෙ ලඟින් නිසා....
    යන්නත් බෑ දාල යලි හමු නොවන නිසා....
    හිතුවා මෙමා යොදන්න හොද උපායක්
    දත් ටික පෙන්නලා දැම්මා හිනාවක්
    අයියෝ මෙන්න සිදුවීලා මුලාවක්
    දුටුවා ඇගේ නොව මිතුරිගෙ පනාවක්


     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    හිතුවා මෙමා යොදන්න හොද උපායක්
    දත් ටික පෙන්නලා දැම්මා හිනාවක්
    අයියෝ මෙන්න සිදුවීලා මුලාවක්
    දුටුවා ඇගේ නොව මිතුරිගෙ පනාවක්


    නoගිත් හොදයි ඇගෙ මූනත් පින් පාටයි
    ඉන්නත් හිතෙයි ඇය නම් හරි හොද පාටයි
    දැම්මත් ලයින් යාලුව හරි සැර පාටයි
    කිව්වත් නැතත් දෙන්නම හරි පෙම් පාටයි
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    නoගිත් හොදයි ඇගෙ මූනත් පින් පාටයි
    ඉන්නත් හිතෙයි ඇය නම් හරි හොද පාටයි
    දැම්මත් ලයින් යාලුව හරි සැර පාටයි
    කිව්වත් නැතත් දෙන්නම හරි පෙම් පාටයි

    සැනෙකින් ඇයගෙ නෙත් සැර මගෙ ගැටුණි .......................නෙත
    නිල් මිණි නෙත් දෙකට , ඇහි බැම පැහැති ..........................රත
    දඹ රන් පිළිමයක් වන් සුදු කොමළ ..................................වත
    එකවර පැමිණි ඇමතුමකින් සැලුනි ..................................සිත

    :)
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සැනෙකින් ඇයගෙ නෙත් සැර මගෙ ගැටුණි .......................නෙත
    නිල් මිණි නෙත් දෙකට , ඇහි බැම පැහැති ..........................රත
    දඹ රන් පිළිමයක් වන් සුදු කොමළ ..................................වත
    එකවර පැමිණි ඇමතුමකින් සැලුනි ..................................සිත

    :)

    ඉඟි මරමින්ය ඇය පිලිතුරු........... පබදින්නේ
    හැඩ කරමින්ය වචනය වුව ..........තෙපලන්නේ
    සිත රිදෙමින්ය මේ හැම දේ ..........සිදුවන්නේ
    ඔබ සතුටෙන්ය ඇයි මා මේ ..........විඳවන්නේ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ඉඟි මරමින්ය ඇය පිලිතුරු........... පබදින්නේ
    හැඩ කරමින්ය වචනය වුව ..........තෙපලන්නේ
    සිත රිදෙමින්ය මේ හැම දේ ..........සිදුවන්නේ
    ඔබ සතුටෙන්ය ඇයි මා මේ ..........විඳවන්නේ
    ඇගෙ දුරකථන සංවාදය නතර කලා
    බසයෙන් බහින්නට බෙල් එක නාද කලා
    ටික ටික බසය අපෙ හංදිය කිට්ටු කලා
    බැස අපෙ හංදියෙන් ඈ මා පුදුම කලා

     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඇගෙ දුරකථන සංවාදය නතර කලා
    බසයෙන් බහින්නට බෙල් එක නාද කලා
    ටික ටික බසය අපෙ හංදිය කිට්ටු කලා
    බැස අපෙ හංදියෙන් ඈ මා පුදුම කලා


    ඇයි බන් මෙච්චර ඉක්මනින් බස් එකෙන් බැස්සුවේ.
    තව ටිකක් දුර බස් එකේ එක්ක යන්න තිබ්බෙ. කමක් නෑ දැන් ඉතින් ආයෙ බස් එකට නග්ගන්නයැ. බස් එක ගිහිල්ලත් ඉවරයි.

    බැස්සා නොවෙයි පැන්නා මම යන බසයෙන්
    දැක්කා ඇයත් මට සිදුවුන දේ හොරැහින්
    ලැජ්ජා උනත් උන දේ ගැන කලබලයෙන්
    බැලුවා මමත් හිනැහී ඈ දෙස විගසින්
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඇයි බන් මෙච්චර ඉක්මනින් බස් එකෙන් බැස්සුවේ.
    තව ටිකක් දුර බස් එකේ එක්ක යන්න තිබ්බෙ. කමක් නෑ දැන් ඉතින් ආයෙ බස් එකට නග්ගන්නයැ. බස් එක ගිහිල්ලත් ඉවරයි.
    එකම හංදියෙන් දෙන්නම බැස්සෙ මචන්.....
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    එකම හංදියෙන් දෙන්නම බැස්සෙ මචන්.....

    හරි බන් නොහිතපු සීන් එකක් හින්ද ඌට බස් එකෙන් බහින්න අමතකවෙලා. අද්දද්ද්යි ඌ බහින තැන කියල මීටර් වෙන්නෙ.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හරි බන් නොහිතපු සීන් එකක් හින්ද ඌට බස් එකෙන් බහින්න අමතකවෙලා. අද්දද්ද්යි ඌ බහින තැන කියල මීටර් වෙන්නෙ.
    සමාවෙයන් සුමුදු අයියේ වැඩේ දෙල් කලාට
    ආයේ ඉතිං පටන් ගනිමු මුල ඉදන්ම ලෙසට

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බැස්සා නොවෙයි පැන්නා මම යන බසයෙන්
    දැක්කා ඇයත් මට සිදුවුන දේ හොරැහින්
    ලැජ්ජා උනත් උන දේ ගැන කලබලයෙන්
    බැලුවා මමත් හිනැහී ඈ දෙස විගසින්
    :):)
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    අය්යෝ, හැමනෙනවා ..
    මම නැති අතරේ කෙල්ල බැහැල ගිහිල්ලත් ඉවරයි :angry::angry:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බසයෙන් බැහැපු ඈ වට පිට බලන්නේ
    අපේ ගමේ මොනවද ඈ කරන්නේ
    සුළගට වැනෙන කෙස් ගෙන කනෙ රුවමින්නේ
    පංසල දෙසට නොවැ ඈ මේ ඇදෙන්නේ