ආ කුකුළණි, අද දින සර්විස් එකට යාමට සිටියේ, මොරටුවට, උදේ 7.30ට උවත්, අපේ වැඩ කරන බුවාලා, තෙල් ටැංකිය හොරාට හිස් කර තිබූ බැවින්, ඒ ගැන බැලීමට, උදේම ශෙඩ් ගත වෙන්න උනා..... මම එනකම් අපේ TDI 7.30 ඉදන් මොරටුවේ....... මම මොරටුවට යද්දි 8.45 යි...
ගියා TDI ගේ පොට් එකට.... අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ......

එතන කරන්ට් එක නෑ..... එන්නේ හවස 5ට ලු.... කාලා වරෙන්කෝ.....
ඒ ගමන, පානදුරේ කරුණාරත්න එකට ගියා.... TDI එක්කම..... ගිහින් එතනට දැම්මා....
වරදක්ම නෑ එතන..... ඒත් හේදිල්ල නම් අන්තිමයි.....
මහා භාරතේ යකඩ කොච්චර හොදද කියනවා නම්, මගේ ටැංකියෙත් මලකඩ අල්ලන් එනවා....
ඒ වැඩ ටික ඉවර කරන්, තාත්තලෙගේ ගමෙත් ගිහින්...... එනකොට, මගදි (සර්විස් කරොත් මෙහෙම ම තමා) වැස්සා...... වැස්සට අයිනකට දාලා නවත්තන් ඉන්නකොට, එහා පැත්තේ අයිනේ අපේ පොඩි එකා නවත්තන් ඉන්නවා..... බුවා කොට්ටක් පනින්න ගිහින්......