නෑ නෑ බොල චයිනීස් මගුල් වල එහෙම අමුතු කේස් තියනවා කාර්බ් ටයිමින් චේන් ටැපට් එහෙම එජස්ට් කරල තිබ්බට ඕටෝ වෙනස් වෙනවා. ඉස්සරම ගත්ත චයිනීස් සීජී එකක්. මාස 6ක් වත් පැද්දෙ නෑ.
අනේ මංදා....
මං ටෝනි අයියට කියන්නම්. මිනිහ මේ දවස් ටිකේ දැයට කිරුලෙ වැඩ වගේකට එක්කන් ගිහිල්ලා.
ඔය ආයි වයිබ්රේට් වෙනව කියල හිතෙන වෙලාවට හොඳට බලන්න ෆර්ස්ට් එකට දාල එන්ජිම ටිකක් රේස් කරගෙන ක්ලච් එක ගානට දීල පිකප් කරනකොට අර ඉස්සර තිබ්බ දෙදරිල්ල එනවද කියල.
මටනම් හිතෙන්නේ මෙහෙමයි.
ඉස්සර සර්විස් කරනකොට හරිගිහින් ටිකක් දවස් තියෙන්නේ ටැපට් ,ටයිමින් චේන් කාර්බ් එජස්ට් කරපු එක. අර ක්ලච් හබ් එක හෙලවෙන එකනම් වෙනසක් වෙන්න බැනේ සර්විස් කලාට.
අනිත් ඒව ටික හරියට තියනකොට එන්ජිම අවුලක් දැනෙන්නැතුව දුවනව ඇති. මතකද මුලින්ම අපේ ගෙදර ආපු දවසේ අර කිව්ව සද්ද ටික තිබ්බෙ නැතිවුනාට ක්ලච් එක දෙනකොට දෙදරුව.
හොඳටම සද්ද වෙන්නේ ලෙඩ දෙකම එකපාර එනකොට වෙන්න ඕනේ.
දැන් රේස් කරල ක්ලච් එක දීල කලින් වගේ දෙදරන්නෙ නැත්නම් කන්ෆර්ම් කරගන්න පුලුවන්නේ ක්ලච් හම් එකේ අවුල නෑ කියල.
එහෙනම් දැන් වෙන්නේ අනිත් ඒවගේ අවුල තමා. කාර්බ් ටැපට් එජස්ට් කලාට එජස්ට්මන්ට් එක හිටින්නේ නැතුව ඇති.
රොකර් ආර්ම් දෙක දෙපැත්තට හෙල්ලෙනව එකටම. දැක්කනේ ටයිමින් චේන් එජස්ටර් එක අල්ලන් ඉන්නෑ හරියට. එහාට මෙහාට වැනෙනව කැරකෙනකොට. ඔය වගේ කේස් හින්ද ආයි දවස් ගානක් යනකොට අර පරණ තත්වෙටම එනව ඇති.
මටනම් හිතෙන්නේ ඕකයි. අපේ TDIගෙනුත් අහල බලන්න මොකද හිතෙන්නෙ කියල.
සමහරවිට තව කොහේකොහේ හෙල්ලෙන පාර්ට්ස් තියනවද දන්නේ.
එකට ක්ලච් හබ් එක හෙල්ලෙන එක ආයි තියනවද නැද්ද කියල කන්ෆර්ම් කරගෙන ඉන්න.
